කරාටේ

විකිපීඩියා වෙතින්
කරාටේ
Karate
(空手)
Hanashiro Chōmo
මෙලෙසද හැඳින්වවෙයිKarate-dō (කරාතේ දෝ) (空手道)
එල්ලයStriking (පහර දීම)
දැඩිබවfull contact to non contact
සම්භවය ඇතිවූ රටසැකිල්ල:Country data Ryūkyū Kingdom Ryūkyū Kingdom / ජපානය Japan (from Ryukyu Islands indigenous fighting methods and Chinese kenpō[1][2] and further explored in Japan)
නිර්මාතෘSakukawa Kanga; Matsumura Sōkon; Itosu Ankō; Arakaki Seishō; Higaonna Kanryō; Gichin Funakoshi; Motobu Chōki
පිතෘත්වයChinese martial arts, indigenous martial arts of Ryukyu Islands (Naha-te, Shuri-te, Tomari-te)[1][2]
ඔලිම්පික් ක්‍රීඩාවNot voted in 2005 (for 2012) or in 2009 (for 2016)

මෙය මෑත කාලයේ බිහිවුණ සටන් ක්‍රීඩාවකි.

කරාටේ ක්‍රීඩාවේ විකාශය[සංස්කරණය]

      ජපානයේ නිරිතදිග දෙස"රියුකියු"දූපත් නම් මාලයක් වැනි දූපත් පෙළ සටන් කලාවන්හි පුදබිමකි.මෙහි පිහිටි ඔකිනාවා නම් දූපත කරාතේ ශිල්පයේ මුල්බිම විය. ඔකිනාවා දුරාතීතයේදී චීනයට අයත්ව තිබූ දුපතෙහි චීන වෙළඳුන් සංක්‍රමණිකයන් නාව්කයන්වෙතින් එම චීන කලා ආභාෂය නිරතුරු ඹකිනාවා වැසියන්ට ලැබුණි.මේ අතර එකළ ඔකිනාවා වැසියන් අතර තිබුණු"තේ"සහ"ජූත්සු" සටන් ක්‍රම මෙම චීන සටන් කලාවත් සමඟ මිශ්‍රවී විශිෂ්ඨ ශිල්පයකට පදනම දැමීය.එය"චීන අත"යන අරුත ඇතිව "තෝ දේ" ලෙස හැඳින්විණි.1733 වසරේ ඔකිනාවා හි ෂූරි ප්‍රදේශයෙහි උපත ලද සකුගාවා කන්ගා, පෙයිඩීන් තකහාරා නම් සමුරායිවරයා වෙතින් සටන් කලා ඉගෙනුම අරඹා චීන ජාතික "කුසත්කු"නම් සටන් විශාරදයා වෙතින් විශිෂ්ඪත්වයට පත්වී එකළ"තෝ දේ"ලෙස හැඳින්වූ කරාතේ ශිල්පයට මූලික අඩිතාලම දැමුවේය. මෙතුමා තකහාරා ගුරුතුමා විසින් මරණ මංචකයේදී තෝ දේ සකුගාවා ලෙස නම්කළේය.

කරාතේ හෙවත් හිස්අත් සටන්ක්‍රමයේ පියා ලෙස තෝ දේ සකුගාවා විරුදාවලි ලබයි.මෙතුමාගේ ප්‍රධාන සිසුවා වන සොකොන් මත්සුමුරා නම් විශිෂ්ඨ ශිල්පියා සකුගාවාතුමාගේ සටන් සම්ප්‍රදාය තවදුරටත් ශක්තිමත්කර ෂූරි සම්ප්‍රදාය ශක්තිමත් කළේය.

1851උපත ලද කන්රියෝ හිගාෂි ඔන්නා නම් ශිල්පියා චීන සටන් ක්‍රමවල ආභාෂය මත මෟදු චලන සහ ශ්වසන අභ්‍යාස සහිතව නහාප්‍රාදේශිකයආශ්‍රිතව"නහා"සම්ප්‍රදාය ගොඩනැගුවේය.1888උපතලද චෝජුන් මියාගි මෙතුමාගේ ප්‍රධාන සිසුවා විය.මියාගිතුමා"රළු හා මෳදු බවේ මග"ලෙසහඳුන්වන"ගෝජු-රියු"ශෛලියෙහි නිර්මාතෳවරයායි.කොකසු මත්සුමුරා නම් ශිල්පියා තොමරි ප්‍රදේශය ආශ්‍රිතව බිහි වූ"තොමරි තේ" සම්ප්‍රදායේ ආරම්භකයා විය.මෙකළ තෝ දේ හෙවත් කරාතේ සටන් කලාව ෂූරි හා තොමරි ප්‍රදේශයන්ට අනුව බෙදී තිබුණි. ෂූරිතේ සහ තොමරි තේ සම්ප්‍රදායන් එක්වී සොකොන් මන්සුමුරා දැමූ පදනම මත ෂෝරින් රියු ශෛලිය බිහිවුණි."පයින් වනාන්තර ශෛලිය"යන අරුත දෙන ෂෝරින් රියු ලොව පුරාම කරාතේ ශෛලිය විය.ඒ අනුව ලොව ප්‍රථම කරාතේ ශෛලිය ලෙස ෂෝරින් රියු ශෛලිය වඩා වැදගත්කමක් උසුලයි

ෂෝරින් රියු සම්ප්‍රදාය[සංස්කරණය]

ලොව මුල්ම කරාතේ ශෛලිය ලෙස ෂෝරින් රියු ව්‍යාප්තියට ඉමහත් සේවයක්කළ ෂෝකොන් මත්සුමුරාගේ ශිෂ්‍ය ඉතෝෂුඅන්කෝතුමා යි.කරාතේ ඔකිනාවා උසස් පාසල්පද්දතියට ඇතුලත්කිරීමට මෙතුමා මහත් වෙහෙසක්දැරුවේය.මෙය මෙතෙක් කල් රහසිගත ශිල්පයක් ලෙස තිබූ කරාතේ කලාවේ ව්‍යාප්තිය සඳහා දැමූ පළමු පදනම විය.මේ සඳහා එතුමා වයස 77දී පිනෑත් හෙවත් සන්සුන් මනස නම් ක්‍රම 05 කින් යුත් "තාහා කාතා" අභ්‍යාස නිර්මාණය කළේය. චොසින් විධානා(තොබයාෂි රියු) ත්යාන් චොතොකු(ෂොබයාෂි රියු) යබු තෙන්සු ,මොරතාබු චොසි, ගිචින් ෆනාතොෂි, මාබුනි තෙන්ඩෝ, චෝමෝ හනෂිරෝ,මෝදෙන් යබිකු, ශින්පන් ගුසු ආදී විශිෂ්ඨතම ශිල්පීන් ගණනාවකගේ ගුරුවරයා වීමට මෙතුමා කරාකතේ ශිල්පයට කළ සේවය කියාපායි. ෂෝරින් රියු සම්ප්‍රදාය ෂොබයාෂි,ෂොබයාෂි,මන්සුබයාෂි,මත්සුමරා සෙයිකෝ ලෙස ප්‍රධාන කොටස් හතරකට බෙදුණි.මෙයින් තොබයාෂි ෂෝරින් රියු සම්ප්‍රදාය"තරුණ පයින් වනාන්තර ශෛලිය" චොසින් විධානා අතිනුත්,ෂොබයාෂි සම්ප්‍රදාය "කුඩා පයින් වනාන්තර ශෛලිය වශයෙන් කයාන් චොතෙකු අතිනුත් බිහිවිය.

චිබනාගේ සිසුවකු වූ අන්හිචි අරතකිගෙන් ද මොහොබුචොකි හා ක්යාන්චොතකුගෙන් ද කරාතේ හැදෑරූ ෂොෂින් නාගමිනේ මත්සුබයාෂි සම්ප්‍රදාය බිහිකළේ ය. සොකොන්මත්සුමරාගේ මුණුපුරකු වූ තෝහා සොකෙන් ඉමතාසු අතින් වෙනස්වූ මත්සුමරාගේ පවුලේ සටන්ක්‍රමය මත්සුමරා සෙච්‍තතෝ නම් ශෛලියක් ලෙස ගොඩනැගුවේය. විධානාගේ තොබයාෂි සම්ප්‍රදාය යුචොකු හිගා(හියුදෝකාන්),ෂුංගාගේනකාසාතෝ, ෂෝරින්තාන්,කත්සුරා මියහිරා ආදී ගුරුවරුන් වෙතින් ද ක්යාන්ගේෂොබයාෂි සම්ප්‍රදාය අරතිචි,අන්තිචි,අන්කිචි,සෙන්රියෝෂිමබුකුරෝ, ජොඑන නකරාතෝ ආදී ගුරුවරු වෙතින් ඉදිරියට ගියේය. ක්යාන් චොතකු ගේ සිසුවකු වූ තත්සුමෝ ෂිටබුතුරෝ නිර්මාණයකළ ඉෂින් රියු ශෛලිය ද ඔකිනාවා හි ප්‍රමුඛස්ථානයක් ගනී.සෙයකි අරතකි විසින් ගෝහන්සොකෙන් ගේ සම්ප්‍රදාය රැකගත්තේය.

ගෝජුරියුසම්ප්‍රදාය[සංස්කරණය]

ෂෝරින් රියු සම්ප්‍රදාය තුළ රළුබව,ශක්තිය,වේගය,ඉණ උස්පහත්කර ගමන්කිරීම,කෙටි ඉරියව්, පහරදීම් ලක්ෂණ වැඩිවීම සහ ස්වභාවික ශ්වසනය යන මූලධර්ම ගැබ්වී තිබුණි. නහාතේ සම්ප්‍රදායේ රළු හා මෟදුබව පහත්වූ ඉරියව් තුළ තිබේ.ලක්ෂණ සහ ආයාසකර ශ්වසන අභ්‍යාස කුළුගැන්වී තිබේ.හිගා ඔන්කා ‍ගේ සදු මියානි චෝජුන් ගුරුතුමා මෙම සම්ප්‍රදාය"රළු සහ මෳදුබව"යන අරුතැති ගෝ ජු රියු ලෙස නම්කළේය. මෙහිදී එතුමාට ජුහාත්සු තියෝදෝ නම් ගුරුවරයා මහත්සේ උපකාරවුණි. මෙම ශෛලිය ජිනන් ෂින්සාතෝ,මෙයි කෝකු යාගි,යෝගි සබුරෝ,උළුහෙරා,කෙයි මියානි,එයිචි මියා සාතෝ,කොෂින් ඉනා ආදී ගුරුවරු විශාල පිරිසක් අතින් ඉදිරියට පැමිණිනි. ඔකිනාවා හිබිහිවූ අනෙකුත් ශෛලින් කන්චු උච්චිතුමා නිර්මාණයකළ උච්චි රියු ශෛලියන් වැදගත් වේ. මෙයින් ඔකිනාවා හි ප්‍රදාන ‍ශෛලින් හතර ලෙස ෂෝරින් රියු, ගෝ ජු රියු,උච්චි රියු සහ මත්ෂුබයාෂි සලකනුලබයි.

ජපානය තුළ ව්‍යාප්තිය[සංස්කරණය]

ඔකිනාවා ජපන් පාලනයට නතු වූ පසු කරාතේ ජපන් මධ්‍ය දේශයට ගෙනයාමට ප්‍රබල උත්සාහයක් දැරීමට සිදුවිය. මෙයට හේතුව ජපන් වැසියන් ඔකිනාවා තම දේශයේ කොටසක් ලෙස නොසැලකීමයි. ඔවුහු කරාතේ ක්‍රෑර ශිල්පයක් ලෙස හැඳින්වීමට පටන් ගත්තේය. මෙහිදී තෝකියෝවට ගොස් කරාතේ ව්‍යාප්තියට මහත්සේ වෙහෙසවූවන් අතර ගිචින් ෆුනා තොෂි ගුරුතුමා හැඳින්විය හැකිය. මෙතුමා මෙතෙක්කල් කරාතේ ශිල්පය හැඳින්වීමට යෙදූ චීන අත යන අරුත්‍ දෙන "තෝ දේ"යන්න වෙනුවට "කරාතේ"හෙවත්"හිස්අත" යන්න යෝජනාකර සම්මතකරගැනීමෙහිලා පුරෝගාමී විය. ඔහු නවීන කරාතේ ශිල්පයේ පියා ලෙස හැඳින්වෙන්නේ එබැවිණි. තමා උගැන්වූ ෂෝරින් රියුශෛලිය වෙනුවට කාටත් පුහුණුවිය හැකි ශෛලියක් ලෙස ෆුනා තොෂි තුමා ෂෝතෝකාන් නම් ශෛලිය තෝකියෝවේදී නිර්මාණයකළේ ය. ඔහුගේ සිසුවකු වූ හිරොනරි ඔන්සකාතුමා අහිංසාවේ මග යන අරුත ඇති"වාදෝ රියු"ශෛලිය බිහිකළේ ය. හිගාෂි ඔන්කා සහ ඉතෝෂු යන නහාතේ සහ ෂූරි තේ සම්ප්‍රදායන් දෙකෙහි විශිෂ්ඨතම ගුරුවරුන් අතින් පුහුණුව ලද කෙන්වා මාබුනිතුමා ජපානයේදී ෂිතෝ රියු නම් ශෛලිය තම ගුරුවරුන්ගේ නම්වල කොටස් ඇසුරින් නිර්මාණය කළේය."ෂි" අක්ෂරය හිගාෂි ඔන්කා සහ"තෝ" යන්න ඉතෝසු යන නමින් ගෙන සෑදූ මෙම ශෛලිය ජපන් මධ්‍යදේශයේ දී ෂූරි හා නහා තේ ශෛලීන් එක්කරනලදි. ජපානය තුළ ප්‍රධාන ශෛලීන් ලෙස ෂෝතෝකාන්,වා දෝ රියු,ෂිතෝ රියු,ගෝ ජු රියු, ශෛලීන් සැලකේ.මත්ස්‍යාසු ඔයාමා නිර්මාණය කළ කියොකුෂින් ශෛලිය ද අද ඉමහත් ජනප්‍රියත්වයක් ලබාගෙන ඇත. ඉහත සඳහන් කරාතේ ශෛලීන්,සම්ප්‍රදායන් පදනම්කරගෙන බොහෝ කරාතේ ශෛලීන් බිහිවී ඇත.කේන්ෂින්, බ්‍යකුරෙන්,බූඩෝකාන්,අෂිහරා වැනි කරාතේ ශෛලීන් උදාහරණ වේ. මේඅනුව කරාතේ ක්‍රීඩාවක් වශයෙන් අද ලෝකයේ බෙහෙවින් ජනප්‍රියවී ඇත.කවර ශෛලියකට,සම්ප්‍රදායකට අයත්වුවද මෙහි මූලය එකම මූලයකී. එය දිවයන්නේ අරමුණක් ඔස්සේය. එය ලෞකික නොවූ අධ්‍යාත්මික වූවකි.

මුලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 Higaonna, Morio (1985). Traditional Karatedo Vol. 1 Fundamental Techniques. p. 17. ISBN 0-87040-595-0.
  2. 2.0 2.1 "History of Okinawan Karate". Web.archive.org. 2009-03-02. 2009-03-02 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2013-03-14.

අඩවියෙන් බැහැර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කරාටේ&oldid=510507" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි