ඈයතනික නීතිය- ආයතන සංයුතිය

විකිපීඩියා වෙතින්

ඈයතනික නීතිය- ආයතන සංයුතිය

ලොව බලපැවත්වෙන සියලුම අධිකරණ නීතියකින්ම පාහේ දක්වා ඇති පරිදි සමාගමක සතුව එහි සංයුතියක් පැවතිය යුතු වේ. මෙමගින් එම ආයතනයේ පැවැත්ම අර්ථ දැක්වෙන අතර එම ආයතනයේ ව්යුහය සහ පරිපාලනය විස්තර වේ.

සම්මුතියක් ලෙස බොහෝ පොදු නීති අධිකරණ බලතල මගින් ආයතනික සංයුතිය ලේඛන දෙකකට බෙදා දක්වයි. ඒවා නම්

  • සාංගමික සංස්ථා පත්රය (සමහරක් රටවල සංස්ථාගත කිරීමේ ව්යවස්ථාවලිය හෝ සංස්ථාගත කිරීමේ සහතික පත්රය ලෙස්ද හැඬින් වේ) යනු ප්රාථමික ලියවිල්ලයි, මෙය ආයතනයේ භාහිර ලෝකයත් සමග ඇති කාර්යයන් නියම කරයි. උදාහරන ලෙස ආයතනයේ අරමුණු සහ බලතල මගින් එම ආයතනයේ අනුමත කොටස් ප්රාග්ධනය විදහා දක්වයි.
  • සාංගමික ව්යවස්ථාවලිය (සමහර රටවල අතුරු ව්යවස්ථාව ලෙස හඬුන්වයී යනු ද්විතීය ලියවිල්ලයි. මෙය සාමාන්යයෙන් ආයතනයේ අභ්යන්තර සබඳතා සහ කලමනාකරනය නියාමනය කරයි. උදාහරණ ලෙස අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් සඳහා ක්රියා පතිපාටි සැකසීම, ලාභාංශ නිකුතු දැක්විය හැක.

බොහෝ රටවල ප්රාථමික ලියවිල්ල පමණක් ගොනු කරන අතර ද්වීත්යික ලියවිල්ල පුද්ගලිකව තබා ගනී. අනෙකුත් රටවල ලියවිලි ද්විත්වයම ගොනු කරනු ලබයි. සමහරක් රටවල් මගින් ආයතනයක තිබියයුතු සංයුතිය පිළිබඳ ව්යවස්ථාපිත ලේඛණයක් මගින් ඉදිරිපත් කරයි ( උදාහරණයක් ලෙස එක්සත් රාජධානියේ චක්රලේඛන ඒ සහ ඕස්ට්රේලියාවේ ප්රතිස්ථාපන නීති දැක්විය හැක .)

සිවිල් නීති සංග්රහයන්ට අනුව ආයතනික ව්යුහය එක් ලියවිල්ලකට ගෙන හැර දක්වයි. මෙය අධිකාර පත්රය ලෙස හඳුන්වයි.

සාමාන්යයෙන් ආයතනික සාමාජිකයන් විසින් ආයතනික ව්යුහය අවශ්ය අමතර සැකස්මද සමග පරිපූර්ණය කරයි, උදාහරණ ලෙස කොටශිමි ගිවිසුම් දැක්විය හැක. එමගින් ඔවුන් තමාගේ සාමාජික එඓතිවාසිකම් අනුගමනය කිරීමට එකඟ වේ. සංකල්පමය වශයෙන් කොටස් හිමියන්ගේ ගිවිසුම බොහෝ ආයතනික ව්යුහයන් ඒ ලෙසින්ම සපුරාලනු ලබයි, නමුත් එය ගිවිසුමකි. මෙමගින් එය යම්කිසි ලෙසකින් සඬහන් කර ඇත්නම් මිස නවක සාමජිකයන් ඒ සඳහා බැඳී නොසිටී. මෙහි එක් වාසියක් වන්නේ බොහෝ විට රහස්යගත වීමයි, මක්නිසාද යත් බොහෝ අධිකරණ සංග්රහයන් එය පොදුවේ ගොනු කිරීමට ඉල්ල නොසිටින බැවිනි.

අනෙක් පරිපූරණය සිදු කරන පොදු ක්රමය නම් ඡන්ද විශ්වාසය පලකිරීමයි, මෙය එක්සත්ජනපද අධිකරණය ශ සමහරක් අනෙකුත් අධිකරණ ප්රතික්ෂේප කයි.

සමහරක් නීති සංග්රහ ආයතනික මුද්රාව ව්යුහයේ පාර්ශවයක් ලෙස සලකනු ලබයි. නමුත් මෙය බොහෝ රටවල අත්යාවශ්ය නොවේ.