කිලිනොච්චි සටන

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඛණ්ඩාංක: 9°22′59″N 80°24′00″E / 9.383°N 80.4°E / 9.383; 80.4

කිලිනොච්චි සටන
කොටසකි : උතුර මුදාගැනීමේ මානුෂීය මෙහෙයුම
Kilinochchi.svg
කිලිනොච්චිය
දිනය 2008 නොවැම්බර් 23 – 2009 ජනවාරි 02
ස්ථානය කිලිනොච්චිය, උතුරු පළාත,ශ්‍රී ලංකාව
ප්‍රතිඵලය ප්‍රදේශය ත්‍රස්තවාදීන්ගෙන් මුදාගැනීම
පාර්ශවයන්
Emblem of Sri Lanka.svg ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා එල්.ටී.ටී.ඊ. සංවිධානය
නායකයින් හා අණ දෙන නිළධාරීන්
ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා

මේජර් ජෙනරාල් ජගත් ජයසුරිය
මේජර් ජෙනරාල් ජගත් ඩයස්[1]
බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා

වේලුපිල්ලේ ප්‍රභාකරන්
කර්නල් භානු
කර්නල් තීපන්
ලුතිනන් කර්නල් ලෝරන්ස්
ආබාධිතයන් හා ජීවිත අහිමිවීම්
දක්වා නැත දක්වා නැත


කිලිනොච්චි සටන යනු ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා විසින් දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්ථවාදීන්ගෙන් ප්‍රදේශය සහ වැසියන් මුදාගැනීමේ මානුෂික මෙහෙයුමේදී කිලිනොච්චි නගරය මුදවා ගැනීම උදෙසා 2008 නොවැම්බර් මස සිට 2009 ජනවාරි මස දක්වා ගෙන ගිය ගොඩබිම් සංග්‍රාමයයි. එවකට කිලිනොච්චි නගරය කොටි සංවිධානය යෝජනා කොට තිබු ඊළාම් රාජ්‍යයේ යෝජිත අග නගරය ලෙසද ප්‍රකාශ කොට පැවතුණි.

2008 නොවැම්බර් සහ දෙසැම්බර් මාස වලදී ශ්‍රී ලංකා යුධ හමුදාව කිලිනොච්චි නගරය මුදාගැනීම සඳහා තෙවරක් ආක්‍රමණ දියත් කළේය.එම අවස්ථා තුනේදීම රජයේ හමුදා කිලිනොච්චි නගරය අත් පත් කර ගැනීම වලක්වා ගැනීමට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සමත් විය.මෙම සටන් වලදී සතුරාට උපරිම හානියක් කරමින් තමන්හට අවම හානියක් වූ බව දෙපාර්ශවයම ප්‍රකාශයට පත් කළහ.[2]මෙම කාලය අතරතුර කිලිනොච්චි නගර ආශ්‍රිත එල්.ටී.ටී.ඊ. මර්මස්ථාන ඉලක්ක කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක්ද සිදු කරන ලදී.2009 ජනවාරි 02 වන දින ශ්‍රී ලංකා යුධ හමුදා සේනාංක තුනක් කිලිනොච්චි නගරයට උතුරින් දකුණින් සහ බටහිර දිශා වලින් ඇතුළු වීමත් සමඟ එල්.ටී.ටී.ඊ. සටන්කරුවෝ අසල වූ වනගත ප්‍රදේශ වලට පළා ගියහ.ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින්, රජයේ හමුදා විසින් කිලිනොච්චි නගරය අත්පත් කරගත් බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ අතර එල්.ටී.ටී.ඊ. සටන්කරුවන්ට අවි බිම තබා යටත් වන ලෙසද දැනුම් දුන්නේය. [3]පසුව එල්.ටී.ටී.ඊ. සංවිධානය රජයේ හමුදා අත්පත් කරගත්තේ "මළවුන්ගේ නගරය"ක් බවත් එම පරාජය ඉතාම සුළු පසුබෑමක් පමණක් බවත් ප්‍රකාශ කළේය.[2][4]

කිලිනොච්චි නගරය මුදාගැනීමෙන් පසු බොහෝ විදේශ රාජ්‍යන් දේශපාලන විසදුමක් පිලිබඳ සලකා බලන ලෙස දෙපාර්ශවයටම බල කර සිටියහ.[5]මහජනතාව විදී බසින් මෙම ජයග්‍රහණය සමරද්දී,[6] කොළඹ කොටස් හුවමාරුව වාර්තාගත ඉහළයාමක් පෙන්නුම් කළ අතර රුපියලේ අගය ස්ථාවර වීමද සිදු විය.[7]සැමරුම් අතරතුර කොළඹ පිහිටි ශ්‍රීලංකා ගුවන් හමුදා මුලස්ථානය අසල සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 30කට අසන්න පිරිසක් තුවාල ලැබීය.කිලිනොච්චි නගරය මුදා ගැනීමත් සමග තම මෙහෙයුම් පුළුල් කළ ශ්‍රී ලංකා යුධ හමුදාව එල්.ටී.ටී.ඊ. ය සතුව තිබු සංග්‍රාමික උපක්‍රමික ස්ථාන වන අලිමංකඩ සහ A9 ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්මද මුදා ගැනීමට සමත් විය.

ඉතිහාසය සහ පසුබිම[සංස්කරණය]

1990 වර්ෂයේදී ශ්‍රීලංකා හමුදා ප්‍රථම වතාවට කිලිනොච්චි නගරයෙන් හමුදා සේනාංක ඉවත් කරගත් පසු එල්.ටී.ටී.ඊ. සංවිධානය එහි බලය තහවුරු කරගන්නා ලදී.1996 වර්ෂයේදී "සිත්ජය I","සිත්ජය II","සිත්ජය III" මෙහෙයුම් වලදී නැවත වතාවක් ශ්‍රීලංකා හමුදා විසින් කිලිනොච්චිය අත්පත් කරගන්න ලදී.1998 වර්ෂයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය දියත් කළ නොනවතින රැල්ල II මෙහෙයුමේදී රජයේ හමුදා වලට කිලිනොච්චි නගරය ඇතහැර යාමට සිදු විය.ශ්‍රීලංකා යුධ ඉතිහාසයේ දරුණුතම සටනක් වූ එය දෙපාර්ශවයටම බරපතල හානියක් හිමි කර දුනි.එවකට ශ්‍රීලංකා යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුනිල් තෙන්නකෝන් මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් මුලතිව් සටනට පසු ශ්‍රීලංකා යුධ හමුදාව ලද දරුණුතම විනාශය සහ පරාජය මෙය බව සඳහන් කළේය.[8] කිලිනොච්චි නගරය සංග්‍රාමික උපක්‍රමික ප්‍රදේශයක් නොවුවද සංකේතාත්මක වශයෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානයට ඉතා වැදගත් වූ ප්‍රදේශයකි. එල්.ටී.ටී.ඊ. ය වසර ගණනාවක් පුරා දිනා ගැනීමට උත්සහ කළ දෙමළ ඊළාම් රාජ්‍යයේ යෝජිත අග නගරය ලෙස නම් කර තිබුනේ කිලිනොච්චි නගරයයි.[9] එල්.ටී.ටී.ඊ. හිටපු සන්නද්ධ අංශ නායක විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ප්‍රකාශ කළ පරිදි එල්.ටී.ටී.ඊ.යට තිබු සංකේතාත්මක නගරය කිලිනොච්චියයි. [10] එකල රජය ප්‍රකාශ කළේ කිලිනොච්චි නගරයේ පාලනය එල්.ටී.ටී.ඊ.ය සතු වුවද සිවිල් පාලන කටයුතු සුපුරුදු පරිදි රජය මගින් සිදු කළ බවයි.[11][12]

පරිපාලන මධ්‍යස්ථානය[සංස්කරණය]

2002 වර්ෂයට පසු එල්.ටී.ටී.ඊ.ය විසින් කිලිනොච්චි නගරය ඔවුන්ගේ පරිපාලන මධ්‍යස්ථානය ලෙස භාවිතා කළේය.එල්.ටී.ටී.ඊ.ය විසින් ඊළාම් පොලිසිය නමින් පොලිස් ඒකකයක්ද සාම මහලේකම් කාර්යාලයක්ද බැංකු පද්ධතියක්ද ස්ථාපිත කරන ලදී.ඒවායේ මුලස්ථාන සියල්ල පාහේ පිහිටා තිබුනේ කිලිනොච්චි නගරාශ්‍රිත ප්‍රදේශවලය.[13] එසේම දිසා අධිකරණ, මහාධිකරණ, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නමින් නිල නොවන අධිකරණ පද්ධතියක්ද ස්ථාපිත කරන ලදී.එහි ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටා තිබුනේ කිලිනොච්චි නගර මධ්‍යයේය.[14][15][16][17]

පෙර සූදානම[සංස්කරණය]

කිලිනොච්චිය කිසිදා මුදාගත නොහැකිවනු ඇතැයි බොහෝ දෙනා ප්‍රකාශ කලහ. බටහිර ජාතීන් සහ ශ්‍රී ලංකා විපක්ෂය ඉන් ප්‍රධානවේ. ශ්‍රී ලංකා විපක්ෂය පාර්ලිමේන්තුවේදී කල ආණ්ඩුව කිලිනොච්චි යනවා කියලා මැදවච්චි යනවා යන්න අතිශය අවධානයට ලක්විය.

The advance of the 57 Division and Task Force 1 on Kilinochchi

යුධ හමුදාව විසින් එල්.ටී.ටී.ඊ.යට යටත්ව තිබු නැගෙනහිර භූමිය මුදා ගැනීමත් සමගම උතුරේ සටන්ද ආරම්භ කරන ලදී.මෙම ප්‍රහාර වලදී කිලිනොච්චියද යුධ හමුදාවේ ප්‍රධාන ඉලක්කයක්ව පැවතුණි.[9] යුධ හමුදා සේනාංක පෙරමුණු ගණනාවකින් උතුරු මෙහෙයුමට දායක වෙද්දී 57 වන සේනාංකයත් පළමු කාර්ය සාධක බලකායත්(වත්මන් 58 වන සේනාංකය) කිලිනොච්චිය මුදාගැනීමේ පෙරමුණ සදහා සක්‍රීය දායකත්වය ලබා දුනි.මෙම පෙරමුණ භාරව කටයුතු කළේ එවකට වන්නි ආඥාපති ධූරය දැරූ මේජර් ජෙනරාල් ජගත් ජයසුරිය මහතායි.මෙම සේනාංක දෙකම දිවයිනේ බටහිර ප්‍රදේශයෙන් කිලිනොච්චි ප්‍රදේශයට ආසන්න වීමෙන් පසු 57 වන සේනාංකය දකුණින් සහ බටහිර ප්‍රදේශයෙන්ද පළමු කාර්ය සාධක බලකාය උතුරු දිශාවෙන්ද එල්.ටී.ටී.ඊ. බලකොටු බිදිමින් කිලිනොච්චි නගර සීමාවට ඇතුළු විය.[18] 2008 ඔක්තෝම්බර් මාසය ආරම්භවත්ම කිලිනොච්චි නගරය එහි පදිංචිකරුවන් විසින් අත්හැර දමන ලද අතර එල්.ටී.ටී.ඊ.ය විසින් එහි පිහිටුවා තිබු රෝහල, බැංකු, සහ රාජ්‍ය ආයතන කිහිපයක්ද කිලිනොච්චියට කිලෝ මීටර 13 ක් පමණ දුරින් පිහිටා ඇති තාම්පුරම් ප්‍රදේශයේ ස්ථාපිත කරන ලදී.[19][20]

Yellow cartouche
මේජර් ජෙනරාල් ජගත් ඩයස්
Red cartouche
බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා

මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතා අණදුන් 57 වන සේනාංකය 2008 ඔක්තෝම්බර් 18 වන දින කිලිනොච්චියට නිරිත දිශාවෙන් පිහිටි ප්‍රධාන ගම්මානයක් වූ අක්කරායන්කුලම් [21] අත්පත් කරගන්නා ලදී.[22]මෙම ජයග්‍රහණයත් සමඟින් නිරිත්දිගින්ද කිලිනොච්චි නගරය වෙත ප්‍රහාර එල්ල කිරීමට අවස්ථාව උදා විය.ඉරණමඩු හන්දිය මුදා ගැනීම හේතුවෙන් යුධ හමුදාවට කිලිනොච්චියට ඇතුළු වීමට දකුණු ගොඩබිම් පිවිසුම් මාර්ගයක්ද විවෘත විය.[23]ඒ වන විටත් 57 වන සේනාංකය කිලිනොච්චි නගරය ආශ්‍රිත ප්‍රබල එල්.ටී.ටී.ඊ. කඳවුරු වූ කෝකිලායි සහ අඩම්පන් අත්පත් කරගෙන සිටීම එල්.ටී.ටී.ඊ. සටන්කරුවන් හට අවාසිදායක තත්වයක් උදාකළේය.[24]

බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා විසින් අණදුන් පළමු කාර්ය සාධක බලකාය බටහිර වෙරළ තීරය ඔස්සේ තම මෙහෙයුම් දියත් කළේය.එහිදී ඉතා වැදගත් සංග්‍රාමික උපක්‍රමික ස්ථාන රාශියක් අත්පත් කරගන්න ලදී.ඒ අතර මන්නාරම "සහල් නැලිය" ප්‍රදේශය, විඩුතලතිව්, නාච්චිකුඩා කැපී පෙනේ.2008 නොවැම්බර් 15 වන දින පළමුවන සහ දෙවන කොමාන්ඩෝ රෙජිමේන්තුවිශේෂ කාර්ය බලකායේ සෙබළුන්ද ප්‍රමුඛ පළමු කාර්ය සාධක බලකාය විසින් පුනරින් ප්‍රදේශය ඉලක්ක කරගනිමින් මෙහෙයුමක් දියත් කොට එම ප්‍රදේශය අත්පත් කරගන්නා ලදී.[25]පුනරීන් සිට නැගෙනහිර දිශාවට ගමන් කළ පළමු කාර්ය සාධක බලකාය 2008 දෙසැම්බර් 31 වන දින පරන්තන් මුදාගැනීමත් සමඟම යුධ හමුදාවට කිලිනොච්චියට ඇතුළු වීමට උතුරු ගොඩබිම් පිවිසුම් මාර්ගයක්ද විවෘත විය.[26]

බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා සහ මේජර් ජෙනරාල් ජගත් ඩයස් කිලිනොච්චි සටන අතරතුර

රජයේ හමුදා පැමිණීම වැලැක්වීම සඳහා එල්.ටී.ටී.ඊ. සටන්කරුවන් විසින් විශාල පස් කඳු සහ අඟල් නිර්මාණය කරන ලදී.කිලිනොච්චියට දකුණින් එවැනි එක විශාල පස් කන්දක් නිර්මාණය කර තිබු අතර B69 පුනරීන්-පරන්තන් මාර්ගය හරහා තවත් පස් බැම්ම්ක් ඉදි කරන ලදී.[27] කිලිනොච්චිය රැක ගැනීම සඳහා එල්.ටී.ටී.ඊ.ය තම ප්‍රබලතම සටන් කණ්ඩායම් කැඳවා තිබු අතර භානු,තීපන් සහ ලෝරන්ස් යන ජේෂ්ඨ සන්නද්ධ නායකයන්ගේ අණ දීමට අනුව චාල්ස් ඇන්තනී සහ ඉම්රාන් පාන්ඩියන් විසින් එල්.ටී.ටී.ඊ. භට පිරිස් මෙහෙයවන ලදී.[28][29]

මේ අතරතුර කාලයේ ශ්‍රීලංකා යුධ හමුදාව විසින් කිලිනොච්චියේ හඳුනාගත් ඉලක්කවලට දිගින් දිගටම කාලතුවක්ක ප්‍රහාර එල්ල කළ අතර එම ඉලක්ක වෙත ශ්‍රීලංකා ගුවන් හමුදාවේ ගුවන් ප්‍රහාරක ජෙට් මඟින්ද ප්‍රහාර එල්ල කරන ලදී.එවැනි එක ගුවන් ප්‍රහාරයක් කිලිනොච්චියේ පිහිටි එල්.ටී.ටී.ඊ. පරිපාලන ගොඩනැගිල්ල ඉලක්ක කොට තිබුණි.[30] රජයේ හමුදා කිලිනොච්චිය අත්පත් කර ගැනීමට සුදානම් බව 2008 ඔක්තෝම්බර් මාසයේදී රජය විසින් ප්‍රකාශ කරන ලදී.[31] නමුත්, එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඊමේල් පණිවිඩයක් මගින් "කිලිනොච්චිය අත්පත් කරගැනීම ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දවල් සිහිනයක්"යැයි ප්‍රකාශ කළේය.[32]

කාලරාමුව[සංස්කරණය]

ශ්‍රීලංකා යුධ හමුදාව 2008 නොවැම්බර් 23 වන දින එකවර දිශා තුනකින් කිලිනොච්චි නගරය ඉලක්කකොට ප්‍රහාර දියත් කළේය.[33]දෙසැම්බර් මාසය පුරා යුධ හමුදාව විසින් කිලිනොච්චිය අත්පත් කරගැනීමට ප්‍රධාන මෙහෙයුම් තුනක් දියත් කරන ලදී.නොවැම්බර් සහ දෙසැම්බර් මාස පුරා පවතී දැඩි මෝසම් වර්ෂාව දෙපාර්ශවයටම ප්‍රබල ලෙස බලපෑවේය.[6]ඇතිවූ ගං වතුර තත්වය නිසා කිලිනොච්චිය තුල සහ අවට බොහොමයක් ප්‍රදේශ ජලයෙන් යටව පැවති[34] අතර ජලයත් සමග වළදමා තිබූ බිම්බෝම්බ ප්‍රදේශය පුරාම විසිරී ගියහ.ඒ හේතුවෙන් පාබල භට පිරිස්වල ගමන අඩාල විය.[35]මෙම මෙහෙයුම් කාලය පුරාම ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් යුධ හමුදා පාබල භට පිරිස් වල සහයට හඳුනාගත් ඉලක්ක වෙත ගුවන් ප්‍රහාරද එල්ල කරන ලදී.[36]

දක්නට ලැබුණු අඟලක්

දෙසැම්බර් මස 10 වන දින එල්ල කරන ලද ප්‍රථම ප්‍රහාරය ව්‍යර්ථ කරන්නට එල්.ටී.ටී.ඊ. සටන්කරුවන් සමත් විය.එහිදී යුධ හමුදා සෙබළුන් 87 ක් ජීවිතක්ෂයට පත්කළ බව එල්.ටී.ටී.ඊ.ය ප්‍රකාශ කළ අතර රජයේ හමුදා ප්‍රකාශ කර සිටියේ සෙබළුන් 20 දෙනෙකු පමණක් ජීවිතක්ෂයට පත් වූ බවත් එල්.ටී.ටී.ඊ. සටන්කරුවන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්කළ බවත්ය.[37]

දෙසැම්බර් 16 වන දින යුධ හමුදාව පෙරමුණු කිහිපයකින් තම දෙවන ප්‍රහාරය දියත් කළ අතර එල්.ටී.ටී.ඊ. සටන්කරුවන් විසින් එය මැඩපවත්වන ලදී. එල්.ටී.ටී.ඊ.ය කියා සිටියේ එහිදී යුධ හමුදා සාමාජිකයන් 130 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් 300 කට අධික පිරිසක් තුවාල ලබූ බවත් තමන් සතුව යුධ හමුදා මල සිරුරු 28 ක් ඇති බවත්ය.මේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ රජයේ හමුදා කරුණු දක්වමින් එම සටනේදී යුධ හමුදා සාමාජිකයන් 25 ක් මියගිය බවත් 18 දෙනෙකු අතුරුදහන්ව ඇති බවත් 160 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවත් ප්‍රකාශ කළේය.තවද මෙම ගැටුමේදී එල්.ටී.ටී.ඊ. සටන්කරුවන් 120 ක් පමණ මියගිය බව සදහන් කළහ.[38][39] [40]දෙපාර්ශවය විසින් දින දහයක් පමණ බර අවි,කාලතුවක්කු, සහ මෝටාර් ප්‍රහාර එල්ලකරගත් අතර අවසානයේ කිලිනොච්චි නගරයේ බටහිර සීමාවේ පස් බැම්මේ කොටසක් අල්ල ගැනීමට යුධ හමුදා පාබල භට කණ්ඩායම් සමත් විය.[41]

දෙසැම්බර් 20 වන දින ශ්‍රී ලංකා යුධ හමුදා පාබල භට පිරිස් විසින් කිලිනොච්චියට දකුණින් පිහිටි ගම්මානයක් වූ ඉරණමඩු ආක්‍රමණයට සුදානම් වන අතරතුර පෙරමුණු කිහිපයකින් සැදුම් ලත් එල්.ටී.ටී.ඊ. සටන්කරුවෝ ප්‍රබල ප්‍රහාරයක් දියත් කළහ. එල්.ටී.ටී.ඊ.ය ප්‍රකාශ කළේ මෙම ගැටුමෙන් යුධ හමුදා සාමාජිකයන් අවම වශයෙන් 60 දෙනෙකුවත් මිය යන්නට ඇති බවයි.එම ප්‍රකාශයද තරයේ ප්‍රතික්ෂේප කළ එවකට ශ්‍රීලංකා හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා යුධ හමුදා සෙබළුන් 12 දෙනෙකු මියගිය බවත් 12 දෙනෙකු අතුරුදහන්ව ඇති බවත් ප්‍රකාශ කළේය.[42][43]

අත්පත් කරගැනීම[සංස්කරණය]

2008 දෙසැම්බර් 31 වන දින ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් පරන්තන් අත්පත් කරගැනීමත් සමඟ එල්.ටී.ටී.ඊ.ය තම භට කණ්ඩායම් කිලිනොච්චි නගරයෙන් ඉවත් කරගැනීම ආරම්භ කලේය.[44] 2009 ජනවාරි 02 වන දින යුධ හමුදාව කිලිනොච්චි නගරයට ඇතුළු විය. [45] එල්.ටී.ටී.ඊ. ය ඒ වනවිටත් අසල කැලෑ ප්‍රදේශ වලට පසුබැස සිටීම නිසා රජයේ හමුදා ඉතා පහසුවෙන් කිලිනොච්චි නගරයට ඇතුළු විය.[6]

විනාශ වී තිබු වතුර ටැංකිය

එවකට ශ්‍රීලංකා හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතාට අනුව ශ්‍රීලංකා යුධ හමුදා පාබල භට පිරිස් පැවති බාධක බිඳිමින් තුන පැත්තකින් කිලිනොච්චි නගරයට ඇතුළු විය.2009 ජනවාරි 02 වන දින ගමන ආරම්භ කළ 57 වන සේනාංකයේ භට කණ්ඩායමක් කිලිනොච්චි නගරයේ බටහිර සීමාවෙන් ඇතුළු වී නගර මධ්‍යට ඇදුනු අතර තවත් කණ්ඩායමක් දකුණු දෙසින් නගර සීමාවට ඇතුළු වී නගර මධ්‍ය කරා සේන්දු විය.මේ අතර පළමු කාර්ය සාධක බලකායේ සෙබළුන් A9 ප්‍රධාන මාර්ගයට නැගෙනහිරින් සහ බටහිරින් කිලිනොච්චි නගරයට ඇතුළු වී නගර මධ්‍යට සේන්දු විය. [2]

කිලිනොච්චි නගරය අත්පත් කරගැනීමෙන් අනතුරුව කිලිනොච්චි නගර මධ්‍යයේ ශ්‍රී ලංකා ජාතික ධජය, ශ්‍රී ලංකා යුධ හමුදා ධජය සහ 57 වන සේනාංක ධජය මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා විසින් ඔසවන ලදී.[46]

රජයේ හමුදා කිලිනොච්චි නගරය අත්පත් කරගන්න මොහොත වනවිටත් එහි පොදු පහසුකම්,ගොඩනැගිලි ආදී දේපල බොහොමයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබුණි. යුධ හමුදාව ප්‍රකාශ කරන පරිදි නගර මධ්‍යයේ වූ විශාල වතුර ටැංකිය එල්.ටී.ටී.ඊ.ය විසින් පුපුරනද්‍රව්‍ය යොදාගනිමින් විනාශ කොට තිබුණි. යුධ හමුදා ප්‍රධානින් සඳහන් කරන පරිදි හමුදාවේ ඉදිරි ගමන වලක්වා ලීම සඳහා බොහොමයක් නගරයේ ඉදිකිරීම් එල්.ටී.ටී.ඊ.ය විසින් විනාශ කොට දමා පළා ගොස් තිබුණි. [47] විදුලි සැපයුමද විනාශ කොට තිබුණි.[48] එල්.ටී.ටී.ඊ.ය ප්‍රකාශ කළේ රජයේ හමුදා එල්ල කළ බර අවි සහ ගුවන් ප්‍රහාර මෙම සම්පත් විනාශයට හේතු වූ බවයි.[2]

ප්‍රතිචාරය[සංස්කරණය]

'අද දින අප රණවිරුවන් ලද මෙම ජයග්‍රහණය එල්.ටී.ටී.ඊ. ප්‍රධාන බලකොටුවක් අත්පත් කර ගැනීමක් පමණක් නොව ත්‍රස්තවාදයට එරෙහි ලෝක සංග්‍රාමයේ අමරණීය ජයග්‍රහණයක්‌ ...'[3]

ලෙසින් සඳහන් කරමින් 2009 ජනවාරි 02 වන දින සවස් යාමයේදී ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රජයේ හමුදා විසින් කිලිනොච්චි නගරය අත්පත් කරගත් බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. එල්.ටී.ටී.ඊ. සටන්කරුවන්ට අවි බිම තබා යටත් වන ලෙස දැනුම් දුන් හෙතෙම මෙම නිවේදනය එල්.ටී.ටී.ඊ. සටන්කරුවන්ට ලබා දෙන අවසන් නිවේදනය බවද සඳහන් කළේය.[3]

"The Island" ජාතික පුවත්පතෙහි කතෘ, කිලිනොච්චිය ජයග්‍රහණය ලෝක ත්‍රස්තවාදයට දරුණු පරාජයක් බවත් ශිෂ්ඨසම්පන්න සමාජයට මෙම ත්‍රස්තවාදී උවදුර පරාජය කළහැකි හැකිබවට හොඳම නිදසුනක් බවත් තම කතුවැකියෙන් ප්‍රකාශ කළේය.[49]

එල්.ටී.ටී.ඊ. හිතවාදී ටැමිල්නෙට් වෙබ් අඩවිය කිලිනොච්චියේ පදිංචිව සිටි ජනතාව සහ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් ඊසාන දිගට ගිය බවත් රජයේ හමුදා "මළවුන්ගේ නගරය "කට ඇතුලත් වූ බවත් වාර්තා කළේය. [2]මෙම පරාජය පිලිබඳ ප්‍රකාශයක් කරමින් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දේශපාලන අංශ ප්‍රධානි බාලසිංහම් නඩේසන් ප්‍රකාශ කළේ තම සංවිධානයේ විමුක්ති අරගලය හා සසඳන විට කිලිනොච්චි නගරය අහිමි වීම සැලකිය යුතු පරාජයක් නොවන බව කියා සිටියේය.තව දුරටත් අදහස් දක්වමින් මෙලෙස ප්‍රකාශයක්ද සිදු කළේය.

කිලිනොච්චි නගරය මීට පෙරත් රජයේ හමුදා අත්පත් කරගත්තා.එලෙසම අපිත් නැවත නුදුරේම කිලිනොච්චිය නැවත අත්පත් කරගන්නවා... [4]

විදේශ රාජ්‍යන් කිහිපයක්ද කිලිනොච්චිය අත්පත් කර ගැනීම පිලිබඳ අදහස් දැක්වීය. 2009 ජනවාරි 02 වන දින ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් නිකුත් කරමින් ශ්‍රිලංකාවේ දෙමළ ප්‍රජාවගේ ප්‍රශ්න පිලිබඳ දෙපාර්ශවයම එකඟවන විසඳුමක් කෙරෙහි අවදානය යොමු කරන ලෙස දක්වා තිබුණි.[50]

ඉන්දියානු විදේශ ලේකම් ශිවශංකර් මෙනන් මහතා ප්‍රකාශ කළේ කෙලෙස යුධමය වාතාවරණය වෙනස් වුවද ශ්‍රී ලංකාවේ ගැටලුවට දේශපාලන විසඳුමක් මිසක වෙනත් විසඳුමක් නැති බවයි.ඒකීය ශ්‍රී ලංකාවක් තුළ සැමට සාධාරණ දේශපාලන විසඳුමක් මෙම ගැටලුවට විසඳුම විය යුතු බවද ඒ මහතා ප්‍රකාශ කළේය. [51]

දේශපාලන විසඳුමක් කරා යන ලෙස බල කරමින් එංගලන්ත රජය විසින්ද නිවේදනයක් නිකුත් කරන ලදී. එම නිවේදනයේ සදහන් පරිදි කිලිනොච්චිය අත්පත් කරගැනීම මගින් දේශපාලන විසඳුමක් කෙරෙහි යාමට වන අවශ්‍යතාවය වැඩි වී ඇත.මීට අමතරව, බ්‍රිතාන්‍ය විදේශ සහ පොදුරාජ්‍යමණ්ඩලීය කාර්යාල ප්‍රධානි මැලොක් බ්‍රවුන් සහ අන්තර්ජාතික සංවර්ධන ලේකම් ඩග්ලස් ඇලෙක්සැන්ඩර්, නිවේදනයක් නිකුත් කරමින් අන්තර්ජාතික මානුෂීය නීතියට ගරු කරන ලෙස දෙපාර්ශවයටම බල කර සිටියහ.[5]නුවරඑළිය, අනුරාධපුර, කොළඹ, අම්පාර සහ කළුතර මෙන්ම සියලුම නගරයන් වල මහජනතාව වීදී බසිමින් මෙම ජයග්‍රහණය සමරුහ.[6][52] රජය සදහන් කළේ යාපනයේ ජනතාවද ජාතික ධජ ඔසවමින් කොටි විරෝධී පාඨ ප්‍රදර්ශනය කරමින් මෙම ජයග්‍රහණය සැමරූ බවයි.[53] මේ පිළිබද වාර්තා කරමින් ටැමිල්නෙට් වෙබ් අඩවිය ප්‍රකාශ කළේ මෙම ජනතාව රජයේ හමුදා විසින් බලෙන් යොදවා ඇති බවයි.එම ජනතාවගේ හැදුනුම්පත් තමභාරයට ගනිමින් මෙම සැමරුම් සඳහා ජනතාව බලෙන් යොමුකළ බව තවදුරත් සඳහන් කොට තිබුණි.[54] ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කිලිනොච්චිය මුදාගැනීම සමරන ලද්දේ 2009 ජනවාරි 05 වන දිනයි.ශ්‍රී ලංකා ජාතක ධජය ඔසවමින් මෙන්ම සටනේදී දිවි පිදු රණවිරුවන් සිහිපත් කරමින් රටපුරා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක්ද ආරක්ෂා කෙරුණි.සියලුම මාධ්‍යද මේ සඳහා එක වු අතර ගුවන් කාල දේශාභිමානි ගී සහ වැඩසටහන් සඳහා සම්පූර්ණයෙන්ම වෙන්කර තිබුණි.[55]


යුධ හමුදා සෙබලෙකු කිලිනොච්චි නගර සීමාව අසල
කිලිනොච්චි නගර මධ්‍යයේ මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතා ජාතික ධජය ඔසවමින්
කිලිනොච්චි ජය සැමරුම්


ප්‍රතිඵල[සංස්කරණය]

කිලිනොච්චි සටන අවසන් වීමත් සමඟම කොළඹ කොටස් හුවමාරුව වාර්තාගත 5% පමණ ඉහළයාමක් පෙන්නුම් කළ අතර රුපියලේ අගය ස්ථාවර වීමද සිදු විය.[7] ශ්‍රී ලංකා ජනාධිපති විසින් කිලිනොච්චි ජයග්‍රහණය ප්‍රකාශ කොට පැය කිහිපයක් ඇතුලත කොළඹ පිහිටි ශ්‍රීලංකා ගුවන් හමුදා මුලස්ථානය අසල සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ගුවන් හමුදා සෙබළු දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 30කට අසන්න පිරිසක් තුවාල ලැබීය.[56] 2009 ජනවාරි 03 වන දින කොළඹ කොටුව වෙළඳපල අසල මෝටර් රථයක අටවා තිබු බෝම්බයක් පුපුරා යාමෙන් තිදෙනෙකු පමණ තුවාල ලැබීය.[57]

කිලිනොච්චිය මුදා ගැනීමත් සමග මුදානොගත් ප්‍රදේශවල සාමාන්‍ය ජනතාව මිනිස් පලිහක් ලෙස යොදාගැනීම සහ එම ජීවිත අවදානමට හෙලීම මෙන්ම ඔවූන් නිදහස් කිරීමට රජය කල ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් 2009 ජනවාරි 07 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා රජය විසින් එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් සංවිධානයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.[58] .[59]

කිලිනොච්චිය බිඳ වැටී නොබෝ දිනකින්ම එල්.ටී.ටී.ඊ ට ඉතා වැදගත් වූ පලෙයි ප්‍රදේශයද මුදා ගැනීමට රජයේ හමුදා සමත් විය.[4] අනතුරුව ජනවාරි 09 වන දින ඉතා වැදගත් ස්ථානයක් වූ අලිමංකඩ මුදා ගන්නා ලදී.[60][61] ඉන් අනතුරුව එල්.ටී.ටී.ඊ ට ඉතිරිව තිබු එකම ප්‍රධාන බලකොටුව වූ මුලතිව් බලා හමුදා සේනාංක ඉදිරියට ගමන ගත්හ.[62]මුලතිව් බලකොටුවද ජනවාරි 25 වන දින ශ්‍රීලංකා යුධ හමුදා පාලනයට නතු විය.[63]

විමර්ශන[සංස්කරණය]

බාහිර සබැදි[සංස්කරණය]

  1. "BBC NEWS - South Asia - Army closes in on key Jaffna pass". BBC News. 5 January 2009. Archived from the original on 7 January 2009. http://web.archive.org/web/20090107113912/http://news.bbc.co.uk/2/hi/south_asia/7810911.stm. Retrieved 8 January 2009. 
  2. 2.0 2.1 2.2 2.3 2.4 "BBC NEWS - South Asia - Sri Lankan troops seize rebel HQ". BBC News. 2 January 2009. Archived from the original on 7 January 2009. http://web.archive.org/web/20090107113259/http://news.bbc.co.uk/2/hi/south_asia/7807908.stm. Retrieved 8 January 2009. 
  3. 3.0 3.1 3.2 "Kilinochchi capture - Text of President Rajapaksa's announcement". The Hindu. India. Archived from the original on 11 January 2009. http://www.hindu.com/nic/kili.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 14 January 2009. 
  4. 4.0 4.1 4.2 "Army 'takes more Tiger territory'". BBC News. 8 January 2009. Archived from the original on 8 January 2009. http://web.archive.org/web/20090108095006/http://news.bbc.co.uk/2/hi/south_asia/7817110.stm. Retrieved 11 January 2009. 
  5. 5.0 5.1 "UK, US urge political solution". BBC Sinhala News. 7 January 2009. Archived from the original on 17 January 2009. http://web.archive.org/web/20090117010616/http://www.bbc.co.uk/sinhala/news/story/2009/01/090107_uk_lanka.shtml. Retrieved 14 January 2009. 
  6. 6.0 6.1 6.2 6.3 "Sri Lanka Says Troops Have Rebel Capital". New York Times. 2 January 2009. http://www.nytimes.com/aponline/2009/01/02/world/AP-AS-Sri-Lanka-Civil-War.html. Retrieved 2 January 2009.  [dead link]
  7. 7.0 7.1 Sirilal, Ranga (2 January 2009). "Sri Lankan troops march into rebel headquarters". Reuters. Archived from the original on 9 January 2009. http://web.archive.org/web/20090109132533/http://www.reuters.com/article/homepageCrisis/idUSSP417902._CH_.2400. Retrieved 2 January 2009. 
  8. "Rebels launch heavy assault on Sri Lankan army". CNN. 7 October 1998. http://www.cnn.com/WORLD/asiapcf/9810/07/sri.lanka/index.html. Retrieved 11 January 2009. 
  9. 9.0 9.1 Buerk, Roland (17 September 2008). "Sri Lanka's push to take rebel HQ". BBC News. Archived from the original on 7 January 2009. http://web.archive.org/web/20090107132543/http://news.bbc.co.uk/2/hi/south_asia/7620313.stm. Retrieved 11 January 2009. 
  10. Perera, Amantha (14 September 2008). "Trench war looms in the Wanni". The Sunday Leader. http://www.thesundayleader.lk/20080914/Defence.HTM. Retrieved 11 January 2009.  [dead link]
  11. "Kilinochchi Liberated – LTTE leadership further cornered in pockets of Mullaitivu District". news.lk – The Official Government News Portal of Sri Lanka. http://www.news.lk/index.php?option=com_content&task=view&id=7924&Itemid=44. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 January 2009. 
  12. Reddy, B. Muralidhar (3 January 2009). "Kilinochchi captured in devastating blow to LTTE". The Hindu (India). Archived from the original on 24 January 2009. http://web.archive.org/web/20090124013634/http://www.hindu.com/2009/01/03/stories/2009010357740100.htm. Retrieved 12 January 2009. 
  13. Jayasiri, Sunil (3 January 2009). "Kilinochchi falls". Daily Mirror (UK). Archived from the original on 5 January 2009. http://web.archive.org/web/20090105130734/http://www.dailymirror.lk/DM_BLOG/Sections/frmNewsDetailView.aspx?ARTID=36847. Retrieved 11 January 2009.  [dead link]
  14. Nadarajah, S.; Sriskandarajah, D. (2005). "Liberation struggle or terrorism? The politics of naming the ltte". Third World Quarterly 26 (1): 87–100. doi:10.1080/0143659042000322928. 
  15. Ranganathan, M. (2002). "Nurturing a Nation on the Net: The Case of Tamil Eelam". Nationalism and Ethnic Politics 8 (2): 51–66. doi:10.1080/13537110208428661. http://www.ingentaconnect.com/content/routledg/nep/2002/00000008/00000002/art00004. Retrieved 25 March 2008. 
  16. Stokke, K.; Ryntveit, A.K. (2000). "The Struggle for Tamil Eelam in Sri Lanka". A Journal of Urban and Regional Policy 31 (2): 285–304. doi:10.1111/0017-4815.00129. 
  17. McConnell, D. (2008). "The Tamil people's right to self-determination" (PDF). Cambridge Review of International Affairs 21 (1): 59–76. doi:10.1080/09557570701828592. http://www.informaworld.com/index/790622093.pdf. Retrieved 25 March 2008. 
  18. Wijayapala, Ranil (2 January 2009). "All fronts close in on Kilinochchi". Daily News. http://www.dailynews.lk/2009/01/02/sec03.asp. Retrieved 11 January 2009. 
  19. "Monsoon rains imminent; Govt. officials struggle with refugees". The Sunday Times (UK). 12 October 2008. http://sundaytimes.lk/081012/News/sundaytimesnews_16.html. Retrieved 14 January 2009. 
  20. Athas, Iqbal (26 October 2008). "New enemy - the raging monsoon". The Sunday Times (UK). Archived from the original on 11 December 2008. http://web.archive.org/web/20081211192935/http://www.sundaytimes.lk/081026/Columns/sitreport.html. Retrieved 14 January 2009. 
  21. Wijayapala, Ranil (9 November 2008). "LTTE in total disarray as troops reach Pooneryn". Sunday Observer. http://www.sundayobserver.lk/2008/11/09/sec03.asp. Retrieved 11 January 2009. 
  22. "Sri Lanka army 'breaks' Tiger lines". Al Jazeera. 19 October 2008. http://english.aljazeera.net/news/asia/2008/10/20081019194629557141.html. Retrieved 11 January 2009. 
  23. Wijayapala, Ranil (2 January 2009). "Fall of Kilinochchi imminent – Iranamadu Captured". Daily News. http://www.dailynews.lk/2009/01/02/sec01.asp. Retrieved 11 January 2009. 
  24. "Army claims Kokavil also captured". Daily Mirror (UK). 2 December 2008. http://www.dailymirror.lk/DM_BLOG/Sections/frmNewsDetailView.aspx?ARTID=33925. Retrieved 11 January 2009.  [dead link]
  25. Wijayapala, Ranil (16 November 2008). "Pooneryn Falls". Sunday Observer. http://www.sundayobserver.lk/2008/11/16/sec03.asp. Retrieved 11 January 2009. 
  26. Wijayapala, Ranil (4 January 2009). "End of the road for the LTTE". Sunday Observer. http://www.sundayobserver.lk/2009/01/04/sec03.asp. Retrieved 11 January 2009. 
  27. "Lanka pounds LTTE bastions". Deccan Herald (India). 20 November 2008. http://www.deccanherald.com/content/Nov202008/foreign20081119101686.asp. Retrieved 11 January 2009.  [dead link]
  28. Perera, Amantha (12 October 2008). "Tiger administrative structure hit". The Sunday Leader. http://www.thesundayleader.lk/20081012/Defence.HTM. Retrieved 12 January 2009.  [dead link]
  29. "Ground fighting one-sided". The Nation. 2 November 2008. http://www.nation.lk/2008/11/02/militarym.htm. Retrieved 12 January 2009.  [dead link]
  30. "LTTE Kilinochchi complex bombed". BBC Sinhala News. 3 October 2008. http://www.bbc.co.uk/sinhala/news/story/2008/10/081003_ltte_nadesan.shtml. Retrieved 11 January 2009. 
  31. "Sri Lankan military attack stalls". The Times (UK). 20 October 2008. http://www.thetimes.co.za/News/Article.aspx?id=866818. Retrieved 11 January 2009.  [dead link]
  32. "Capturing Kilinochchi a daydream for Lanka: LTTE chief". ZeeNews. 3 January 2009. http://www.zeenews.com/World/2009-01-03/495771news.html. Retrieved 14 January 2009. 
  33. "Sri Lanka rebel HQ 'to fall soon'". BBC News. 26 November 2008. Archived from the original on 16 January 2009. http://web.archive.org/web/20090116021425/http://news.bbc.co.uk/2/hi/south_asia/7749475.stm. Retrieved 13 January 2009. 
  34. "Overview of Flood Waters in Kilinochchi District, Sri Lanka". Thomson Reuters Foundation. Reuters AlertNet. 3 December 2008. http://www.alertnet.org/thefacts/satelliteimages/UNOSAT/a85e20ac16dbf6c1f501bdf2ae359141.htm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 13 January 2009. 
  35. Jayasiri, Sunil (19 December 2008). "Fierce fighting amidst heavy casualties". Daily Mirror (UK). http://www.dailymirror.lk/DM_BLOG/Sections/frmNewsDetailView.aspx?ARTID=35521. Retrieved 13 January 2009.  [dead link]
  36. "Sri Lanka steps up air attacks against Tiger rebels". AFP. 19 December 2008. Archived from the original on 9 February 2009. http://web.archive.org/web/20090209085058/http://www.google.com/hostednews/afp/article/ALeqM5hMNpARHszTmPT4TBd6OKtkH3J7Sw. Retrieved 14 January 2009. 
  37. Mallawarachi, Bharatha (11 December 2008). "Web site: Tamil rebels kill 89 Sri Lankan soldiers". The China Post (Taiwan (ROC)). https://www.chinapost.com.tw/asia/other/2008/12/11/187250/Web-site:.htm. Retrieved 13 January 2009. 
  38. "SLA death toll hits 170 in Vanni, hundreds wounded, 36 bodies recovered - LTTE". Tamilnet.com. 17 December 2008. Archived from the original on 5 January 2009. http://www.tamilnet.com/art.html?catid=13&artid=27758. සම්ප්‍රවේශය කෙරුණු දිනය 8 January 2009. 
  39. "LTTE releases photos of SLA debacle". Tamileelamnews.com. 18 December 2008. Archived from the original on 19 January 2009. http://www.tamileelamnews.com/news/publish/tns_10643.shtml. සම්ප්‍රවේශය කෙරුණු දිනය 8 January 2009. 
  40. "(Update-2) Sri Lanka loses two battalions troops in the latest battles". Tamileelamnews.com. 17 December 2008. Archived from the original on 19 January 2009. http://www.tamileelamnews.com/news/publish/tns_10637.shtml. සම්ප්‍රවේශය කෙරුණු දිනය 8 January 2009. 
  41. Wijayapala, Ranil (28 December 2008). "Troops closing in on Kilinochchi and Mullaitivu". The Sunday Observer. http://www.sundayobserver.lk/2008/12/28/sec03.asp. Retrieved 13 January 2009. 
  42. Buerk, Roland (21 December 2008). "'Heavy fighting' near Kilinochchi". BBC Sinhala News. Archived from the original on 24 December 2008. http://web.archive.org/web/20081224040747/http://www.bbc.co.uk/sinhala/news/story/2008/12/081221_kilinochchi_fighting.shtml. Retrieved 13 January 2009. 
  43. The Earthtimes (21 December 2008). "12 soldiers killed, 16 missingin Sri Lanka combat : India World". Earthtimes.org. http://www.earthtimes.org/articles/show/247257,12-soldiers-killed-16-missingin-sri-lanka-combat.html. Retrieved 8 January 2009.  [dead link]
  44. Jayasiri, Sunil (2 January 2009). "Paranthan falls: Muhamalai, Elephant Pass untenable for LTTE". Daily Mirror (UK). Archived from the original on 3 January 2009. http://web.archive.org/web/20090103074442/http://www.dailymirror.lk/DM_BLOG/Sections/frmNewsDetailView.aspx?ARTID=36682. Retrieved 13 January 2009.  [dead link]
  45. "Sri Lankan forces take over last LTTE bastion". CNN-IBN. 2 January 2009. http://ibnlive.in.com/news/sri-lankan-forces-take-over-last-ltte-bastion/81793-2.html?from=rssfeed. Retrieved 2 January 2009. 
  46. Wijayapala, Ranil (3 January 2009). "National flag flutters in Kilinochchi after 10 years". Daily News. http://www.dailynews.lk/2009/01/03/sec03.asp. Retrieved 14 January 2009. 
  47. "Kilinochchi, virtually a ghost city". The Hindu (India). 5 January 2009. http://www.hindu.com/holnus/001200901051923.htm. Retrieved 16 January 2009. 
  48. Reddy, B. Muralidhar (9 January 2009). "The ride to Kilinochchi and beyond". The Hindu (India). Archived from the original on 22 January 2009. http://web.archive.org/web/20090122060156/http://hindu.com/2009/01/09/stories/2009010951331100.htm. Retrieved 16 January 2009. 
  49. "A blow to global terror". The Island. 3 January 2009. http://www.island.lk/2009/01/03/editorial.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 14 January 2009. 
  50. AFP (2 January 2009). "US renews call for peaceful dialogue in Sri Lanka". AFP. http://www.google.com/hostednews/afp/article/ALeqM5jC0wgymq2Ls4t8LM3f7_2QwMEP2w. Retrieved 2 January 2009. 
  51. "No military solution - India". BBC Sinhala News. 5 January 2009. http://www.bbc.co.uk/sinhala/news/story/2009/01/090105_india_kilinochchi.shtml. Retrieved 14 January 2009. 
  52. Hettiarachchi, Shelton; Bandara, Athula; Seneviratne, Shane; Chandrapala, Wasantha (4 January 2009). "Crackers go up as Kilinochchi falls". The Sunday Times (UK). Archived from the original on 14 January 2009. http://web.archive.org/web/20090114072055/http://www.sundaytimes.lk/090104/News/sundaytimesnews_22.html. Retrieved 14 January 2009. 
  53. "Northerners celebrate the victory of the humanitarian mission". The Media Centre for National Security. NationalSecurity.lk. 8 January 2009. http://www.nationalsecurity.lk/fullnews.php?id=17203. සම්ප්‍රවේශය කෙරුණු දිනය 18 January 2009. 
  54. "SLA celebrates "Ki'linochchi victory" in Vadamaraadchi". Tamilnet. 4 January 2009. Archived from the original on 6 January 2009. http://www.tamilnet.com/art.html?catid=13&artid=27914. සම්ප්‍රවේශය කෙරුණු දිනය 18 January 2009. 
  55. "Sri Lanka troops take strategic pass from Tiger rebels: army". Agence France-Presse (AFP) (Google). 5 January 2009. http://www.google.com/hostednews/afp/article/ALeqM5hYDTcqOq5ylB0eftf2S1Mk1XO3Ug. Retrieved 17 January 2009. 
  56. From Iqbal Athas CNN (2 January 2009). "Suicide blast in Sri Lanka as rebel stronghold falls". CNN. Archived from the original on 7 January 2009. http://web.archive.org/web/20090107151246/http://edition.cnn.com/2009/WORLD/asiapcf/01/02/srilanka.war/index.html. Retrieved 8 January 2009. 
  57. "Minor blast in Sri Lanka capital". Colombo Page. 3 January 2009. http://www.colombopage.com/archive_09/January3151738RA.html. Retrieved 3 January 2009. 
  58. Kamalendran, Chris (4 January 2009). "LTTE to be banned; decision next week". The Sunday Times (UK). Archived from the original on 15 January 2009. http://web.archive.org/web/20090115004856/http://www.sundaytimes.lk/090104/News/sundaytimesnews_01.html. Retrieved 13 January 2009. 
  59. "Govt bans LTTE". ReliefWeb. 8 January 2009. http://www.reliefweb.int/rw/rwb.nsf/db900SID/KHII-7N499X?OpenDocument. සම්ප්‍රවේශය කෙරුණු දිනය 13 January 2009. 
  60. "Lanka regains Elephant Pass". Gulf Daily News. 20 January 2009. http://www.gulf-daily-news.com/Story.asp?Article=239847&Sn=WORL&IssueID=31296. Retrieved 14 January 2009. 
  61. "Army 'takes key Sri Lanka pass'". BBC News. 9 January 2009. Archived from the original on 14 January 2009. http://web.archive.org/web/20090114210044/http://news.bbc.co.uk/2/hi/south_asia/7819386.stm. Retrieved 14 January 2009. 
  62. "Army pressures Tamil Tiger base". BBC News. 13 January 2009. Archived from the original on 14 January 2009. http://web.archive.org/web/20090114103638/http://news.bbc.co.uk/2/hi/south_asia/7825669.stm. Retrieved 14 January 2009. 
  63. "Sri Lankan troops enter Mullaitivu, LTTE's last bastion". The Hindu (India). 25 January 2009. Archived from the original on 29 January 2009. http://web.archive.org/web/20090129135633/http://hindu.com/thehindu/holnus/000200901251621.htm. Retrieved 28 January 2009. 
"http://si.wikipedia.org/w/index.php?title=කිලිනොච්චි_සටන&oldid=258651" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි