ඔලිම්පික් ශ්‍රේණියේ සාගර නෞකාව

විකිපීඩියා වෙතින්
බෙල්ෆාස්ට් හිදි, 1912 මාර්තු 6 දින: හානියට පත් ඔලිම්පික් නෞකාව අළුත්වැඩියා කිරීමට ඉඩ දීම සඳහා ටයිටැනික් (දකුණුපස) ඩ්‍රයිඩොක් එකෙන් ඉවත් වන අවස්ථාව.
Class සමාලෝචනය
Builders: හාර්ලන්ඩ් ඇන්ඩ් වුල්ෆ්, බෙල්ෆාස්ට්
Operators: වයිට් ස්ටාර් ලයින්; කියුනාඩ්-වයිට් ස්ටාර් ලයින්
Built: 1908–1914
In service: 1911–1935
Completed: 3
Retired: 1
සාමාන්‍ය ලක්ෂණ
වර්ගය: සාගර නෞකා
බර (ටොන්): දළ වශ‍5යෙන් ටොන් 45,000 - 48,000
ජලෝත්පීඩනය: ටොන් 52,310 ‍පමණ
දිග: 882 ft 9 in (269.06 m) (ඔලිම්පික් සහ ටයිටැනික්)
කදම්භය: 92 ft 6 in (28.19 m) (ඔලිම්පික් සහ ටයිටැනික්)
උස: 205 ft (62 m) ආවරණ මුදුනට
ඉපිළුම් ගැඹුර: 34 ft 7 in (10.54 m)
ගැඹුර: app. 64 ft 9 in (20 m) ආවරණයේ සිට සී-ඩෙක් එක දක්වා
තට්ටු: 9 (නෞකා තුනේම); ‍මගීන් සඳහා තට්ටු 7යි
ස්ථාපිත ශක්තිය: 24 double-ended and 5 single-ended 15 bar Scotch marine boilers, tested to 30 bar. Two 4-cylinder reciprocating engines for the two outboard wing propellers. One low-pressure turbine for center propeller. Together 50,000 HP nominal, 59,000 max.[1][2][3]
ප්‍රචාලනය: Two bronze 3-blade wing propellers. One bronze 4-blade centre propeller.
වේගය: 21 kn (38.9 km/h); 23 kn (42.6 km/h) max
ධාරිතාව: 3,327 මගීන්, කාර්‍යය මණඩලය, සහ සේවකයන්
කාර්ය මණ්ඩලය: 892 (උපරිම)
සටහන්: වැය වූ මුදල 7.5 million (USD) (දළ වශයෙන් $199,385,678.65 2016 වසරේ වටිනාකමට)

ඔලිම්පික් ශ්‍රේණියේ සාගර නෞකා යනු 20 වන සියවසේ මුල් භාගයේදී වයිට් ස්ටාර් ලයින් සඳහා හාර්ලන්ඩ් ඇන්ඩ් වුල්ෆ් නැව් අංගනය විසින් ඉදිකරන ලද බ්‍රිතාන්‍ය සාගර නෞකා තුනකි. ඒවා නම් ඔලිම්පික් (1911), ටයිටැනික් (1912) සහ බ්‍රිටැනික් (1915) ය. මේ තුනම නිර්මාණය කර ඇත්තේ ලොව විශාලතම හා වඩාත්ම සුඛෝපභෝගී මගී නැව් ලෙස වන අතර එය නිර්මාණය කර ඇත්තේ වයිට් ස්ටාර් ලයින් සඳහා අත්ලාන්තික් සාගරයේ මගී වෙළඳාමේ වාසියක් ලබා දීම සඳහා ය.

ප්‍රධාන නෞකාව වන ඔලිම්පික් වසර 24 ක් සේවය කර ඇති අතර 1935 දී විශ්‍රාම ලබා කොටස් කර විකුණනු ලැබුවද, ඇගේ සහෝදර නෞකාවන්ට ද එවැනිම සාර්ථකත්වයක් ලබාදිය නොහැකි විය: ටයිටැනික් අයිස් කුට්ටියක ගැටී ඇගේ මංගල ගමනේදිම ගිලී ගිය අතර, පළමුවන ලෝක සංග්‍රාමයේදී බ්‍රිටැනික් මගී සේවයට ඇතුළුවීමට පෙරදිම ඊජියන් මුහුදේ කීයා අසල බෝම්බයකට හසුවී ගිලී ගියාය.

යාත්‍රා දෙකකට සාර්ථක අවසානයක් නොලැබුනද, ඒවා මෙතෙක් ඉදිකර ඇති වඩාත්ම ප්‍රසිද්ධ සාගර නෞකා අතර වේ. ඔලිම්පික් හා ටයිටැනික් යන නෞකා ද්විත්වය එවකට ලෝකයේ විශාලතම නැව් ලෙස කීර්තියට පත්විය. 1936 දී RMS ක්වීන් මේරි නිපදවන තෙක්ම වසර 20 කට වැඩි කාලයක් බ්‍රිතාන්‍යය විසින් සාදා තිබූ විශාලම නෞකාව වන්නේද ඔලිම්පික් වේ. ටයිටැනික් නෞකාවේ කතාන්තරය බොහෝ පොත් සහ චිත්‍රපට වලට අනුවර්තනය වී ඇති අතර බ්‍රිටැනික් නෞකාවේ කතාන්තරයද එම නමින්ම 2000 වසරේදි චිත්‍රපටයකට තේමා වී ඇත.

  1. "Mark Chirnside's Reception Room: Olympic, Titanic & Britannic: Olympic Interview, January 2005". Markchirnside.co.uk. සම්ප්‍රවේශය 16 July 2009.
  2. "Titanic's Prime Mover – An Examination of Propulsion and Power". Titanicology. 6 January 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 30 October 2013.
  3. "Boiler - Scotch". 2 නොවැම්බර් 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 ඔක්තෝබර් 2013.