එඩ්ගා ඇලන් පෝ

විකිපීඩියා වෙතින්
එඩ්ගා ඇලන් පෝ
1849 "Annie" daguerreotype of Poe
උපතඑඩ්ගා පෝ
ජනවාරි 19, 1809(1809-01-19)
Boston, Massachusetts, United States
විපතOctober 7, 1849(1849-10-07) (වයස 40)
Baltimore, Maryland, United States
කලත්‍රයා(යන්)Virginia Eliza Clemm Poe

අත්සන

එඩ්ගා ඇලන් පෝ යනු ඇමරිකානු ග්‍රන්ථකර්තෘවරයෙකු, කවියෙකු, සංස්කාරවරයෙකු, සාහිත්‍ය විචාරකයෙකු ආදී ලෙස ලෙස හදුන්වා දිය හැකිය."මිස්ට්‍රි" හා "මැකබ්‍ර" යන කෘතීන්ගෙන් වඩාත් ප්‍රසිද්ධියට පත් පෝ මුල්කාලීන ඇමරිකානු කෙටිකතා නියුක්තිකයන්ගෙන් එක් අයෙකි. මොහු රහස් පරීක්ෂක ප්‍රබන්ධ කතා සාහිත්‍යයේ පුරෝගාමියා ලෙස සැලකෙන අතර විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍ය උදෙසා කරන ලද දායකත්වය වෙනුවෙන් සම්මානයටද පාත්‍ර විය. තම ආර්ථිකමය හා වෘත්තීමය දුෂ්කරතා හේතුකොටගෙන වෘත්තීමය ලේඛනයට පිවිසි පෝ, එමගින් පමණක් ජිවිකාව උපයා ගැනීමට උත්සහ කරන ලද ප්‍රකට ඇමරිකානු කතුවරයන්ගෙන් පලමුවැන්නා ලෙස ද හදුන්වා දිය හැකිය.

නාට්‍ය ශිල්පීන් දෙපලකගේ දෙවන දරුවා ලෙස උපන් පෝ ගේ පියා 1810 දී සිය පවුල හැර ගියේය. ඉන් අනතුරු වසරේදී ඔහුගේ මව මෙලොව හැර ගියාය. මෙලෙස අනාථභාවයට පත් පෝ දරුවා වර්ජිනියාවේ රිච්මන්ඩ් හි ජීවත් වූ ජෝන් සහ ෆ්‍රාන්සස් ඇලන් නම් දෙපල විසින් දරුවෙකු ලෙස හදා ගනු ලබයි. එහෙත් එය නීත්‍යානුකූලව සිදු කරන ලද්දක් නොවේ. එසේ වුවද පෝ තම තුරුණු විය දක්වාම ඔවුන් සමඟ සහයෝගයෙන් ජීවත් වී ඇති බව සඳහන් වේ.ජෝන් ඇලන් හා පෝ අතර ඝට්ටනය නිරතුරුව හටගන්නේ සූදුව නිස ඇතිවන ණයවීම් හා පෝ ගේ ද්වීතික අධ්‍යාපනය කරන්නට සිදුවූ වියදම හමුවේය. වර්ජිනියා විශ්ව විද්‍යාලයට ඇතුළත්වී පළමු වර්ෂාර්ධය පමණක් අවසන් කොට ආර්ථික අපහසුතා හමුවේ එය අතහැර දමන ඔහු සිය අධ්‍යාපන වියදම් වෙනුවෙන් පමණ ඉක්මවා මුදල් ඉල්ලමින් ඇලන් හා නිරන්තර අරගල කළේය. 1827 දී අන්වර්ථ නාමයක් යටතේ හමුදාව සේවයට බඳවා ගනු ලබන පෝ ඒ වනවිට ද සිය වෘත්තීමය ලේඛන දිවිය ආරම්භ කොට තිබිණ. ඒ "ටැම(ර්)ලන් හා වෙනත් කවි" යන කවි එකතුව ප්‍රකාශයට පත් කිරීමෙනි. එහෙත් ඔහු එහි සිය නාමය ඇතුලත් කළේ නැත. 1829 දී ෆ්‍රාන්සස් ඇලන් ගේ මිය යාමෙන් අනතුරුව පෝ හා ජෝන් ඇලන් තාවකාලික මිත්‍රත්වයකට පැමිණියහ. පසුකාලීනව උතුරු ප්‍රදේශයේ කැඩෙට් නිළධාරියෙකු ලෙස සේවයේ යෙදීමට අසමත් වීමත් කවියෙකු හා කතුවරයෙකු වීමට තිර අදිටනක පසුවන බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පෝ හා ජෝන් ඇලන් එකිනෙකාගෙන් වෙන්වූහ.

ඉන් අනතුරු වසර කිහිපය සාහිත්‍යමය සඟරා හා වාර සඟරා වෙනුවෙන් කැප කරමින් කාලය ගත කරන පෝ, විචාර සාහිත්‍යය ජිවිතයේ සිය අනන්‍යතාවය ගොඩ නඟා ගත්තේය. ලේඛනය හේතුවෙන් බැල්ටිමෝ, ෆිලදෙල්ෆියා, නිව්යෝ(ර්)ක් ආදී නගර කිහිපයකම සංචාරයේ යෙදීමට ඔහුට සිදු විය. 1835 දී බැටිල්මෝ නගරයේදී සිය දහතුන් හැවිරිදි ඥාති සොයුරිය හා විවාහ දිවියට පත්වන පෝ 1845 දී "රාවෙන්" නමින් පද්‍ය කාව්‍යය ප්‍රකාශයට පත් කළේය. එය ප්‍රකාශයට පත්වීමෙන් වසර දෙකක් ගත වන විට ඔහුට සිය බිරිය අහිමි වන්නේ ඇය ක්ෂය රෝගයයෙන් මිය යාම හේතුවෙනි. මේ අසහාය කලාකරුවා සිය හතලිස්වන වියේදී අවාසනාවන්ත ලෙස සිය අවසන් ගමන් යන්නේ එම මරණයට හේතු වූ කරුණ ද ලොවට රහසක්ව තබමිනි. එහෙත් මද්‍යසාර, බුද්ධි සංකූලතාවය, කොළරාව, මත්ද්‍රව්‍ය, හෘද්‍යාබාධය, ජල භීතිකාව, සියදිවි නසා ගැනීම, ක්ෂය රෝගය ආදී ඒ යැයි සැක කළ හැකි කරුණු කිහිපයක්ම සොයා ගත හැකිව ඇත. පෝ සහ ඔහුගේ ක්‍රියා කලාපයන් ඇමරිකානු සාහිත්‍යයට මෙන්ම මුළු ලෝක සාහිත්‍යටම මහත් බලපෑමක් සිදු කළ බව නොරහසකි. එසේම අජටාකාශ විද්‍යාව මෙන්ම ගුප්ත ලේඛන කලාව වෙනුවෙන් ද ඔහු මහත් මෙහෙයක් ඉටු කොට තිබේ. ඔහුගේ නිවාස කිහිපයක්ම අද කෞතුකාගාරයන් බවට පත් වී ඇත. රහස් පරීක්ෂක කතා සාහිත්‍යය උදෙසා ඔහු කරන ලද මෙහෙය අරඹයා ඇමරිකානු රහස් පරීක්ෂක කතාකරුවන් වෙත පිදෙන වාර්ෂික ත්‍යාගය "එඩ්ගා තිළිණය" ලෙසින් නම් කොට තිබේ.

ජීවිතය හා වෘත්තිය[සංස්කරණය]

මුල්කාලීන ජීවිතය[සංස්කරණය]

මෙම ඵලකය එඩ්ගා ඇලන් පෝ ගේ උපන් ස්ථානය ලෙස "දළ වශයෙන්" සැලකේ. මැසචුසෙට්ස් හි බොස්ටන් නගරය.

ඉංග්‍රීසි ජාතික නාට්‍ය ශිල්පීන් දෙපලක වූ එලිසබෙත් ආ(ර්)නෝල්ඩ් හොප්කින්ස් පෝ හා ඩේවිඩ් පෝ ජේ.ආර් ගේ දෙවන දරුවා ලෙස 1809 ජනවාරි 19 වන දින මැසචුසෙට්ස් හි බොස්ටන් නඟරයේ උපන් එඩ්ගා ඇලන් පෝ ගේ වැඩිමහල් සොයුරා විලියම් හෙන් රි ලෙනා(ර්)ඩ් පෝ වූ අතර බාල සොයුරිය රොසලී පෝ නම් විය. 1750 දී පමණ අයර්ලන්තයේ ක්වෑන් ප්‍රදේශයේ සිට ඇමරිකාවට සංක්‍රමණය වූ ඩේවිඩ් පෝ, ඔවුනගේ මුත්තණුවන් විය. 1810 දී ඔහුගේ පියා පවුල හැර යන අතර මව ඉන් අනතුරු වසරේ දී මෙලොව හැර යන්නේ ක්ෂය රෝගය වැලදීම හේතුවෙනි. ඉන් අනතුරුව පෝ, ව(ර්)ජිනියා හි රිච්මන්ඩ් ප්‍රදේශයේ ජීවත් වූ ස්කොට්ලන්ත ජාතික සාර්ථක ව්‍යපාරිකයෙකු වූ ජෝන් ඇලන් ගේ නිවසට රැගෙන යනු ලැබීය. ජෝන් ඇලන් යනු දුම්කොළ, ඇදුම්, තිරිඟු, සොහොන් කොත්, වහලුන් ආදී වූ විවිධ ආකාරයේ වෙළඳාමේ යෙදුනු සාර්ථක ව්‍යාපාරිකයෙකු විය. කිසිදා නීතිමය වශයෙන් දරුවෙකු ලෙස සාදා ගැනීම නොකලේ වුව ද, ඇලන් යුවල ඔහු සිය දරුවෙකු ලෙස හදා වඩා ගනිමින් "එඩ්ගා ඇලන් පෝ" යන නාමය ද ලබා දුන්හ.

ඇලන් යුවල විසින් සිය හදා වඩා ගත් පුතු වූ පෝ, 1812 දී එපිස්කෝපල් දේවස්ථානයෙදී භෞතීස්ම කරනු ලැබීය. ජෝන් ඇලන් සිය හදා වඩා ගත් පුතුට ඇතැම්විට නරක අයුරින් ද ප්‍රචණ්ඩ අයුරින් ද සැලකුවේය. 1815 දී පෝ සහ ඇලන්ගේ බිරිය වූ ෆ්‍රාන්සස් ඇලන් ඇතුළු පවුලේ සැම බ්‍රිතාන්‍යය වෙත යාත්‍රා කලහ. 1815 දී ස්කොට්ලන්තයේ ඉ(ර්)වින් පෙදෙසේ ශබ්දශාස්ත්‍රය පිළිබඳ ඉගැන්වෙන පාසලකට ද ඉතා කෙටි කළක් සහභාගී වන පෝ, අනතුරුව 1816 දී සිය පවුල හා නැවත එක්විමට තීරණය කරයි. අනතුරුව 1817 ගිම්හාන ඍතුව තෙක් චෙල්සී හි නේවාසික පාසලක ඉගෙනුම ලබන පෝ, පසුව ලන්ඩන් නගරයේ සිට කිලෝ මීටර 6ක් නුදුරින් පිහිටි ස්ටොක් නෙවින්ග්ටන් හි රිව(ර්)න්ඩ් ජෝන් බ්‍රාන්ස්බි ගේ මනෝර් හවුස් නම් පාසලට ඇතුළත් විය.

නැවත 1820 දී ඇලන් යුවල හා පෝ ව(ර්)ජිනියාහි රිච්මන්ඩ් ප්‍රදේශයට පිටත් වූහ. ඇලන් ගේ මාමණ්ඩිය වූ ද රිච්මන්ඩ් හි ධනවත්ම පුද්ගලයන් අතර එක් අයෙකු ද වූ විලියම් ගේල්ට් 1825 මාර්තු මස දී මිය යන්නේ වතු අක්කර කිහිපයක අයිතිය ඇලන් ට ඉතිරි කරමිනි. ඒ වනවිට ඔහුගේ උරුමය ඩොලර් හත්සිය පනස් දහසක් ලෙස තක්සේරු කොට තිබිණ. 1825 ගිම්හානය වනවිට ඇලන් මොල්ඩවියා නම් නිවසක් මිලදී ගනිමින් වඩාත් ප්‍රකට විය. 1826 පෙබරවාරියේ පුරාණ හා නවීන භාෂා අධ්‍යයනය පිණිස එකළ අවුරුද්දක් වයසැති වර්ජිනියා විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට ප්‍රථම සාරා එල්මිරා රොයිස්ටර් හා විවාහ ගිවිස ගත්තේය. වර්ජිනියා විශ්ව විද්‍යාලය යනු සිය ළදරු වියේ දී එහි නිර්මාතෘ තෝමස් ජෙෆසන් ගේ පරමාදර්ශයට අනුව නිර්මාණය වූවකි. එහි සූදුව, තුරඟ තරඟ, අවි ආයුධ, දුම්කොළ, මද්‍යසාර ආදියට එරෙහි තදබල ලෙස නීති පනවා තිබුනේ වුවද, ඒවා එතරම් ගණනකට නොගන්නා අයුරක් තිබිණ. ජෙෆර්සන් සිය විශ්ව විද්‍යාලය තුළ ස්වකීය ශිෂ්‍යයන් උදෙසා විශේෂ වැඩ පිළිවෙලක් සැකසුවේය. ස්වයං පාලනය වීමට, සිය අභිමතය පරිදි අධ්‍යයන විෂයයන් තොරා ගැනීමට, නේවාසික පහසුකම් තමා විසින් ම සකසා ගැනීමට මෙන්ම සියළු වැරදි හැසිරීම් පිළිබඳ පීඨය දැනුවත් කිරීම ට ද ශිෂ්‍යයන්ට ඉඩ හසර ලබා දීම සිදු විය. මෙම ආවේණික පද්ධතිය තවමත් අර්බුදයට ලක්ව ඇති අතර එය කෙමෙන් වියැකී යනු දක්නට ලැබේ. මේ කාලය තුළ ඔහුට රොයිස්ටර් හා සමීපව කටයුතු කිරීමට නොහැකි වූ අතර සිය හදා වඩා ගත් පියා වූ ඇලන් හා මත භේද ද ඇතිකර ගත්තේය. පෝ සිය උවමනා එපාකම් උදෙසා ප්‍රමාණවත් තරම් මුදල් ලබා නොදෙන්නේ‍යැයි නිරන්තර අරගල කළේය. ඇලන් ඔහුට අවශ්‍යය ඇඳුම් හා අමතර මුදල් ඔහු වෙත යැව්වේ වුවද, එයට ද වඩා පෝ ගේ ණය ප්‍රමාණය වැඩි වනු දක්නට ලැබිණ. වසරක් පමණ විශ්ව විද්‍යයාල ජීවිතය ගත කරන පෝ, එය අතහැර දැමීමට තීරණය කරයි. මේ අතර ඔහුගේ පෙම්වතිය වූ රොයිස්ටර් ඇලෙක්සැන්ඩර් ශෙල්ටන් නම් අයෙකු හා විවාහ දිවියට පත් වූවාය. මේ සියළු හේතූන් සලකා බලා 1827 දී බොස්ටන් නගරය වෙත යන පෝ, ලිපිකරුවෙකු හා පුවත්පත් කතුවරයෙකු ලෙස සේවය කරමින් සිය ජීවිකාව උපයා ගත්තේය.

හමුදා ජීවිතය[සංස්කරණය]

Fort Independence

1827 මැයි 27 වන දින පෝ, එඩ්ගා ඒ. පෙරී යන ආරූඪ නාමයෙන් රහසිගත ලෙස ඇමරිකානු හමුදාව වෙත බඳවා ගනු ලැබීය. එහිදී ඔහුගේ වයස විසි දෙකක් ලෙස සලකනු ලැබීය. පළමුව ඇමරිකානු ඩොලර් පහක මාසික වේතනයකට ෆොර්ට් ඉන්ඩිපෙන්ඩෙන්ස් හි සේවය කරන පෝ, එම වසරේදීම පිටු හතලිහකින් සමන්විත "ටැමර්ලන් හා වෙනත් කවි" යන කවි එකතුව ප්‍රකාශයට පත් කළේය. ඉන් මුද්‍රණය වන්නේ පිටපත් දහයක් පමණක් වූ අතර එය සැබවින්ම කිසිදු අවධානයක් දිනා ගත්තේ නැත. පෝ ගේ රෙජිමේන්තුව දකුණු කැලිෆොනියාවේ චාල්ස්ටන් පෙදෙසෙහි ෆෝට් මල්ට්‍රි වෙත යවන ලද අතර එහිදී ඔහු උසස්වීමක් ලද්දේ සිය වැටුප ද දෙගුණ කර ගනිමිනි. ඒ තනතුරෙහි වසර දෙකක් පමණ සේවය කරන පෝ, සැරයන් මේජර් වරයෙකු දක්වා උසස් වීමෙන් අනතුරුව සිය වසර පහක හමුදා සේවයෙන් වේලාසන සමු ගැනීමට අදහස් කළේය. ඔහු සිය අණ දෙන නිළධාරී ලියුටෙන්ටන්ට් හොවර්ඩ් වෙත තම සැබෑ නාමය හා යථා ස්වභාවය හෙළිකරන ලද අතර හෝවර්ඩ් හමුදා දිවියෙන් සමුගැනීම පිණිස ඔහුට සිය කැමත්ත පළ කරනු ලබන්නේ නැවත ඇලන් හා මිත්‍ර වන්නේ නම් පමණකැයි සඳහන් කිරීමෙනි. එහෙත් මාස කිහිපයක් ගත වූයේ වුවද පෝ එය නොසලකා හැරියේය. අවම වශයෙන් තම හදා වඩා ගත් මවගේ අසනීපය ගැන පවා සැලකීමට ඔහු උත්සාහ නොගත්තේය. ෆ්‍රාන්සස් ඇලන් 1829 පෙබරවාරි 28 වන දින මිය ගිය අතර, පෝ එම අවමංගල්‍යයට සහභාගී වන්නේ භූමිදානය ද අවසන් වීමෙන් අනතුරුවය. සිය බිරියගේ අවමංගල්‍යයෙන් පසුව මෘදු මොලොක් ස්වභාවයක් ගන්නා ඇලන්, පෝ වෙත තම සහය දැක්වීමට තීරණය කරයි. 1829 අප්‍රේල් 15 වන දින අවසානයේදී පෝ ව හමුදා සේවයෙන් නිදහස් කරන ලදහ. උතුරු අක්ශයට මාරුකිරීමට ප්‍රථම පෝ සිය වැන්දඹු නැන්දණිය, ඇගේ වර්ජිනියා එලිසා ක්ලෙම්, මිත්තණිය සහ ඔහුගේ සොහොයුරු හෙන් රි හා බැල්ටිමොවේ ටික කලක් වාසය කළේය. මේ අතරතුර පෝ සිය දෙවන පොත වූ Al Aaraaf, Tamerlane and Minor Poems 1829දී පළ කළේය.

මෘද්‍රණ ජීවිතය[සංස්කරණය]

ඔහුගේ සොයුරාගේ මරණයෙන් අනතුරුව ඔහු වඩාත් සිය ලේඛන දිවිය වෙත නැඹුරු වුවේය. ඔහු තෝරාගත් අවදිය ඇමරිකානු ලේඛන අවදියේ අපහසු කාළ පරිච්ඡේදයක් විය. ලේඛනයෙන් පමනක් සිය ජීවිකාව උපයා ගැනීමට උත්සුක වූ කතුවරයන්ගෙන් පළමුවැන්නා ඔහු වූ අතර ජාත්‍යන්තර ප්‍රකාශන අයිතිය පිළිබඳ ගැටළු ද මතු වී තිබිණ. මුද්‍රණ කර්මාන්තය ද 1837 භීතිකාව හේතු කොට ගෙන අර්බුදයට ලක්ව තිබිණ. ඇමරිකානු වාර සඟරාවල ඇති වූ සමෘදිමත් යුගයට එරෙහි කටයුතු සිදු වෙමින් පැවති අතර මුද්‍රණ ශිල්පීහු ඇමරිකානු රචකයන්ගේ නිර්මාණ මුද්‍රණය බොහෝ විට ප්‍රතික්ශේප කළ අතර ඇතැම් නිර්මාණයන් සඳහා මුදල් ගෙවන ලද්දේ පොරොන්දු වූ දින ප්‍රමාද වීමෙනි.

සිය ලේඛන දිවියේ මුල් කාළයේ දී ඔහු තම අවධානය යොමු කරන ලද්දේ ගද්‍ය රචනා කෙරෙහිය. කතාන්දර කිහිපයක්ම ඔහු විසින් රචනා කරන ලද අතර ඉන් අන්තුරුව පොලිටියන් නමින් ස්වකීය නාට්‍යයක ද කටයුතු ආරම්භ කළේය. 1833 දී "බැල්ටිමෝර් සැටර්ඩේ විසිටර්" විසින් පෝ ගේ Ms. Found in a Bottle නම් කෙටි කතාව වෙනුවෙන් ත්‍යයාගයක් ද පිරිනමණු ලැබීය. මෙම කතාන්දරයන් පළ කිරීමෙන් අනතුරුව ජෝන් කෙනඩි ගේ අවධානය ඔහු වෙත යොමු වූ අතර ඉන්පසු පළ කරන ලද කතාන්දර කිහිපයකටම ඔහුගේ සහයද ලැබිණි. ජෝන් කෙනඩි එඩ්ගා ඇලන් පෝ "සදර්න් ලිට්‍රි මැසෙන්ජර්" හි සංස්කාරකවරයෙකු වූ ඩබ්, වයිට් වෙත හදුන්වා දුන් අතර 1835 දී ඔහු වාර සඟරාවේ සහය සංස්කාරකවරයෙකු බවට පත් විය. නමුදු මද්‍යසාර පානය කොට තම ප්‍රධානියාට හසු වන පෝ ට සිය රැකියව ද අහිමි වේ. නැවත බැල්ටිමොර්වට පැමිණෙන පෝ සිය ඥාති සොහොයුරිය වූ වර්ජිනියා හා රහසේ විවාහ දිවියට පත් වේ. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 26ක් වන අතර ඇය 13 වන වසරට පා තැබුවා පමණි. යහපත් හැසිරීමක් පිළිබඳ පොරොන්දු කරවා ගනිමින් නැවත සේවයෙහි පිහිටු වීමට වයිට් තීරණය කරන ලදින් පෝ සිය බිරිය හා ඇගේ මව සමඟ නැවත රිච්මන්ඩ් වෙත යාමට තීරණය කළේය. එහිදී ඔහු විවිධ ආකාරයේ කවි, ග්‍රන්ථ විචාර, විවේචනාත්මක විචාර, කතාන්දර ආදිය පුවත්පත් හරහා පළ කලේය.

1836 දී පෝ ගේ දහතුන් හැවිරිදි ඥාති සොයුරිය, Virginia Clemm.

“The Narrative of Authur Gordon pym of Nantucket” යන්න 1838 දී පළ කරනු ලැබූ අතර 1839 ගිම්හාන ඍතුව වනවිට පෝ, Burton’s Gentleman’s Magazine යන සඟරාවේ සහය සංස්කාරවරයා බවට පත් විය. විවිධ ආකාරයේ කවි, ග්‍රන්ථ විචාර, විවේචනාත්මක විචාර, කතාන්දර ආදිය පළකරන පෝ සිය වෘත්තිමය දිවිය තුළ තියුණු විවේචකයෙකුගේ භූමිකාව නිරූපණය කළේය. එසේම 1839 දී “ Tales of the Grotesque and Arabesque “යන්න වෙළුම් දෙකකින් යුතුව ප්‍රකාශයට පත් කළේය. ඉන් ලැබූ ආදායම කුඩා වුව ද එයට මිශ්‍ර ආකාරයේ විවේචන එල්ල විය. Graham’s Magazine හි රැකියාව ලැබීමෙන් අනතුරුව පෝ, බර්ටන් ගේ සඟරාවෙන් සමු ගත්තේය.

1840 ජුනි මාසයේ ඔහු සිය සඟරාව “The Stylus” නමින් පටන් ගැනීම උදෙසා වන සංකල්පය ගෙන ආවේය. එසේ වුවද ඔහු මිය යන තුරුම එකී සඟරාව ප්‍රකාශයට පත් වූයේ නැත. මේ වනවිට පෝ විග් පක්ෂයේ සාමාජිකයෙකු බවට පත්ව තිබූ හෙයින් ඔහුගේ තත්වය ආරක්ශා වී තිබිණ. ඔහු ජෝන් ටේලර්ගේ පුතු හා ඔහුගේ සගයෙකු වූ ෆෙඩ්‍රික් තෝමස් ඇසුරේ හිදිමින් ඔවුනගේ සහය පැතීය. එහෙත් 1842 සැප්තැම්බර් මැද භාගයේ තෝමස් හා කරන ලද සාකච්ඡාවන් ව්‍යර්ථ වූ අතර පෝ රෝගාතුර විය. තොමස් විශ්වාසය අනුව එය සිදු වූයේ අධික ලෙස මත්පැන් පානය හේතුවෙනි.

පෝ සිය අවසන් වසර කිහිපය ගත කළ ස්ථානය, Bronx, New York.

1842 ජනවාරියේ එක සැදෑවක වර්ජිනියා ක්ෂය රෝගයේ පළමු ලක්ෂණය පෙන්නුම් කළේ පියාණෝ ව වාදනය කරමින් සිටින අවස්ථාවේ දී ය. ඇය සුවයක් ලද්දේ වුවද ඒ මද වශයෙනි. වර්ජිනියාගේ රෝගය හමුවේ වඩාත් කනස්සල්ලට පත් වන පෝ තදින්ම මත්පැන් පානයට ඇබ්බැහි වීමට පටන් ගනී. නැවත නිව්යෝර්ක් නඟරයට පැමිණෙන පෝ Evening Mirror හි ද Broadway journal හි ද සංස්කාරවරයෙකු ලෙස ද සේවය කළේය. 1840 දී Broadway journal අසාර්ථක වීමෙන් පසු Bronox හි Fordham හි පදිංචියට යන පෝ, " සුන්දර කාන්තාවකගේ මරණය" මැයෙන් චරිතාපදානයක් රචනය කරන්නේ සිය ප්‍රිය බිරිඳ පිළිබදව ද එහිලා වෙසෙස් කොට සඳහන් කරමිනි.

පෝ ගේ මරණය[සංස්කරණය]

1849 ඔක්තෝබර මාසයේ දී උමතු ලෙස වීදි අතරේ ඇවිදිමින් සිටි පෝ සොයා ගනු ලැබූයේ ජෝසප් ඩබ්. වොකර් විසිනි. වොශින්ටන් වෛද්‍ය විද්‍යයාලයට රැගෙන යන පෝ 1849 ඔක්තොබරයේ 7 වන දින උදෑසන 5 ට පමණ සදහටම මෙලොවින් සමුගත්තේය. මිය යන දිනට පෙර සැදෑවේ ඔහු "රිනෝල්ඩ්" නම් අයෙකු සිහි කරමින් පුන පුනා කියූ බව සඳහන්ය. එහෙත් ඔහු සඳහන් කරන ලද්දේ කවරෙකු හා සම්බන්ධව ද යන්න මෙතෙක් සනාථ වී නැත. ඇතැම් මූලාශ්‍රයන්ට අනුව ඔහුගේ අවසන් වචන කිහිපය වී ඇත්තේ "දෙවියනි, මාගේ දුප්පත් ආත්මයට පිහිට වන්න" යන්නයි. ඔහුගේ සියළු වෛද්‍ය වාර්තා තබා මරණ සහතිකය පවා සොයා ගැනීමට නොහැකි විය. ඒ කාළයේ ඇතැම් පුවත්පත් වාර්තාකරුවන් වාර්තා කළ අන්දමට එය මොලය ආශ්‍රිත සංකූලතාවයක් හෝ මස්තිෂ්ක ප්‍රදාහය නිසා සිදු වූවකි. එසේම පොදුවේ ඊට හේතුව අධික ලෙස මත්පැන් පානය ද විය හැකි යැයි ද ඇතැම්හු නිගමනය කළහ. කෙසේ වුවද ඔහුගේ මරණය පිළිබඳ සැබෑ හේතුව තවමත් අභිරහසකි. තවත් නිගමනයක් වූයේ නන්නාඳුනන පුද්ගලයෙකුගේ යම් ප්‍රචන්ඩකාරි ක්‍රියාවක් හේතුවෙන් ඔහු මේ ඉරණමට ගොදුරු වූ බවයි.

ග්‍රිස්වල්ඩ්ගේ නිබන්ධනය[සංස්කරණය]

ඔහුගේ මරණය භූමිදානය කරන දිනයේ ලුඩ්වික් යන නමින් අත්සන් යෙදූ විශාල ප්‍රමාණයක අවමංගල්‍යය හසුන් පත් ලැබිණ. එඩ්ගා ඇලන් පෝ මිය ගිය බවට රට පුරා එසැනින් ප්‍රචාරය වූයේ වුවද, ඔහු පිළිබඳ දුක් වන්නට සිටියේ අතලොස්සක් පමණි. ලුඩ්වික් යනු කවරෙකු දැයි වහා හඳුනා ගනු ලැබීය. ඒ Rufus Wilmot Griswold විය.

එඩ්ගා ඇලන් පෝ භූමිදානය කරන ලද්දේ Baltimore, Maryland දී ය. මරණයට හේතුව මෙතක් හඳුනාගෙන නැත.

ඔහු පෝ පිළිබඳ චරිතාපධානයක් ලිවීය. එය නම් කොට තිබුනේ ග්‍රිස්වල්ඩ්ගේ නිබන්ධනය නමිනි. එය පෝ පිළිබඳ ලියැවුනු සම්පූර්ණ චරිතාපදානය වුවද ඉන් හෙලි වූ කරුණු බොහෝමයක් අසත්‍යය හෝ අර්ධ සත්‍යය වටිනාකමක් සහිත ඒවා විය.

සාහිත්‍යයමය ශෛලිය හා තේමාව[සංස්කරණය]

ප්‍රභේද[සංස්කරණය]

බොහෝ විට පෝ ලියන ලද නිර්මාණ පොදු ජන රසවින්දනය උදෙසා ලියවුණු ඒවා විය. ඔහු ලියන ලද නිර්මාණයන් මරණය, අවමංගල්‍යය, එහි ඇති කායිකමය බලපෑම යනාදිය තේමාව කර ගත් ඒවාය. ඔහුගේ රචනයන් බොහෝමයක් අඳුරු රොමෑන්ටික්වාදය ආශ්‍රිත ඒවා වූ අතර පෝ අප්‍රිය කළ අනුභූති උත්තරවාදයට සාහිත්‍යමය ප්‍රතික්‍රියාවයි. ත්‍රාසය මුසු තේමාවන්ගෙන් ඔබ්බට ගිය පෝ, හාස්‍යයජනක, ත්‍රාසය මුසු කතාන්දර, කවට අන්දර ආදිය ද රචනය කළේය.

"https://si.wikipedia.org/w/index.php?title=එඩ්ගා_ඇලන්_පෝ&oldid=433050" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි