ඉබූලා වෛරස් රෝගය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ඉබූලා වෛරස් රෝගය
Classification and external resources

1976 photograph of two nurses standing in front of Mayinga N., a person with Ebola virus disease; she died only a few days later due to severe internal hemorrhaging.
ICD-10 A98.4
ICD-9 065.8
DiseasesDB 18043
MedlinePlus 001339
eMedicine med/626
MeSH D019142

ඉබෝලා වෛරසය (Ebola Virus)[සංස්කරණය]

ඉබෝලා වෛරසය(Ebola virus) කියු සැනින් බොහෝ දෙනෙක් බියට පත්වෙනවා. එය මේ වන විට එතරම්ම දරුණු තත්ත්වයකට පත්ව තියෙනවා. ඒ මොකද කියලා කීවොත් පසුගිය කාලයේ බොහෝ කතා බහට ලක්වුනු කුරුලු උණ (swine flu), සාර්ස් (SARS) එහෙමත් නැත්නම් ඒඩ්ස් (AIDS) වගේ හැම ලෙඩකටම වඩා මෙම රෝග තත්ත්වය ඉතාම දරුණු තත්ත්වයක පැවතීමයි. උදාහරණයක් ලෙස රෝගය වැලදුන රෝගියෙක් මරණයට පත්වීමේ ප්‍රතිශතය 90% පමන වෙනවා. එනම් රෝගය වැලදුන රෝගීන්ගෙන් ජීවත් වීමට වාසනාව ලබන්නේ 10%ක පමණ පිරිසක් පමනයි. දැනට ඇති සංඛ්‍යා ලේඛණ අනුව ශ්‍රී ලංකාවට මෙම රෝගය තවමත් ඇතුලු වී නැතත් ලබදීම ඇතිවීමට හැකියාවක් තියෙනවා. ඉබෝලා යනු? (What is Ebola) ඉබෝලා එසේත් නැතිනම් ඉබෝලා රක්තපාත උණ (Ebola hemorrhagic fever) රෝගය යනු වෛරසයක් මගින් වැලදෙන රෝගයක්. මෙය ඉබෝලා වෛරස (Ebola virus) කියන වෛරස පවුලට අදාල විශේෂ කිහිපයක් මගින් ඇති කරනු ලබනවා. මෙහි රෝග ලක්ෂණ බොහෝ විට ඩෙංගු රෝගයට ආසන්න වශයෙන් සමාන වෙන්නට පුලුවන් වෙනවා.

ඉබෝලා රෝග ලක්ෂණ (Symtoms of Ebola)[සංස්කරණය]

මෙහි මූලික ලක්ෂණය වන්නේ උණ කියන ලක්ෂණයයි. මීට අමතරව පහත රෝග ලක්ෂණ පැවතිය හැකියි. 1. ඇගේ පතේ අමාරුව (body aches) 2. මංශපේෂි ආශ්‍රිත වේදනව (Myalgia) 3. පණ නැති ගතිය. (Fatigubility) 4. හිසේ රදය.(Headache) 5. උගුරේ අමාරුව (Sore Throat) මීට අමතරව රෝගය තවදුරටත් උග්‍ර වීමේදී අධික වමනය (Vomiting), අජීරණය(Diarrhoea), සමේ පැල්ලම් (Rashes), මෙන්ම වකුගඩු හා අක්මාව ආශ්‍රිතව ඇතිවන් ගැටලු (Kidney and liver problems)හට ගන්නට පුලුවන්. සාමාන්‍යෙන් මෙහි රෝග ලක්ෂණ පහල වීමට යම් කාලයක් ගත වන බැවින් රෝගය වැලදුන පුල්ගලයන් හඳුනා ගැනීමට මදක් අපහසු වන්නට පුලුවන්. ඉබෝලා රෝගය පැතිර යාම (Transmission of Ebola)


ඉබෝලා රෝගය පැතිර යාම (Transmission of Ebola)[සංස්කරණය]

මෙය කලින් අප්‍රිකාවේ වනාන්තර (African forests) වල පැවති රෝග තත්ත්වයක්. වානාරයන් වැනි සතුන් මගින් මිනිසාට බෝ වී ඇතැයි සැක කෙරෙනවා. කොහොම වුනත් දැන්නම් මෙහි පැතිරීමට මිනිසා හැරෙන්න කිසිදු වාහකයෙන් අවශ්‍ය වෙන්නේ නැහැ. මෙය මූලිකව පැතිර යන්නේ මිනිසාගේ තියෙන විවිධ තරල හරහායි. උදාහරන ලෙස; රුධිරය, ඛේටය, ශුක්‍රාණු වැනි තරල දැක්විය හැකියි.

ඉබෝලා රෝගය සඳහ ප්‍රතිකාර (Treatments for Ebola Virus)[සංස්කරණය]

තවමත් මෙම රෝගය සඳහා ප්‍රතිකාරයක් සොයා ගෙන නැහැ. බොහෝ විට දැනට මේ සඳහා කල හැකි එකම ප්‍රතිකාරය වන්නේ රෝගියාට අවශ්‍යය පහසුකම් සැපයීම පමණයි. එමගින් රෝගියාගේ සුවය ඉක්මන් කල හැකියි. කෙසේ නමුත් මේ වන විට ලෝක සෞඛ්‍යය සංවිධානය රෝග නිවාරණය හා එයට අවශ්‍ය ප්‍රතිකාර සෙවීම සඳහා විශාල ප්‍රයත්නයක් දරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස දැනට මේ සඳහා එන්නතක් සොයාගෙන ඇති නමුත් එය තවමත් පරීක්ෂණ වල මුල් අදියරවල් වල පවතිනවා.


රෝග බෝවීම වැළැක්වීම සහ පාලනය කිරීම (Prevention of Ebola )[සංස්කරණය]

රෝගය වලක්වා ගැනීම සඳහා එයින් ආරක්ෂා වීමේ ක්‍රියා මර්ග අත්‍යාවශ්‍යය වෙනවා. ඒ අතර පහත ක්‍රියා මාර්ග දැක්විය හැකියි. 1. අප්‍රිකානු රටවල සංචාරයන් තවතා දැමීම. 2. රෝගය වැලදුන පුද්ගලයන් හඳුනා ගැනීමට ගුවන්තො‍ටුපල , වරාය වැනි ස්ථාන වල ආරක්ෂක ක්‍රම වේද සැකසීම. 3. රෝගය වැලදුන පුද්ගලයන් හඳුනා ගැනීම හා ඔවුන් වෙන්කර තැබීම 4. රෝගී පුදගලයන් සමග සමීප ඇසුරු කිරීම් වැලකීම. 5. නිසි සනීපාරක්ෂක පහසුකම්. 6. ජනතා දැනුවත්භාවය.

ආසාදිත රෝගයක් බෝවීම වැළැක්වීම සහ එහි වේගය පාලනය කිරීම සඳහා ඇති එක් ක්‍රියාමාර්ගයක් වනුයේ විවිධ රෝගයන්හි අ‍ාවේණික ලක්ෂණ පිළිබඳව අවබෝධයක් ලබාගැනීමයි. මෙහිදී එම රෝගය පිළිබඳව අධ්‍යයනය කළ යුතු තීරණාත්මක සාධකයන් වනුයේ රෝගකාරකයාගේ ප්‍රචණ්ඩත්වය, රෝගියා රෝග කාරකයාත් සමග ගමන්කර ඇති දුර සහ බෝවන සුළු බවයි. ඒබෝලා වෛරසයෙහි මිනිසුන් ආසාදනය කරන වෛරසය රෝගියා ඉතා ඉක්මනින් අකර්මණ්‍යය කරන අතර ඉන්පසුව මරණය ළගාකර දෙයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් එම රෝගීන් හට රෝගය මුල්වරට ඇති වූ ස්ථානයෙන් ඔබ්බට වැඩි දුරක් ගමන් කිරීමේ අවස්ථාවක් නොමැත. මෙම වෛරසය සමෙහි ඇති තුවාලයක් මගින් හෝ ඇස වැනි පාරදෘශ්‍ය පටලයන් සහිත අවයවයන් හරහා ද සිරුරට ඇතුළු විය හැකිය. එබෝලා වෛරසය මගින් ආසාදනයට පත් වූ රෝගීන් මුල් අවස්ථාවේදී ඉතාමත් විශාල වශයෙන් බෝවන සුළු නොවන්නේ අදාල රෝගීන්ගේ සිරුර අභ්‍යන්තරයෙහි ලේ ගැලීමක් පමණක් සිදුවන බැවිනි. ඉහති කී ලක්ෂණයන් හි ප්‍රතිඵලයක් වශයෙන් ඒබෝලා වෛරසයෙහි ව්‍යාප්තිය ඉතා සීඝ්‍රයෙන් සිදුවන අතර එක්තරා භූගෝලීය සීමාවක් සඳහා පමණක් එය සීමා වේ. මීට ප්‍රතිවිරුද්ධ වශයෙන් එච්.අයි.වී වෛරසය මගින් අදාල රෝගියාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට පහර එල්ල කරමින් එම පුද්ගලයා ඉතා සෙමින් මණයට පත් කරයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඒඩ්ස් රෝගය ඇති බොහෝ පුද්ගලයින් තමාහට රෝගය දැනගැනීමට ප්‍රථම බොහෝ පුද්ගලයන් හට එය බෝ කරනු ලබයි. තවද එහි අනෙක් වෛරසවලට වඩා අඩු ප්‍රචණ්ඩත්වයක් තිබීම හේතු කොට ගෙන ආසාදිත රෝගීන් හට ආපධාවකින් තොරව දිගු ගමණක් සංචාරය කිරීමට හැකි බැවින් එමගින් වසංගත රෝග තත්වයක් ඇති කිරීමට ඇති අවධානම වැඩිවී ඇත.

රෝග ව්‍යාප්තිය අඩුකර ගැනීම සඳහා තවත් ඵලදායි ක්‍රියාමාර්ගයක් වනුයේ ජාලයක් වශයෙන් ලෝකය කුඩාවී එකිනෙක හා සම්බන්ධ වී ඇති බව අවබෝධ කරගැනීමයි. වසංගත රෝග අවස්ථාවන්හි දී ආසාදිත පුද්ගලයන්හා ව්‍යාප්තව පවතින රෝගය ඇති වීමට ප්‍රවණතාවයක් ඇති පුද්ගලයන් අතර අන්තර් ක්‍රියා ඇති වේ. ව්‍යාප්තව පවතින පුද්ගලයන් කෙරෙහි ඇති අන්තර් ක්‍රියාවලින් අවම වුවද ආසාදිත පුද්ගලයෙකු හා වරක් හෝ ඉතා සුළු වශයෙන් අන්තර් ක්‍රියා දැක්වීමෙන් රෝගය ඇති වීමට අවධානමක් ඇති පුද්ගලයින් හට වඩා වේගයෙන් රෝග ව්‍යාප්ත විය හැකිය. මෙලෙස ආසාදිතයන් සහ ආසාදිත නොවූවන් අතර අන්තර් ක්‍රියා ඇති වීම අවම කිරීමට හැකිනම් රෝගයෙහි ප්‍රමාණය අඩුකරගත හැකිය. කෙසේ වුවද රෝග ව්‍යාප්තිය වළක්වා ගැනීම පිළිබඳව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළ හොත් අසාදිත තත්වය අවම කරගත හැකිය. එච්.අයි.වී ආසාදනයට ලක්වූ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් අතර ඉදිකටු භාවිතා කිරීමේදී සුපරික්ෂාකාරී වීම ප්‍රතිකාර ක්‍රමයක් වශයෙන් සාර්ථකත්වය ලගා වූවකි. ආසාදිත ගවයින් තේරීමට ලක්කර මරාදැමීම මගින් හෝ අවට ගවපට්ටිවල සිටින ගවයින් හට එන්නත් ලබාදීම මගින් ගවයන්ගේ කුර හා මුඛ රෝගය වැළැක්වීමට 2001 වසරේදී හැකියාව ලැබුණි.

"http://si.wikipedia.org/w/index.php?title=ඉබූලා_වෛරස්_රෝගය&oldid=317371" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි