ඇමරිකානු සලරූ සංගමය
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| ඇමරිකානු සලරූ සංගමය | |
|---|---|
| වර්ගය | චිත්‍රපට ප්‍රමාණනය කිරීම, සභාකක්ෂ මන්ත්‍රණය, ප්‍රකාශන හොරකමට එරෙහිවීම |
| මූලස්ථානය | වොෂිංටන්, ඩී.සී. එක්සත් ජනපදය |
| සාමාජිකත්වය | වෝල්ට් ඩිස්නි සලරූ කණ්ඩායම සෝනි පික්චර්ස් එන්ටටේන්මන්ට් පැරමවුන්ට් පික්චර්ස් ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් යුනිවර්සල් ස්ටුඩියෝස් වෝර්නර් සහෝදරයෝ |
| සභාපති සහ CEO | ක්‍රිස් ඩොඩ් |
| වෙබ් අඩවිය | mpaa.org |
ඇමරිකානු සලරූ සංගමය (MPAA) යනු හොලිවුඩයෙහි විශාලතම චිත්‍රාගාර හය නිරූපණය කරන ඇමරිකානු වෙළෙඳ සංගමයකි. ඇමරිකානු සලරූ නිෂ්පාදකයන් හා බෙදාහරින්නන් (MPPDA) ලෙසින් 1922දී ඇරඹුනු මෙය, එහි සාමාජීකයන්ගේ ව්‍යාපාරික අභීලාෂයන් දියුණු කර ගැනීමට ඉවහල් වන අතර MPAA චිත්‍රපට ප්‍රමාණනය කිරීමේ ක්‍රමවේදය ක්‍රියාවෙහි යොදවයි. හිටපු ඩිමොක්‍රටික් සෙනෙට් සභික ක්‍රිස් ඩොඩ් එහි වත්මන් සභාපති වෙයි.
ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය මැඩලනු වස් වන එහි මෙහෙයුමෙහි කොටසක් වශයෙන්, ප්‍රකාශන හිමිකම් සහිත කෘතීන්, සම-සම ගොනු බෙදාහදාගැනුමෙහි ජාලයන් ඔස්සේ, හවුලේ භුක්තිවිඳීමේ ක්‍රියාවලියට එරෙහිව MPAA සටනෙහි යෙදෙයි. ප්‍රකාශන හොරකමට එරෙහි MPAAහී මෙහෙයුම මහත් පුළුල් ප්‍රසිද්ධියක් ලඟා කරගෙන ඇති සේම මහත් විවේචනයන්ටද ලක් වෙමින් පවතියි.