අල්ලාහුදීන් පලේකර්

විකිපීඩියා වෙතින්

අල්ලාහුදීන් පලේකර් (උපත 1978 ජනවාරි 1) යනු දකුණු අප්‍රිකානු ක්‍රිකට් විනිසුරුවෙකි සහ මහාරාෂ්ට්‍ර සම්භවයක් ඇති හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකි.[1] මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රත්නගිරි දිස්ත්‍රික්කයේ උපත ලබා ඇත.[2] ඔහු දැන් විනිසුරුවෙකි.[3]ඔහු ක්‍රිකට් දකුණු අප්‍රිකාවේ පළමු පෙළ තරග සඳහා විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙකි.[4]

2017 නොවැම්බර් මාසයේදී ඔහු ICC ජාත්‍යන්තර විනිසුරු මඩුල්ලට උසස් කරන ලදී.[5][6] ඔහු 2018 පෙබරවාරි 21 වන දින සෙන්චූරියන් පාර්ක්හිදී දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර ඔහුගේ පළමු විස්සයි20 ජාත්‍යන්තර (වි20ජා) තරඟයට පෙනී සිටියේය.[7] 2019 ජනවාරි 19 වන දින, ඔහු දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර ශාන්ත ජෝර්ජ් උද්‍යානයේ ඔහුගේ පළමු එක්දින ජාත්‍යන්තර (එදිජා) තරඟයට පෙනී සිටියේය.[8]

2019 ඔක්තෝම්බර් මාසයේදී, ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති 2019 ICC T20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ තරඟ විනිශ්චය කිරීමට විනිසුරුවන් දොළොස් දෙනාගෙන් කෙනෙකු ලෙස පත් කරන ලදී.[9]

2022 ජනවාරි 3-7 දක්වා ජොහැන්නස්බර්ග්හි වොන්ඩරර්ස් ක්‍රීඩාංගනයේ පැවති දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර තරඟය සඳහා පිටියට පිවිසි විට පලේකර් ටෙස්ට් තරඟ විනිසුරුවරයෙකු ලෙස සිය මංගල ගමන ආරම්භ කළේය.[10][11]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Allahudien Paleker". ESPN Cricinfo. සම්ප්‍රවේශය 4 November 2015.
  2. "The Hindu: Cape Town to Chennai". The Hindu. 13 January 2015. සම්ප්‍රවේශය 30 March 2018.
  3. "CSA promotes seven umpires to Reserve List Panel". Cricket South Africa. සම්ප්‍රවේශය 11 July 2018.
  4. "Agenbag and Fritz break new ground for SA Cricket". Cricket South Africa. සම්ප්‍රවේශය 28 August 2019.
  5. "CSA congratulates Allahudien Paleker on his promotion to ICC International Panel". Cricket South Africa. සම්ප්‍රවේශය 18 November 2017.
  6. "SA umpire promoted to ICC International panel". Sport24. 17 November 2017. සම්ප්‍රවේශය 21 February 2018.
  7. "2nd T20I (N), India tour of South Africa at Centurion, Feb 21 2018". ESPN Cricinfo. ESPN Sports Media. 21 February 2018. සම්ප්‍රවේශය 21 February 2018.
  8. "1st ODI (D/N), Pakistan tour of South Africa at Port Elizabeth, Jan 19 2019". ESPN Cricinfo. ESPN Sports Media. 19 January 2019. සම්ප්‍රවේශය 19 January 2019.
  9. "Match Officials announced for ICC Men's T20 World Cup Qualifier 2019". International Cricket Council. සම්ප්‍රවේශය 10 October 2019.
  10. "India tour of South Africa, 1st Test, South Africa v India at Johannesburg, 3-7 January, 2022". ESPN Cricinfo. සම්ප්‍රවේශය 3 January 2022.
  11. "South Africa vs India: Allahudien Paleker Set For Test Debut After 15-year Journey". NDTV Sports. සම්ප්‍රවේශය 3 January 2022.
"https://si.wikipedia.org/w/index.php?title=අල්ලාහුදීන්_පලේකර්&oldid=562497" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි