ක්‍ෂත්‍රිය

විකිපීඩියා වෙතින්

නිරුක්තිය[සංස්කරණය]

ක්ෂත්‍රීය යනු සංස්කෘත භාෂාවේ අධිපතීත්වය, බලය, රාජ්‍යය යන අරුත් ඇති ක්ෂත්‍ර යන මුල් වචනයෙන් බිඳී ආවකි. පැරණි පර්සියානු භාෂාවේ අධිරාජ්‍යයා, නගරය නැතිනම් රාජ්‍යය යන වචනවලට සම්බන්ධතාවයක්ද මීට ඇත. තායි භාෂාවේ රජ යන තේරුම ඇත. “ක්ෂටි” යන්න මෙලෙස වැදගත් වේ. “ක්ෂත්‍රීය” යන්නෙන් උසස් සමාජ මට්ටමක් ඇති රදළ යන්න නිරූපනය කරයි.

පැරණි වේද ශිෂ්ටාචාරයේ යුද්ධයට දක්ෂ රණ ශූරයෝ සිටි කුලය රන්ජන්‍ය සහ ක්ෂත්‍රීය නමින් හඳුන්වා ඇත. මෙය රාජ්‍ය පාලකයා යන තේරුම ඇත. රාජ යන නිරුක්තියේ විශේෂ පදයක් ලෙස සැකසී ඇත. එසේම මෙයට ලතින් භාෂාවේ "Rex" වදනින් රජ යන තේරුම ඇත. ජර්මන් භාෂාවේ රාජ්‍යය/අධිරාජ්‍යය යන "Reich" වදනින් ද, තායි භාෂාවේ “රාච” වචනය රාජ යන තේරුමද ඇත. පර්සියානු භාෂාවේ පාලකවරුන් සහ ආරක්ෂකයින් හඳුන්වන්නේ “සත්‍රප්” (satraps) “ක්ෂාත්‍රය” යන ශබ්ද වලිනි(පර්සියානු අධිරාජ්‍යයේ ප්‍රාදේශිය බල ප්‍රදේශවල).

"https://si.wikipedia.org/w/index.php?title=ක්‍ෂත්‍රිය&oldid=250302" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි