ආදරය

විකිපීඩියා වෙතින්
A drawn heart is a international icon of love.

ආදරය යනු ලිංගික ආකර්ශනයට සම්බන්ධ හැඟීම් සහ අත්දැකීම් සමුදායක මිශ්‍රනයකි.[1] ආදරය යනු චිත්තෙව්ගාත්මක භාවාත්මක අන්තර පුද්ගල සම්භන්ධතාවයි.එනම් පුද්ගලයා විසින් තවත් පුද්ගලයකු වෙත දක්වන යහපත් පරාර්තය මුසු සහකම්පනයකි.ආදරය යන වචනය විවිධ දෘෂ්ටි කොණවලින් හා විවිධ අර්ථ දැක්වීම්වලින් ගහනය.මෙහිදී ප්‍රධාන වශයෙන් ස්ත්‍රියක හා පුරුෂයකු අතර ඇතිවන අනුරාගය මුසු භාවාත්මක බන්ධනය ප්‍රධාන වශයෙන් දක්වයි.මීට සමීප ඥාතීන් හිතවතුන් ආදී අනුරාගික නොවූ භාවාත්මක බන්ධනයන්ද ආදරය ලෙස සළකයි.මෙවැනි අන්තර් පුද්ගල සම්බන්ධතා වලට අමතරව පුද්ගලයෙකු හා තවත් මානව නොවන ජීවියකු අතර ඇතිවන භාවාත්මක බන්ධනයද ආදරය ලෙස සළකයි.තවත් අවස්ථාවලදී මානව නොවන ජීවියකුද නොවන වෙනත් ද්‍රව්‍යමය දෙයක් කෙරේද භාවාත්මක බන්ධනයක් ඇතිවිය හැක.

ආදරය අර්ථ දැක්වීම්[සංස්කරණය]

The Kiss by Gustav Klimt.

ආදරය යනු අනේකාගේ සතුට වෙනුවෙන් කරන පරිත්‍යාගයයි.

ඔබ ආදරය කරන පුද්ගලයා හට ඔබෙන් යමක් නොලැබේනම් එය ලබා ගත හැකි අයෙක් ළගට යෑමට ඔහුට හෝ ඇයට පූර්ණ අයිතියක් ඇත.එය වටහාගෙන ඔබේ සතුට නොව ඔහුගේ හෝ ඇයගේ සතුට වෙනුවෙන් කල හැකි යම් පරිත්‍යාගයයක් වේද එය ආදරය නම් වේ.ඔහු හෝ ඇය ඔබ නැතිව අන් අයෙක් සමග සතුටින් සිටීනම් ඒ දෙස බලා සතුටූ වීම් සබෑ ආදරයේ ප්‍රතිමූර්තියයි.

උදාහරණයක් ලෙස මවගේ ආදරය සලකා බලන්න.ඇය තම දරුවන් ගේ සතුට වෙනුවෙන් තම සතුට පරිත්‍යාග කරනු ලබයි.

පුද්ගල බද්ධ නොවන ආදරය[සංස්කරණය]

පුද්ගල බද්ධ නොවන ආදරය නම් යම් භෞතික ප්‍රපංවයක් කෙරේ දක්වන චිත්තවේගාත්මක ඇල්මයි.එනම් හෞතික වස්තුවක් කෙරේ දක්වන අසීමිත ඇල්ම මීට අයත්ය.තමාව වඩාත් උපයෝගීවන භේතික වස්තුවක් හෝ එම භෞතික වස්තුව සතු යම් චිත්තාකර්ෂණීය ගුණයක් නිසා ඇතමෙක් මෙසේ භෞතික වස්තූන්ට ආදරය කරයි.එසේත් නැතිනම් ඇතැම්විය යම් පුද්ගයෙකුට දක්වන ආදරය ඔහු නියොජනය කරන භේතික වස්තුවකට විතැන් වියහැක.උදාහරණ ලෙස තමා ආදරය කරන පුද්ගලයාගේ ඡායාරූපයක් හෝ ඔහු හෝ ඇය භාවිතකළ වස්තුවක් වෙත ආදරය ඇතිවීමට මෙලෙස පුද්ගල බද්ධ ආදරය යම් හේතූන්මත භෞතික වස්තුවක් වෙත විතැන්වෙයි.මනෝ විද්‍යාත්මකව මෙය වියෝග කාන්සාවෙන් මිදීම සදහා අවිඥ්ඥානිකව භාවිතවන සංරක්ෂණ ප්‍රයෝගයන් ලෙස හදුන්වයි.

භෞතික වස්තුවක් මෙන්ම සතුන් කෙරේ ඇතිවන ආදරයද පුද්ගල බද්ධ නොවන ආදරයක් ලෙස හදුන්වයි.අදාල සත්වයාගේ දක්නට ලැබෙන යම් ආකර්ශනීය සාධකයක් නිසා හෝ එම සත්වයා හා පුද්ගලයා අතර ඇතිවන භාවාත්මක චිත්තවේගී බැදීම් නිසා සතුන් කෙරේ ආදරය ඇතිවේ.

අන්තර්පුද්ගල ආදරය[සංස්කරණය]

අන්තර් පුද්ගල ආදරය යනු පුද්ගලයන් දෙදෙනකු අතර ඇතිවන භාවාත්මක හා චිත්තවේගී බැදීමකි.මෙහිදී පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකු සතු යම් ලක්ෂණයක් මුල්කරගනිමින් ආදරය ඇතිවේ.මෙම ගණයේ ආදරයට උදාහරණ ලෙස පවුලේ සාමාජිකයන් අතර ඇතිවන ආදරය මිතුරු මිතුරියන් අතර ඇතිවන ආදරය හා විරුද්ධ ලිංගික සහකරුවන් අතර ඇතිවන ආදරය දැක්විය හැක.

අන්තර් පුද්ගල ආදරය පිළිබද විවිධ ආගම් හා දර්ශනයන් විසින් විවිධ මත පළකර ඇත.20 වන සියවස ආරම්භයත් සමග ඇතිවූ මනෝ විද්‍යාාවේ දියුණුවත් සමග මෙම සංකල්පය විද්‍යාත්මකව අධ්‍යනය කරන්නට හැකිවිය.පසුව මානව විද්‍යාව හා ජීව විද්‍යව මෙයට එක්විය. අදවන විට පුද්ගලබද්ධ ආදරයට විද්‍යාත්මක නිර්වචනයන් ඉදිරිපත් කිරීමට විද්‍යාව සමත්වී ඇත.

කවුරුත් නොදත් ඒත් කවුරුත් අතර ඇතිවන ආදරයේ ජීව විද්‍යාත්මක පදනම[සංස්කරණය]

ජීව විද්‍යාත්මක ව ආදරය යනු කුසගින්න පිපාසය මෙන් ජීව විද්‍යාත්මක ප්‍රේරණයක් බව ජීව විද්‍යාඥයන් තර්ක කරයි.විශේෂයෙන් ක්ෂීරපායී කාණ්ඩයට අයත් සතුන් අතර මෙය සුලබ ය.ආදරය ඇතිවීම කෙරෙහි බලපානු ලබන්නේ සිරුර තුල නිපදවන හෝමෝන මගින් බව විද්‍යාත්මක පර්යේෂණ මගින් සනාත කරගෙන ඇත.සත්ව ලොකය තුල පවතින මාතෘ දාරක ස්නේහයට මූලික වන්නේ ප්‍රොජෙස්ටරෝන් නම් හෝමෝනයයි.මෙම හෝමෝනය විශේෂයෙන් ක්ෂීරපායී සතුන් අතර බහුලය.

අන්තර් පුද්ගල ආදරය අතර ප්‍රධානම තැනක් හිමිවන්නේ ස්ත්‍රී පුරුෂ විරුද්ධ ලිංගිකයන් අතර ඇතිවන ප්‍රේමයයි.මේ සදහාද හෝමොනවල මැදිහත්වීම බහුලව පවතී.ස්ත්‍රි පුරුෂ සම්භන්දතා පිළිබද වසර 30 පුරා විද්‍යාත්මක පර්යේෂණ වල නිරතවෙමින් ස්ත්‍රී පුරුෂ ප්‍රේමය පිළිබද වඩාත් විද්‍යත්මක සොයාගැනීම් සිදුකළ විද්‍යාඥයින් අතර මහාචාර්‍ය හෙලන් ෆිෂර් නම් මානව විද්‍යාඥවරිය ප්‍රමුඛය.ඇය ස්ත්‍රී පුරුෂ ආදරයේ අවධි 3 දක්වයි.

  1. අනුරාගය
  2. ආකර්ෂණය
  3. බැඳීම


අනුරාගය හෙවත් ලිංගික අශාව ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ මූලිකම අවස්තාවයි.සිරුර තුල නිපදවන ලිංගික හෝමොන මගින් ලිංගික පාමේගයන් ඇතිකරයි.මේ සදහා විශේෂයෙන් ටෙස්ටස්ටෙරෝන් හා ඊස්ටුජන් හෝමොන දායකවේ.පුරුෂයන්ගේ දිවීලිංගික ලක්ෂණ පාලනය කරන ප්‍රධාන හෝමොනය වන ටෙස්ටස්ටෙරෝන් හෝමොනය මගින් පුරුෂයන්ගේ ලිංගික අසාවන් වර්ධනය කරයි.මෙම හෝමොනය මගින් පුරුෂයන්ට ස්ත්‍රීන් කෙරේ ලිංගික ආකාර්ෂණය ඇතිකරයි.ටෙස්ටස්ටෙරෝන් වැඩි ප්‍රතිශතයක් නිපදවීම පුරුෂයන් තුල ස්ත්‍රීන් කෙරේ ලිංගික අශාව වැජිවීමටත් අඩුවෙන් නිපවීම මගින් ලිංගික ආශාවන් අඩුවීමතටත් හේතුවේ.මේ ආකාරයෙන්ම ස්ත්‍රීන්ට පුරුෂයන් කෙරේ ලිංගික ආකර්ෂණය ඇතිවීමට ඊස්ට්‍රජන් හෝමොනය දායකවේ.

ආකර්ෂණය ඇතිවීම කෙරේ සෙරටීන් ඩොපමීන් නොරිෆිනේෆ්රින් ඔක්සිටොසීන් වැසොප්‍රිසීන් යන හෝමොනවල බලපෑම වැදගත්ය.මෙම හෝමොන මගින් හද ගැස්ම වේගවත් කිරීම නින්ද අඩුවීම කෑම රුචිය අඩුවීම ආදිය සිදුවේ.මෙම හෝමොන මගින් සතුට සංවේදී මොළයේ කොටස් උත්තේජනය කරයි.දුකට අදාල මොළයේ කොටස් වලට අයත් ස්නායු තාවකාලිකව අක්‍රීය කරයි.ආකර්ශන යේදී යම් පුද්ගලයෙකු අනෙක් පුද්ගලයා කෙරේ දැඩි චිත්තවේගී පෙළඹවීමක් ඇති කරයි.අනෙකුත් පුද්ගලයන්ගෙන් විශේෂිතව හදුනා ගනී.මෙයාකාරයෙන් ඉහත සදහන් ඩොපමීන් වැනි හෝමොන ක්‍රියාකාරීත්වය හේතු කොටගෙන පෙම්වතුන් අතර ප්‍රබල බන්ධනයක් ඇති කරයි.නිතර එකිනෙකා දැකීමට ඔවුනොවුන්ගේ හඩ ඇසීමට හා ශාරීරික ස්පර්ෂයන් ලැබීමට පෙළඹවීම මෙම හෝමෝන බලපෑමෙන් සිදුවේ.බොහෝවිට මෙම අවධිය ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ ස්වර්ණමය අවධිය ලෙස සැළකිය හැකිය.මෙම කාලය සාමාන්‍ය වශයෙන් වසර තුනක් දක්වා පවතී.ඉන් පසු උදාවන්නේ බැඳීම අවධියයි.ඇතැම් මනෝ විද්‍යාඥයන් ප්‍රකාශ කරන ආකාරයට ආකාර්ශන අවධිය ස්ත්‍රීන් හා සම්භන්ධව ගත් කල දීර්ඝ කාලයක් වන අතර පුරුෂයින්ට එය කෙටි කාලයකි.මෙම ජීව විද්‍යාත්මක වෙන්කම හේතුවෙන් ස්ත්‍රීන් තුල පුරුෂයන් කෙරේ විශ්වාසය අඩුවී කාංසා තත්වයන්ට පත්වන අවස්ථා ඇත පෙර පරිදී තමා අසල රැදී සිටීමට තමාහා දොඩමළු වීමට ආදරය දැක්වීමට නොපෙළඹෙන්නේ පුරුෂයා වෙනත් සුත්‍රියක කෙරෙහි ආකරශනය වී ඇතැයි ස්ත්‍රීන් විශ්වාස කරති.මෙමයට හේතුව ඩොපමීන් සෙරටීන් වැනි හෝමොන ස්‍රාවය පුරුෂයන්ගේ ක්‍රමයෙන් අඩුවීමයි.

මේ ආකාරයට අනුරාගය ආකර්ශන යන අවධි වලින් පසු එකිනෙකා අතර ඇතිවන අනුරක්තිය හෙවත් ලිංගික ආකර්ශනය අඩුවී යයි.මේ නිසා තවදුරටත් ඔවුන්ට තම සම්න්ධතාවය ඉදිරියට ගෙනයාමට සිදුවීමේ දී ලිංගික ආකර්ශනයකින් යුතු අනුරක්ත ප්‍රේමය යටපත්වී එය දයානුකම්පිත ප්‍රේමයක් බවත ක්‍රමයෙන් පරිවර්තනයවේ.මීට කලින් එකිනෙකා මුනගැසීමේ දී කතාබහ කිරීමේ දී සිරුර තුල නිපවන හෝමෝන වෙනදාමෙන් සිදුනොවේ.එසේම ඔවුනොවුන් තවදුරටත් එකිනෙකා නිතර මුණගැසෙමින් නිරන්තර සම්භන්ධතා පැවැත්වීම සිදුවුව හෝත් ඔවුනොවුන් අතර ඇතිවන ජීව විද්‍යාත්මත ආකර්ශනයන් තවදුරටත් දුර්වලවෙයි.මෙම හේතුව නිසා බොහෝ පෙම්වතුන් විවාහයට පෙර ඉතා චිත්තවේගී භාවාත්මක සභදතා පවත්වන අතර විවාහයෙන් පසුව එම ආකර්ශනය අවමවී යයි.පර්යේෂකයන් ප්‍රකාශ කරන පරිදි දීර්ඝ කාලයක් ඉතා සාමකාමී යහපත් විවාහයන් ගතකළ අඹු සැමියන් අතර නිරන්තර අදහස් හුවමාරුව කායික සම්භන්ධතාවයන් අවම ව්ශයෙන් පවතින අතර අනොන්‍ය අවබෝධය ඉහළ මට්ටමක පැවත ඇත.එසේම මෙවන් සාර්ථක පෙම්වතුන් හා අඹු සැමියන් අතර සමාන පෞරුෂ ලක්ෂණ පැවතීම හා සමාන බුද්ධි මට්ටමක් තිබීමත් දක්නට ලැබ‌ෙන බව පර්යේෂකයන් සනාථකර ඇත.

සිරුරෙන් නිපදවන හෝමෝන පදනම් කරගෙන පුද්ගලයෙකුගේ පෞරුෂය තීරණය වන බව මනෝ විද්‍යාඥයන් හා ශෞතික මානව විද්‍යාඥයන් පැහැදිළි කරයි.

මනෝවිද්‍යාත්මක පදනම[සංස්කරණය]

මනෝවිශ්ලේෂණවාදයේ දී ප්‍රේමය කෙරේ ලිංගිකත්වයේ ඇති පදනම විස්තර කරයි.මව්පිය දූදරු සබධතාවයටද අවිඥානගත ලිංගික ආකර්ශනය බලපාන බව සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පෙන්වා දෙයි.මනෝ ලිංගික සංවර්ධන අවධීන්ට අයත් ලිංග රූප අවධියේ ඇතිවන මනෝ විද්‍යාත්ම වෙනස්කම් මෙහිදී ප්‍රමුඛව අවධානයට යොමුවේ.

පරිණාමවාදී පදනම[සංස්කරණය]

මානව විද්‍යාඥයන් සදහන් කරන්නේ ස්ත්‍රින් හා පුරුෂයන් එකිනෙකට වෙනස් අයුරින් පරිණාමය වූ බවයි.අතීතයේ පිරිමින් දඩයම් කරමින් කෑමසොයා ගිය අතර ගැහැනුන් ගල් ගුහාවලටවී ආහාර පිසීයˌදරුවන් බලාගත්හˌඵලවැල එකතු කළහ.අතීතයේ සිටම පුරුෂයන් ස්ත්‍රින්ට වඩා කාය ශක්තියෙන් ඉහලින් සිටියහ.මානව පරිණාමයේ එක් අවධියක්වන නිරූපණය කරන ඔස්ට්‍රලෝපිතකස් අර්ධ මානවයාගේ පිරිමි වානරයා ස්ත්‍රී වානරයාට වඩා ශරීර ප්‍රමාණයෙන් දෙගුණයක්විය.ඒ අනුව අතීතයේ සිටම පුරුෂයා ස්ත්‍රියට වඩා ශක්ති සම්පන්නවිය.එබැවින් ප්‍රේමය ලිංගිකත්වය ආදී කරුනු වලදී පුරුෂයා මුල්තැන ගත්හ.අතීතයේ සිටම පිරිම්න්ගේ කැමැත්තට අවනතවීමට ස්ත්‍රියට සිදුවිය.පරිණාමවාදීව ගොඩනැගුන ආකල්ප වර්ධනයට සංස්කෘතියද හේතුවිය.ගැහැණුන් සතු සියුමැලි භාවයටත් පිරිමින් සතු හැඩිදැඩි භාවයටත් හේතුව පරිණාමය බව පැහැදිළිය.මෙසේ ගැහැනු පිරිමි වෙනස්ව පරිනාමයට ලක්වීම නිසා ඇතැම්විට ප්‍රේම සබදතා හා විවාහ දිවිය ගත කිරීමේදි එකිනෙකා හා ගැටුම් ඇතිවන අවස්ථා ඇත.මෙමග්න් ඔවුනොවුන් අතර ඇති ආදරය බිදවැටීම් වලට ලක්වේ.අවසානයේ ආදර සබදතා දුක්බරලෙස අවසන්වේ.

ආදර සම්භන්ධතා වලදී ස්ත්‍රී පුරුෂ ප්‍රේමයට හරස්වන පරිණාමයෙන් උරුමවූ ලිංගික වෙනස්කම් කිහිපයක් ඇත.අතීතයේ පිරිමින් තම ආර්ථික කාර්‍ය ලෙස දඩයම් කළ අතර ස්ත්‍රීන් නිවෙස්වල දරුවන් බලා ගත්හ.දඩයක්කරුවකුට ගොදුරක් දෙස එක එල්ලේ බලා සිටීමට සිදුවේ.එබැවින් වර්ථමානයේද පිරිමින් තමා සිත්ගත් ස්ත්‍රියක් අමා අසලින් යනවිට එක එල්ලේ ඇයදෙස බැලීම සිදුකරයි.එබැවින් ඕනෑම අයකුල පුරුෂයෙකු ස්ත්‍රියක් දෙස බලන බව පැහැදිළිව දිස්වේ.එහෙත් එදා ස්ත්‍රීන් සිදුකලේ දරුවන් බලා ගැනීම ආහාර පිසීම වැනි එකිනෙකට වෙනස් කාර්‍ය සමූහයකි.එබැවින් ස්ත්‍රීන්ට එකවර වැඩ කිහිපයක් සිදුකිරීමට හැකියාව ලැබී ඇත.එබැවින් ගැහැණියකට පුරුෂයෙකු දෙස එක එල්ලේ බැලීමට අවශය නොවේ.අවට ඇති කිසි කෙනෙකුට නොදැනෙන ලෙස පුරුෂයෙකු දෙස බැලීමට ඇයට හැකිය.එබැවින් ගැහැනුන් දෙස බලන පුරුෂයන් නිතර තම සහකාරියගේ දෝෂාරෝපණයට ලක්වේ.තවද ගැහැනුන් සතු බහුකාර්‍ය හැහියාව නිසා නිවසේ වැඩ කිහිපයක් එකවර සිදුකරයි එහෙත් පුරුෂයාට කලහැක්කේ එකවරකට එක වැඩක් පමණි.පුරුෂයන් බොහොවිට එක් වැඩක් කරනවිට ඔහුට බාධාවන අනෙකුත් බාධක ඉවත්කර එය සිදුකිරීමට බලන අතර එසේ නොවූවිට කෝපයට පත්වේ.තවද පිරිමින්ට වඩා ගැහැණුන් සංවාදශීලිවෙයි.නිරන්තරයෙන් අන් අයසමග විවිධ දේවල් කතා කරමින් සිටීමට කැමතිය.එහෙත් පුරුෂයන් බොහොවිට නිහඩබව අගය කරයි.ගැහැනුන් තම පෙම්වතා තොරා ගැනීමේදීද ඔහුගැන අන්අය කියන කතා.ඔහුගේ කතා විලාසය ආදිය ගුරුකොට ගනී.එහෙත් පුරුෂයන් බොහොවිට කතාවෙන් නොව ගැහුනුන්ගේ රූපස්වභාවය කෙරේ ආකර්ශනය ඇතිවේ.

ප්‍රේමය බිඳවැටීම[සංස්කරණය]

ප්‍රේමය බිඳවැටීම හෙවත් විරහව පුද්ගලයාට බලවත් මානසික කම්පනයක් ඇති කෙරෙන සිදුවීමයි.කෙසේ වෙතත් ප්‍රේමය බිඳවැටීම ක්ෂණිකව සිදුවන දෙයක් නොව ක්‍රමිකව සිදුවන ක්‍රියාවලියක ප්‍රථිපලයකි.ආදර සබදතාවක් බිඳවැටීම කෙරේ බාහිර බලපෑම් ඍජුවම දායකවේ.මෙසේ බාහිර පුද්ගලයන්ගේ මැදිහත්වීම නිසා පෙම් සබදතා බිඳවැටීම එම පුද්ගලයන්ට බරපතල මානසික කම්පනයන් ඇතීවීමට හේතුවේ.දෙමාපිය වැඩිහිටියන්ගේ අකමැත්ත හා සමාජ සංස්කෘතික බාධක මේ අතර ප්‍රමුඛය.මෙසේ ඇතිවන බිඳවැටීම් හමුවේ මානසික සෞඛ්‍ය දර්වලවීම හා ඇතැම්විට සියදිවි නසාගැනීමටද පෙළඹේ.විශේෂයෙන් ආගමික හා සංස්කෘතික බලපෑම් වැඩි පෙරදිග සංස්කෘතීන් තුල ස්ත්‍රී පුරුෂ ප්‍රේමය කෙරෙහි ප්‍රබල බාධක පැනනගී.එබැවින් එවන් රටවල තරුණ තරුණියන් අතර ඇතිවන සියදිවි නසා ගැනීම් වලට ප්‍රධාන සාධකයවී ඇත්තේ ප්‍රේමය බිඳවැටීම්ය.

ප්‍රේමය බිඳවැටීම කෙරේ බලපාන අභ්‍යන්තර සාධක දෙස විමසා බැලීමේදී මූලිකම කාරණය වන්නේ ආකර්ෂණය හීන වීමයි.එනම් එකිනෙකා අතර ඇති අනුරාගික ආකර්ෂණය අඩුවී යයි.ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ පදනම වන්නේ ලිංගික ආකර්ෂණයයි.මේහි ප්‍රථිපලය ලෙස පෙම්වතුන් එකිනෙකාගෙන් දුරස්වීම හා ප්‍රතික්ෂේප කිරීමට ක්‍රමයෙන් පෙළඹේ.මේ සමගම දෙදෙනා අතර ඇති සියුම් භාවාත්මක හැඟීම්ද දුර්වලවේ.මෙසේ දුරස්වීම සමග ප්‍රේමය බිඳවැටීමේ දෙවන පියවර ආරම්භවේ.එනම් ඔවුනොවුන් කලහ කරගැනීම ආරම්භවේ.මෙසේ ඇතිකරගන්නා රණ්ඩු සරුවල් දෝෂාරෝපනය කිරීම් මත තවදුරටත් ඔවුන් අතර ආකර්ෂණය හීනවී යයි.මෙසේ ඇතිවන කලහ කිරීම් හමුවේ ඔවුන් එකිනෙකා අතර ඇති හැඟීම් ආකල්පයන් විශ්වාස අතර ඇති නොගැලපීම් වටහා ගනී.එනම් ඔවුන් එකිනෙකා සන්සන්දනය කිරීමට පෙළඹේ.මෙසේ ඇතිවන සන්සන්දනය කිරීම් හමුවේ එකිනෙකා අතර ඇති නොහැලපීම් වටහාගනී.අවසානයේ මෙම සම්බන්ධය තවදුරටත් පවත්වාගෙනයාමේ වැදගත්කමක් නැතිබව ඔවුන් තීරණය කරයි.

ආදරය ප්‍රතික්ෂේප කිරීම[සංස්කරණය]

ඇතැම් පුද්ගලයන් ආදර සම්බන්ධතා ඇතිකර නොගෙන සිටිනු දක්නට ලැබේ.මනෝ විද්‍යාඥයන්ට අනුව මෙවන් බොහෝ පුද්ගලයින් තුල විවිධ මානසික ගැටළු පවතින බව පෙන්චා දෙයි.මෙවැනි මානසික පීඩනයන් ඇතිවීමට විවිධ හේතු බලපානු ලබයි.ළමා කාලයේදී තම පවුලේ විරුද්ධ ලිංගික සාමාජිකයන්ගේ ඇසුර හරිහැටි නොලැබීම නිසාද තරුණවියේදී විරුද්ධ ලිංගික සාමාජිකයන්ට සමීපවීමට හා ඔවුන් තේරුම් ගැනීමට අපහසුවේ.එසේම තම පවුල තුල මෙන්ම පාසැළ තුලදීද විරුද්ධ ලිංගික යහළු යෙහෙළියන්ගෙ ඇසුර නොලැබීම මෙම තත්වය තවත් වැඩිදියුණු කරයි.එසේම සංස්කෘතිය විසින් පැනවෙන තහංචිද මෙයට බලපායි.තවද සමාජයේ ඇසුරු කරන පුද්ගලයන් විසින් ආදර සබදතා කෙරෙහි ඇතිකරන ඍණාත්මක පෙළඹවීම්ද මේ අතරවේ.එසේම ඇතමුන් තුල පවතින සමාජශීලි ගති ලක්ෂණ අඩුවීම නිසාද තම මතයන් අන් අයට ප්‍රකාශ කිරීමට බියක් චකිතයක් දක්වයි.තවද ඇතමුන් තුල තමා කෙරේ පවතින හීනමානය නිසා මෙන්ම අධි මානය නිසාද සහකරුවකු තෝරා ගැනීමේ ගැටළු ඇතිකර ගනී.මීට ඇතැම් අතීතයේ සිදුවූ අමිහිරි මතකයන් නිසාද ප්‍රේමයට නොපෙළඹේ.විශේෂයෙන් ප්‍රේමයෙන් පරාජයටපත්වීම ප්‍රේමය බිඳවැටීම වැනි කරුණු නිසා යලි ආදර සමදතාවක් ඇතිකර ගැනීමට ඇතැම් පුද්ගලයන් නොපෙළඹේ.මීට අමතරව පෙරදිග රටවල නම් කුඩා අවදියේදී හෝ තරුණ අවදියේදී අතවරයට ලක්වීම කන්‍යාභාවය අහිමිවීම වැනි සාධක නිසා ස්ත්‍රීන් ප්‍රේමයට තොපෙළඹීම සිදුවේ.තවද ඇතමුන් සමලිංගික චර්‍යා වලට පෙළඹීමද ආදර සමබදතා ඇති කරනොගැනීමට හේතුවේ.ඇතමුන් තුල ලිංගික ආබාධ පැවතීම හා ඒ පිළිබඳ ඇතිකරගන්නාලද අස්ථාන බියද මෙයට හේතුවේ.

සංස්කෘතික දෘෂ්ටිය[සංස්කරණය]

බොහෝ සංස්කෘතීන් තුල පුරාණයේ ස්ත්‍රි පුරුෂ ප්‍රේමය කෙරෙහි තහංචි පනවා තිබිණ.අදටත් ඇතැම් සංස්කෘතීන් තුල ප්‍රේමය මුල්කරගත් විවාහ තහනම්ය.අතීත මිනිසා තම ආදරය ලෙංගතුකම තම විරුද්ධ ලිංගිකයන්ට නිදහස්ව ප්‍රකාශ කළහ.එහෙත් මිනිසා ක්‍රමයෙන් ශීෂ්ටාචාරගතවීමත් සමඟ ගොඩනගාගත් සංස්කෘතිය මගින් ස්ත්‍රී පුරුෂ ප්‍රේමයට තහංචි දමාගත්හ.එබැවින් බොහෝ සාම්ප්‍රධායික සමාජවල විවාහ සහකරුවන් තෝරාගනු ලැබුවේ ඔවුන්ගේ දෙමාපියන්ගේ උවමනාව මතය.එහිදී විවාහයට විවාහ අපේක්ෂිතයන්ගේ කැමැත්ත අනිවාර්‍ය නොවීය.තමා කැමති වුවද අකමැති වුවද තම දෙමාපියන් හා වැඩිහිටියන් යෝජනා කරන සහකරු සමග විවාහපත්විය යුතුවිය.

පුරාණ ග්‍රීසිය[සංස්කරණය]

ආගමික මත[සංස්කරණය]

ස්ත්‍රී පුරුෂ ප්‍රේමයට ප්‍රබල ලෙස තහංචි පැනවීම් සිදුවීමට බලපා ඇත්තේ ආගමික මතයන්ය.බොහෝ ආගම්වල ස්ත්‍රී පුරුෂ ප්‍රේමය සීමා කරන තහංචි දක්නට ලැබේ.

බෞද්ධ[සංස්කරණය]

බුදු දහමට අනුව ස්ත්‍රී පුරුෂයන් අතර ඇතිවන ශෘංගාරාත්මක බැඳීම පරම විමුක්තිය වන නිර්වාණය සාක්ෂාත් කරගැනීමට බාධා පමුණුවයි.ස්ත්‍රී පුරුෂ ප්‍රේමය වැනි ලෞකික සැප සම්පත් බුදු දහම තුල පෙන්වා දෙන්නේ තාවකාලික සැපයක් ලෙසයි.බුදු දහම තුල ආදරයට වඩා මෛත්‍රිය උතුම් බව පෙන්වා දෙයි.බුදු දහම බැඳීම් වලට වඩා අත්හැරීම සුදුසු බව පෙන්වා දෙයි.

සැබෑ ආදරය සොයන ඒ වෙනුවෙන් ජීවිතය වුණත් පූජා කරන්නට සූදානම් බොහෝමයක් අප අතර ඉන්නවා. ඒත් ඇත්තටම මේ සැබෑ ආදරය මොකක්ද? ජීවිතය වුණත් පුද කරන්නට සූදානම් වෙන්නේ අවංකවම ජීවිත කාලය පුරාවටම තමන් ලගින්ම ඉන්න තමන්ට පංච කාම ආශ්වාදය ලබාදෙන්නට හැකි සහකාරයෙක් හෝ සහකාරියකුටයි එහෙම නේද? ඒ වගේ කෙනෙක්ව සසර පුරාවටම පතන්නට තමයි අප හැමෝගෙම කැමැත්තත් එහෙම නේද?

දැන් ඉතින් ඔබ මේ කියන්නා වූ තමන්ගේ පෙම්වතා, පෙම්වතිය, සැමියා, බිරිඳ ලෙසින් කියන්නා වූ මේ සහකරුවා හෝ සහකාරියට අවංකවම සැබෑවටම ආදරය කරනවා නම් හෝ ඔබ එවැන්නෙක් බලාපොරොත්තු වෙනවා නම් ටිකක් හිතලා බලන්නට කරුණු කාරණා කීපයක් කියන්නම්කෝ.

අවංක ආදරයක් තියෙන දුකට සැපට ඔබ ලගින්ම ඉන්න ඔබගේ සහකාරයාව / සහකාරියව නැවත නැවත ඔබ පතනවා නම්... එකිනෙකාව පංච කාම ආශ්වාදයන්ගෙන් මත්කරවමින් සතුටු කරවමින් මොහොතක සුවයක් ලබාදෙනවා නම්... එයම ආදරය යැයි කියමින් සැනසෙනවා නම්... ඒ විතරක් නෙවේ එසේ තමන් ලඟින්ම සිටිමින් තමන්ට ආදරයක් පෙන්වන්නේ නෑ... තමන්ගේ ඇසට ඒ ප්‍රිය රූපයන් ලබාදෙමින් සතුටු කරවන්නේ නෑ, තමන්ට ආදර වදන් කියන්නේ නෑ, තමන්ව ස්පර්ශයෙන් ආදියෙන් සතුටු කරන්නේ නෑ කියලා තැවෙනවා නම්... ඒ අනුව ගැටීමටත් ලක්වෙනවා නම්... ඒවා කරන්නටැයි කියලා පොළඹවනවා නම්... එසේ කරන්නා වූ සහකාරිය හෝ සහකාරයාම තමයි ඉතාමත් වටිනා සහකරුවා සහකාරිය මතු මතුත් එවැන්නෙක්ම ලැබිය යුතුයි ලෙසින් පතනවා නම්... දැන් ඉතින් ඔන්න ගැටලුවක් තියෙනවා. මොකක්ද මේ ගැටලුව?

ගැටලුව තමයි ඔබ ඇත්තටම මේ කියන්නා වූ තමන්ගේ සහකාරයාට සහකාරියට ආදරයක් නම් නෑ කියලා තමයි ඉහත දේවල් තුලින් අදහස් වෙන්නේ. ඒ කොහොමද එහෙම වෙන්නේ... පුදුම කථාවක්නේ මේ කියන්නේ කියලා ඔබට හිතේවි. ආදරය ගැන හරි හැටි දන්නේ නැති නිසා තමයි එහෙම කියන්නේ කියලාත් සමහර විට කියාවි. එහෙම නම් පොඩ්ඩක් මෙන්න මේ ගැනත් තම තම නැණ පමණින් හිතලා බලන්නකෝ.

මේවගේ අංවක සෑබෑ ආදරයේදී ඔබ හිතලා බලන්න ඔබ ඇත්තටම කෙනෙකුට මුළු හදවතින්ම ආදරය කරනවා නම් තමන්ගේ පෙම්වතා, පෙම්වතිය, සැමියා, බිරිඳ ලෙසින් කියන්නා වූ මේ සහකරුවා හෝ සහකාරිය මිය යනවට ඔබ කැමතිද? ඒ සහකරුවා හෝ සහකාරිය රෝගාතුර වෙනවට කැමතිද? එහෙමත් නැතිනම් අනතුරකට ලක්වෙනවට ඔබ කැමතිද? එහෙමත් නැතිනම් මොනයම් හෝ ජීවිතයේදී හමුවන ගැටලුවක් හමුවේ අසහනයට පත්වෙනවට දුකට පත්වෙලා කම්පාවට පත්වෙලා ඉන්නවට ඔබ කැමතිද? මම නම් කැමති නෑ. ඇයි? තමන් කෙනෙකුට ඇත්තටම ආදරයක් තියෙනවා නම් ඒ අය දුකට පත්වෙනවාට අසහනයට පත්වෙනවාට මරණය හෝ මරණය සමාන දුකකට පත්වෙනවාට කැමති වෙන්න විදියක් නෑනේ නේද?

ඒත් ඉහත වැඩපිලිවෙල ඒ කියන්නේ සැබෑම අවංක ආදරය ලෙසින් ලෝකයා පිළිගන්නා වූ ඔබ පිළිගන්නාවූ ඉහත කෙටියෙන් සටහන් තැබූ ආකාරයේ ආදරය ඔබ පණටත් වැඩියෙන් ආදරය කරනවා යැයි කියන්නාවූ ඔබගේ සහකාරයාව සහකාරියව මරණයට පත්කරන්නට මරණය හා සමාන දුකකට පත්කරන්නට හේතුවෙනවා කියලා ඔබ මොහොතකටවත් හිතන්නට නැතිව ඇති නේද?

මතු මතුත් පතනවා කියන්නේ අප ප්‍රාර්ථනා කරන්නේ නැවත ඉපදීමක්... ඉපදීමක් තියෙනවා නම් නැවතත් වෙනස්වීමට පත්වෙන්නට සිද්ධ වෙනවා... නැවතත් ලෙඩරෝග වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා... නැවතත් අනතුරු වලට පත්වෙන්නට සිද්ධ වෙනවා... නැවතත් වයසට යෑමේ දුර්වල වීමේ දුකට පත්වෙන්නට සිද්ධ වෙනවා... නැවතත් මරණයට පත්වීමේ දුකට පත්වෙන්නට සිද්ධ වෙනවා... මේ හැමදේකටම වැඩියෙන් මොහොතක් මොහොතක් පාසා ඇතිවන්නා වූ මානසික පීඩාවන් දුක කම්පාවන්ට ලක්වෙන්නට සිද්ධ වෙනවා. දැන් ඉතින් හිතන්න... සැබෑවටම ආදරය කරනවා කියලා ඔබ ඇත්තටම කරන්නේ බොහෝම ආත්මාර්ථකාමීදෙයක් නොවේද? අවංකවම ආදරය කරනවා කියලා පණ වුණත් දෙන්නට කැමැතියි කියලා මොහොතක සුවයක් ලබාදෙන්නා වූ පංච කාම ආශ්වාද ලැබීමේ අරමුණින් යුතුව ඔබ කරන්නේ මහා අසාධාරණයක් නොවේද? ඉතින් ඇයි ඔබ මෙච්චරටම ආත්මාර්ථකාමී පුද්ගලයෙක් වෙලා තියෙන්නේ කියලා හිතලා බලන්න!

ක්‍රිස්තියානි[සංස්කරණය]

ක්‍රිස්තියානි ආගමට අනුව ආදරය යනු දෙවියන් ගේ මැවීමකි.දෙවියන් වහන්සේ විසින් මුල්ම මිනිසා වන අාදම් මවා ඔහුගේ ඉල අැටයකින් ඒව මැවීමෙන් අදහස් කරන්නේ ස්ත්‍රීය පුරුෂයාට සමාන වූ ත් පුරුෂයාට හෘදයාංගම වූ ත් මැවීම ක් බවයි.

එවිට මිනිසා කතා කොට, "දැන් ඉතින්, මාගේ අැටවලින් ගත් අැටය වන, මාගේ මාංසයෙන් ගත් මාංසය වන, මැය මිනිසාගෙන් ගත් හෙයින්, අෑට ස්ත්‍රී කියා කියනු අැත".යි පැවසීය.මිනිසෙකු තම පියාද මවද අත්හැර සිය භාර්යාව ය බැදෙන්නේ එබැවින් ය.මෙලෙස ඔවුහූ එක් මාංසයක් වන්නෝය.

         ශුඬ බයිබලය
           උත්පත්ති2:23/25

ක්‍රිස්තියානි ධර්මයට අනුව අාදරය කරන දෙදෙනෙක් අාත්මිකව බැදෙන්නේ දේව කැමැත්ත නිසා වන අතර විවාහය දේව වරප්‍රසාදයකි. කතෝලිකයන් පිරිසිදු අාදරයට උදාහරණයක් ලෙස මරිය තුමී හා ජුසේ තුමා අතර අාදරය ගන්නා අතර අනෙකුත් ක්‍රිස්තියානින් එයට උදාහරණයක් ලෙස ජාකොබ් හා රාකෙල් අතර අාදරය ගනී.මරිය තුමී හා ජුසේ තුමා අතර පැවතියේ රාගයෙන් තොර අාදරයක් වන අතර ජාකොබ් අවුරුදු හතක් රාකෙල් වෙනුවෙන් සේවය කර අැත.ඔහු අැයට අාදරය කල නිසා ඔහුට එය ස්වල්ප දවසක්් මෙන්‍ වූ බව බයිබලය පවසයි.බොහෝ රටවල අාදරයේ නාම සාන්තුවරයා ලෙස සාන්ත වැලන්ටයින් සැලකුවත් සැබවින්ම අාදරයේ නාම සාන්තුවරිය සාන්ත ඩිවින්වෙන් හෙවත් ඩොරති වේ.

දේශපාලන මත[සංස්කරණය]

19 වන සියවසෙන් පසු බටහිර ලෝකයතුල පැවති සාම්ප්‍රධායික ආගමික සංස්කෘතිය අභියෝගයට ලක්කරමින් විද්‍යාත්මක චින්තනය බිහිවිය.ඒ සමග පැවති රාජාණ්ඩු පාලනය බිදවැටී ප්‍රජාතන්ප්‍රවාදී ආණ්ඩු බිහිවිය.ඒ සමග සෑම පුද්ගලයෙකුටම පාලනතන්ත්‍රය කෙරේ බලපෑම් ඇති කිරීමට හැකිවිය.ඒ සමග සමාජයතුල නිදහස් මතදාරීන් බිහිවිය.ඔවුන් විසින් පැවති සාම්ප්‍රධායික මතිමතාන්දර විවේචනය කරමින් නව අදහස් හා යෝජනා ඉදිරිපත් කලහ.එහි ප්‍රථිපලයක් ලෙස පැවති ඇතැම් සංස්කෘතික හා ආගමික තහංචි ඉවත්කර ගැනීමට ඔවුන්ට හැකිවිය.බටහිර සමාජය තුල ගණිකා වෘත්තිය නිතිගත කිරීම සමලිංගික විවාහ නීතිගත කිරීම නිදහස් ආලය නීතිගත කිරීම මෙම අරගලයන්ගේ ප්‍රථිපල ලෙස දැක්විය හැකිය.

නිදහස් ආලය[සංස්කරණය]

නිදහස් ආලය යනු විවාහ වීමේ චේතනාවෙන් තොරව ඇතිකර ගන්නා ප්‍රේම සබදතාය.මෙම පෙම් බැඳුම් තුල ලිංගික සම්බන්දතා බොහෝවිට පවතී.බොහෝ සමාජයන්හි විවාහයෙන් පිට සිදුවන ලිංගික සබඳතා අනුමත නොකරයි.එහෙත් නිදහස් ආලය මගින් අවිවාහකව සිට ලිංගික සබදතා පැවැත්වීමේ නිදහස නීතිමය වශයෙන්ද තහවුරු කර ඇත.මෙහිදී පෙම්වතුන් උපත්පාලන ක්‍රම අනුගමනය කරමින් ලිංගික ක්‍රියාකාරකම්වල නිරතවෙයි.අවිවාහක යුවලකට දරුවන් බිහිකිරීමට නොහැකිවීම මීට හේතුවයි.මෙම සංකල්පය බිහිවීමට 18 වන සියවසයේ බිහිවූ කාන්තාවාදී අරගල හේතුවිය.

දාර්ශනික මත[සංස්කරණය]

ආශ්‍රයන්[සංස්කරණය]

  1. Oxford Illustrated American Dictionary (1998) + Merriam-Webster Collegiate Dictionary (2000).


බාහිර සබැඳි[සංස්කරණය]

ආදරය ගැන කතිකා කරන ගූගල් කණ්ඩායම

"https://si.wikipedia.org/w/index.php?title=ආදරය&oldid=624632" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි