ක්ෂුද්‍ර ක්‍රියාවලි ඉංජිනේරු විද්‍යාව

විකිපීඩියා වෙතින්

ක්ෂුද්‍ර ඉංජිනේරු විද්‍යාව යනු සාමාන්‍යයෙන් මිලිමීටර් 1 ට වඩා අඩු විෂ්කම්භයෙන් යුත් නාල (ක්ෂුද්‍ර නාල) හෝ උප මිලිමීටර් මාන ඇති අනෙකුත් ව්‍යුහ වැනි කුඩා පරිමාතුළ රසායනික හෝ භෞතික ක්‍රියාවලි සිදු කිරීමේ විද්‍යාවයි. මෙම ක්‍රියාවලි කාණ්ඩ නිෂ්පාදනයට ප්‍රතිවිරුද්ධ පරිදි එනම් සාමාන්‍යයෙන් අඛණ්ඩ ගලායාම් ක්‍රමයකට සිදු කරන අතර ක්ෂුද්‍ර ක්‍රියාවලි ඉංජිනේරු විද්‍යාව රසායනික නිෂ්පාදනය සදහා මෙවලමක් බවට පත් කිරීමට ප්‍රමාණවත් තරම් ප්‍රතිදානයක් ලබාදෙයි. මේ නිසා ක්ෂුද්‍ර ක්‍රියාවලි ඉංජිනේරු විද්‍යාව ඉතා කුඩා මුළු පදාර්ථ ප්‍රමාණ සමග කටයුතු කරන ක්ෂුද්‍ර රසායනික විද්‍යාව සමග පටලවා නොගත යුතුය.

ක්ෂුද්‍ර ව්‍යුහ ප්‍රතික්‍රියාකාරක හෝ ක්ෂුද්‍ර ප්‍රතික්‍රියාකරක තුළ සිදුවන රසායනික ප්‍රතික්‍රියා සමග සම්බන්ධ වන ක්ෂුද්‍ර ක්‍රියාවලි ඉංජිනේරු විද්‍යාවේ උප ඒකක ක්ෂුද්‍ර ප්‍රතික්‍රියා තාක්ෂණය ලෙස හදුන්වනු ලැබේ.

ක්ෂුද්‍ර ව්‍යුහ ප්‍රතික්‍රියාකාරක හෝ ක්ෂුද්‍ර ප්‍රතික්‍රියාකාරකවලට ආවේනික වාසියකි. එනම් එමගින් පෘෂ්ට වර්ගඵලයට පරිමාව දරණ විශාල අනුපාතය නිසා වැඩි දියුණු වීමෙන් ඇති තාප හුවමාරුව හා ස්කන්ධ හුවමාරුවයි. උදාහරණ ලෙස විලයන ක්‍රියාවලියක දිග පරිමාණය ක්ෂුද්‍ර නාළයක හෝ ඊට වඩා දිගින් අඩු එකකට සන්සන්දනය කළ හැකි අතර ඉතා කුඩා කාලයක් තුළදී (සාමාන්‍යයෙන් මිලි තත්ත්පර කිහිපයක් තුළදී) කාර්යක්ෂමව ප්‍රතික්‍රියාකාරක මිශ්‍ර කරගත හැකිය. හොඳින් තාප සන්නයන කරන ද්‍රව්‍ය අදාල ප්‍රතික්‍රියාව සදහා නිවැරදි උෂ්ණත්ව පාලනයක් සපයයි. උදාහරණ ලෙස අධික තාපදායක ප්‍රතික්‍රියාවක් (ප්‍රතික්‍රියා නාළ වලින් තරළමය අතින් වෙන් කර ඇති) ක්ෂුද්‍ර ව්‍යුහ ප්‍රතික්‍රියා කාරකයේ අඩංගු විට සම්පුර්ණයෙන්ම පාහේ සමෝෂ්ණ වන පරිදි සිදු කළ හැකිය. එම නාල වලදී අවශ්‍ය තරම් උස් තාප ධාරිතාවයකින් යුතු සිසිල් ද්‍රව්‍යක ගලායාම පවත්වා ගනු ලැබේ. සමෝෂ්ණ නොවන ක්‍රියාවලියක් සිතා මතාම අයත් කර ගැනීම සඳහා ක්ෂුද්‍ර ව්‍යුහ ප්‍රතික්‍රියාකාරකවල උෂ්ණත්වය නිරන්තරයෙන් වෙනස් කිරීමද සිදු කළ හැකිය.