කෘසර්

විකිපීඩියා වෙතින්
USS පෝර්ට් රෝයල් (CG-73), 1992 දී නිකුත් කරන ලද Ticonderoga කාණ්ඩයේ මඟ පෙන්වන ලද මිසයිල කෘසරයකි.

කෘසර්


USS පෝර්ට් රෝයල් (CG-73), 1992 දී නිකුත් කරන ලද Ticonderoga කාණ්ඩයේ මඟ පෙන්වන ලද මිසයිල කෘසරයකි.

කෘසර යනු යුධ නැව්වල ප්‍රමාණයෙන් විශාල වර්ගයක් වන අතර ඒවා එහි උපරිම සේවයෙහි යෙදුණේ 19 වන අගභාගයේ සිට සීතල යුද්ධය අවසාන වන තෙක්ය. ප්‍රථම කෘසර් නිපදවන ලද්දේ තනි මෙහෙයුම් හා මුහුදෙහි සිදු කරන ආරක්ෂක මෙහෙයුම් සඳහාය. පසුගිය වසර කිහිපය පුරාවට කෘසර්වල ස්වභාවය හා කාර්යභාරය සැලකිය යුතු ලෙස වෙනස් වී ඇත. ව‍ර්තමානයේ දී කෘසර, ඩිස්ට්‍රෝයර් නෞකා මඟින් විශාල වශයෙන් ප්‍රතිස්ථාපනය වී ඇත.

‍ෙඑතිහාසිකව කෘසර යනු නෞකා වර්ගයක් නොවන නමුත් යුධ නෞකා කාර්යභාරය ඉටු කරන යාත්රාසවකි. මෙම නෞකාවලට වෙනත් නාවික කණ්ඩායම්වලින් විශාල වශයෙන් ස්වාධීන වූ කාර්යයක් පැවරී තිබුණි. ඒවා අතරට සතුරන්ගේ වෙළඳමය නෞකාවලට පහරදීම ආකාරයේ මෙහෙයුම් ඇතුළත් විය. 19 වන සියවසේ අගභාගයේ දී කෘසර් යන වදන පැමිණියේ එවැනි කාර්ය භාරයක් සපුරා ගැනීම සඳහා නිපදවන ලද නෞකා හැඳින්වීමට වූ අතර 1890 සිට 1950 දක්වා කෘසර්යක් ඩිස්ට්රෝමයර් නෞකාවකට වඩා ප්රනමාණයෙන් විශාල හා බැට්ල්ෂිප් වර්ගයේ නෞකාවකට වඩා ප්රඩමාණයෙන් කුඩා විය. 19 සියවසේ වැඩි කාලයක් පුරාවට හා 20 වන සිය‍වසේ මුල් භාගය පුරාවට කෘසර යනු නාවික හමුදාවේ දිගු දුර බලකා ආරක්ෂක ආයුධය වූ අතර ප්ර මාණයෙන් වඩා විශාල නෞකා තම දේශ සීමා අසල රැඳී සිටියේය. ඔවුන්ගේ ප්රූධාන කාර්යය වූයේ සතුරන්ගේ වෙළඳ නෞකාවලට පහර දීම වූ අතර එය ඉතා ඉතා බහුලව සිදු වූ නිසා එම කාර්ය කෘසර් සටන් ලෙස හැඳින්වීමට ද පටන් ගත්තේය. කෘසර් මඟින් සිදු කළ අනෙක් කාර්යයන්වලට පිරික්සීම් ඇතුළත් වූ අතර එහි දී බොහෝ විට කෘසර වෙනත් නාවුක බලඇණිවලට ඈඳන ලදී. 20 වන සියවසේ පසු භාගයේ දී බැට්ල්ෂිප් වර්ගයේ නෞකාවල සමුගැනීම කෘසර වඩා විශාල හා බලවත් සටන්කාමීන් බවට පත් කළේය. කෙසේ නමුත් කෘසරවල කාර්යභාරය කෘසර සටන් පෙරමුණු නොව නාවුක බලඇණිය සඳහා ගුවන් ආරක්ෂාව ලබා දීම තෙක් වෙනස් විය. 21 වන සිය‍වසේ ආරම්භයේ දී ඒවා වඩාත්ම බල සම්පන්න යුධ නැව් වූ අතර එම කාලය වන විට ඒවා භාවිත කළේ ජාතීන් 5කි පමණි. (එක්සත් ජනපදය, රුසියාව, ප්රංිශය, ඉතාලිය හා පේරු) 2003 ඉතාලියානු නාවික හමුදාවේ Viptorio Veneto (550) සේවයෙන් ඉවත් කිරීමත් සමඟ වර්තමානයේ කෘසර් භාවිතයේ යොදා ගන්නේ ජාතීන් 3ක් පමණි.

"https://si.wikipedia.org/w/index.php?title=කෘසර්&oldid=470285" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි