කබුකි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

කබුකි යනු ජපානයේ සම්ප‍්‍රදායික නාට්‍ය ක‍්‍රමයකි. එය වඩාත් ජනප‍්‍රිය වන්නේ එහි වේදිකා අලංකරණය සහ නළුවන්ගේ රූපලාවණ්‍යය ක‍්‍රමය නිසාය. ගායනය, නර්තනය හා හැකියාව යන තුන ‘කන්ජි’ හැකියාවන් ලෙස සලකති. මෙය සමහර අවස්ථාවලදී ‘ගායනයේ සහ නර්තනයේ කලාව’ ලෙස ද හැඳින්වේ. කබුකි යන වචනය ‘කබුකු’ යන්නෙන් බිඳී ආවකි. එහි අදහස වන්නේ ‘නම්‍යතාවය’ නොඑසේ නම්, ‘සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වන’ යන්නයි. මේ නිසා කබුකි නාට්‍ය ‘පෙරටුගාමී’ හෝ ‘අසාමාන්‍ය’ නාට්‍ය ලෙස ද අර්ථ නිරූපණය කෙරේ. ‘කබුකිමෝනෝ’ යන යෙදුම අසාමාන්‍ය ලෙස ඇඳ පැළඳ ගෙන වීදිවල ගමන් කරන්නන් හැඟවීමට යොදා ගැනේ.


රංගන විලාසය[සංස්කරණය]

මුල්කාලීන කබුකි නර්තනයකි

ජපානයේ සහ ලොව අනෙකුත් සංස්කෘතීන්හි මෙන්ම කබුකි නාට්‍ය ද මුළු දවස පුරා රඟ දැක්වේ. නූතන බටහිර නාට්‍යවල ආකාරයට පැය 2ත් 5ත් අතර ප‍්‍රමාණයක් නොව, යමෙකුට සිය මුළු දවසම එදිනෙදා ලෝකයෙන් බැහැරව නාට්‍ය ලෝකය වෙත කැප කළ හැකිය. වසා්සපදබද වැනි සමහර ඓතිහාසික නාට්‍ය හැරුණු විට, බොහෝ නාට්‍ය කොටස් වශයෙන් සකස් කොට, සම්පූර්ණයෙන්ම හෝ කොටස් ලෙස මුළු දවස පුරාම පෙන්වනු ලැබේ. මෙසේ කරනු ලබන්නේ විවිධ රසිකත්වයන්ට ගැලපෙන ලෙස ( ඓතිහාසික හෝ ගෘහස්ත* මුළු දවස පුරාම රස විඳීමට ඉඩ සැලැස්වීමයි.

මෙම රංගන විලාසයන් සකස්ව ඇත්තේ බුන්රකු :ඉමබර්නම* සහ නෝ :බදය* නාට්‍ය අනුගමනය කිරීමෙනි. මේවා කෙරෙහි බලපවත්වන්නේ ජෝ- හ- කු :වද – ය් – නහම* මූලධර්මයයි. එනම්, සියලූ දේ සෙමෙන් පටන් ගෙන, වේගවත් වී, ක්ෂණයකින් අවසන් වන රිද්මයයි. මෙය ප‍්‍රධාන ‘නෝ’ නාට්‍ය රචකයකු වන ‘සෙයමි’ විසින් භාවිත කරන ලදී. එහිදී එකී රිද්මය නළුවන්ගේ රඟපෑම තුළ පමණක් නොව, නාට්‍යයේ ව්‍යුහය හා දර්ශනවල ව්‍යුහය තුළ ද දක්නට ලැබේ.

සම්පූර්ණ නාට්‍යයක් කොටස් 5කින් යුක්ත වේ. පළමුවැන්න, ජෝ :වද* නම් වන සුභ සහ මන්දගාමී ආරම්භයයි. එහිදී, පේ‍්‍රක්ෂකයන්ට චරිත හා කථා වස්තුව පිළිබඳ ව හඳුන්වා දෙනු ලැබේ. ඊළඟ කොටස් තුන, හ  :ය්* නම් වේ. මින් තුන්වැන්න බොහෝ විට නාට්‍යය හෝ කථා වස්තුව අතිශයෝක්ති ගත සිදුවීමකින් හෝ ඛේදවාචකයකින් අවසන් කරන අතර, දෙවැන්නේ (හෝ හතරවැන්නේ* සටනක් දක්නට ලැබේ. ‘ත්යු’ :නහම* නම් වන අවසාන රංගනය ක්ෂණික හා තෘප්තිමත් අවසානයක් ලබා දෙන කෙටි රංගනයකි.

සමහර කබුකි නාට්‍ය ඒ සඳහා ම ලියවී ඇති අතර, තවත් සමහරක් ජෝරුරි නාට්‍ය, නෝ නාට්‍ය, පුරාවෘත්ත හෝ හයිකි කතාන්තර වැනි කතන්දර මගින් උපුටා ගන්නා ඒවා වේ. ජෝරුරි නාට්‍යවලින් ගත් කොටස් බරපතල, සංවේදනීය හා නාට්‍යය ස්වරූපයක් ගන්නා නමුත්, කබුකි නාට්‍ය සඳහා ම ලියවුණු කොටස් වඩාත් සැහැල්ලූ විනෝදාත්මක ස්වරූපයක් ගනී. මේ දෙක අතර ඇති තීරණාත්මක වෙනසක් නම් ජෝරුරි නාට්‍ය, එහි කතාන්දරය හා එය ප‍්‍රකාශ කරන්නාට වැඩි අවධානයක් දක්වන විට, කබුකි නාට්‍යය නළුවන් කෙරෙහි වැඩි වැදගත්කමක් ලබා දීමයි. එහෙයින් ජෝරුරි නාට්‍ය තුළ පසුතලය, රූකඩ, වේදිකා රංගන ආදී සියල්ල යටපත් කරමින් කථාව ඉදිරිපත් කරන්නා ඉස්මතු කෙරෙන අතර, කබුකි නාට්‍ය නළුවන්ගේ දක්ෂකම් ඉස්මතු කිරීම උදෙසා නාට්‍යය හා එහි කතාව කැප කරයි. ඒ සඳහා සමහර දර්ශන ඇතුළත් කිරීම හෝ ඉවත් කිරීම පවා සිදුවේ. සමහර විටක මෙය කතාන්තරය සඳහා අවශ්‍ය කොටසක් නොවන නමුත්, එමගින් එක් නළුවකුගේ ජනප‍්‍රියත්වය හා හැකියාව කැපී පෙනෙනු ඇත.

තවත් තීරණාත්මක වෙනසක් නම් ‘එඩො’ :ෑාද* සහ ‘කමිගත’ :න්පසට්ඒ – ක්යෝතෝ හා ඔසාකා කලාපයන්හි* යන සම්ප‍්‍රදායන් දෙකෙහි වෙනසයි. කබුකි නාට්‍ය තුළ එන අංග රචනය, දිලිසෙන වස්ත‍්‍ර, වේදිකා උපක‍්‍රම හා වින්‍යාසයන් මගින් එඩො යුගල තුළ කබුකි සැලකුණේ අතිශයෝක්තියක් ලෙස ය. කමිගත කබුකි ඊට සාපේක්ෂව සාමකාමී රිද්මයක් ගත් අතර, යථාර්තවාදී රංගන විලාසයන් දැරීය. 19 වන සියවසේ එඩො යුගය අවසන් වන විට මෙම නාට්‍ය සම්ප‍්‍රදායන් දෙක එකිනෙකෙහි ලක්ෂණ උකහා ගත්තේය. මේ නිසා බොහෝ කාලයක් යනතුරු අනෙකුත් ප‍්‍රදේශ තුළ කබුකි නාට්‍ය රඟ දැක්වීමේදී එම ප‍්‍රදේශයේ විලාසය රඟපෑම නළුවන්ට ඉතා අසීරු විය.

"http://si.wikipedia.org/w/index.php?title=කබුකි&oldid=251253" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි