ඔස්කාර් කොකොෂ්කා
| ඔස්කා කොකොෂ්කා | |
|---|---|
| Birth name | Oskar Kokoschka |
| Born | 1 March 1886 Pöchlarn, Austria |
| Died | 12 පෙබරවාරි 1980 (වයස 93) Montreux, Switzerland |
| Nationality | Austrian British |
| Field | Painting, poet, playwright |
| Movement | Expressionism |
| වෙනත් ලිපි කිසිවක් හෝ සැලකිය යුතු තරමක වෙනත් ලිපි ගණනක් හෝ එයට නොබැඳෙන නිසා, මෙම ලිපිය, කණගාටුවෙන් හෝ අනාථ ලිපියක් ලෙස හැඳින්වීමට සිදුව ඇත. කරුණාකර සබැඳි ලිපි භාවිතයෙන් මෙම ලිපියට සබැඳියන් එක් කරන්න. |
| Please expand this article with text translated from the corresponding article in ජර්මානු Wikipedia. (දෙසැම්බර් 2009) After translating, {{Translated|de|ඔස්කාර් කොකොෂ්කා}} must be added to the talk page to ensure copyright compliance.Translation instructions · Translate via Google |
|
|
මෙම ලිපිය සත්‍යාපනය සඳහා (තවත්) මූලාශ්‍ර දැක්වීම කලයුතුව ඇත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්‍ර උපුටා දක්වනවමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. (සැප්තැම්බර් 2008) |
ඔස්කා කොකොෂ්කා (1886 මාර්තු 1 - 1980 පෙබරවාරි 22) සිය ප‍්‍රබල ප‍්‍රකාශනවාදී ආලේඛ්‍ය චිත‍්‍ර සහ භූ දර්ශනයන් සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියට පත් ඔස්ටි‍්‍රයානු චිත‍්‍ර ශිල්පියෙකු කවියෙකු සහ නාට්‍ය රචකයෙකි.
කොකොෂ්කාගේ මුල් කාලීන වෘත්තීය ජීවිතය වෙනීසියේ ප‍්‍රකට පුද්ගලයින්ගේ ප‍්‍රබල ආලේඛ්‍ය චිත‍්‍රයන්ගෙන් සලකුණු වෙයි. ඔහු පළමු ලෝක යුද්ධයේදී ඔස්ටි‍්‍රයානු හමුදාවේ සේවය කළ අතර එහිදී තුවාල ලැබීය. රෝහලේදී වෛද්‍යවරුන් තීරණය කළේ ඔහු මානසිකව අස්ථායී අයකු වන බවයි. ඇල්මා මාලර් නම් තැනැත්තිය සමඟ ඔහුගේ ලලාසාත්මක සම්බන්ධතාවයක් පැවැති අතර වසර ගණනක් එක්ව සිටීමෙන් පසුව ඇය ඔහුව ප‍්‍රතික්ෂේප කළාය. ඔහු සිය ජීවිතය පුරාව අඛණ්ඩව ඇයට ආදරය කළ අතර ඔහුගේ විශිෂ්ඨතම නිර්මාණයක් වන ඔයැ The Tempest (සුළං පාලම) ඇයට පුදන ලද උපහාරයකි.
නාසීන්ගේ නැවත නැඟී සිටීමත් සමග ඔහු 1934 දී පැරගුවේ වෙත පළාගියේය. එහිදී ඔහු අනෙකුත් ප‍්‍රකාශනවාදී චිත‍්‍ර ශිල්පීන් සමග එක්ව ඔස්කා කොකොෂ්කා සංසදය පිහිටුවා ගන්නා ලදී. යුද්ධය ක‍්‍රමක‍්‍රමයෙන් ව්‍යාප්තවෙද්දී 1938 දී ඔහු එක්සත් රාජධානියට පළාගිය අතර යුද්ධය අවසන් වන තුරු එහි දිවිගෙවීය. ඔස්කා කොකොෂ්කා සංසදයේ සියලූම සාමාජිකයෝ චෙකොස්ලෝවැකියානු සරණාගතයින් සඳහා වන බි‍්‍රතාන්‍ය කටිමුවේ ආධාර ඇතිව පෝලන්තය හා ස්වීඩනය හරහා පළා ඒමට සමත්වූහ.
කොකොෂ්කා 1946 දී බි‍්‍රතාන්‍ය පුරවැසිභාවය ලබාගත් අතර ඔහු නැවත වරක් ඔසටි‍්‍රයානු පුරවැසිභාවය ලබාගත්තේ 1978 දීය. 1947 දී ස්විට්සර්ලන්තය වෙත යාමට පෙර එක්සත් ජනපදය වෙත කෙටි සංචාරයක් සිදුකළ අතර ඔහු සිය ඉතිරි ජීවිත කාළය ගෙවා දැමුවේ ස්ව්ට්සර්ලන්තයෙහිය.
ඔස්කා කොකොෂ්කා, පිටුපස හැරුනු නග්නත්වය, තීන්ත, ගෝවේ සහ රටහුණු යොදාගෙන අඳින ලදී, 1907 සමකාලීනයකු වූ මැක්ස් බෙක්මන් හා කොකොෂ්කා අතර සමානත්වයන් බොහොමයක් විය. ස්වාධීන කලා ශෛලීන් නිර්මාණය කිරීම සඳහා පැරණි ගුරුකුලයන්හි කලාව වෙත ගැඹුරින් ප‍්‍රවේශ වූ මහා චරිතයන් දෙකක් ලෙසින් සලකනු ලැබූවද ඔවුන් දෙදෙනාම ජර්මානු ප‍්‍රකාශනවාදයෙන් නිදහස්ව සිය නිර්මාණ සිදුකළහ. ඔවුන්ගේ ස්වාධීන කලා ශෛලිය හේතුවෙන් 20 වන සියවසේ ප‍්‍රධාන කලා ව්‍යපාරය වූ නූතනවාදයෙන් ඔවුහු ආන්තික වූහ. දෙනොම ‘දැකීමේ’ කලාව වර්ධනය කළයුතු බව කියා සිටියහ (කොකොෂ්කා ගැඹුර ප‍්‍රත්‍යක්‍ෂයක් අවධාරනය කළ අතර බෙක්මන් පෙනෙන්ට ඇති ක්ෂේත‍්‍රය තුලට මිත්‍යාමය විනිවිද දැකීමක් කෙරෙහි අවධානය යොමුකළේය). දෙදෙනාම පැරණි සම්ප‍්‍රදායන් තුල මුල්බැසගෙන තිබූ තෙල් සායම් ශිල්පක‍්‍රමයන් නවීකරණය කිරීමෙහි පුරෝගාමීහු වූහ.
කොකොෂ්කාගේ අවසන් වසර කිහිපය තරමක් අප‍්‍රසන්න එකක් විය. ඔහුව කලා ඉතිහාසය තුල ආන්තික කරනු ලැබූ ආකාරයක් පෙනීයයි. තමන්ව 20 වන සියවසේ විශිෂ්ඨතම සිත්තරෙක් ලෙස පිලිගැනීමට ලක්විය යුතුව තිබුණා යැයි කල්පනා කළ එකම තැනැත්තා ඔහු නොවීය. කොන්රඞ් ජුස්ටෙල් (1924-2001) ඔහුගේ සැලකිල්ලට ලක්කළයුතු ශිෂ්‍යයකි.
කොකොෂ්කාගේ සාහිත්‍ය නිර්මාණයන්ද ඔහුගේ චිත‍්‍ර මෙන්ම සුවිශේෂී වෙයි. ඔහුගේ A Sea Ringed with Visions නම් නිබන්ධය අතිශය චිත්තවේගාත්මක එකකි. ඔහු විසින් රචිත "Murderer, the Hope of Women" නම් කෙටි නාට්‍යය ප‍්‍රථම ප‍්‍රකාශනවාදී නාට්‍යය ලෙස සැලකේ.
- Orphaned articles
- අනාථ ලිපි
- Articles to be expanded from දෙසැම්බර් 2009
- සැකිල්ලෙහි අනීතික දාතම් පරාමිතික සහිත ලිපි
- All articles to be expanded
- Articles needing translation from ජර්මානු Wikipedia
- මූලාශ්‍ර දැක්වීම අවැසි ලිපි from සැප්තැම්බර් 2008
- සැකිල්ලෙහි අනීතික දින පරාමිතිකය සහිත ලිපි
- All articles needing additional references