අෂ්ඨපාන

විකිපීඩියා වෙතින්

බෞද්ධයින්ගේ පූජාවක් වන මෙම අෂ්ඨපාන පූජාව සඳහා පහත සඳහන් පාන වර්ග අට පූජා කරනු ලබයි.

  1. අම්බපානය
  2. ජම්බුපානය
  3. චෝච පානය
  4. මෝච පානය
  5. මධුපානය
  6. මුද්දික පානය
  7. සාලුක පානය
  8. ඵාරුසක පානය

මෙම පාන වර්ග අට සෑදීම සඳහා පලතුරු වර්ග අටක් යොදාගන්නා අතර ඒවා එක එකක් වෙන වෙනම ඇල් දියෙන් මිරිකා ගැනීමෙන් පානයන් සකසා ගනී.

ඒ සඳහා යොදා ගන්නා පලතුරු වර්ග පහත පරිදි වේ.

  1. අම්බපානය - අඹ
  2. ජම්බුපානය - මාදං (Syzygium cumini. මෙහි පාලියෙන් ජම්බු යනු දඹ හෙවත් මාදං නමින්ද හදුන්වන පලතුරයි. දඹදිව හෙවත් ජම්බුදීපය නමින් ඉන්දීය භූමිය සදහා අතීතයෙ ඒ නම සෑදී ඇත්තේද මේ ජම්බු හෙවත් දඹ හෙවත් මාදං නිසාය. https://en.m.wikipedia.org/wiki/Jambudvīpa
  3. චෝච පානය - ඇටි කෙසෙල්
  4. මෝච පානය - කෙසෙල්
  5. මධුපානය - අමු මිදි
  6. මුද්දික පානය - වියළි මිදි
  7. සාලුක පානය - ඕලු ගෙඩි
  8. ඵාරුසක පානය - මසන් ගෙඩි
"https://si.wikipedia.org/w/index.php?title=අෂ්ඨපාන&oldid=471173" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි