ක්ලින්ට් ඊස්ට්වුඩ්

විකිපීඩියා වෙතින්
ක්ලින්ට් ඊස්ට්වුඩ්, Jr.
උපත මැයි 31, 1930 (වයස 79)
සැන්ෆ්‍රැන්සිස්කෝ, කැලිෆොර්නියා, ඇමෙරිකා එක්සත් ජනපදය.
රැකියාව නළුවෙකි, අධ්‍යක්ෂකවරයෙකි, තිරරචකයෙකි ,නිෂ්පාදකවරයෙකි
ක්‍රියාකාරි වර්ෂයන් 1954 – වර්තමානය දක්වා
භාර්යාව(වරු) මැගී ජොන්සන් (1953–1978), ඩයනා රුඉස් (1996– වර්තමානය දක්වා)

ක්ලින්ට් ඊස්ට්වුඩ් (මැයි 31, 1930 )ඇමෙරිකානු නළුවෙකි, අධ්‍යක්ෂකවරයෙකි, තිරරචකයෙකි , නිෂ්පාදකවරයෙකි . ඔහු පස් වතාවක් ඇකඩමි සම්මාන වලින් පිදුම් ලැබීමට වාසනාවන්ත විය. එමෙන්ම පස් වතාවක් ගෝල්ඩන් ග්ලොබ් සම්මානයෙන් පිදුම් ලැබීය. ක්ලින්ට් ඊස්ට්වුඩ් ප්‍රසිද්ධව ඇත්තේ එදිරි - වීර චරිත වල රඟපෑම් වලිනි. විශේෂයෙන්ම ඒ 1960,1970 සහ 1980 කාලවකවානු වලදී ය. දිගු කාලීන ටෙලිනාට්‍යක් වු ‘Rawhide” වලින් පසුව ඔහු “Man With No Name” ලෙස “Dollars” ත්‍රිත්වය සහ කැල්ලහැම් ලෙස “Dirty Harry” චිත්‍රපටි මාලාවේ රඟපෑවේය. මෙම චිත්‍රපට වලින් ඔහු පුරුෂාධිපත්‍යයේ සංකේතයක් බවට පත් විය. ඔහුගේ චිත්‍රපට අතරින් “Unforgiven” (1992) සහ “Million Dollar Baby (2004)”, චිත්‍රපට සඳහා ඔහු හොඳම චිත්‍රපටි අධ්‍යක්ෂකවරයාට හා හොඳම චිත්‍රපටයට පිරිනැමුණු ඇකඩමි සම්මාන දිනා ගත් අතර ඔහුව හොඳම නළුවාට නිර්දේශ විය. “Paint Your Wagon (1969)”, Play Misty for Me (1971), The Outlaw Josey Wales (1976), Escape from Alcatraz (1979), In the Line of Fire (1993), The Bridges of Madison County (1995), and Gran Torino (2008) යන සියලුම චිත්‍රපට ඉහළ ඇගයීමකට ලක් වුණු අතර වානිජ වශයෙන්ද ඉතා සාර්ථක විය. ඔහු අධ්‍යක්ෂණය කරන ලද නමුත් ඔහු රඟ නොපෑ චිත්‍රපටි අතර ඉතා ජනප්‍රිය වු “Mystic River (2003)” සහ “Letters from Iwo Jima (2006)” වේ. මේ අතර ඔහු පක්ෂග්‍රාහී නොවු නගරාධිපතිවරයෙක් ලෙස Carmel-by-the-Sea, California හි 1986- 1988 දක්වා කටයුතු කර ඇත.

සටහන[සංස්කරණය]

Clint_Eastwood

"https://si.wikipedia.org/w/index.php?title=ක්ලින්ට්_ඊස්ට්වුඩ්&oldid=471045" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි