කාබනික ගොවිතැන්කරණය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
13-09-01-kochtreffen-wien-RalfR-02.jpg

කාබනික ගොවිතැන්කරණය යනු කෘෂිකර්මාන්තයේ එක් ආකාරයක් වන අතර එහිදී කෘතීම පොහොර හා පලිබෝධනාශක, ශාක වැඩීම් පාලක, පශු සම්පත් පෝෂණ ආකලන හා ජානමය වශයෙන් නවීකරණය කරන ලද පටක භාවිතා නොකරයි. කාබනික වගාකරුවන් විසින් පාංශු නිෂ්පාදිතය පවත්වා ගැනීමට හා පලිබෝධකයන් පාලනය කිරීම සඳහා හැකිතාක් දුරට වගා භ්‍රමණය, හරිත පොහොර, කොම්පෝස්ට්, ජීව විද්‍යාත්මක පලිබෝධ පාලනය හා යාන්ත්‍රික වගා කිරීම භාවිතා කරයි. කාබනික ගොවිතැන්කරණය බොහෝ විට සාම්ප්‍රදායික රසායනික ගොවිතැන්කරණය සමඟ වෙනස්කම් දක්වයි. කාබනික කෘෂිකර්මාන්තය තිරසාර කෘෂිකර්මාන්තයේ උප අංශයක් ලෙස සැලකිය හැකි අතර වෙනස වන්නේ කාබනික වීම සඳහා නීතිමය සම්මත සමඟ එකඟවීමට යම් සහතික කිරීමක් අවශ්‍ය වන නිසාය. කාබනික ක්‍රම කෘෂි පරිසර විද්‍යා ක්ෂේත්‍රයේ දී අධ්‍යයනය කරනු ලැබේ. ව

1990 සිට කාබනික නිෂ්පාදන සඳහා වූ වෙළඳ පොළ සීඝ්‍ර වේගයකින් වර්ධනය වී ඇති අතර එය වාර්ෂිකව 20- 25% ට පමණ වේ. තවද මෙමඟින් කාබනික වශයෙන් කළමණාකරණය වන ගොවිතැන් පළවල මේ හා සමානව දියුණු වීමක් ඇති කර ඇත. ලොව පුරා දළ වශයෙන් වර්ග කිලෝ මීටර 306000 පමණ (හෙක්ටයාර මිලියන 30.6) කාබනිකව වගා කරනු ලැබේ. මීට අමතරව 2005 දී කාබනික කැලෑ නිෂ්පාදන දළ වශයෙන් හෙක්ටයාර මිලියන 62ක පමණ වගා කොට තිබුණි. (IFOAM 2007:10)

කාබනික කෘෂිකාර්මික ක්‍රම ජාත්‍යන්තර වශයෙන් පාලනය වන අතර බොහොමයක් ජාතීන් විසින් නීතිමය වශයෙන් බල ගන්වා ඇත. ඒවා බොහොමයක් පදනම් වන්නේ 1972 දී ආරම්භ කරන ලද කාබනික සංවිධාන සඳහා ජාත්‍යන්තර ඡත්‍ර (umbrella) සංවිධානයක් වූ කාබනික කෘෂිකාර්මික ව්‍යාපාරය සඳහා වූ ජාත්‍යන්තර ෆෙඩරේෂනය මඟින් ඇති කළ සම්මත මතය.කාබනික ගොවිතැන්කරණයේ අභිමතාර්ථය පහත පරිදි අර්ථ දක්වා ඇත.

“ගොවිතැන්කරණයේ දී, සැකසීමේ දී, බෙදා හැරීමේ දී හෝ පරිභෝජනයේ දී කාබනික කෘෂිකර්මාන්තයේ ක්‍රියාව වන්නේ පසෙහි සිටිනා කුඩාම ජීවියාගේ සිට මනුෂ්‍යයා දක්වා ජෛව පද්ධති හා ජීවීන්ගේ සෞඛ්‍ය වැඩි දියුණු කිරීමයි”

ක්‍රම[සංස්කරණය]

කැලිෆෝනියාහි කැපේ ප්‍රදේශයේ මිශ්‍ර එළවළු කාබනික වගාවක්. පසු බිමෙහි ඇති පැල ඉණි වැ‍ට නිරීක්ෂණය කරන්න.

“නිවැරදි ලෙසම කාබනික ගොවිතැන් පොළක් යනු නියමිත ක්‍රම හා ද්‍රව්‍ය භාවිතා කරන හා අනෙක්වා බැහැර කරන දෙයක් නොවෙයි. එය සම්පුර්ණත්වය, ස්වාධීනත්වය හා යම් ජීවි ප්‍රභේදයක මෘදු පරාධීනත්වය ඇතුළත් ස්වාභාවික පද්ධතියක ව්‍යුහයේ අනුකරණයක් තුළ තනා ඇති ව්‍යුහයකින් යුත් දෙයකි.

Wendell Berry , “The gift of good land” සාකල්‍යය යන වදන කාබනික ගොවිතැන් කරණය විස්තර කිරීමට නිරන්තරයෙන් යෙදේ.කාබනික ගොවිතැන්කරණය ප්‍රධානතම අංගයක් වන්නේ පසෙහි සෞක්‍යය නගා සිටුවීමයි. බෝග භ්‍රමණය , හරිත පොහොර , ආවරණ වගා කොම්පෝස්ට් යෙදීම හා කොළරොඩු වැස්මවල් වැනි විවිධ ක්‍රම ඒ සඳහා යොදා ගනී. කාබනික වගා කරුවන් විසින් බීජ ආහාර වැනි පොහොර වර්ග හා පාෂාණ පොස්පේට් හා පොටෑෂ් හි ස්වාභාවිකව පවතින ආකාරයක් වූ ග්‍රීන් සෑන්ඩ් වැනි විවිධ ඛනිජ කුඩු වර්ග භාවිතයට ගනී. මෙම ක්‍රම මගින් ඛාදනය පාලනය කිරීමට ජෛව විවිධත්වය නගා සිටු වීමට හා පසෙහි සෞඛ්‍යය තත්වය වැඩි කිරීමට සහය ලබා දේ.

පලිබෝධ පාලනය මගින් සත්වමය පලිබෝධකයන් (කෘමීන් ඇතුළුව) , දිලීර , වල් පැළ හා රෝග පිළිබඳ අවධානය යොමු කරයි. කාබනික පලිබෝධ පාලනයට බොහොමයක් තාක්ෂණික ක්‍රමවල සමුච්චිත උත්සාහයක් ඇතුළත් වේ.එම තාක්ෂණික ක්‍රමවලට පිළිගත හැකි මට්ටමක් දක්වා පලිබෝධ හානිකරණයට ඉඩ ලබාදෙන, වාසිගෙන දෙන ජීවීන් උනන්දු කරවන හෝ හඳුන්වාදෙන , ආරක්ෂිත බෝග තෝරාගැනීම හා බෝග භ්‍රමණය කිරීම හා පේළි ආවරණ හා උගුල් වැනි යාන්ත්‍රික පාලන තාක්ෂණික ක්‍රම ඇතුළත් වේ. මෙම තාක්ෂණික ක්‍රම මගින් පලිබෝධ පාලනයට අමතරව පාංශු සංරක්ෂණය හා වැඩි දියුණු කිරීම , පොහොර කරණය , පරාගනය , ජල සංරක්ෂණය , ඍතු දිගු වීම, etc වැනි වාසි ලබා දේ. මෙම වාසි සියල්ලගේම සම්පූර්ණ බලපෑම සිදුවන්නේ ගොවිපලෙහි සෞඛ්‍ය්‍ය මතයි. වඩා කාර්යක්ෂම පළිබෝධ පාලනයක් සඳහා පලිබෝධ ජීවන චක්‍ර හා අන්තර් ක්‍රියාකාරකම් පිළිබඳ දැඩි තේරුම් ගැනීමක් අවශ්‍යය වේ.

වල් පැළ, ආවරණ වගා හා කොළරොඩු වැස්මවල් භාවිතය හරහා , යාන්ත්‍රිකව හා උෂ්ණත්වමය වශයෙන් පාලනය කරණු ලැබේ.

සම්මතයන්[සංස්කරණය]

කාබනික කෘෂිකර්මාන්තය නිෂ්පාදන ක්‍රම වේදයන් සදහා පවතින පාලක රෙගුලාසි සහ ඇතැම් අවස්ථා වලදී අවසාන ඵලය යන කරුණු වලින් සාමාන්‍ය කෘෂිකර්මාන්තයෙන් වෙනස් වෙයි. 1970 දශකයේ තරම් ඈත අවදියේ පටන් කෘෂිකර්මාන්තයේ යෙදෙන්නවුන්ට ස්වකැමැත්තෙන් එකඟ වී ක්‍රියා කොට කාබනික කෘෂිකර්මාන්තය පිළිබද සහතිකයක් ලබාගත හැකි ආකාරයේ සම්මත රෙගුලාසි ඉදිරිපත් කිරීමට පෞද්ගලික ආයතන පෙලඹී සිටියහ. 1980 දශකයේදී රාජ්‍යය යාන්ත්‍රණය තුලද කාර්මික නිෂ්පාදනය සම්බන්ධ නීති මාලාවන් නිර්මානය වීම ආරම්භ විය. 1990 දශකයේ පටන් මෙම සම්මතයන් නියමාකාරයෙන් නීති ගත කිරීම ආරම්භ විය. මේ අතරින් වඩාත් විශේෂිත අවස්ථාවක් ලෙස යුරෝපීය සංවිධානය මගින් වැඩි දියුණු කොට ඉදිරිපත් කළ යුරෝපානු පරිසර රෙගුලාසි සැලකිය හැක. 2007 වසර වන විට කාබනික කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් රටවල් 60 කට අධික සංඛ්‍යාවක් තුළ සම්මත රෙගුලාසි පනවා තිබුණි.

1991 දී යුරෝපා සංගමය විසින් කාබනික නිෂ්පාදන සලකුණු කිරීම පිළිබද මුල්ම පාලන යාන්ත්‍රණය හදුන්වා දෙන ලද අතර එය රටවල් 12 ක් තුළ නීතිමය වශයෙන් ක්‍රියාත්මක විය. මේ අනුව නිෂ්පාදනයක් කාබනික නිෂ්පාදනයක් ලෙස හැදින්වීම සදහා ඊට අදාල සහතික කිරීම ලබා ගැනීම අනිවාර්යය වු අතර මෙය කාබනික නිෂ්පාදන ලෙස සැලකුණු ආනයනයන් සදහා ද වලංගු විය. මෙසේ නිෂ්පාදන සහතික කර ගැනීම නීතිමය අවශ්‍යතාවයක් බවට පත් වීමත් සමග පාරිභෝගිකයා තුළ කාබනික නිෂ්පාදන පිළිබද පැවති විශ්වාසය වර්ධනය විය.

කාබනික කෘෂි කර්මාන්තයට අදාළ අන්තර් ජාතික සැලසුම් ක්‍රම වේද සපයනු ලබන්නේ IFOAM ආයතනය මගිනි. මෙම සංවිධානයේ සාමාජිකයන් සදහා කාබනික කෘෂිකර්මාන්තය IFOAM ආයතනයේ සම්මතයන් සහ Principles of Organic Agriculture සම්මුතිය මත පදනම් වෙයි. IFOAM ආයතනයේ සම්මතයන් අතරට IFOAM මූලික සම්මතයන් සහ IFOAM පිලිගැනීමේ පටිපාටිය අයත්වෙයි.

IFOAM මූලික සම්මතයන් ලෙස හැදින්වෙනුයේ සම්මතයන් හදුන්වාදීම සදහා වන සම්මතයන් පද්ධති මේවා අන්තර් ජාතික වශයෙන් ක්‍රියාත්මක වන ප්‍රජාතාන්ත්‍රික ක්‍රම වේදයක් ඔස්සේ නිර්මාණය කෙරෙන අතර ඒවා මගින් කාබනික නිෂ්පදානය සහ සැකසුම් කරණයෙන් නූතන මට්ටම පෙන්නුම් කෙරෙයි. මේවා සදහා වන වඩාත් නිවැරදි අර්ථ කථනය ලෙස සැලකිය හැක්කේ මේවා ලෝකය පුරා දිගින් දිගටම කාබනික නිෂ්පාදන ක්‍රම වේදයන් වර්ධනය කිරීම සදහා දීර්ඝ කාලීනව ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රියාවලියක් ලෙසයි. මේවා මගින් ජාතික සහ ප්‍රාදේශීය ප්‍රමිති කරණ සහ සහතික නිකුත් කිරීමේ ආයතන වෙත ප්‍රාදේශීය තත්ත්වයනට අනුකූල වන පරිදි විස්තරාත්මක ප්‍රමිතිකරණ සම්මතයන් නිර්මාණය කිරීම සදහා දළ සැකසුමක් ලබාදීම සිදු කෙරෙයි.

රටින් රටට සම්මත කොට ගෙන ඇති ප්‍රමිති එකිනෙකට වෙනස් වෙයි. නූතන කාලය තුළ යුරෝපා සංගමය (1990 දශකය), ජපානය (2001) සහ එක්සත් ජනපදය (2002) යනාදි වශයෙන් රටවල් ගණනාවක් කාබනික නිෂ්පාදන ක්‍රියාවලි සදහා නීති හදුන්වා දී ඇත. මේ හැරුණු විට රාජ්‍ය නොවන ජාතික සහ අන්තර් ජාතික සංවිධාන ඒවා එක එකකට විශේෂ වු නිෂ්පාදන ප්‍රමිතීන් පවතී. කාබනික නිෂ්පාදනයන් නීතිමය වශයෙන් පාලනය කෙරෙන රටවල් තුළ අදාළ ආයතන ක්‍රියාත්මක වීම සදහා රාජ්‍ය පිළි ගැනීම අවශ්‍ය වේ.

1993 වසරේ යුරෝපා සංගමයේ 2092/91 රෙගුලාසි ක්‍රියාත්මක වීමත් සමග එක්සත් රාජධානිය තුළ කාබනික ආහාර නිෂ්පාදන ක්‍රියා වලිය දැඩි ලෙස නීතිරීති වලට යටත් කොට ඇත.

ව්‍යාප්තිය[සංස්කරණය]

2007 වර්ෂය වන විට කාබනික වගාබිම ලෝකය පුරා විසිරී පැවතීම. කෙසේ නමුත් මෙම කෘෂිකාර්මික නිෂ්පාදන සදහා වඩාත් ශක්තිමත්ම වෙළද පොළ ඉල්ලුම උතුරු ඇමරිකාව සහ යුරෝපය ආශ්‍රිතව වේ. 2001 වසරේ සිදු කළ ඇස්තමේන්තු වලට අනුව ඩොලර් බිලියන 20 ක කාබනික කෘෂිකාර්මික නිෂ්පාදන වෙළද පොළින් පිලිවෙලින් උතුරු ඇමරිකානු සහ යුරෝපානු වෙළද පොළ වටිනාකම ඩොලර් බිලියන 6 ක් සහ 8 ක් විය. ලෝකයේ කාබනික කෘෂිකර්මාන්තයට භාවිතා වන කෘෂිබිම් වලින් 39% ක් ඔස්ට්‍රේලියාවට අයත් වෙයි. සංඛ්‍යාත්මක වශයෙන් ගත් කළ එය හෙක්ටයාර මිලියන 11.8 කි. කෙසේ නමුත් මෙම බිම් ප්‍රමාණය 97% ක් විශාල ලෙස පැතිරුණු සත්ත්ව පාලන බිම් වෙයි. මේ හේතුවෙන් ඔස්ට්‍රේලියානු කාබනික කෘෂි නිෂ්පාදන වල මූල්‍ය වටිනාකම ඇමරිකාවෙහි එම අගයට සාපේක්ෂව 5% ක් පමණ වෙයි. යුරෝපයට අයත් කාබනික ගෙවිබිම් ප්‍රමාණය හෙක්ටයාර් මිලියන 6.9 වන අතර එය ලෝක කාබනික කෘෂි බිම් ප්‍රමාණයෙන් 23% ක් පමණ වෙයි. ලතින් ඇමරිකානු රටවල් සදහා මෙම ප්‍රතිශතය 19% ක් වන අතර සංඛ්‍යාත්මකව එම බිම් ප්‍රමාණය හෙක්ටයාර් මිලියන 5.8 කි. ආසියාවට අයත් බිම් ප්‍රමාණය ප්‍රතිශතයක් වශයෙන් 9.5% ක් ද උතුරු ඇමරිකාවට අයත් ප්‍රතිශතය 7.2% ක් ද වන අතර අප්‍රිකානු මහද්වීපයට අයත් ප්‍රතිශතය 3% කි.

ඔස්ට්‍රේලියාව හැරුණු විට පහත රටවල් සතුව ඉහළතම කාබනික වගා බිම් ප්‍රදේශ පවතියි. ආජන්ටිනාව (හෙක්ටයාර් මිලියන 3.1), චීනය (හෙක්ටයාර් මිලියන 2.3) සහ ඇමරිකා එක්සත් ජනපදය (හෙක්ටයාර් මිලියන 1.6). කෙසේ නමුත් ඔස්ට්‍රේලියාව මෙන්ම ආජන්ටිනාවෙහි ද කාබනික බිම් ප්‍රමාණය වැඩි කොටසක් තණ බිම් වෙයි. කාබනික ක්‍රම වේද ඇසුරෙන් කළමණාකරණය කෙරෙන භූමි ප්‍රමාණය සැලකු කළ එක්සත් ජනපදයට පසුව ඉතාලිය, ස්පාඤ්ඤය, ජර්මනිය, බ්‍රසීලය, උරුගුවේ සහ එක්සත් රාජධානිය විශාල කාබනික බිම් ප්‍රමාණ සතු රටවල් වේ.

වර්ධනය 2001 වසර වන විට කාබනික ලෙස නිෂ්පාදිතයැයි සහතික කරන ලද නිෂ්පාදනයන්ගේ සමස්ථ වෙළද පොළ වටිනාකම ඩොලර් බිලියන 20 ක් වේයැයි ඇස්තමේන්තු කරන ලදී. 2001 වසර වන විට එම අගය ඩෙලර් බිලියන 23 ක් වු අතර 2005 වන විට එය ඩොලර් බිලියන 33 ක් දක්වා ඉහළ ගියේය. 2006 වසර වන විට මෙම අගය ඩොලර් බිලියන 40 ක් වේයැයි Organic Monitor සංවිධානය ප්‍රකාශයට පත් කරන ලදී. 2001 වසරේ සිට 2005 වසර දක්වා සමස්ථයක් ලෙස ගත් කළ වෙළද වටිනාකම ඉහළ යෑමේ අගය 10.6% ක් වේ.

නූතන වසර කිහිපය තුළ යරෝපය සහ උතුරු ඇමරිකා ප්‍රදේශය තුළ කාබනික කෘෂි බිම් ප්‍රමාණයෙහි විශාල වර්ධණයක් සිදු විය. මෙම මහද්වීප දෙකෙහිම කාබනික කෘෂි බිම් ප්‍රමාණය වසර 2004 සිට 2007 දක්වා වු කාලය තුළ දැක්වු වර්ධනය හෙක්ටයාර් මිලියන 0.5 ක් බැගින් වෙයි. එක්සත් ජනපදය සදහා ප්‍රතිශතයක් ලෙස ගත් කළ මෙම වෙනස 29% ක් වෙයි. කෙසේ නමුත් මෙම මහද්වීප සැලකීමේදී ඒ එක් එක් මහද්වීප තුළ කාබනික කෘෂිකර්මාන්තය සදහා බලපෑ සාධක තරමක වෙනසක් දක්වයි. ඉහත දක්වන ලද කාලසීමාව තුළ කාබනික කෘෂිකර්මාන්තයෙහි පාරිසරික හිතකාමි ස්වභාවය හේතුවෙන් යුරෝපා සංගමය විසින් ගොවිතැන සදහා ලබාදුන් සහනාධාර වැඩි වශයෙන් කාබනික කෘෂිකර්මාන්තයේ යෙදෙන්නන් සදහා වෙන්කරන ලදී. මේ අතරතුර එක්සත් ජනපදයේ නිදහස් වෙළද පොළ රටාවක් ක්‍රියාත්මක විය. මේ හේතුවෙන් 2001 වසර වන විට යුරෝපයේ ගොවිබිම් වලින් 3% ක් කාබනිකව කළමණාකරණය සිදු වු නමුත් එක්සත් ජනපදය සදහා එම ප්‍රතිශතය 0.3% ක් විය. 2005 වසර වන විට යුරෝපයට අයත් කාබනික බිම් ප්‍රමාණය 3.9% ක් වු අතර එක්සත් ජනපදය තුළ එම අගය 0.6% ක් විය.

IFOAM ආයතනයේ ලෝක කාබනික කෘෂි කර්මාන්තය; 2007 වසර සදහා සංඛ්‍යාත්මක දත්ත සහ නව ප්‍රවණතාවන් යන නමින් නිකුත් කළ වාර්තාව තුළ 2007 වසරෙහිදී සංඛ්‍යාත්මකව තම රටෙහි කාබනික කෘෂිබිම් ප්‍රමාණය වඩාත් වැඩි වශයෙන් ඉහළ නංවා ගත් රාජ්‍යයන් සහ ප්‍රතිශතයක් ලෙස ඉහළම කෘෂිබිම් ප්‍රමාණ වර්ධනයක් පෙන්වු රාජ්‍යයන් අන්තර් ගත වෙයි. මේවා අතර වඩාත් වැඩි සංඛ්‍යාත්මක වර්ධනයක් පෙන්වු රාජ්‍යයන් අතර පළමු සහ දෙවන ස්ථාන පිළිවෙලින් එක්සත් ජනපදය සහ ආජන්ටිනාව යන රටවලට ද තෙවැනි ස්ථානය චීනයට ද හිමිව ඇත. චීනය සතුව 2005 වසර වන විට කාබනික කෘෂිබිම් හෙක්ටයාර 300000 ක් පැවති අතර 2006 වන විට එම අගය හෙක්ටයාර මිලියන 3.5 ක් පමණ විය. ප්‍රතිශතයක් ලෙස ගත් කළ මෙය 1000% කට ද වඩා වැඩි වර්ධනයක් ය. මෙම වර්ධනයට එක් හේතුවක් ලෙස සැලකිය හැක්කේ 2002 වසරේදී IFOAM ආයතනය මගින් චීන කාබනික ආහාර සංවර්ධන මධ්‍යස්ථානයක් වෙත ප්‍රමිති සහතිකයක් නිකුත් කිරීමයි. 2005 වසර අවසාන වන විට 200‍වසරේදී ආරම්භ වු වසර තුනක පරිවර්තන කාලසීමාව අවසාන වේ.

විකිණීම හා වෙළඳාම[සංස්කරණය]

කාබනික ගොවිතැන් කිරීම - විකිණීම හා වෙළඳාම

කාබනික ගොවිතැන් කිරීම ගොවිතැන් කිරීමෙන් ඇරඹෙන නමුත් එහිදී ගොවීන් විසින් ඔවුන්ගේ නිෂ්පාදන වෙළඳපොළට ඉදිරිපත් කිරීම හා විකිණීම සිදු වේ. කාබනික වෙළඳාමට දූරාවලි ව්‍යුහයක් තිබේ. නිෂ්පාදනයේ පදනම ව්‍යාප්ත කිරීම හා වෙළඳාම හරහා පාරිභෝජකයන්ට සැබඳී තිබිය යුතුය. මෙම කාබනික නිෂ්පාදනයේ හා වෙළඳපොළෙහි සංයුතිය රටෙන් රටට හා නිෂ්පාදන‍යෙන් නිෂ්පාදනයට දේශගුණය, දේශීය ප්‍රවණතා, පාරිභෝජක ඉල්ලුම හා රජයෙන් ලැබෙන සහාය වැනි විචල්‍යතා මත පදනම්ව වෙනස් වේ. එක්සත් ජනපදය වැනි සමහරක් ප්‍රදේශවල දී කාබනික ආහාර නිෂ්පාදනය කාබනික වෙළඳ පොළෙහි ප්‍රමාණයට සාපේක්ෂව කුඩා විය හැක. එයට හේතුව අධික ආනයනයයි. යුරෝපා එකමුතුව වැනි අනෙකුත් ප්‍රදේශ වඩා වැඩි තුලනයකින් යුක්ත වේ.

බෙදා හරින්නන්[සංස්කරණය]

එක්සත් ජනපදයේ කාබනික ගොවිපලවලින් 75%ක් හෙක්ටයාර 2.5ට වඩා කුඩා වන අතර කැලිෆෝනියාවේ වූ 2%ක් වූ ගොවිපලවල් විකිණීම්වලින් හරි අඩකට වඩා වගකියනු ලැබේ. (Lotter 2003 : 4) කුඩා ගොවිතැන් කණ්ඩායම් එකට එකතු වී ඕගනික් වැලි (Organic Valley) Inc වැනි ආයතන පිහිටුවා ගෙන ඔවුන්ගේ භාණ්ඩ වඩාත් කාර්යක්ෂමව වෙළඳපොළට ඉදිරිපත් කරයි.

කෙසේ නමුත් පසුගිය වසර 20 පුරාවට එම සමූපකාර බෙදා හරින්නන් නැති වීම හෝ ඉවතට ගෙන යාම සිදු වී ඇත. දේශීය සමාජවාදියෙකු වන ෆිලිප් එච්. හෝවර්ඩ් විසින් එක්සත් ජනපදයේ කාබනික කර්මාන්තයේ ව්‍යුහය හා පරිවර්තනය පිළිබඳ පර්යේෂණයක් සිදු කර ඇත. ඔහු විසින් ප්‍රකාශ කර සිටින්නේ 1982 දී පා‍රිභෝජක සමූපකාර බෙදා හරින්නන් 28 දෙනෙකු සිටි නමුත් 2007 වසර වන විට සිටියේ 3ක් පමණක් බවයි.ඔහුගේ පර්යේෂණය පෙන්වා දුන්නේ බොහොමයක් කුඩා සමූපකාර General Mills, Heinz, ConAgra, Kellog වැනි බහු ජාතික සමාගම්වලට සම්බන්ධ වී ඇති බවයි. මෙම පෙන්වා දීම මඟින් පාරිභෝජකයන් හා ජනමාධ්‍යකරුවන් අතර වංචා කිරීම හා සම්මත විකෘති කිරීම සම්බන්ධයෙන් යම් සැලකිල්ලක් වර්ධනය කරනු ලැබීය.

අනාගතය[සංස්කරණය]

“The Future of Foods” නම් ඩෙබෝරා කූන්ස් රාශියක් විසින් නිර්මාණය කරන ලද චිත්‍ර පටයේ සදහන් පරිදි 1994 වසර වන විට කාබනිකව වගාකෙරුණු ආහාර ද්‍රව්‍ය සදහා ඇමරිකානු වෙළද පොලේ වු ඉල්ලුම ඩොලර් බිලියන 1 ක් පමණ වු අතර 2003 වන විට එම අගය ඩොලර් බිලියන 13 දක්වා වර්ධනය වී ඇත. ක්‍රමයෙන් වැඩි වන පාරිභෝගික ඉල්ලුම ගොවීන්ට තම වගා කටයුතු කාබනික ක්‍රමයන්ට පරිවර්තනය කිරීම සදහා එක් ප්‍රධාන හේතුවක් වෙයි. පසුගිය වසර කිහිපය තුළ කාබනික ගොවිතැන් කටයුතු ප්‍රචලිත වීම සදහා ආහාර වල සුරක්ෂිත භාවය පිළිබද පාරිභෝගිකයන් අතර දැනුම වර්ධනය වීමත් පාරිසරික ගැටලුත් හේතු වී ඇත. පාරිභෝගිකයන් අතර කාබනික ගොවිතැන කෙරෙහි ධනාත්මක ආකල්පයක් පවතින බව අධ්‍යයන මගින් හෙලිවී ඇත. සෞඛ්‍යමය සහ සදාචාරාත්මක හේතු පිළිබද වැඩි අවධානයක් යොමු වීමත් සමග පාරිභෝගිකයින් කාබනික ගොවිතැන කෙරෙහි වැඩි යොමු වීමක් පෙන්වන අතර ඒ ආශ්‍රිතව දැරිය යුතු අමතර වියදම පවා දැරීමට ඔවුහු සුදානම් බව පෙනෙන්නට තිබේ. කෙසේ නමුත් විද්‍යාත්මක චින්තකයින් කාබනික ගොවිතැනෙහි ප්‍රතිඵල පිළිබද නිතර වාද කරති. විශේෂයෙන්ම මෙම තත්ත්වය අනාගත කෘෂිකාර්මික ගැටලු සම්බන්ධයෙන් ප්‍රබලව දැකගත හැක. බොහෝ දොනගේ විශ්වාසය වන්නේ අනාගතයේදී කෘෂිකර්මාන්තය කෙරෙහි එල්ල වන දැඩි ඉල්ලුම දරා ගැනීමේ හැකියාව කාබනික කෘෂිකර්මාන්තයට නොමැති බවයි. මෙහිදි විශේෂයෙන් සැලකිය යුතු වන්නේ නූතනයේ භාවිතා වන බොහෝ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණයන් සහ ක්‍රමවේද කෘෂි විද්‍යාඥයන් විසින් වැඩි දියුණු කරන ලද ඒවා වීමයි. කෙසේ නමුත් තවත් පිරිසකගේ මතය වන්නේ තිරසාර කාබනික ගොවිතැන පිලිබද පුර්ණ පර්යේෂණ තවමත් සිදුව නොමැති බැවින් තවදුරටත් එය අනාගත කෘෂිකාර්මික ක්‍රමවේදය බවට පත්වීමේ හැකියාවක් පවතින බවයි.

බොහෝ කාබනික කෘෂිකර්මාන්තයේ යොදානන්නන්ගේ විහ්වාසය වන්නේ ලොවවටා කාබනික කෘෂිකර්මාන්තය ක්‍රමයෙන් ප්‍රචලිත වන නමුත් එහි වර්ධනය වලකන සෘණාත්මක බලපෑම් රැසක් පවතින බවයි. කෙසේ නමුත් කෘෂි විද්‍යාඥයන් බොහෝ විට කාබනික කෘෂිකර්මාන්තයේ ලාභදායි බව සහ පාරිසරික හිතවාදි ගුණාංග පිළිබදව එකඟ නොවෙයි. තවත් සමහරක්ගේ විශ්වාසය වන්නේ සාමාන්‍ය ක්‍රමයට කෘෂිකර්මාන්තයේ යෙදෙන පුද්ගලයින් සහ දියුණු වෙමින් පවතින රටවල්, කාබනික කෘෂිකර්මාන්තයත් සමග ඇතිවිය හැකි මූල්‍යමය අවදානම් තත්ත්වය සහ සෘණාත්මක විද්‍යාත්මක ආකල්ප හේතුවෙන් කාබනික කෘෂිකර්මාන්තය කෙරෙහි නැඹුරුවීමට මැලිකමක් දක්වන බවයි. කාබනික කෘෂිකර්මාන්තය කෙරෙහි සහය දක්වන්නන්ගේ මතය වන්නේ වැඩි පිරිස් සහභාගිත්වය සහ දැනුම වර්ධනය ඔස්සේ මෙම සෘණාත්මක ආකල්ප ඉවත් කළ හැකි බවයි.

කාබනික කෘෂීකර්මාන්තය කෙරෙහි යොමු වීමත් සමග ඇතැම් කෘෂිකර්මාන්තයෙහි යෙදෙන වෘත්තිකයින් ආර්ථික සහ වෘත්තීය වශයෙන් සැලකිය යුතු තත්ත්වයක් ලඟාකර ගෙන ඇත. ඔවුන්ගේ මතය වන්නේ ආරම්භයේදී වඩාත් අඩු අස්වැන්නක් ලබාදෙන මෙම ක්‍රම වේදය සදහා අනවශ්‍ය තරම් විශාල මුදල් ප්‍රමාණයක් සහ කාලයක් වැය කළ යුතු වන බවයි.

කාබනික ක්‍රමවේදයට සහය දක්වන්නන් මගින් ලබාදෙන සහය සමග දියුණුවීම මගින් කාබනික කෘෂිකර්මාන්තය අනාගතයේදි තම ඉහළම විභවයට පත්වනු ඇතැයි සිතිය හැක. විද්‍යාත්මක ප්‍රජාව මෙම කෘෂිකර්මික ක්‍රමවේදය කෙරෙහි දක්වන අඩු සහයෝගය හේතුවෙන් මෙම ක්ෂේත්‍රයේ වැඩි දියුණුව සදහා බොහෝ දායකත්වයන් මෙම ක්ෂේත්‍රයට සහය දක්වන ප්‍රජාවෙහි අධ්‍යාපනික කටයුතු සහ පර්යේෂණ ඔස්සේ ලැබෙනු ඇතැයි සිතිය හැක. මෙසේ වැඩි සහයෝගයක් ලබාදීම මගින් කාබනික ගොවිපල වැඩිදියුණු කිරීම ඔස්සේ බොහෝ සෘණාත්මක සංකල්පයන් ඉවත් කළ හැකි යැයි ඇතැම්හු විශ්වාස කරති.

පාරිභෝගිකයන් අතින් බලන කළ කාබනික කෘෂිකර්මාන්තයට දිප්තිමත් අනාගතයක් ඇති බව පෙනෙයි. සෞඛ්‍යමය සහ සදාචාරාත්මක හේතු පදනම් කොට ගෙන පාරිභෝගිකයින් කාබනික කෘෂිකාර්මික නිෂ්පාදන වෙත යොමු වෙනු ඇති බවත් ඒ සදහා දැරිය යුතු අමතර වියදම දැරීමට සුදානම් බවත් අධ්‍යයනයන් මගින් හෙලිව ඇත. කෙසේ නමුත් නිෂ්පාදකයන් අතින් බලන කළ කාබනික ගොවිතැන කෙරෙහි පවතින ආකල්පයන් දෙයාකාර වේ. කාබනික ක්‍රමවේද භාවිතා කරන ගොවියෙකු වැඩි කාලයක් සහ වැඩි මුදලක් තම වගා කටයුතු සදහා වැය කළ යුතු වේ. විශේෂයෙන්ම ජෛව විවිධත්වය ඉහළ නැංවීම අරමුණු කොට ගෙන ක්‍රියාත්මක වන අවස්ථාවන් සදහා මෙය විශේෂයෙන් සත්‍ය වේ. කෙසේ නමුත් බොහෝ දෙනෙක් මෙම අමතර වියදම සහ අමතර කාලය වැය කිරීම තර්කානු කූල නොවන බව විශ්වාස කරති. ඊට හේතුව විශේෂයෙන්ම දුප්පත් දියුණු වෙමින් පවතින රටවලදී මෙය පෞද්ගලික යහපැවැත්ම කෙරෙහි බලපෑම් එල්ල කිරීමයි.

References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Organic_farming

"http://si.wikipedia.org/w/index.php?title=කාබනික_ගොවිතැන්කරණය&oldid=282014" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි