කාන්තාර

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
Judea 2 by David Shankbone.jpg

කාන්තාරයක් යනු ඉතා අඩු වර්ෂාපතනයක් ලැබෙන භූමි දර්ශනයක් හෝ ප්‍රදේශයකි. කාන්තාරයක් වාර්ෂික වර්ෂාපතනය 250 mm ට වඩා අඩු ප්‍රදේශයක් ලෙස අර්ථ දැක්විය හැකිය. එමෙන්ම එය වර්ෂාව ලෙස ලැබෙන ජල ප්‍රමාණයට වඩා ජලය අහිමි වී ගිය ප්‍රදේශයක් ලෙස අර්ථ දැක්විය හැකිය. කූප්පන් කාලගුණ වර්ගීකරණයට අනුව කාන්තාර පන්ති BWH ( ඝර්ම කාන්තාර - hot desert ) BWK ( සමෝෂ්ණ කාන්තාර - Temperate desert) වශයෙන් වර්ග දෙකකි.

මෙක්සිකෝවේ කැටවිනාහි ඇති බාජා කැලිපෝර්නියානු කාන්තාරයේ ඇති වෘකෂගතා පද්ධතිය.

පටුන

[සංස්කරණය] කාන්තාර වෘක්ෂලතා හා සත්ව වර්ගය

කාන්තාර ජීවී වාසයට නුසුදුසු ලෙස ප්‍රසිද්ධියක් ඉසුලුවත් යථාර්ථය වන්නේ ඒවායේ විශාල ජෛව විවිධත්වයක් පවතින බවයි. මෙයට දහවල් කාලයේ සැඟවී ජීවත් වී පර්සර උෂෟණත්වය පාලනය කරන ජීවීන්ද ඉතා සුළු තෙතමනයක් අවශ්‍ය ජීවීන්ද දායක වේ.සමහරක් මෙවැනි පරිසර වල සත්ව වර්ගය ලෙස කැන්ගරු මීයාද, කැලෑ වෘකයින් (Coyote) ජැක් හාවන් (Jack Rabbits) සහ විවිධ වර්ගවල උරගයින් ඇතුළත් වේ. සමහරක් කාන්තාර වෘක්ෂලතා වලට පඳුරු කටු සහිත පෙයාර්ස්, කටුගස් සහ භූගත පඳුරු ශුෂ්ක ශක වැනි බොහෝ කාන්තාර පැළෑටි නියඟයට හා ලවණ වලට ඔරොත්තු දේ. සමහරක් ශාක ජලය ඒවායේ පත්‍ර , මුල් හා කඳේ තැන්පත් කරයි.අනෙක් ශාක වලට පිටතින් දිගු මුදුන් මුල් මගින් ගැඹුරටම ගොස් ජලය ලබා ගනී.එසේ නොවන ශාක වලට පවතින පැතිර යන මුළු පද්ධතිය පසේ විශාල ‍ප්‍රදේශයකින් ශාකයට අවශ්‍ය ජලය ලබා ගනී.කාන්තාරවාසී ශාකවල තවත් හැඩ ගැසීමක් වන්නේ ඒවායේ වැඩෙන කුඩා ස්කන්ධක පත්‍රයන්ය. ඒවා විශාල මතුපිට ප්‍රදේශයක් ඇති පතනශීලී ප්‍රතයන්යට වඩා අඩුවෙන් තෙතමනය බාහිරයට මුදා හරී. සමහරක් ශාකයන්හි කඳ හා පත්‍ර මඟින් වැලි රැගෙන යන සුළගේ පෘෂ්ඨය ආවේගය අඩු කර පාංශු ඛාදනය අවම කරයි. මෙම පද්ධතියට පසේ හමු වන තුඩාම දිලීරය සහ ක්ෂද්‍ර පැළෑටි පවා පාංශු ඛාදනය වලක්වන සහ අනෙකුත් ජීවීන්ට සහය සාධක ඉතා වැදගත් පුරුකක් විය හැක.


[සංස්කරණය] ඇරිසෝනාහි සො‍නොරාත් කාන්තාරයේ පවතින සගුආරෝ ශාක

කාන්තාර වල සාමාන්‍යයෙන් පවතින හරිත වැස්ම අතරින් පතර පැවතුනත් ජෛව විවිධත්යෙන් බහුලයි. සො‍නොරාත් කාන්තාරයේ පවතින සුවිශාල සගුආරෝ පතොක් ශාක කාන්තාර වාසී කුරුල්ලන්ට නිවස්නයක් සපයනවා මෙන්ම කාන්තාරයේ ශාක ලෙසද කටයුතු කරයි. සගුආරෝ ශාක සෙමෙන් වැඩෙන අතර අවුරුදු 2000ක් තරම් කාලයක් ජීවත් වේ.අවුරුදු 9ක් වයස සගුආරෝ ශාකයක් 15Cm ( අඟල් 6)පමණ උස වේ.මෙම පතොක් ගස් වල මුලින්ම අතු ඇති වන්නේ අවුරුදු 75ක් පමණ වයස් ගත වු පසුය. සම්පූර්ණයෙන් වැඩුණු සගුආරෝ ශාකයක් 15Cmක් පමණ උස වන අතර ටොන් 10ක් පමණ බරකින් යුක්ත වේ.ඒවා සොනොරාත් කාන්තාරයේ තිත් ඇති කරන අතර කාන්තාරයෙන් යන පතොක් බහුල ප්‍රදේශය බවට පවතින සාමාන්‍ය පිලිගැනීම නැවත ශක්තිමත් කරයි.

පතොක් සාමාන්‍ය‍යෙන් ලාක්ෂණික කාන්තාර පැළෑටියක් ලෙස පිළිගැනුනත් අනෙක් කාන්තාර ශාක මෙම ශුෂ්ක පරිසර වලට හොඳින් හැඩ ගැසී ඇත. මේවාට මුං ඇට හා සූර්ය කාන්ත පවුල්වලට අයත් ශාක ඇතුළත් වේ.ශීත කාන්තාර වල පඳුරැ සහ තණකොළ ප්‍රධානතම වෘක්ෂලතාදිය ලෙස පවතී.

[සංස්කරණය] අර්ග් සිබිස්. මොරොක්කෝ

ප්‍රධාන කාන්තාරයේ ඇති කඳු කාන්තාරයක් යනු සකස් කරන ලද බිම් කඩක් හෝ ඉතා කුඩා වර්ෂාපතනයක් ලබන ප්‍රදේශයක් වේ. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මි. මී. 250 (10 අඟල්) ට වඩා අඩුවෙන් ලැබෙන ප්‍රදේශ හෝ ජලය අඩු ප්‍රදේශ, කාන්තාර ලෙස අර්ථ දැක්විය හැකිය. කොපන් දේශගුණික වර්ගීකරණ පද්ධතියට අනුව, කාන්තාර Bwn (වියළි කාන්තාර) හෝ Bwt (උෂ්ණ) කාන්තාර ලෙස වර්ගකළ හැකිය.

[සංස්කරණය] කාන්තාර ජලය

'කැන්බරා හි වැලි මාරැකරණ අනුකාරකය'

වැස්ස ඉදහිට කාන්තාරවලට වැටෙන අතර කාන්තාර කුණාටු බොහෝ විට ප්‍රචණ්ඩ වේ. සහරා වලට වාර්තාගත 44 මි. මි (1.7 අගල් ) වර්ෂාවක් පැය 3 තුළදී ඇද වැටිණි. සහරා කුණා‍ටු මිනිත්තුවට මි.මි 1 වේගයෙන් හමා යයි. සාමාන්‍යයෙන් වියළි ගිය විල් වැසි අධික වර්ෂාවෙන් පසු ඉක්මනට පිරෙන අතර එමගින් ක්ෂණික ගංවතුර තත්වයක් ඇති විය හැකිය. කුඩා වැස්සක් කාන්තාරයට ලැබුනහොත් දිනයක් හෝ දෙකක් සැලකිය ප්‍රමාණයේ අවසාදිත දිය පාරවල් මගින් ලබාගනු ලැබේ. බොහෝ කාන්තාරවල සංකේත හෝ ඇතුළත් ජපබ්රවවාහන දෝණිකාවක් ඇති අතර කාන්තරා කිහිපයක් බාහිර ගංගාවලින් හරස් වන අතර ඒවායේ ජලය කාන්තාරයෙන් පිටත‍ට ගෙන යනු ලබවි. එවැනි ගංගා කාන්තාර හරහා යැමේදි පස ඇතුළට කා වදින අතර විශාල ප්‍රමාණ ජලය චාෂ්පිකරණය වේ. නමුත් ධාරිතාව වෙනස් නොවන පරිදි තබා ගනි. නයිල් ගග, කොලරාඩෝ ගග සහ කහ ගග යන ගංගා කාන්තරා හරහා ගලන ගංගා වන අතර ඒවායේ අවසාදිත ද්‍රව්‍ය මුහුදට යවනු ලබයි. කාන්තාරවල මතුපිට අධික හෝ ගැඹුරු පොළව යට උල්පත් ගංගා හෝ ජලාශ පිහිටා ඇත. කාන්තාර පරිසරයේ වැඩෙන ජල හිඟයට අනුවර්තනය නොවු ශාක පොළව යට ජල මුලාශ්‍ර මගින් ජලය ලබා ගනී.

කාන්තාර ඇලවල් සාමාන්‍යයෙන් නොගැඹුරු තාවකාලික සහ ලවණ සහිත ඒවා වේ. මෙම ඇලවල් නොගැඹුරු සහ ඒවාට අඩු පතුල් බෑවුම් ඇති නිසා සුළග මගින් ඒවායේ ජලය වර්ග කිලෝමිටර් විශාල පුමාණයක් ඈතට ගෙන යයි. මෙම කුඩා ඇලවල් වියලුණු විට ඒවායේ ලවණ මතුපිටක් ඇතිවේ. මෙම මැටි රොන් හෝ ලවණ සහිතව වැලි අඩංගු බිම් වියලි තැනිතලා බිම් ලෙස හැදින්වේ. මෙවැනි වියලි තැනිතලා බිම් සියගණනක් උතුරු ඇමරිකානු කාන්තාරයෙ ඇත. බොහෝමයක් වසර 12,000 පෙර පැවති අයිස් යුගයේ තිබු විශාල ඇලවල්ය. අවශේෂ අයිස් යුගයට අයත් Bonneville ඇලේ වර්ගඵලය වර්ග කිලෝමීටර 52,000 පමණ වේ. අද Bonnevill ඇල Grate sait lake Utah lake sevier Lake වලින් සමන්විත වේ. වියලි තැනිතලා බිම් (Playes) ශුප්ත භූ රෑප වන අතර දේශගුණික වෙනස් කිරිම් වඩා වැදගත් වේ.

ඉදහිට වර්ෂාපතනයඉ සිදුවන විට කාන්තාර පාෂාණ ක්ෂණිකව යන කදින්ම ඛාදවයට භාජනය යේ. මෙම පැතලි වියළි බිම් ගුවන් යානා සහ අභ්‍යවකාශ යානා සදහා පොදුධාවන පථයක් ලෙස භාවිතා කරනු ලැබේ. පොළවේ ගමන් කරන වල ‍වාර්ථා සාමාන්‍යයෙන් Bonneville Speedway පිහිටුවන ලබන අතර Great Salt lake ධාවන පථයක් ද භාවිතා කරයි. කැලිෆෝනියාවේ Edward Air Faece base Roger lake Plays හි අභයාවකාශ යානා පතිත කරනු ලැබේ


[සංස්කරණය] සටහන්

Cඅටෙගොර්ය්:කාන්තාර

"http://si.wikipedia.org/w/index.php?title=කාන්තාර&oldid=208616" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්