කුරු ග්‍රහලෝක - ප්‍රමාණය ස්කන්ධය හා ඝනත්වය

විකිපීඩියා වෙතින්

හබල් අභ්‍යාවකාශ දුරේක්ෂ රූප රාමු උපයෝගී කරගෙන එරිස්හි විශ්කම්භය 2397 km + 100 km බවට මිනුම් කර ඇත. (වස්තුවක දීප්තිය එහි ප්‍රමාණය මතත් එමඟින් පරාවර්තනය වන ආලෝක ප්‍රමාණය මතත් රඳා පවතී). 97 AU දුරින් ඇති අරය 3000 km වන වස්තුවකට මිලි චාප තත්පර 40 ක කෝණික ප්‍රමාණයක් තිබිය හැකි අතර එය HST මඟින් සෘජුවම මැනීම කළ හැක. එසේ නමුත් එවැනි කුඩා වස්තු විසඳීම හබල් දුරේක්ෂයෙන් කළ හොත් ඉතා සංකීර්ණ මට්ටමේ ක්‍රියාවලියක් වෙයි. එවැනි කෝණික ප්‍රමාණ වඩා නිරවද්‍යව මැනීම සඳහා ඩිකොන්වලූෂන් වැනි සංකීර්ණ ඡායාරූප සැකසුම් තාක්ෂණික ක්‍රම යොදා ගත හැක.


මෙය එරිස් ප්ලූටෝට වඩා 0 – 8% පමණ විශාල වේ. එය 0.86 ක ඇල‍්බෙඩෝවක් නිරූපණය කරන අතර එන්සිලේඩස් හැරුණු කොට එය සෞරග්‍රහ මණ්ඩලයේ වස්තුවක් දක්වන ඉහළම අගය වේ. මෙම ඉහළ ඇල්බෙඩෝවට හේතුව වන්නේ , එරිස්ගේ විකේන්ද්‍රික කක්ෂය එය සූර්යයාගෙන් ඈතට හා සමීපයට රැගෙන ඒම නිසා ඇතිවන උෂ්ණත්ව උච්ඡාවචනය හේතුවෙන් පෘෂ්ඨීය අයිස් නැවත පුරවා ගැනීමයි.

2007 දී ස්පිට්සර් අභ්‍යාවකාශ දුරේක්ෂය මඟින් සිදු කළ විශාල ට්‍රාන්ස් - නෙප්චූනියන් වස්තු පිළිබඳ නිරීක්ෂණ මාලාව ඒරිස් හි විශ්කම්භය 2600km පමණ බව තක්සේරු කරන ලදී. 2400 – 2500 පරාසයේ දී සර්පිට්සර් හා හබල් තක්සේරු සමාන වූ අතර එය 4- 8% ප්ලූටෝට වඩා විශාල විය. ඒරිස්ගේ ස්කන්ධය වඩා වැඩි නිරවද්‍යතාවකින් ගණනය කළ හැක. ඩිස්තෝමියාගේ දැනට පිළිගෙන ඇති ආවර්ත අගය වන දින 15.774 මත පදනම් වූ විට එය ප්ලූටෝට වඩා 27% විශාල වේ. තාපජ මිණුම

තරංග ආයාමය 1.2 mm වූ එරිස්ගේ තාපජ මිමෝචනයේ පෙර නිරීක්ෂණ එරිස්ගේ විශ්කම්භය 3000km බව නිරූපණය කරයි. එහිදී වස්තුවක දීප්තිය රඳා පවතින්නේ උෂ්ණත්වය හා පෘෂ්ඨ වර්ගඵලය මත පමණි. වස්තුව වේගයෙන් භ්‍රමණය වේ නම් ව්‍යාප්තිය වැඩි වන අතර උෂ්ණත්වය කෙල්වින් 24 - 25 වේ. ((-250 සිට -249 සෙල්සියස් අංශක) ඒ හා සමානවම විෂ්කම්භය ද පරාසයේ ඉහළ භාගයේ වෙයි. (ගැළපෙනම අගය 3090 km) වස්තුව සෙමින් භ්‍රමණය වේ නම් දෘශ්‍ය පෘෂ්ඨය උණුසුම් වන අතර (කෙල්වින් 27 , හෝ සෙල්සියස් අංශක -246) ඒ හා සමානවම විශ්කම්භය කුඩා වන අතර පරාසයේ පහළ අර්ධයේ පිහිටයි. ( ගැළපෙනම අගය 2860 km) . 2860 km රූපය 60% ක ප්ලූටෝ වැනි ඇල්බෙඩෝවන් හඟවන අතර එහි ප්ලූටෝ වැනි වර්ණාවලි ලකුණින් ද, සමන්විත වේ.

HST PSF ප්‍රතිඵල (2400 ± 100 km) ඉහත IRAM ප්‍රතිඵල සමඟ (3000 ± 370 km) නොගැළපීම වැඩි දුර අධ්‍යයනය කළ යුතු අංශයක් වෙයි. බ්‍රවුන් එය පැහැදිලි කරන්නේ බර්ටොල්ඩි උපකල්පනය කළ නියම විශාලත්වයට යවන යත්නම් අඩු විශාලත්වයක් යොදා ගනිමිනි. (−1.12 ± 0.01 එරෙහිව −1.16 ± 0.1 එයින් සිදු වන්නේ විශ්කම්භයේ 100 km වෙනසක් පමණි. IRAM ප්‍රතිඵල සඳහා තවත් විස්තරයක් මැක්ස් ප්ලාන්ක් ඉන්ස්ටිට්‍යුට් ෆූර් රේඩියෝ ඇස්ට්‍රොනොමි මඟින් ඉදිරිපත් කරයි. බො‍ලො මෙට්‍රික් ඇල්බෙඩෝ (මුළු පරාවර්තිත ශක්තිය හා තාපජ ක්‍රමයේ භාවිතා වූ දේ නිරූපණය කරයි) හා භූ විද්‍යාත්මක ඇලබෙඩෝව අතර අනුපාතය වඩා නිරවද්‍යව නොදන්නා අතර තවත් සාධක කිහිපයක් මත රඳා පවතී. මෙම අවිනිශ්චිතතාව මඟින් මිණුම් 2 අතර හිඩැස නැති කළ හැක.

http://en.wikipedia.org/wiki/Eris_%28dwarf_planet%29#Size.2C_mass.2C_and_density