එංගලන්ත-සැන්සිබාර් යුද්ධය

විකිපීඩියා වෙතින්
එංගලන්ත-සැන්සිබාර් යුද්ධය
අප්‍රිකාව සඳහා පොරයෙ හි කොටසකි

බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව සුල්තාන්ගේ අන්තඃපුරය.
දිනය09:02–09:40 EAT (06:02–06:40 UTC), 27 අගෝස්තු 1896
පිහිටුම
ප්‍රතිඵලය තීරණාත්මක බ්‍රිතාන්‍ය ජයග්‍රහණය
යුද්ධාවතීරයන්
එක්සත් රාජධානිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සැන්සිබාර් සුල්තාන් රාජ්‍යය
ආඥාපතියන් සහ නායකයන්
එක්සත් රාජධානිය හැරීරෝසන්
ලොයිඩ් මැතිව්ස්
කාලිඩ් බින් බර්ගාෂ්
සාලේ
හමුදාමය ප්‍රබලතාවය
ගොඩබිම:
1,050
මුහුදු:
3 යුද්ධ නැව්
2 කාල තුවක්කු නැව්
ගොඩබිම:
2,800
4 කාලතුවක්කු අංග
1 වෙරළ බතරොයිය
මුහුදු:
1 රාජකීය යොට් නැව
2 බෝට්ටු
අපාතිකයන් සහ හානි
1 තුවාල ලබා[1] 500 මිය ගොස් හෝ තුවාල ලබා[2]
1 රාජකීය යොට් නැව ගිලුණි
2 බෝට්ටු ගිලුණි
1 වෙරළ බතරොයියක් විනාශ විය

එක්සත් රාජධානිය සහ සැන්සිබාර් සුල්තාන් රාජ්‍යය අතර 1896 අගෝස්තු 27 දිනදී, එංගලන්ත-සැන‍්සිබාර් යුද්ධය ඇවිලිණි. ගැටුම පැවතියේ විනාඩි 40 ක පමණ කාලයක් තුලදී වන අතර, එය ඉතිහාසයේ කෙටිම යුද්ධය වෙයි. [3] යුද්ධයේ ආසන්නතම හේතුව වූයේ 1896 අගෝස්තු 25 දිනදී සිදුවූ බ්‍රිතාන්‍ය-ලැදි සුල්තාන් හමාඩ් බින් තුවයිනිගේ මරණය සහ ඉන්පසුව සුල්තාන් කාලිඩ් බින් බර්ගාෂ්ගේ අනුප්‍රාප්තියත්ය. බ්‍රිතාන්‍ය බලධාරින්ගේ මනාපය වූයේ, බ්‍රිතාන්‍ය අවශ්‍යතාවයන්ට වඩාත් හිතවත්වූ, හමුද් බින් මොහාමඩ් සුල්තාන්වරයා ලෙසින් පත්වීමය. 1886 දී අත්සන් තැබූ ගිවිසුමක් අනුව, සුල්තාන් රාජ්‍යයේ අනුප්‍රාප්තිය සිදුවන විට බ්‍රිතාන්‍ය කොන්සල්වරයාගේ අවසරය ලබා ගත යුතුව තිබුණද, කාලිඩ් විසින් එම අවශ්‍යතාවය සපුරා නොතිබුණි. යුද්ධ හේතුකයක් ලෙසින් මෙය සැලකූ බ්‍රිතාන්‍යයෝ, කාලිඩ් වෙත අවසන් නිවේදනයක් නිකුත්කරමින් දන්වාසිටියේ ඔහු සේනාංකයන් ක්‍රියාවිරහිත කොට මාලිගාවෙන් පිටවන ලෙසයි. මෙයට ප්‍රතිචාර වශයෙන්, කාලිඩ් සිදු කලේ මාලිගා ආරක්ෂා හමුදා කැඳවා ඔහු මාලිගය තුලට වැද ආරක්ෂා වළල්ලක් යොදවා ගැනුමයි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; hernon403 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. බෙනට් 1979, p. 179.
  3. ප්‍රධාන-කර්තෘ, ක්‍රේග් ග්ලෙන්ඩේ (2007), ගිනස් වර්ල්ඩ් රෙකඩ්ස් 2008, ලන්ඩනය: ගිනස් ලෝක වාර්තා, p. 118, ISBN 978-1-904994-19-0.