Jump to content

ඒ.එන්.එස්. කුලසිංහ

විකිපීඩියා වෙතින්
දේශබන්දු ආචාර්ය ඒ. එන්. එස්. කුලසිංහ
උපත
අරුමාදුර නන්දසේන සිල්වා කුලසිංහ

26 ඔක්තෝම්බර් 1919
මියගිය දිනය14 February 2006(2006-02-14) (වයස 86)
ජාතිකත්වයශ්‍රී ලාංකික
අධ්‍යාපනයමාරිස්ටෙලා විද්‍යාලය, මීගමුව
ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය, කොළඹ
ලංකා තාක්ෂණික විද්‍යාලය
රැකියාවEngineer, engineering administrator
ප්‍රසිද්ධව ඇත්තේInnovations of low cost concrete technologies.[1]
තනතුරදේශබන්දු ආචාර්ය
කලත්‍රයා(යන්)Dulcie de Silva
දරුවන්2[2]
වෙබ් අඩවියkulasinghe.com
ආගමබෞද්ධ

අරුමාදුර නන්දසේන සිල්වා කුලසිංහ (උපත​:1919 ඔක්. 26) ශ්‍රී ලාංකික සිවිල්, යාන්ත්‍රික​, විදුලි හා නාවික ඉංජිනේරුවරයෙකි. ඔහු විසින් පේටන්ට් බලපත්‍රය ලබා ගන්නා ලද​ ගන්නා ලද කුලසිංහ පෙරසවි කොන්ක්‍රීට් තාක්‍ෂණය නිසා, කොන්ක්‍රීට් කුලසිංහ යන අන්වර්ථ නාමයෙන් වඩාත් වඩාත් ප්‍රකට විය​.

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය, සම්බුද්ධ ජයන්ති චෛත්‍යය​, කොත්මලේ මහවැලි මහා සෑය හා කළුතර බෝධිය චෛත්‍යය මොහුගේ ඉදි කිරීම් අතර කැපී පෙනෙන නිර්මාණ ය.

කොළඹ ග්‍රහලෝකාගාරය හෝ වරායේ සම්බුද්ධත්ව ජයන්ති චෛත්‍යය හෝ පොල්ගොල්ල වේල්ල හෝ එකවරක් පමණක් නොව කිහිපවරක් දකින්නකු තුල වුවද විස්මයක් හටගනු නො අනුමානයි.එහි නිර්මාතෘවරයා වන්නේ ආචාර්ය ඒ.එස්.එන්. කුලසිංහ මහතාය.ශ්‍රි ලංකාවේ කොන්ක්‍රීට් විශ්වකර්මයා ලෙස හැඳින්වෙන ඔහු චෛත්‍යය,තට්‍ටු නිවාස,ආයතන,ගොඩනැගිලි,වරාය,පාලම් යනාදී වශයෙන් ඉදිකිරීම් ගණනාවක නිර්මාතෘවරයා වේ.බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවත නිදහස ලැබූ රාජ්‍යන් අතරින් ශ්‍රී ලංකාව 1948න් පසු බුද්ධිමත් දක්ෂ විද්‍යාඥයන් කිහිපදෙනෙකුම බිහිකල අතර ආචාර්ය කුලසිංහ මහතා ද ඔවුන් අතර එක් අයකු බව ආතර් සී. ක්ලාක් මහතා වරක් පවසා සිටියා.

1919 දී ජාඇළ උදම්විට උපන් ඒ.(අරුමාදුර) එන්.(නන්දසේන) එස්.(සිල්වා) කුලසිංහ අධ්‍යාපනය ලැබුවේ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයෙන් හා කොටහේන ශාන්ත බෙනඩික් විදුහල හා කොළඹ තාක්ෂණික විද්‍යාලයෙනි.ඔහු රාජ්‍ය ඉංජිනේරු සංස්තාවේ නිර්මාතෘ හා ප්‍රථම සභාපති වන අතර ශ්‍රී ලංකා ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයද (NERD) ආරම්භ කරන ලද්දේ ඔහු විසිනි.විවිධ අවදීන්හි විවිධ ආයතනවල නිලතල දැරූ කුලසිංහ මහතා ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් සම්මාන ගරු බුහුමන් බොහෝමයක් ලබා ඇත.1979 දී මොර‍ටුව විශ්ව විද්‍යාලයෙන් ඔහුට ආචාර්ය උපාධිය පිරිනමන ලදී.පෙරසවි තාක්ශණය (Pre-Cast Concrete) හඳුන්වාදීමේ පුරෝගාමියා වන්නේ ආචාර්ය කුලසිංහ මහතාය.ඒ අනුව ඔහු ඉදිකිරීම් ‍රැසක් කර තිබෙනවා.වරක් ශ්‍රී ලංකාවේ නිවාස හා ඉදිකිරීම් ඇමතිවරයෙක් නිවාස ඉදිකිරීම් සඳහා අඩු වියදම් තාක්ෂණික උපදෙස් ගැනීමට මැලේසියාවට ගොස් තිබෙනවා.එහිදී මැලේසියානු නිවාස හා ඉදිකිරීම් ඇමතිවරයා පවසා ඇත්තේ මෙවැන්නකි;"අපද නිවාස ඉදිකිරීම් කටයුතු වලදී තාක්ෂණික උපදෙස් ගත්තේ ඔබේ රටින්.(ඒ කියන්නේ කුලසිංහ නමැති දක්ෂ ඉංජිනේරුවරයාගෙන්)එහෙම අය ඔබ රටේ සිටිද්දී ඔබලා ඇයි එන්නේ අපෙන් උපදෙස් ගන්න" යනුවෙනි.කුලසිංහයන් මැලේසියාවේ පමණක් නොව ඉන්දුනීසියාව,සිංගප්පූරුව,පිලිපීනය,තායිලන්තය වැනි රටවලද උපදේශක ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කර ඇත.

පෙරසවි තක්ෂණය ඇතුළු  විවිධ තාක්ෂණික විධික්‍රම 25ක් පමණ කුලසිංහයන් සොයාගෙන තිබෙන බව පැවසෙනවා.කොළඹ වරායේ සම්බුද්ධත්ව ජයන්ති චෛත්‍යය,මාලිගාවත්ත මහල් නිවාස පිහිටි තැන 1960 ගණන්වල තිබුනේ විශාල මඩ වගුරකි."කුලසිංහට පුළුවන්ද ඔය මඩ වගුරේ ගෙවල් හදන්න." ආර්. ප්‍රේමදාස මහතා දිනක් කුලසිංහගෙන් අසා ඇත."හා හොඳයි." ඒ කුලසිංහගේ පිළිතුරයි.එම මඩ වගුරේ තට්‍ටු හතරේ ගෙවල් හැදුවේ එලෙසිනි.ඉන්පසු නාරාහේන්පිට මහල් නිවාසත් ඔහු යටතේ ඉදි කෙරුණා.කුලසිංහයන්ගෙන් සිදුවු මහානාර්ඝ සේවයක් වන්නේ වසර 30කින් ඉදිකිරීමට යෝජිතව තිබූ මහවැලි ව්‍යාපෘතිය වසර 6කින් නිම කිරීමයි.කඩිනම් මහවැලි ව්‍යාපෘතිය යටතේ වු නළ මාර්ග හා විදුළිබල මධ්‍යස්තාන ඇතුළුව වික්ටෝරියා,කොත්මලේ,මාදුරු ඔය,රන්දෙණිගල,රන්ටැඹේ ජලාශ ඉදිකිරීම් කටයුතු අධීක්ෂණය කලේ කුලසිංහයන් විසිනි.එකල නායයෑම් වලට හේතුව මහවැලි කඩිනම් කිරීම බව ඇතැමුන් චෝදනා කරද්දී කුලසිංහ මහතා තර්කානුකූලව පෙන්වා දුන්නේ ඊට හේතුව වන්නේ කැපීමෙන් සිදුවන පස සෝදායාම බවයි.ධීවර වරාය ගණනාවකම නිර්මාතෘ වන කුලසිංහ මහතා හම්බන්තොට වරාය ගැන කලකට ඉහතදී දැක්වූ ආකල්ප මොනතරම් සාධනීයදැයි ඔහුගේ පහත ප්‍රකාශයෙන් සාක්ෂාත් වනවා."හම්බන්තොට වරායක් හැදුවොත් ලංකාවට විශාල ආදායමක් එනවා.ඒක මහවැලියටත් වඩා විශාල ව්‍යාපෘතියක් වෙනවා.මුළු වැඩේම අපිටම කරන්න පුළුවන්;පිටරට උදව් නැතිව." මිරිස්ස,තංගල්ල,යාපනය,බේරුවල ධීවර වරායන් කුලසිංහයන්ගේ නිර්මාණ වේ.තාර ඇතිරූ මහාමර්ග වෙනුවට කොන්ක්‍රීට් දැමීම,දුම්රිය මාර්ගවල දැව සිල්පර වෙනුවට කොන්ක්‍රීට් සිල්පර දැමීම,පූට්‍ටු පාලම් ඉදිකිරීම් කුලසිංහයන්ගේ අධීක්ෂණය යටතේ සිදු වූ තවත් වැදගත් ක්‍රියාකාරකම් වේ.

දුම්රිය මාර්ගවලට කොන්ක්‍රීට් සිල්පර දැමීමෙන් 25% ක පමණ මුදලක් ඉතිරි කරගත හැකි බවත් ඔහු පෙන්වා දුන්නා.දේශීය ඉංජිනේරුවන්ගේ ශිල්පීය හැකියාව කෙරෙහි කුලසිංහයන් සියයට සීයක් විස්වාසය තැබුවා.විදේශීය උපදෙස් ගැන ඔහු ඒතරම් තැකීමක් කළේ නැහැ.ඔහු ඇතැම් අවස්ථාවලදී විදේශීය ඉංජිනේරුවන් සමග ගැ‍ටුණු බවක්ද සඳහන් වෙනවා.ඊට හොඳම නිදර්ශනයක් තමයි මාදුරු ඔය ජලාශයේ ඉදිකිරීම්.මෙහි ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් පැවතියදී ඉහළින් ලැබුණු නියෝගයකින් කියැවුණේ ඉදිකිරීම් වහාම නවතා දමන ලෙසයි.එයට හේතුව වූයේ කැනඩාවෙන් ඉංජිනේරු කණ්ඩායමක් පැමිණීමයි.මෙයින් වියදම සිවු ගුණයක් වන බවත් කිසියම් ප්‍රමාදයක් සිදුවන බවත් කුලසිංහයන් පෙන්වා දුන් නමුත් වගකිව යුත්තන් ඒ පිළිබඳ තැකීමක් කලේ නැත. මිලියන 650 කින් නිමකරන්නට සැලසුම්කර තිබූ මෙම ජලාශය විදේශ ආධාර යටතේ ඉදිකිරීම සඳහා මිලියන 2800 වැයකිරීමට සිදුවීම,එපමණක් නොවේ දේශීය සැලසුම්වල මෙගාවොට් 6ක විදුලි බලාගාරයක් ද ඇතුලත් විය.එහෙත් කැනඩා සැලසුම්වල එවැන්නක් තිබුනේ නැත.එම ඉන් ලැබෙන වාසියද ලංකාවට අහිමි විය.එහි ප්‍රතිඵලය වූයේ මාදුරු ඔය ජලාශයේ ජලය අපතේ යාමයි.

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "inner.gif". Island.lk. 26 October 1919. සම්ප්‍රවේශය 30 January 2013.
  2. ^ "Kulasinghe inventions to the rescue of fuel crisis". Asian Tribune. 25 September 2007. සම්ප්‍රවේශය 30 January 2013.
"https://si.wikipedia.org/w/index.php?title=ඒ.එන්.එස්._කුලසිංහ&oldid=409274" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි