කාන්තාර

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
කාන්තාර
Judea 2 by David Shankbone.jpg

කාන්තාරයක් යනු ඉතා අඩු වර්ෂාපතනයක් ලැබෙන භූමි දර්ශනයක් හෝ ප්‍රදේශයකි. කාන්තාරයක් වාර්ෂික වර්ෂාපතනය 250 mm ට වඩා අඩු ප්‍රදේශයක් ලෙස අර්ථ දැක්විය හැකිය. එමෙන්ම එය වර්ෂාව ලෙස ලැබෙන ජල ප්‍රමාණයට වඩා ජලය අහිමි වී ගිය ප්‍රදේශයක් ලෙස අර්ථ දැක්විය හැකිය. කූප්පන් කාලගුණ වර්ගීකරණයට අනුව කාන්තාර පන්ති BWH ( ඝර්ම කාන්තාර - hot desert ) BWK ( සමෝෂ්ණ කාන්තාර - Temperate desert) වශයෙන් වර්ග දෙකකි.

මෙක්සිකෝවේ කැටවිනාහි ඇති බාජා කැලිපෝර්නියානු කාන්තාරයේ ඇති වෘකෂගතා පද්ධතිය.

අර්ථදැක්වීම[සංස්කරණය]

මධ්‍යනය වාර්ෂීක පදනමක සැලකූ කල තෙතමනය ඌනතාවයක් සහිත (එනම් ඒවාට තෙතමනය ලැබෙනවාට වඩා ඒවායින් තෙතමනය පිටවෙයි) යන පුළුල් වර්ගීකරණයකට අයත් වන ප්‍රදේශයන්හී එක් කොටසක් ලෙසට කාන්තාර සැලකෙති.

වර්ගීකරණය[සංස්කරණය]

අගස්තියමලෙයි කඳු විසින් මෝසම් වැසි නොලැබෙන පරිදී ඉන්දියාවේ තිරුනල්වේලි මුවා කිරීම නිසා, වැහි මුවාව ප්‍රදේශයක් එහි ජනිත වී ඇත.
ඕස්ට්‍රේලියාවේ මහා වික්ටෝරියා කාන්තාරය

සමහරවිට කාන්තාර "උණුසුම්" සහ "සිසිල්" කාන්තාර ලෙසින් වර්ගීකරණය කෙරෙයි. 1953 දී පෙවැරිල් මිග්ස් විසින් පෘතුවිය මත ඇති කාන්තා ප්‍රදේශ ප්‍රධාන කාණ්ඩ තුනකට බෙදා වෙන්කරන ලදී. එසේ සිදු කර ඇත්තේ කාන්තාර වලට ලැබෙන වර්ෂා පතනය මත පදනම්වය. මෙලෙස ඇති කරන ලද මෙම වර්ගිකරණය දැනට පිලිගැනෙන ආකාරයට පුළුල්ව අනුමත කරන ලද වර්ගීකරණයක් වන අතර ඉතාමත්ම ශුෂ්ක බිම් ප්‍රදේශ වලට අවම වශයෙන් එකලග පවත්නා මාස 12 ක් වත් වර්ෂා පතනය නොලැබි යා හැකිය. ශුෂ්ක කලාප සඳහා වාර්ෂික වර්ෂාපතනය මිලිමිටර් 250 ක් හෝ අගල් 10 කට වඩා අඩුය. අර්ධ ශුෂ්ක බිම් සදහා ලැබෙන මධ්‍යන්‍ය වාර්ෂික වර්ෂා පතනය මිලිමීටර් 250 සිට ම්ලිමීටර් 500 ක් අතර වේ. (10-20 අඟල්) ශුෂ්ක සහ ඉතාමත් ශුෂ්ක බිම් ප්‍රදේශ කාන්තාර ලෙස හදුන්වන අතර අර්ධ ශුෂ්ක තෘණ භූමි පොදු වහරේදී පතන ලෙස හැදින්වේ.

ලැබෙන වර්ෂා පතනය මැනිමෙන් පමණක්ම කාන්තාරයක් යන්න කුමක් ද පිළිබදව ඉතා නිවැරදි අර්ථ කථනයක් ලබාදීම අසිරුවන අතර එසේ වන්නේ ශුෂ්ක වීම්, උෂ්ණත්වය මතද මෙහෙයවන සාධකයක් වන වාශ්පවීම මතද රඳා පවතින බැවිනි. උදාහරණයක් ලෙස ෆීනික්ස් සහ ඇරිසෝනා ප්‍රදේශ වලට ලැබෙන වර්ෂික වර්ෂා පතනයෙන් මිලිමිටර් 250 ට වඩා අඩු වන අතර එය කාන්තාර භූමියක් ලෙස හඳුනා ගනු ලබන්නේ ශුෂ්ක කලාප වලට අනුවර්තනය වු ශාක වල පිහිටුම හේතුවෙනි. ඇලස්කාවේ උතුරු බැවුමෙහි බෲක්ස් කදු පන්තියටද ලැබෙන වාර්ෂික වර්ෂා පතනය මිලිමීටර් 250 ට වඩා අඩු වන නමුත් එය සාමාන්‍යයෙන් කාන්තාර භූමියක් ලෙස හඳුනා ගැනීමක් සිදු නොකෙ‍ෙර්.

එබැවින් කාන්තාරයක් යන්න අර්ථ දැක්වීම සඳහා විද්‍යාත්මක මිනුම් මත පදනම්ව වර්ෂා පතනය මැනීම සඳහා වාශ්පවීම මගින් සිදුවන උත්ස්වේදනය යන සංකල්පය භාවිතයට ගැනේ. යම්කිසි ප්‍රදේශයක ඇති ජලය අයවැය ගණනය කිරීම සඳහා P-PE + S යන සූත්‍රය භාවිතා කරයි. මෙහි P යනු වර්ෂා පතනය වන අතර, E යනු වාෂ්පවීම මගින් සිදුවන උත්ස්වේදනයයි. S යනු පොලව මත ගබඩාවන ජල ප්‍රමාණයයි. වාශ්ප වීම මගින් සිදුවන උත්ස්වේදනය යනු වායු ගෝලයෙහි ජල වාශ්ප වීම් සහ ශාක මගින් උත්ස්වේදනය මගින් ජලය වාශ්ප වීම යන දෙකෙහිම එකතුවකි. වාශ්ප වීම මගින් සිදුවන උත්ස්වේදනයෙහි විභවතාවය යනු දෙන ලද ඕනෑම ප්‍රදේශයක් මගින් වාශ්ප විය හැකි ජලප්‍රමාණයයි. උදාහරණයක් ලෙස ඇරිසෝනාවේ ටස්කන් ප්‍රදේශයට වාර්ෂික වර්ෂා පතනය මිලිමීටර් 300 ක් පමණ ලැබෙන අතර වසරක් තුලදී මිලිමීටර් 2500 ක තරම් ජලප්‍රමාණයක් මෙම ප්‍රදේශය මගින් වාශ්ප කර හැරිය හැක. වෙනත් ආකාරයකින් කිවහොත් එම ප්‍රදේශයට සැබවින්ම ලැබෙන වර්ෂා පතනය මෙන් 8 ගුණයක ප්‍රමාණයක් එම ප්‍රදේශයෙන් වාශ්ප කර හැරිය හැකිය. ඇලෙස්කාව වැනි වෙනත් ප්‍රදේශ වලින් සිදුවන වාෂ්ප වීම මගින් වන උත්ස්ත්වේදනය මීට වඩා විශාල ලෙස අඩු අගයක් ගනී.

විවිධ ආකාර වල ක‍ාන්තාර වර්ග පවතී. සීත කාන්තාර යනු ශාක ජීවිතය පවත්වා ගැනීම සඳහා ලබාගත නොහැකි ආකාරයට අයිස් හෝ හිම මෙන් ජලය ඝණීභවනය වී පවතින කාන්තාරයි. මේවා වඩාත් පොදුවේ ව්‍යවහාර කරනුයේ තුන්ද්‍රා ප්‍රදේශ ලෙසටයි. මේවායෙහි සෘතුවේ කෙටිකාලයක් තුල පරිසර උෂ්ණත්වය හිම මිදෙන උෂ්ණත්වයට වඩා ඉහළ අගයක පවතින අතර එම උෂ්ණත්වයට වඩා අඩු අගයක පැවතුන හොත් අයිස් තට්ටුවක් ඇති විය හැකිය. මේ හේතුවෙන් එම භූමි ප්‍රදේශ සම්පුර්ණයෙන්ම ජීවින්ගෙන් තොරව පවති.

බොහොමයක් ධ්‍රැවිය නොවන කාන්තාර දිවා කාලයේදී උණුසුම් දේශ ගුණයක් ඇති කර ගන්නා අතර රාත්‍රි කාලයේදී සිසිල් ය. මෙසේ වන්නේ ජලයෙහි වු මධ්‍යස්ථතාවය අඩුවීම නම් ගුණාංගය හේතුවෙනි. ලෝකයේ ඇතැම් ප්‍රදේශ වල කාන්තාර ඇති වනුයේ වැහි මුවාවන් නිසා ඇති වන බලපෑම නිසා වන අතර කදුපන්ති හරහා හමායන වායු කදම්භයක ඇති ජලවාශ්ප කඳු පන්තිය හරහා යාමේදී හානි වන අතර අනෙකුත් ප්‍රදේශ ආසන්නයේම පවත්නා තෙත මනය සහිත ප්‍රභවයක් නොවීම හේතුවෙන් ශුෂ්ක ප්‍රදේශ බවට පත්ව ඇත.

කාන්තාර ඒවායෙහි භූ ගෝලිය පිහිටීම සහ ප්‍රමුඛ කාලගුණික රටාවන් අනුව වර්ගීකරණයට ලක්කර ඇත. ඒවා නම් වෙළද සුළං, මධ්‍ය අක්ෂාංශ, වැහි මුවාවන්, වෙරළ බඩ ප්‍රදේශ මොසම් ධ්‍රැවීය කාන්තාරයි. දැනට ශුෂ්ක නොවු ප්‍රදේශ වල ආදි යුග වලදී පිහිටා තිබු කාන්තාර වලට පාෂාණ ධාතු කාන්තාර යැයි ව්‍යවහාර කෙරේ.

කඳුකර කාන්තාර යනු ඉතා ඉහළ අක්ෂාංශයක පිහිටි ශුෂ්ක ප්‍රදේශයකි. වඩාත්ම ප්‍රමුඛ උදාහරණය හමුවන්නේ හිමාලයේ උතුරු ප්‍රදේශයෙහි පිහිටි ජම්බු කාශ්මීර ප්‍රදේශයේ ලාදක් ප්‍රදේශයේය. තවද ‍කුන්ලුන් කදු සහ ටිබෙට් තැනිතලා වලට මේ සඳහා උදාහරණ ඇත. මෙම කාණ්ඩ වල පිහිටා ඇති බොහෝ ප්‍රදේශ මීටර් 3000 කට වැඩි ඉහළ ප්‍රදේශයකින් පිහිටා ඇති අතර ඒවායෙහි උණුසුම් යාන්ත්‍රණය අර්ධ උත්තර වේ. මෙම ප්‍ර‍දේශ සඳහා වඩාත් හොදින් කැපි පෙනෙන ශුෂ්කතාවයක් පවතින (මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිලීටර 40 තරම් අඩු අගයක් ගනී)අතර එසේ වන්නේ ඒවා වඩාත් ආසන්නයෙන් පවතින තෙත මනය ලබාදෙන ප්‍රභවයකට බොහෝ ඈතින පැවතීමයි. කඳුකර කාන්තාරවල සාමාන්‍යයෙන් ශීත කාලගුණයක් පවති.

වැහි මුවාවෙහි පවතින කාන්තාර ඇති වනුයේ උස්කදු පන්ති මගින් සුළඟ හමායන ප්‍රදේශයට ගමන් ගන්නා වළාකුළු වල ගමනය වැලැක් වීම හේතුවෙනි. කඳු පන්ති හරහා සුළං ගමන් කිරීමත් සමගම ඒවා සිසිල් වී තෙතමනය ඝණීභූතවීමෙන් සුළං මුහුණතට වර්ෂා පතනය ලැබේ. තෙත‍මනය කන්දෙහි සුළං මුවාව ඇති ප්‍රදේශයට නොලබී යාමෙන් එම ප්‍රදේශයෙහි කාන්තාරයක් ඇති වීම සිදුවේ. මෙලෙස සුළං මුවාව ඇති ප්‍රදේශයට සුළඟ ලඟාවීමත් සමගම සුළං මුහුණත ප්‍රදේශයේදී එහි තෙතමනය හානි වීම නිසා සුළං මුවාවට වියළි කාලගුණ තත්ත්වයක් ලැබේ. මෙම සුළග ඉන්පසු රත්වීමට ලක්වීමෙන් ප්‍රසාරණය වී කාන්තාරය හරහා හමායාම සිදු වේ. මෙසේ වීමෙන් රත්වු වාතය මගින් කාන්තාර ප්‍රදේශයෙහි ඉතිරිව පැවති තෙත මනය ඉතා සුළු ප්‍රමාණයද උරාගැනීම සිදුවේ.

ශබ්ද නිරුක්තිය[සංස්කරණය]

භූගෝලය[සංස්කරණය]

ලෝකයේ විශාලතම උණුසුම් කාන්තාරය වන සහරා කාන්තාරයෙහි චන්ද්‍රිකා ඡායාරූපයක්.
මහාද්වීපයේ පෘෂ්ඨයෙහි බහුතරය ගැන ඉඟි පළ කරන ඇන්ටාක්ටිකාවේ ඩෝම් C ස්ථානයෙහි හිම සහිත පෘෂ්ඨය.

කාන්තාර ලෝකවෙයන් 1/3 වසා ගනී. මෙම කලාපයේ දෛනික වශයෙන් හා සෘතු වශයෙන් උෂණ්තවය වෙනස් වේ. ගිම්හනය දී 45 0C හෝ 1130F දවාලටත් රාත්‍රියේදීත් , ශීත කාලයේදී 0 0C හෝ 320F වේ. වතුර උරා ගැනීම පොළව මාර්ගයේන්ද, හිරැ කිරණ මගින්ද සිදුවන අතර, වාතය නිසා දහවනල් කාලයේ හා රාත්‍රි කනාලයේ උණුසුම් කිරණ පොළවට පතිත වේ. හිරැ බැස්වත් සමග,කාන්තාය ශිලත ස්වභාවයක් ගනී.

වැහි මුවාව (Rain Shadow) වර්මාව කදුකරය නිසා මුවා වීම නිසා කාන්තාර ඇතිවේ. මෙම කලාප තුල වැලි සහ ගල් ඇත. වැලි කදු (Sand Dunes) අර්ගය (ergs) වන අතර ගල් සහිත බිම හාමාඩා (Hamada) වේ.

ඉහත දැක්වෙන්නේ ඇන්ටාටිකා ප්‍රදේශයේ හිම තට්ටුවකි.

වායව ක්‍රියාදාමය (Eolian Process) මගින් භූරැපන ඇති කිරීම සිදුවේ. ශීත කාන්තාරය (Cold deserts) උෂණ්තව කාන්තර සමග සමාන කම් පෙන්වුව් වර්ෂණය (precipitation) සිදු වන්නේ හිම ආකාරයටය. ඇන්ටාටිකාව ලොව විශාලතම ශීත කාන්තාරය වේ. මෙහි ඇති ගල් තලා මතින් හමන සුලග කටබැටික් සුළග (Katabatic wind) හිමද ඉහලට උරා ගැනීමේ ශක්තිය පෙන්වයි.

ලොව තිබෙන ලොකුම උෂ්ණ කාන්තාරය සහාරා කාන්තාරයයි.

මෙම කලාප තුල ඉතා වටිනා ඛනිජ ද්‍රව්‍ය තැන්පතු දැකිය හැක්කේ ශුෂ්ක කාලගුණය හා ඛාදනය වැඩි නිසාය. ඉතා දත රස්නයක් ඇති නිසා සර කාන්තා සංරක්ෂණ (Preservation) කටයුතු වලට මා ‍ෙෆාසිල් (Fossil) තැන්පතු ද රැක ගනී.


කාන්තාර වෘක්ෂලතා හා සත්ව වර්ගය[සංස්කරණය]

කාන්තාර ජීවී වාසයට නුසුදුසු ලෙස ප්‍රසිද්ධියක් ඉසුලුවත් යථාර්ථය වන්නේ ඒවායේ විශාල ජෛව විවිධත්වයක් පවතින බවයි. මෙයට දහවල් කාලයේ සැඟවී ජීවත් වී පර්සර උෂෟණත්වය පාලනය කරන ජීවීන්ද ඉතා සුළු තෙතමනයක් අවශ්‍ය ජීවීන්ද දායක වේ.සමහරක් මෙවැනි පරිසර වල සත්ව වර්ගය ලෙස කැන්ගරු මීයාද, කැලෑ වෘකයින් (Coyote) ජැක් හාවන් (Jack Rabbits) සහ විවිධ වර්ගවල උරගයින් ඇතුළත් වේ. සමහරක් කාන්තාර වෘක්ෂලතා වලට පඳුරු කටු සහිත පෙයාර්ස්, කටුගස් සහ භූගත පඳුරු ශුෂ්ක ශක වැනි බොහෝ කාන්තාර පැළෑටි නියඟයට හා ලවණ වලට ඔරොත්තු දේ. සමහරක් ශාක ජලය ඒවායේ පත්‍ර , මුල් හා කඳේ තැන්පත් කරයි.අනෙක් ශාක වලට පිටතින් දිගු මුදුන් මුල් මගින් ගැඹුරටම ගොස් ජලය ලබා ගනී.එසේ නොවන ශාක වලට පවතින පැතිර යන මුළු පද්ධතිය පසේ විශාල ‍ප්‍රදේශයකින් ශාකයට අවශ්‍ය ජලය ලබා ගනී.කාන්තාරවාසී ශාකවල තවත් හැඩ ගැසීමක් වන්නේ ඒවායේ වැඩෙන කුඩා ස්කන්ධක පත්‍රයන්ය. ඒවා විශාල මතුපිට ප්‍රදේශයක් ඇති පතනශීලී ප්‍රතයන්යට වඩා අඩුවෙන් තෙතමනය බාහිරයට මුදා හරී. සමහරක් ශාකයන්හි කඳ හා පත්‍ර මඟින් වැලි රැගෙන යන සුළගේ පෘෂ්ඨය ආවේගය අඩු කර පාංශු ඛාදනය අවම කරයි. මෙම පද්ධතියට පසේ හමු වන තුඩාම දිලීරය සහ ක්ෂද්‍ර පැළෑටි පවා පාංශු ඛාදනය වලක්වන සහ අනෙකුත් ජීවීන්ට සහය සාධක ඉතා වැදගත් පුරුකක් විය හැක.


ඇරිසෝනාහි සො‍නොරාත් කාන්තාරයේ පවතින සගුආරෝ ශාක[සංස්කරණය]

කාන්තාර වල සාමාන්‍යයෙන් පවතින හරිත වැස්ම අතරින් පතර පැවතුනත් ජෛව විවිධත්යෙන් බහුලයි. සො‍නොරාත් කාන්තාරයේ පවතින සුවිශාල සගුආරෝ පතොක් ශාක කාන්තාර වාසී කුරුල්ලන්ට නිවස්නයක් සපයනවා මෙන්ම කාන්තාරයේ ශාක ලෙසද කටයුතු කරයි. සගුආරෝ ශාක සෙමෙන් වැඩෙන අතර අවුරුදු 2000ක් තරම් කාලයක් ජීවත් වේ.අවුරුදු 9ක් වයස සගුආරෝ ශාකයක් 15Cm ( අඟල් 6)පමණ උස වේ.මෙම පතොක් ගස් වල මුලින්ම අතු ඇති වන්නේ අවුරුදු 75ක් පමණ වයස් ගත වු පසුය. සම්පූර්ණයෙන් වැඩුණු සගුආරෝ ශාකයක් 15Cmක් පමණ උස වන අතර ටොන් 10ක් පමණ බරකින් යුක්ත වේ.ඒවා සොනොරාත් කාන්තාරයේ තිත් ඇති කරන අතර කාන්තාරයෙන් යන පතොක් බහුල ප්‍රදේශය බවට පවතින සාමාන්‍ය පිලිගැනීම නැවත ශක්තිමත් කරයි.

පතොක් සාමාන්‍ය‍යෙන් ලාක්ෂණික කාන්තාර පැළෑටියක් ලෙස පිළිගැනුනත් අනෙක් කාන්තාර ශාක මෙම ශුෂ්ක පරිසර වලට හොඳින් හැඩ ගැසී ඇත. මේවාට මුං ඇට හා සූර්ය කාන්ත පවුල්වලට අයත් ශාක ඇතුළත් වේ.ශීත කාන්තාර වල පඳුරැ සහ තණකොළ ප්‍රධානතම වෘක්ෂලතාදිය ලෙස පවතී.

අර්ග් සිබිස්. මොරොක්කෝ[සංස්කරණය]

ප්‍රධාන කාන්තාරයේ ඇති කඳු කාන්තාරයක් යනු සකස් කරන ලද බිම් කඩක් හෝ ඉතා කුඩා වර්ෂාපතනයක් ලබන ප්‍රදේශයක් වේ. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මි. මී. 250 (10 අඟල්) ට වඩා අඩුවෙන් ලැබෙන ප්‍රදේශ හෝ ජලය අඩු ප්‍රදේශ, කාන්තාර ලෙස අර්ථ දැක්විය හැකිය. කොපන් දේශගුණික වර්ගීකරණ පද්ධතියට අනුව, කාන්තාර Bwn (වියළි කාන්තාර) හෝ Bwt (උෂ්ණ) කාන්තාර ලෙස වර්ගකළ හැකිය.

කාන්තාර ජලය[සංස්කරණය]

'කැන්බරා හි වැලි මාරැකරණ අනුකාරකය'

වැස්ස ඉදහිට කාන්තාරවලට වැටෙන අතර කාන්තාර කුණාටු බොහෝ විට ප්‍රචණ්ඩ වේ. සහරා වලට වාර්තාගත 44 මි. මි (1.7 අගල් ) වර්ෂාවක් පැය 3 තුළදී ඇද වැටිණි. සහරා කුණා‍ටු මිනිත්තුවට මි.මි 1 වේගයෙන් හමා යයි. සාමාන්‍යයෙන් වියළි ගිය විල් වැසි අධික වර්ෂාවෙන් පසු ඉක්මනට පිරෙන අතර එමගින් ක්ෂණික ගංවතුර තත්වයක් ඇති විය හැකිය. කුඩා වැස්සක් කාන්තාරයට ලැබුනහොත් දිනයක් හෝ දෙකක් සැලකිය ප්‍රමාණයේ අවසාදිත දිය පාරවල් මගින් ලබාගනු ලැබේ. බොහෝ කාන්තාරවල සංකේත හෝ ඇතුළත් ජපබ්රවවාහන දෝණිකාවක් ඇති අතර කාන්තරා කිහිපයක් බාහිර ගංගාවලින් හරස් වන අතර ඒවායේ ජලය කාන්තාරයෙන් පිටත‍ට ගෙන යනු ලබවි. එවැනි ගංගා කාන්තාර හරහා යැමේදි පස ඇතුළට කා වදින අතර විශාල ප්‍රමාණ ජලය චාෂ්පිකරණය වේ. නමුත් ධාරිතාව වෙනස් නොවන පරිදි තබා ගනි. නයිල් ගග, කොලරාඩෝ ගග සහ කහ ගග යන ගංගා කාන්තරා හරහා ගලන ගංගා වන අතර ඒවායේ අවසාදිත ද්‍රව්‍ය මුහුදට යවනු ලබයි. කාන්තාරවල මතුපිට අධික හෝ ගැඹුරු පොළව යට උල්පත් ගංගා හෝ ජලාශ පිහිටා ඇත. කාන්තාර පරිසරයේ වැඩෙන ජල හිඟයට අනුවර්තනය නොවු ශාක පොළව යට ජල මුලාශ්‍ර මගින් ජලය ලබා ගනී.

කාන්තාර ඇලවල් සාමාන්‍යයෙන් නොගැඹුරු තාවකාලික සහ ලවණ සහිත ඒවා වේ. මෙම ඇලවල් නොගැඹුරු සහ ඒවාට අඩු පතුල් බෑවුම් ඇති නිසා සුළග මගින් ඒවායේ ජලය වර්ග කිලෝමිටර් විශාල පුමාණයක් ඈතට ගෙන යයි. මෙම කුඩා ඇලවල් වියලුණු විට ඒවායේ ලවණ මතුපිටක් ඇතිවේ. මෙම මැටි රොන් හෝ ලවණ සහිතව වැලි අඩංගු බිම් වියලි තැනිතලා බිම් ලෙස හැදින්වේ. මෙවැනි වියලි තැනිතලා බිම් සියගණනක් උතුරු ඇමරිකානු කාන්තාරයෙ ඇත. බොහෝමයක් වසර 12,000 පෙර පැවති අයිස් යුගයේ තිබු විශාල ඇලවල්ය. අවශේෂ අයිස් යුගයට අයත් Bonneville ඇලේ වර්ගඵලය වර්ග කිලෝමීටර 52,000 පමණ වේ. අද Bonnevill ඇල Grate sait lake Utah lake sevier Lake වලින් සමන්විත වේ. වියලි තැනිතලා බිම් (Playes) ශුප්ත භූ රෑප වන අතර දේශගුණික වෙනස් කිරිම් වඩා වැදගත් වේ.

ඉදහිට වර්ෂාපතනයඉ සිදුවන විට කාන්තාර පාෂාණ ක්ෂණිකව යන කදින්ම ඛාදවයට භාජනය යේ. මෙම පැතලි වියළි බිම් ගුවන් යානා සහ අභ්‍යවකාශ යානා සදහා පොදුධාවන පථයක් ලෙස භාවිතා කරනු ලැබේ. පොළවේ ගමන් කරන වල ‍වාර්ථා සාමාන්‍යයෙන් Bonneville Speedway පිහිටුවන ලබන අතර Great Salt lake ධාවන පථයක් ද භාවිතා කරයි. කැලිෆෝනියාවේ Edward Air Faece base Roger lake Plays හි අභයාවකාශ යානා පතිත කරනු ලැබේ


සටහන්[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=කාන්තාර&oldid=312997" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි