එයාර් බස් A380

විකිපීඩියා වෙතින්
A380
භූමිකාව තට්ටු දෙකක්, අදිවේගි මගී ගුවන් යානය
මුල් රට බහුජාතික
නිෂ්පාදක එයාර් බස්
පළමු ගුවන් ගමන 27 අප්‍රේල් 2005
හඳුන්වාදීම 25 ඔක්තෝබර් 2007
සිංගප්පූරු ගුවන්සේවය සමග
තත්ත්වය සේවය
ප්‍රාථමික පරිශීලකයාs [එමිරේට්]
[සිංගප්පූරු ගුවන්සේවය]
නිෂ්පාදනය කළා 2004–present
ගොඩනගා ඇති ගණන 124 පෙබරවාරි 2014 වන විට[1]
ඒකක පිරිවැය US$403.9 million[2] (approx. සැකිල්ල:Euro or සැකිල්ල:GBP)

එයාර් බස් A380 යනු [තට්ටු දෙකකින්] සහ එන්ජින් හතරකින් සමන්විත [එයාර් බස්] සමාගම මගින් නිපද වු [අදිවේගි මගී ගුවන් යානයකි]. මේය දැනට ඇති විශාලම මගී ගුවන්යානය වේ ; මෙහි විශාලත්වය නිසා බොහෝ ගුවන්තොටුපළවල් නවීකරණය කීරීමට සිදු විය. A380 ගුවන් යානය ප්‍රථම ගුවන් ගමන 2005 අප්‍රේල් 27 දින සිදු කළ අතර; 2007 ඔක්තෝබර් මස සිට සිංගප්පූරු ගුවන්සේවය සමග වාණිජ ගුවන් සේවය ආරම්භ විය.


නිපදවීම[සංස්කරණය]

පසුබිම[සංස්කරණය]

1988 වසරේ දී එයාර් බස් සමාගමේ ඉංජිනේරුවරයෙක් වූ ජේන් රොජෙර් විසින් රහසිගතව අධි ධාරිතවයෙන් යුතු ගුවන් යානයක් නිපදවීම ආරම්භ කළේය. එහි ප්‍රධාන අරමුණ වුයේ එතෙක් පැවති බෝයිං සමාගමේ වෙළදපොළ ආධිපත්‍යය බිද දැමීමයි. මේ සදහා එයාර් බස් සමාගම ගුවන් යානා සැලසුම්කරුවන් කණ්ඩායම් හතරක් සහභාගී කර ගත්තේය.


1993 ජනවාරි මස , බෝයින් සමාගම සහ එයාර් බස් සමාගම එකතු වී සක්‍යතා පරීක්ෂණයක්, වෙළද සබඳතා ඇති කර ගැනීම සදහා සිදු කෙරින. ඒහෙත් මෙම පරීක්ෂණය වසර දෙකකට පසු අතහැර දැමීමට සිදු විය. එයට හේතු වූයේ බෝයිං සමාගමේ විශ්ලේෂකයන් දැක්වූ අදහසයි. ඔවුන් සදහන් කළ පරිදි මෙම නිෂ්පාදනය සදහා අපේක්ෂිත වියදම වූ ඩොලර් බිලියන 15 මුදල මේ සදහා ප්‍රමාණවත් නොවීමයි .

ප්‍රථම A380 ගුවන් යානය, 2005 ජනවාරි 18 දින ප්‍රංශයේ "A380 Reveal" නම් ගුවන් යානය එළි දැක්විමේ උත්සවදී

1994 ජූනි මස එයාර් බස් සමාගම විසින් විශාල ගුවන් යානා නිපදවීමේ තම සැලසුම් ප්‍රකාශයට පත් කළේය. එම සැළසුම් ප්‍රකාශයට පත් කීරීමට පෙර එයාර් බස් සමාගම විසින් විශාල සැලැසුම් ප්‍රමාණයක් සලකා බලන ලදී. පසුව එයාර්බස් සමාගම විසින් තම නිෂ්පාදන වියදම 15%-20% ප්‍රමාණයකින් අඩු කර ගැනීම සදහා තම සැලැසුම් සංශෝධනය කරන ලදී. ඔවුන් විසින් මෙතෙක් පැවති තනි තට්ටුවකින් යුතු ගුවන් යානා වෙනුවට තට්ටු දෙකකින් යුත් ගුවන් යානා නිපදවීමට සැලැසුම් කළේය.

එතෙක් පැවති එයාර් බස් සමාගමේ ගුවන් යානා සාම්ප්‍රදාය වෙනස් කිරීමට 'A380' ගුවන්යානයට හැකිවිය. A380 ගුවන්යානයේ හැඩරුව 2001 වසරේ මුල් භාගයේ සැලැසුම් කර අවසන් කිරීමට එයාර් බස් සමාගමට හැකි විය. ප්‍රථම A380 ගුවන් යානයේ තටුව නිපදවීම 2002 ජනවාරි මස 23 දින ආරම්භ විය. ගුවන් යානය නිපදවා අවසන් වනවිට නිෂ්පාදන වියදම යුරෝ බිලියන 11 දක්වා වැඩි වී තිබුණි.

නිෂ්පාදනය[සංස්කරණය]

Diagram showing flow of aircraft part in western Europe. Land is white, sea is pale blue
A380 කොටස් අවසන් නිපදවීමේ මධස්ථානය වූ Toulouse වෙත ප්‍රවාහන කළ ගමන් මාර්ග

ප්‍රධාන ව්‍යූහාත්මක නිපදවීම ප්‍රංශය, ජර්මනිය, ස්පාඤ්ඤය සහ එක්සත් රාජධානිය යානා රටවල් මුලික කරගෙන සිදු විය. A380 නිපදවීමට අවශ්‍ය කොටස් වල විශාලත්වය නිසා සාම්ප්‍රදායික ප්‍රවාහන ක්‍රම භාවිතා කිරිමට නොහැකි විය. සමහරක් අවශ්‍ය කොටස් බෙලුගා නම් ගුවන්යානා මගින් ද ප්‍රවාහන කිරීමට සිදු විය. A380 සදහා අවශ්‍ය කොටස් ලෝකය පුරා සිටින ප්‍රධාන සැපයුම්කරුවන් 4 දෙනෙකුගෙන් ලබා ගැනිමට සිදු විය.


A380 කොටස් විශාල පාරු මතින් ප්‍රවාහන කිරීම

ගුවන්යානයේ ඉදිරිපස හා පසුපස රාමුව නැව් මගින් ජර්මනියේ සිට එක්සත් රාජධානිය බලා ප්‍රවාහන කරන ලදී. ගුවන් යානයේ තටු නිපදවන ලද්දේ උතුරු වේල්සයේය. A380 ගුවන් යානයට අවශ්‍ය කොටස් විශාල පාරු වැනි නැව් උපයෝගී කර ගෙන ලන්ඩනය බලා ප්‍රවාහනය කළේය. අවසානයේදී සියලු කොටස් එකතු කිරීමෙන් පසුව තීන්ත ගැල්වීමට ගුවන් යානය ජර්මනියට ප්‍රවාහන කිරීමට සිදු විය.

පරික්ෂා කිරීම[සංස්කරණය]

A380 ගුවන් යානයේ ප්‍රථම ගුවන් ගමනෙන් පසු ගොඩ බෑම

A380 ගුවන් යානා 5ක් පරික්ෂණ කටයුතු සදහා යොදා ගැනින. ප්‍රථම A380 යානය 2005 ජනවරි 18 දින Toulouse ගුවන්තොටුපලේ දී විව්‍රුත කරන ලදී. ප්‍රථම ගුවන් ගමන උදැසන 10.29 (දේශීය) ට අාරම්භ කරන ලදී. මෙම ගුවන් ගමන Toulouse Blagnac අන්තර්ජාතික ගුවන් තොටුපල සිට කාර්ය මණ්ඩලයේ 6 දෙනෙක් සහ ප්‍රධාන ගුවන් නියමු Jacques Rosay විසින් සිදු කරන ලදී. ප්‍රථම ගුවන් ගමන සදහා පැය 3 සහ විනාඩි 54 කාලයක් ගත විය.

A380 ගුවන් යානයේ ගුවන් ඉංජිනේරු පාලන මැදිරිය F-WWOW

2006 වසරේදී ප්‍රථම ඉහළ අහසේ ගුවන් ගමන් පරීක්ෂණ Bole අන්තර්ජාතික ගුවන් තොටුපලේදී සිදු විය.2006 සැප්තැම්බර් 4 වන දින මගීන් සහිතව සිදු කෙරුණු පරීක්ෂණ චාරිකාව Toulouse Blagnac අන්තර්ජාතික ගුවන් තොටුපලේදී සිදුවිය. 2006 නොවැම්බර් මස දී මගීන් සහිතව පැය 150 කාලයක පරීක්ෂණ චාරිකාවක් සාමාන්‍ය ගුවන් ගමන් තත්ත්ව යටතේ සිදු කෙරිණි.


නිෂ්පාදන හා භාරදීමේ ප්‍රමාදයන්[සංස්කරණය]

A380 නිෂ්පාදනයෙදී සිදු වූ ප්‍රමාද දෝෂයක් වන්නේ ගුවන් යානයේ කිලෝමීටර් 530ක් දිග වූ වයර් පරිපථය සැදිමේ දී සිදු වූ ප්‍රමාදයි.2005 ජූනි මස එයාර් බස් සමාගම තම ප්‍රථම නිෂ්පාදන ප්‍රමාදය ප්‍රකාශ කළහ.එය මාස 6ක ප්‍රමාදයකි.තවද 2006 ජුනි මස එයාර් බස් සමාගම විසින් තම දෙවන ප්‍රමාදය ප්‍රකාශ කළහ.එම නිසා භාර දීමේ කාලය මාස 6ක් පමණ කල් දැමීමට සමාගමට සිදු විය.

A380 එයාර් බස් ගුවන් යානය

2008 මැයි 13 වන දින එයාර් බස් සමාගම නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියේ තම නිෂ්පාදන ප්‍රමාණය අඩු කිරීමට සිදු වන බවයි.සමාගම විසින් 2009 වසරේදී A380 ගුවන් යානා 10ක් නිෂ්පාදන කළහ.2010 වසරේදී ගුවන් යානා 20ක් නිෂ්පාදන කිරීමට සැලැසුම් කර තිබුනත් ගුවන් යානා එන්ජින් වල පැවතී හිගයක් නිසා ගුවන් යානා 18ක් පමණක් නිපදවීමට සමාගමට සිදු විය.

සේවයට එකතු වීම[සංස්කරණය]

Lufthansa A380 ගුවන් යානය Stuttgart ගුවන්තොටුපලේදී

2007 වසරේදී ඔක්තෝබර් මස 15 දින සිංගප්පුරු ගුවන් සමාගමට යවන ලද A380 ගුවන් යානය සිංගප්පුරු ගුවන් සමාගම විසින් 2007 වසරේ ඔක්තෝබර් 25 දින සිට ගුවන් යානා අංක SQ380 යටතේ සිංගප්පූරුවේ සිට සිඩ්නි දක්වා ධාවනයට එකතු විය.එමිරේට් ගුවන් සේවය A380 ගුවන් යානා ධාවනයට එක කළ දෙවන ගුවන්යානා සේවාව ලෙස ඩුබායි සිට නිව්යෝක් දක්වා ගුවන් ගමන් ආරම්භය කළහ.


සිංගප්පුරු ගුවන් සමාගමේ A380 ගුවන් යානය ගුවන් ගත වීමට සුදානම් ව

2008 සැප්තැම්බර් 19 සිට Qantas ගුවන්යානා සමාගම මෙල්බර්න් සිට ලොස්ඇන්ජලීස් දක්වා ගුවන් ගමන් ආරම්භ කළේය.2009 ඔක්තෝබර් මස Air France ගුවන්යානා සමාගමටත් 2010 මැයි මස තමන්ගේ ප්‍රථම A380 ගුවන්යානා ගත්තේය. සියවැනි A380 ගුවන් යානය මැලේසියානු ගුවන් සමාගම මිලදී ගත්තේය.

සැලැසුම් නිර්මාණය[සංස්කරණය]

විශ්ලේෂණය[සංස්කරණය]

A380 හි හරස්කඩ පෙනුම,ආසන පිහිටීම

A380 ගුවන්යානා ප්‍රධාන ආදර්ශන 2කි.ඒවා නම් මගීන් 555 දෙනෙක් තත්වය(class) 3ක් යටතේ හෝ මගීන් 853 දෙනෙක් (මගීන් 538 ඉහල තට්ටුවේ හා මගීන් 315 දෙනෙක් පහළ තට්ටුවේ) එකම තත්වය යටතේය.මෙහි පළමු ආදර්ශනය නොනැවතී හොංකොං සිට නිව්යෝක් හෝ සිඩ්නි සිට ඉස්තන්බුල් දක්වාත් ධාවනය කල හැක.දෙවන ආදර්ශනය ටොන් 150ක් ඔසවාගෙන පියසාර කළ හැක.

මෙම ගුවන් යානයේ එන්ජින් ශබ්දය සාමාන්‍ය ගුවන් යානා වල එන්ජින් ශබ්දයට වඩා 50% පමණ අඩු වීම පහසුවකි.ගුවන් යානයේ තටු නිපදවා ඇත්තේ ඉන්ධන කාර්යෂ්මතාවය උපරිම කර ගැනීමට හා කාර්ය සාධනය වැඩි කර ගත හැකි වන පරිදිය.


එන්ජින් පද්ධතිය[සංස්කරණය]

බ්‍රිතාන්‍ය ගුවන් සමාගමට අයත් A380 හි එන්ජිම
A380 හි ප්‍රධාන එන්ජින්(තල සහිත )2ක් ඇත.  A380 නිෂ්පාදනයේ දී එන්ජිමේ ශබ්දය අඩු කර ගැනීම වැදගත් සාධකයකි. 

මෙහි ශබ්ද පාලනය නිසා A380 ට සම්මානයක් පවා හිමි වී තිබේ.


සිංගප්පූරු ගුවන් සමාගමේ A380 ගුවන් යානයක්


උසස් අමුදව්‍ය[සංස්කරණය]

ගුවන් යානා බද නිපදවා ඇත්තේ ඇලුමිනියම් යොදා ගෙනය. Carbon-fibre reinforced plastic, glass-fibre reinforced plastic සහ quartz-fibre reinforced plastic යොදා ගුවන් යානයේ තටු හා දොරවල් නිපදවා ඇත.A380 ගුවන් යානය ප්‍රථම වරට ෆයිබර් ප්ලාස්ටික් යොදා තටු නිපදවා ඇති වාණිජ යොදා ගෙන ගුවන් යානයේ ඉදිරිපස බද කොටස නිපදවා ඇත.මෙම බද කොටස නිපදවීමේදී නවීන ලේසර් වෑල්ඩින් ක්‍රම උපයෝගී කරගෙන ඇත.මේ නිසා ගුවන් යානයේ බර අඩු වන අතර යානයේ ශක්තිමත් බව වැඩි වේ.

ගුවන් යානයේ තටු නිපදවීම සදහා යොදා ගත් කාබන් ෆයිබර් නිසා බර අඩු වන නමුත් පසු කාලයේදී තටු වල ඇති වූ යම් යම් දෝෂ නිසා බරින් වැඩි සාමාන්‍ය ඇලුමිනියම් භාවිතා කිරීමට සිදු විය. මෙමගින් යානයේ බර කිලෝ 90ක් පමණ වැඩි වූ බව සදහන් වෙයි.


මගීන්ගේ පහසුකම්[සංස්කරණය]

එමිරේට් A380 හි ඉහල තට්ටුවේ පිහිටි ව්‍යපාරික පන්තිය

මෙම A380 ගුවන් යානයේ මගී කුටිය නිපදවා ඇත්තේ මගීන්ගේ මහන්සිය අඩු කර ගත හැකි වන පරිදිය.මගී කුටියට එන්ජින් ශබ්දය අඩුවෙන් ඇසෙනා පරිදි නිපදවා ඇත.සාමාන්‍ය ගුවන් යනා වලට වඩා මෙහි මගී කුටිය වඩාත් සුවපහසුය. මගී කුටියේ විශාල ජනෙල් පිහිටා ඇති අතර කුටියේ ඉහලට වන්නට මගී ගමන් මලු තැබීමට විශාල රාක්ක නිපදවා ඇත.

ඒයාර් ෆ්‍රාන්ස් A380 හි පහල තට්ටුවේ පිහිටි සමාන්‍ය පන්තිය

ගුවන් යානයේ ඉහල හා පහල තට්ටු පඩිපෙළවල් 2කින් සම්බන්ධ වේ.එම පඩිපෙළ මතින් එකවර මගීන් දෙදෙනෙකුට පහසුවෙන් ගමන් කළ හැකි වන පරිදි විශාලත්වයකින් යුතුය.මෙහි සාමාන්‍ය පන්තියේ එකවර මගීන් 853 දෙනෙකුට ගමන් කළ හැක. මගී කුටියේ ඇතුලත ආලෝකය ලාබා දෙන්නේ විදුලි බුබුළු රහිත LED වලිනි.මෙම LED මගීන් කුටියේ ආලෝකය අදුර,දහවල් හෝ අතරමැදි යන ආලෝක තත්ව ලබා ගැනීම සදහා යොදා ගත හැක.

එමිරේට් A380 හි පිහිටි බිමහල

මෙහි මගීන්ට නිදහසේ ගත කිරිමට බීම හල් ,විවේකි ස්ථාන නිපදවා ඇත.තවද මෙහි රූපලාවන්‍යගාරයක් ද පිහිට ඇත.


නිර්මාණයේ සම්මත ප්‍රමිතීන්[සංස්කරණය]

ගොඩබිම් මෙහෙයුම්[සංස්කරණය]

A380 ගුවන් යානයට මගී පර්යන්ත 3ක් සැපයීම,2ක් ප්‍රධාන කුටියටත් 1ක් ඉහල කුටියටත්
A380 හි ගොඩබිම් මෙහෙයුම් ජර්මනියේ ගුවන්තොටුපලකදී

1990 වසරේදී ගුවන් යානා නිෂ්පාදකයන් බෝයිං 747 ගුවන් යානා වලට වඩා විශාල යානා නිපදවීමට තීරණය කර තිබේ.මේ අනුව ගුවන්තොටුපල නිෂ්පාදකයන් "80-metre box" නිර්මාණය කරයි. එමගින් air port gate වලට 80m පමණ උස ගුවන් යානා වලට පවා සම්බන්ධ විය හැක.මෙම ප්‍රමිතියට අනුව A380 ගුවන් යානය නිපදවා ඇත.තවද පළල 60m වන පරිදි නිපදවා ඇත.එය ගුවන්තොටුපල ගොඩබිම් මෙහෙයුම් වලට වාසියකි.

A380 හි ප්‍රධාන රෝද පද්ධතිය

A380 ගුවන් යානයේ ඉහල තට්ටුවට ළගා වීමට හැකි සේවා වාහන අවශ්‍ය වේ.තවද A380 වැනි විශාල බරකින් යුතු ගුවන් යානා ගොඩබිමේ පාලනය සදහා අවශ්‍ය වන ට්‍රැක්ටර් රථද ගුවන්තොටුපල සතු විය යුතුය.


A380 හි වීඩියෝව


අනාගත වෙනස්වීම්[සංස්කරණය]

වැඩිදියුණු වූ A380-800[සංස්කරණය]

සිංගප්පූරු ගුවන් සේවයට අයත් A380 යානයක් ගුවන් ගත වීම

2010 වසරේදී එයාර් බස් සමාගම තමන් වැඩි දියුණු කරන ලද A380 ගුවන් යානා නිපද වූ බව ප්‍රකශ කළහ.එහිදී ගුවන් යානයේ ගෙන යා හැකි උපරිම බර ප්‍රමාණය වැඩි කර තිබේ.බ්‍රිතාන්‍ය ගුවන් සමාගම හා එමිරේට් ගුවන් සමාගම් මෙම වැඩි දියුණු කරන ලද ගුවන් යානා ප්‍රථම වරට මිල දී ගත්හ.

තවද 2012 වසරේදී එයාර් බස් සමාගම විසින් A380 ගුවන් යානය තවදුරටත් වැඩි දියුනු කරමින් එහි ගෙන යා හැකි උපරිම බර ප්‍රමාණය තවත් වැඩි කළහ.




2005 Paris Air Show තිබු A380 ආකෘතිය
A380 යානයක් 2011 දී රුසියාවේ .

ඇනවුම් හා භාරදීම්[සංස්කරණය]

දැනට පාරිභෝගිකයන් 20 දෙනෙක් පමණ A380 ගුවන් යානා ඉල්ලුම් කර තිබේ. ඒ අතර වැදගත් පුද්ගලයන් ද සිටි.2014 පෙබරවාරි වන විට A380 ගුවන් යානා ඇනවුම් 324 ලැබී ඇත.එයාර් බස් සමාගමේ විශාලම පාරිභෝගිකයා වන්නේ එමිරේට් ගුවන් සමාගමයි.ඔවුන් දැනට ගුවන් යානා 140ක් ඉල්ලුම් කර ඇත. .


සැකිල්ල:A380 Orders and Deliveries

මෙහෙයුම් පද්ධති[සංස්කරණය]

  A380 යානා 1ක් හෝ වැඩි ගණනක් ඇති රටවල්
  අනාගත මෙහෙයුම්

මේ වන විට A380 ගුවන් යානා 123ක් ලොව පුරා සිටින ගුවන් සේවා සමාගම් 10ක් යටතේ පියසාර කරයි.ඒවා නම් එමිරේට් (44),සිංගප්පූරු ගුවන් සේවා (19),Qantas (12),Lufthansa(10),එයාර් ෆ්‍රාන්ස් (9),කොරියන් එයාර් (8),මැලේසියා ගුවන්සේවා (12),තායි ගුවන් සේවා (6), චීන ගුවන් සේවා (5) හා බ්‍රිතාන්‍ය ගුවන් සේවා (4) වශයෙනි.

මැලේසියානු ගුවන් සේවයේ A380 යානයක්
  • සිංගප්පූරු ගුවන්සමාගම පළමු A380 සේවය 2007 ඔක්තෝබර් 25 දින [3]
  • එමිරේට් ගුවන්සමාගම පළමු A380 සේවය 2008 අගෝස්තු 1 දින [4]
  • Qantas ගුවන්සමාගම පළමු A380 සේවය 2008 ඔක්තෝබර් 20 දින [5]
  • එයාර් ෆ්‍රාන්ස් ගුවන්සමාගම පළමු A380 සේවය 2009 නොවැම්බර් 20 දින [6]
  • Lufthansa ගුවන්සමාගම පළමු A380 සේවය 2010 ජුනි 6 දින [7]
  • කොරියන් එයාර් ගුවන්සමාගම පළමු A380 සේවය 2011 ජුනි 17 දින [8]
  • චීන ගුවන්සමාගම පළමු A380 සේවය 2011 ඔක්තෝබර් 17 දින [9][10]
  • මැලේසියා ගුවන්සමාගම පළමු A380 සේවය 2012 ජූලි 1 දින [11]
  • තායි ගුවන්සමාගම පළමු A380 සේවය 2012 ඔක්තෝබර් 6 දින .[12]
  • බ්‍රිතාන්‍ය ගුවන්සමාගම පළමු A380 සේවය 2013 සැප්තැම්බර් 24 දින .

සිද්ධීන් හා අනතුරු[සංස්කරණය]

2010 නොවැම්බර් 4 වන දින Qantas ගුවන් සමාගමට අයත් 32 දරණ ගුවන් යානය සිංගප්පූරුවේ Changi ගුවන්තොටුපලේ සිට සිඩ්නි ගුවන්තොටුපල දක්වා පියසර කරමින් තිබියදී එන්ජිමක ඇති වු කාර්මික දෝෂයක් නිසා යානය නැවත සිංගප්පූරුව බලා නැවත හරවාගෙන ඒමට සිදු විය.එහිදී කිසිදු මගියෙකුට හෝ කාර්ය මණ්ඩලයේ කිසිවෙකුට හානියක් සිදු නොවිය.

පිරිවිතර[සංස්කරණය]

ලොව විශාලම ගුවන්යානා 4 අතර සංසන්දනය:
  Airbus A380-800
A380-800 හි ආසන පිහිටීම, ආසන 519 (පහල 331 ,ඉහල 188 )
මිණුම් A380-800 A380F
නියමුවන් ගණන දෙකයි
මගීන් 525-555 (1-වන පන්තිය)[13][14]
644 (2-වන පන්තිය)
853 (3-වන පන්තිය)
12 couriers
Length overall 72.73 m (238.6 ft)[14]
Wingspan 79.75 m (261.6 ft)[14][15]
Height 24.45 m (80.2 ft)[14]
Wheelbase 31.88 m (104.6 ft)[13]
Wheel track 12.46 m (40.9 ft),[14] 14.34 m (47.0 ft) total width[13][15]
Outside fuselage width 7.14 m (23.4 ft)
Outside fuselage height 8.41 m (27.6 ft)
Maximum cabin width 6.54 m (21.5 ft) main deck
5.80 m (19.0 ft) upper deck[13]
Cabin length 49.9 m (164 ft) main deck
44.93 m (147.4 ft) upper deck
Wing area 845 m2 (9,100 sq ft)
Aspect ratio 7.5
Wing sweep 33.5°
Maximum taxi/ramp weight 577,000 kg (1,272,000 lb) 592,000 kg (1,305,000 lb)
Maximum take-off weight 575,000 kg (1,268,000 lb) 590,000 kg (1,300,000 lb)
Maximum landing weight 394,000 kg (869,000 lb) 427,000 kg (941,000 lb)
Maximum zero fuel weight 369,000 kg (814,000 lb) 402,000 kg (886,000 lb)
Typical operating empty weight 276,800 kg (610,200 lb) 252,200 kg (556,000 lb)
Maximum structural payload 89,200 kg (196,700 lb) 149,800 kg (330,300 lb)
Maximum cargo volume 184 m3 (6,500 cu ft)[16] 1,134 m3 (40,000 cu ft)[17]
Maximum operating speed
at cruise altitude
Mach 0.89[13]
(945 km/h, 587 mph, 510 knots)
Maximum design speed
in dive at cruise altitude
Mach 0.96[18]
(at cruise altitude: 1020 km/h, 634 mph, 551 knots)
Take off run at MTOW/SL ISA 2,950 m (9,680 ft)[14]
Range at design load 15,700 km (8,500 nmi, 9,755 mi)[13] 10,400 km (5,600 nmi, 6,400 mi)[19]
Service ceiling 13,136 m (43,097 ft)[20]
Maximum fuel capacity 323,546 l (85,472 US gal)
Engines (4 ×) GP7270 (A380-861)
Trent 970/B (A380-841)
Trent 972/B (A380-842)
GP7277 (A380-863F)
Trent 977/B (A380-843F)
Thrust (4 ×) 310 kN (70,000 lbf) – GP7270[21]
320 kN (72,000 lbf) – GP7272[22]
310 kN (70,000 lbf) – Trent 970/B[23]
320 kN (72,000 lbf) – Trent 972/B
340 kN (76,000 lbf) – GP7277
340 kN (76,000 lbf) – Trent 977/B

Sources: Airbus A380 specifications[13][14]

මේවාත් බලන්න[සංස්කරණය]

Related development

සැසඳිය හැකි ගුවන්යානා

අදාළ ලැයිස්තු

නිර්දේශනය[සංස්කරණය]

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Airbus_O_D නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. "New pricelist 2013". Airbus.com. January 2013. සම්ප්‍රවේශය 7 June 2013.
  3. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; 1st SIA flight නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  4. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; 1st UAE flight නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  5. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; 1st QFA flight නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  6. "Air France gets Europe's first A380 superjumbo". Agence France-Presse. 30 October 2009.
  7. "Lufthansa flies German team to Johannesburg with A380". Lufthansa. 7 April 2010.
  8. Eun-joo, Lee (17 June 2011). "East Asia's first A380 goes into operation today". Korea JoongAng Daily.
  9. "Airbus delivers China Southern Airlines' first A380". Airbus.com. 14 October 2011. සම්ප්‍රවේශය 22 October 2011.
  10. "China Southern Airlines receives its first 'Pearl of the sky' A380 jetliner". Airbus.com. 14 October 2011. සම්ප්‍රවේශය 22 October 2011.
  11. Platt, Craig (2 July 2012). "Newest superjumbo takes off for Malaysia Airlines". The Sydney Morning Herald. සම්ප්‍රවේශය 6 July 2012.
  12. Singapore, Thai. "A380 Fantasy Fares". thaiairways.com. සම්ප්‍රවේශය 14 November 2012.
  13. 13.0 13.1 13.2 13.3 13.4 13.5 13.6 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; a380_specs නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  14. 14.0 14.1 14.2 14.3 14.4 14.5 14.6 "A380 Aircraft Characteristics - Airport and Maintenance Planning" (PDF). Airbus. 1 November 2012. සම්ප්‍රවේශය 17 October 2013.
  15. 15.0 15.1 "Interim Aerodrome requirements for the A380" (PDF). Civil Aviation Authority of New Zealand. 4 November 2004.
  16. Airbus, Airbus. "Dimensions & key data". Airbus. සම්ප්‍රවේශය 14 November 2012.
  17. "Airbus A380F Wide-Bodied Freighter". Aerospace-technology.com. 12 December 2006. සම්ප්‍රවේශය 9 August 2011.
  18. "A380 powers on through flight-test". Flight International. 20 December 2005. සම්ප්‍රවේශය 30 December 2011.
  19. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; a380_freighter නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  20. "Exemption No. 8695". Renton, Washington: Federal Aviation Authority. 24 March 2006.
  21. "GP7200 series specification". Engine Alliance. සම්ප්‍රවේශය 12 August 2011.
  22. "Airbus to offer higher-weight A380 from 2013". Flight International. සම්ප්‍රවේශය 17 October 2013.
  23. "Trent 900 fact sheet" (PDF). Rolls-Royce. සම්ප්‍රවේශය 12 August 2011.

ලේඛන නාමාවලිය[සංස්කරණය]

බාහිර සම්බන්ධතාවයන්[සංස්කරණය]

බාහිර පින්තූර
Airbus A380-800 cutaway
Airbus A380-800 cutaway from Flightglobal.com

සැකිල්ල:Airbus A3xx timeline සැකිල්ල:Airbus aircraft

"https://si.wikipedia.org/w/index.php?title=එයාර්_බස්_A380&oldid=604887" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි