ආමේනියාවේ ඉතිහාසය

විකිපීඩියා වෙතින්

ප්‍රාග් ඓතිහාසික යුගයේ ආමේනියාව[සංස්කරණය]

නවශිලා යුගයේ ජනාවාසවල සලකුණු ආමේනියානු උස් බිමේ දැක ගතහැකිය.

ප්‍රදේශයේ පූර්ව ඓතිහාසික සංස්කෘතියේ ආදිතමයා වනුයේ , දළ වශයෙන් ක්‍රි.පූ: 6000 – 4000 අතර පැවති මධ්‍යම ට්‍රාන්ස්කොකෝසස් පළාතේ ෂුලාවේරි- ෂෝමු සංස්කෘතියට අයත් බව කාබන් කාල නිර්න ක්‍රමයෙන් සොයා ගෙන ඇත.


ලෝකඩ යුගය[සංස්කරණය]

මුල් ලෝකඩ යුගය වන්නේ ක්‍රි.පූ: 4000 – 2200 ත් අතර පැවති කුරා අරාක්සස් සංස්කෘතියයි. පසුව එය ක්‍රි.පූ: 22000 – 1500 දක්වා ට්‍රියේලිට් සංස්කෘතිය බවට පත් විය.

ක්‍රි.පූ : 1500-1200 අතරදී හයාසා - අසී ආමේනියානු උස්බිමේ බටහිර භාගයේ පැතිරුණු අතර හිට්ටි අධිරාජ්‍ය සමග නිරන්තර ගැටුම් ඇති විය. ක්‍රි.පූ: 1200 – 800 දී ආමේනියාවලින් වැඩි කොටසක් , රාජධානි අතර ඇති වූ සන්ධානයක් යටතේ එක්සත් විය. එම සන්ධානය අෂ්‍රියන් මූලාශ්‍රවල සඳහන් වන්නේ නයිරි ලෙසය (අෂ්‍රියන් හි “ ලෑන්ඩ් ඔෆ් රිවර්ස්”).


උරාර්තු රාජධානිය (යකඩ යුගය)[සංස්කරණය]

tiny globe
සර්දුරිස් II යුගයේ උරාර්තු , ක්‍රි.පූ: 743 දී

ආමේනියානු උස්බිමේ කෝකසස් හා ප්‍රාචීර ඒෂියා මයිනර් තුළ වූ උරාර්තු රාජධානිය ක්‍රි.පූ: 9 වැනි ශතවර්ෂය සහ ක්‍රි.පූ: 585 අතර කාලයේදී සමෘධියෙන් වැජඹුණි. උරාර්තු රාජධානියේ ආරම්භකයා වු අරාම් ආමේනියානු උස් බිමේ වු සියලු රාජ්‍ය එක්සේසත් කළ අතර උරාර්තියානු රජවරුන්ගේ සාම්ප්‍රදායික තේමාව වන “රජවරුන්ගේත් රජ” යන විරුදාවලිය තමාටම පිරිනමා ගන්නා ලදී. උරාර්තියවරු තම ආධිපත්‍ය ටාරොන් හා වස්පුරකන් පුරාම පිහිට වූහ. උරාර්තුහි ප්‍රධාන තරඟකරුවා වුයේ නියෝ - අෂ්‍රියන් අධිරාජ්‍යයාය.

I වැනි සර්දුරිගේ රාජ්‍ය කාලය අතරතුර (ක්‍රි.පු. 834 – 828) උරාර්තුව ශක්තිමත් සහ සංවිධානය වු ජාතියක් වු අතර අසැල්වැසි ගෝත්‍රවලින් බදු අය කිරීමට නීති පැනවීමද සිදුවුණි. සර්දුරි විසින් තුෂ්පා නගරය (වර්තමානයේ වෑන්) උරාර්තු හි අගනගරය බවට පත් කරන ලදී. ඔහුගේ පුත්‍ර ඉෂ්පුයිනිස් පසු කාලයේ ටයිග්‍රනෝසෙර්ටා ලෙස හැඳින්වෙන ප්‍රදේශය පැරද වීමෙන් හා උරුමියාව දක්වා පුළුල් කිරීමෙන් තම රාජ්‍යයේ මායිම විශාල කළේය. මීනුවස් (ක්‍රි.පු 810 – 785), උරාර්තියානු ප්‍රාන්තය අරරාතියන් ප්‍රදේශය දෙසට (උතුරට) පුළුල් කළේය. ඔහු මෙසපොතේමියානු කීලකාකාර ශුද්ධ ලියවිලි 90 කට වැඩි අගිෂ්තිස් I , හිටීස් වලින් ලටකියා පැරද වුවේය. ඉන්පසුව බයිබ්ලොස්, ෆිනිෂියා දක්වා බලය පතුරුවා ක්‍රි.පු. 782 දී යුධ සිරකරුවන් 6600 ක් යොදවමින් “ඉරිබුනි” ගොඩ නැංවුයේය.

මීඩ්ස් ක්‍රි. පු. 612 දී ආසියාව ආක්‍රමණය කර උරාර්තියානු අගනගරය වු වෑන් ක්‍රි.පු. 585 දී භාරගත් අතර එයින් පසු උරාර්තු ආධිපත්‍ය නිමාවිය.

ආශ්‍රිත[සංස්කරණය]

History_of_Armenia Prehistory

"https://si.wikipedia.org/w/index.php?title=ආමේනියාවේ_ඉතිහාසය&oldid=472593" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි