ආලෝක පරාවර්තනය

විකිපීඩියා වෙතින්
ගොනුව:Crepusculhar Rays in ggp 14.jpg

ආලෝක කිරණයක් කිසියම් පෘෂ්ඨයක වැදී ආපසු හැරී එම මාධය්ය තුලම වෙනත් දිශාවකට ගමන් කිරීම ආලෝක පරාවර්තනයි

දර්පණ ගුණ කිරණ හා ඒවායේ පරාවර්තනය[සංස්කරණය]

ආලෝකයේ දර්පණ ගුණ පරාවර්තනය හෝ විසරණය (ප්‍රතිබිම්භයක් නොසාදයි. ශක්ති පමණක් රඳවා ගනී) විය හැකි අතර එය අන්තර් මුහුණෙහිම ස්වභාවය මත රදා පවතී. තවදුරටත් අන්තර් මුහුණත පාර විද්‍යුත් - සන්නායක හෝ පාරවිද්‍යුත් - පාරවිද්‍යුත් මාධ්‍යයක් නම් පරාවර්තිත කිරණයේ කලාව පිළිවෙලින් යටිකුරු හෝ යටිකුරු නොවේ.

දර්පණ ගුණ පරාවර්තනය[සංස්කරණය]

දර්පණයක් දර්පණ ගුණ ආලෝක පරාවර්තනය සදහා වඩාත් පොදු ආකෘතියක් සපයන අතර පරාවර්තනය සැබවින්ම සිදුවන ලෝහ ආලේපණය ඉදිරිපස වීදුරු තහඩුවකින් සමන්විත වේ. ලෝහ තුළ කුඩා ගැඹුරකින් ඔබ්බට තරංග ප්‍රචාරණය වීම වැළැක්වීමෙන් පරිවර්තනය වැඩි කරයි. ජලය හෝ වීදුරු වැනි විනිවිද පෙ‍ෙනන මාධ්‍යවල මතුපිටින්ද පරාවර්තනය සිදු විය හැක.

සටහනේ PO ආලෝක කිරණය O ලක්ෂ්‍යයේ දී සිරස් දර්පණය හමුවන අතර OQ යනු පරාවර්තිත කිරණයයි. O ලක්ෂ්‍යය තුළින් දර්පණයට අභිලම්බකව ප්‍රක්ෂේපණය කරන මනඃකල්පිත රේඛාව අභිලම්බය පතන කෝණය ӨI හා පරාවර්තිත කෝණය θr ලෙස අපට මැනිය හැක පරාවර්තන නීතියේ සදහන් පරිදි QI = ӨR වේ. වෙනත් වචනයකින්, පතිත කෝණය පරාවර්තිත කෝණයට සමාන වේ.

ජල පෘෂ්ඨයේ දී කළු ට්‍රිගර්ෆිෂ් පරාවර්තනය වී පෙනීම සත්‍ය වශයෙන්ම මෙය පුර්ණ අභ්‍යන්තර පරාවර්තනය නිසා සිදුවේ.

සත්‍ය වශයෙන්ම දී ඇති වර්තනාංකයක් සහිත මාධ්‍යයක සිට වෙනස් වාර්තනාංකයක් ඇති මාධ්‍යයකට ආලෝකය ගමන් කිරීමේ දී ආලෝකයේ පරාවර්තනය සිදුවිය හැක. බොහෝ අවස්තා වල දී ආලෝකයේ එක්තරා ප්‍රමාණයක් අන්තර් මුහුණතින් පරාවර්තනය වන අතර ඉතිරිය වර්තනය වේ. මායිමක් හමුවන ආලෝක කිරණයක් සදහා මැක්ස්වෙල්ගේ සමීකරණයෙන් ලබා ගන්නා ෆෙරස්තෙල් හෝ සමීකරණය විසදීමේ දී එය දී ඇති අවස්ථාවක දී කෙතරම් පරාවර්තනය වන්නේ ද යන්න සොයා ගැනීමට භාවිතා කල හැක පතිත කෝණය එහි අවධි කෝණය වන විට ගහන මාධ්‍යයක දී ආලෝකයේ පුර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිදුවේ.

බහුලවම භාවිතාවන ක්‍රම වේදයන් ගෙන් පරාවර්තනය විය නොහැකි තරංග නාභිගත කිරීමේ අදහසක් ලෙස පුර්ණ අභ්‍යන්තර පරාවර්තනය භාවිතා කරයි. X කිරණ අණ්වීක්ෂ්‍යය, තරංග සදහා අභිසරණ උමගක් නිර්මාණය කිරීමෙන් ගොඩනගා ඇත. මෙම උමං නලයේ පෘෂ්ඨය සමග කුඩා කෝණ වලින් තරංග අන්‍යෝන්‍ය වශයෙන් බලපවත්වන නිසා ඒවා නාභි ලක්ෂ්‍ය දෙසට පරාවර්තනය වේ. (හෝ ‍උමං නල මුහුණත සමග නැවතත් බලපවත්වා, අවසානයේ දී නාභියේ වූ පරීක්ෂක වස්තුවක් වෙතට එල්ලවේ.) X කිරණ මෙහිදී අදහස් කරන පරාවර්තකය තුළින් පහසුවෙන් ගමන් කරන නිසා සම්මත පරාවර්තක ප්‍රයෝජනවත් නොවේ.

බාහිර මාධ්‍යයකට වඩා ගහන ද්‍රව්‍යයක (ඉහළ වර්තනාංකයේ ඇති) ආලෝකය පරාවර්තනය වන විට එය 1800 ක කලට වෙනසක් සිදු වේ. සංසන්දනයේ දී, අඩු ගහන පහළ වර්තන අංකයක් ද්‍රව්‍යයක් කලාව වෙනස් නොකොට ආලෝකය පරාවර්තනය කරයි. මෙය සිහින් පටල ප්‍රකාශ විද්‍යා ක්ෂේත්‍රයේ දී වැදගත් මුල් පරාලයක් වේ.

වක්‍ර මුහුණතක දී දර්පණ ගුණ පරාවර්තනය මගින් විශාලිත හෝ කුඩා ප්‍රතිබිම්භයතක් සාදන අතර මෙම වක්‍ර දර්පණවලට ප්‍රකාශ බලයක් ඇත. මෙවැනි දර්පණවලට ගෝලීය හෝ පරාවලීය මුහුණක් තිබේ.

"https://si.wikipedia.org/w/index.php?title=ආලෝක_පරාවර්තනය&oldid=544213" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි