අප්‍රිකා පළාත (පුරාණ රෝමය)
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
මෙම ලිපිය අප්‍රිකා නම්වූ පුරාතන රෝමානු පළාත පිලිබඳ වේ. මහාද්වීපය සඳහා, අප්‍රිකාව බලන්න. වෙනත් භාවිතා සඳහා, අප්‍රිකාව (වක්‍රෝත්තිහරණය) බලන්න.
|
|||||||||||||||||||||
උතුරු අප්‍රිකාවේ අෆ්රිකා ප්‍රොකන්සලාරිස් නම් උත්තර මන්ත්‍රී මණ්ඩල නාමෝද්දේශිත පළාත (නැ. ඇල්ජීරියාව/ටියුනීසියාව/ට්‍රිපොලිටානියා) දක්වන හේඩ්‍රියන්ගේ (පාලනය ක්‍රිව 117–138 ) සමයෙහිදී රෝමානු අධිරාජ්‍යය. වර්ෂ 125 දී ලීජන් සේනාංකයක් එහි යෙදවිණි
පුරාණ රෝමයේ අප්‍රිකා පළාත (එහි ජීවත්වූ ජන කොටසක් ඇසුරෙන් නම් කෙරුණු) පිහිටෙවුණේ තෙවන පියුනික් යුද්ධයේදී රෝමන්වරුන් විසින් කාර්තේජය පැරදවීමෙන් අනතුරුවය. එය දළ වශයෙන් සමන්විත වූයේ වර්තමාන උතුරු ටියුනීසියාව, සහ සර්ටීස් මයිනර් ඔස්සේ පිහිටි නූතන බටහිර ලිබියාවේ කුඩා මධ්‍යධරණී වෙරළෙනි. පසුකාලීනව අරාබිවරුන් විසින් දළ වශයෙන් මෙම ප්‍රදේශයම මුල් ඇෆ්රියකයියා පළාත ලෙසින් නම් කෙරුණු අතර, එය අප්‍රිකාව යන්නෙහි ප්‍රවාචනයකි.