උත්තර අර්ධ ගෝලය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
උත්තර අර්ධ ගෝලය කහ පැහැයෙන් දීප්තිමත්ව වර්ණ ගන්වා ඇත.
උත්තර අර්ධ ගෝලය උත්තර ධ්‍රැවය ඉහලින් සිට පෙනෙන අයුරු.

සමකයට උතුරින් පිහිටි පෘථිවියේ භාගය උත්තර අර්ධ ගෝලයයි. එසේම මෙය කබෝල සමකයට උතුරින් පිහිටමින් කබෝල අර්ධ ගෝලය ද අයත් කරගනී. පෘථිවියේ උත්තර අර්ධ ගෝලයට අයත් භූමියේ පෘථිවිය මත වෙසෙන ජනගහනයෙන් බහුතරය එනම් 90% ක් පමණ දක්නට ඇත.


භූ විද්‍යාව හා දේශගුණය[සංස්කරණය]

පෘථිවි අක්ෂයේ ආනතිය නිසා ශීත සෘතුව ශීත සූර්යය නිවෘත්තියේ (දෙසැම්බර් 22) සිට වසන්ත විෂුවය (මාර්තු 20) දක්වා පවතින අතර ගිම්හානය ගිම්හාන සූර්යය නිවෘත්තිය (ජුනි 21) සිට සරත් විෂුවය (සැප්තැම්බර් 21) දක්වා පවතී.

ආක්ටික් වෘත්තයට උතුරින් පිහිටි ප්‍රදේශය ආක්ටික් ප්‍රදේශයයි. එහිදී දේශගුණය ලාක්ෂණික වන්නේ ශීත සෘතුවලින් හා ශීත ගිම්හාන සෘතු වලිනි. වර්ෂණය හිම ආකාරවලින් පමණක් සිදු වේ. හිරු කිසිදා නොබසින ගිම්හානයන් මෙන්ම හිරු කිසිදා නොපායන ශීත සෘතූන් ද ආක්ටික් ප්‍රදේශය අත්විදී මෙම කාලවලදී ආක්ටික් වෘත්තය මත පිහිටි ප්‍රදේශවලට එක් දිනක සිට උත්තර ධ්‍රැවයේ ප්‍රදේශවලට මාස කිහිපයක් දක්වා වශයෙන් විචලනය වේ.

ආක්ටික් වෘත්තය හා කර්කටක නිවර්තනය අතර උත්තර උෂ්ණත්ව කලාපය පවතී. මෙම කලාපවල ගිම්හානය හා ශීත සෘතුවේ වෙනස්වීම් සාමාන්‍යයෙන් සෞම්‍ය වේ. ආන්තික උෂ්ණ හෝ ශීත දේශගුණ නොමැත. නමුත් උෂ්ණත්ව දේශගුණයේදී ඉතා අවිනිශ්චිත කාලගුණයන් දැරිය හැකිය.

ඝර්මකලාපීය ප්‍රදේශවල (කර්කටක නිවර්තනයේ සිට සමකය දක්වා) වසර පුරා උණුසුමක් පවතින අතර ගිම්හාන මාස තුළදී වැසි සමයක් අත්වීඳීමට නැඹුරුවක් පවතී. එමෙන්ම ශීත කාලය තුළ දී වියළි කාලයක් අත්වීඳීමට ද නැඹුරුවක් ඇත.

Corilis ආචරණය නිසා උත්තර අර්ධ ගෝලය තුළදී කුණාටු සහ ඝර්ම කලාපීය චණ්ඩ මාරුත වාමාවර්තව භ්‍රමණය වේ. මීට පරස්පර ලෙස දක්ෂිණ අර්ධ ගෝලය තුළදී කුණාටු සහ චණ්ඩමාරුත දක්ෂිණාවර්තව භ්‍රමණය වේ. භූ තැටියක සෙවනැල්ල උත්තර අර්ධ ගෝලයකදී දක්ෂිණාවර්තව චලනය වන අතර දක්ෂිණ අර්ධ ගෝලය තුළදී ඊට ප්‍රතිවිරුද්ධ වේ. දිවා කාලය තුළදී දකුණට බර පිහිටුමකට සිට උපරිම නැගීම දැක්වීමට හිරු නැඹුරු වේ. නමුත් දක්ෂිණ අර්ධ ගෝලය තුළදී මෙහි පරස්පරය සිදු වේ. (එය සමකයේ දිශාවට නැඹුරු වේ.) අර්ධ ගෝල දෙකෙහිදීම හිරු නැගෙනහිරින් පායා බටහිරින් බැස යයි. දක්ෂිණ අර්ධ ගෝලයේදී දර්ශනයට සාපේක්ෂව උත්තර අර්ධ ගෝලයේදී චන්ද්‍රයා උඩු යටිකුරු වී දිස්වේ. තාරකාවල දර්ශනය ද වෙනස්ය. උත්තර ධ්‍රැවය ක්ෂීරපථයේ මන්දාකිණි මධ්‍යයෙන් ඉවතට යොමු වී තිබේ. මේ අනුව උත්තර අර්ධ ගෝලයේ නිරීක්ෂකයෙකුට දක්ෂිණ අර්ධ ගෝලයට සාපේක්ෂව දීප්තිමත් බවින් අඩු තාරකා දැක ගැනීමට සිදු වේ. ඒනිසා ගැඹුරු අවකාශීය ආකාශ නිරීක්ෂණයන්ට උත්තරාර්ධ ගෝලය වඩාත් උචිත වන්නේ ක්ෂීරපථයේ දීප්තිය නිසාවෙනි.

මහාද්වීප හා රටවල් ලැයිස්තුව[සංස්කරණය]

මහාද්වීප[සංස්කරණය]

  • සමස්ත යුරෝපය
  • සමස්ත උතුරු ඇමරිකාව
  • ආසියාව මුළුමනින්ම පාහේ
  • දකුණු ඇමරිකාවෙන් කුඩා කොටසක්, ඇමෙසන් නදියෙහි මෝයට උතුරෙන්
  • අප්‍රිකාවෙන් 2/3 පමණ, කොන්ගෝ නදියේ චාපයට උතුරින්


සම්පූර්ණයෙන්ම උත්තර අර්ධ ගෝලයේ පිහිටන රටවල්

  • ප්‍රංශ ගයනාව
  • ගයනාව
  • සුරිනාම්
  • වෙනිසියුලාව
  • කොලොම්බියාව

පාර්ශ්විකව උත්තර අර්ධ ගෝලයේ පිහිටන රටවල්

  • බ්‍රසීලය
  • ඉක්වදෝරය
  • ඔසනියාව

ප්‍රාථමික වශයෙන් උත්තර අර්ධගෝලයේ පිහිටන රටවල්

  • මාෂල් දිවයින්
  • මයික්‍රොනීසියාව
  • පලාවු


ආශ්‍රිත[සංස්කරණය]

References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Northern_hemisphere

"http://si.wikipedia.org/w/index.php?title=උත්තර_අර්ධ_ගෝලය&oldid=261448" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි