කහ කන් කොණ්ඩයා
| කහ කන් කොණ්ඩයා (Yellow-eared Bulbul) |
|
|---|---|
| සංරක්ෂණ තත්ත්වය | |
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| රාජධානිය: | අනිමාලියා |
| වංශය: | Chordata |
| වර්ගය: | Aves |
| ගෝත්‍රය: | Passeriformes |
| කුලය: | Pycnonotidae |
| ගණය: | Pycnonotus |
| විශේෂය: | P. penicillatus |
| ද්විපද නාමය | |
| Pycnonotus penicillatus Blyth, 1851 |
|
"Pycnonotus penicillatus'' යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන කහ කන් කොණ්ඩයා (Yellow-eared Bulbul),කාක ගණයට (passerine) අයත් පවුලේ කොන්ඩ කුරුලු (bulbul)) සාමාජිකයෙකි. මෙම පක්ෂියා ශ්‍රී ලංකාවේ ආවේණික, කදුකර ප්‍රදේශ නිවාස කොට ගෙන බෝ කිරීම සිදු කරන පක්ෂියෙකි.
කහ කන් කොණ්ඩයා කුඩා වන ලැහැබවල් හෝ ගොවිපොලවල් ආශ්‍රිත කුඩා කැලෑ සිය වාසස්ථාන ලෙස තෝරා ගන්නා අතර, හෝර්ටන් තැන්න, නුවර එළියේ වික්ටෝරියා උද්‍යානය යන ස්ථාන වල බහුලව දකින්නට ලැබේ. මොවුන් කුඩා පඳුරු මත කූඩු තනන අතර සාමාන්‍යයෙන් එක් වරකදී බිත්තර දෙකක් දමයි.
මෙම පක්ෂියා දිගින් සෙන්ටිමීටර 20 (අඟල් 7) පමණ වන අතර දිගු පෙඳයකට ද හිමිකම් කියයි. මොවුන්ගේ ශරීරයේ උඩු කොටස අඳුරු කොළ පැහැයකින් ද යටි කොටස කහ පැහැයකින් ද යුතු වේ. හිසේ පිහිටන කොණ්ඩය වැනි කොටස අළු පැහැති මෙම පක්ෂියාගේ ඇසට යටින් පිහිටන කහ පැහැති පැල්ලම සහ හිස දෙපස ඇති කහ පැහති පිහාටු රොද දෙක සුවිශේෂී ලක්ෂණ වේ. තවද දෑස් වලට ඉදිරියෙන් සුදු පැහති පිහාටු රොදක් ඇති මොවුන්ගේ ගෙල ප්‍රදේශයද සුදු පැහයෙන් යුක්ත වේ.
මොවුන්ට කහ කන් කොණ්ඩයා යන නම ලැබී ඇත්තේ හිස දෙපස කන් දෙකක් ආකාරයෙන් පිහිටි ඉහත සඳහන් කල කහ පැහැති සියුම් පිහාටු රොදයන් නිසාවෙනි.
ගැහැනු සහ පිරිමි සතුන් දෙවර්ගයම පෙනුමෙන් සමාන වූවත් පැටවුන් තරමක් අඩු පැහැයක් ගනී. ගැහැනු සතුන් ආකර්ශණය කර ගැනීම සඳහා පිරිමි සතුන් අතර ඇති වන සටන් බොහෝවිට කොට්ටොරුවෙකු පරිද්දෙන් ඉහල පහල පැද්දීමක් නැතහොත් උඩපැනීමක් ආකර ගනී.
කහ කන් කොණ්ඩයා ආහර වශයෙන් ගනු ලබන්නේ පළතුරු සහ කෘමි සතුන්ය.
සමාජයීය වැදගත්කම [සංස්කරණය]
මෙකල ශ්‍රී ලංකාවේ භාවිතා වන රුපියල් දහයේ මුද්දරය සඳහා මෙම අලංකාර පක්ෂියාගේ රුව යොදා ගෙන තිබේ. ,[1]
යොමුව [සංස්කරණය]
- BirdLife International (2004). Pycnonotus penicillatus. 2006. IUCN Red List of Threatened Species. IUCN 2006. www.iucnredlist.org. Retrieved on 11 May 2006. Database entry includes a brief justification of why this species is near threatened
- Birds of India by Grimmett, Inskipp and Inskipp, ISBN 0-691-04910-6