අන්තර්ජාතික පරිසර නීතීය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මිනිසා හා පරිසරය අතර පවතින්නේ අන්‍යොන්‍ය සබඳතාවයකි.මෙම සබඳතාවය හේතුවෙන්ම මිනිස් ජීවිතයේ පැවැත්ම රඳා පවතින මූලික පදනමක් ලෙස පරිසරය හඳුන්වා දිය හැකිය.එහෙයින් පරිසරය කෙරෙහි සිදුවන අහිතකර බලපෑම් ඍජුව හෝ වක්‍රව මිනිසා කෙරෙහිද නැවත බලපෑම් ඇති කරයි.ඒ අනුව සළකා බැලීමේදි පරිසරය සුරක්‍ෂිත කිරිම මානව වර්ගයාගේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් බෙහෙවින් වැදගත් වේ.


පරිසරය යනු[සංස්කරණය]

මුලික වශයෙන්ම පරිසරය යනුවෙන් හඳුන්වන්නේ වාසස්ථාන,ගොඩනැගිලි ,ඉඩම්,පස ,ජලය,වායුගෝලය,දේශගුණය,ශබ්දය ,ගඳ,රස,හා සෑම විස්තරයකම සතුන්ගේ හා ශාකවල ජෛවි සාධක ඇතුළුව මනුෂ්‍යයන්ගේ වටපිටාවන්හි පවතින භෞතික සාධකයන්ය.


පරිසර නීතීය යනු[සංස්කරණය]

මුල්කාලීනව පරිසරය සම්බන්ධයෙන් ඍජුවම අදාල වන නීතී නොපැවති අතර වෙනත් නීතී ,ප්‍රතිකර්ම ආදිය හරහා පරිසරය ආරක්‍ෂා කිරිම සිදුවිය.එහෙත් කාර්මික විප්ලවය වැනි ක්‍රියාවන්හි ප්‍රතිඵලයක් ලෙස ස්වාභාවික පරිසරය විනාශ වන්නට විය.ඒ අනුව තම සංකීර්න අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මිනිසා විසින් පරිසරය යොදා ගැනීමේදි සිදුවන හානිය වළකා පරිසරය ආරක්‍ෂා කරනු වස් පරිසර නීතීය බිහිවිය.

පරිසර නීතීය පිළිබඳව නිශ්චිත නිර්වචනයක් දීම අසීරු වේ.නමුත් දළ වශයෙන් සඳහන් කරන්නේ නම් පාරිසරික තත්‍වයන්ට අදාළ කරුණක් පිළිබඳව ඕනෑම නීතීමය පැතිකඩක් පරිසර නීතීය ලෙස සැළකිය හැකිය.ඒ අනුව පරිසර නීතීය වෙනත් බොහෝ නීතීන් හා සම්බන්‍ධ වන අතර එකී නීතී මගින් පාරිසරික ගැටළු සඳහා පිළියම් යෙදීම සිදුවේ.උදාහරණ ලෙස මානව හිමිකම් නීතීය,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතීය,දීලික්ත නීතීය,පරිපාලන නීතීය,පාරිභෝගික නීතීය ආදිය දැක්විය හැකිය.

පරිසර නීතීය පිළිබඳව සාකච්ඡා කිරිමේදී එය අන්තර්ජාතික හා දේශීය පරිසර නීතීය වශයෙන් හඳුනාගත හැකිය.පරිසර ගැටළුවක් ලොව කොතැනක ඇති වුවත් එය මුළු ලොවටම බලපාන කරුණක් විය හැකිය.ඒ අනුව සියලු මනුෂ්‍ය වර්ගයා තමා අවට පරිසරය පමණක් නොව ලෝක පරිසරය කෙරෙහිද අවධානය යොමු කළ යුතු වේ.ඒ අනුව මුලික වශයෙන් මෙහිදි අන්තර්ජාතික පරිසර නීතීය කෙරෙහි අවධානය යොමු කරයි.


අන්තර්ජාතික පරිසර නීතීයේ මුලාශ්‍ර[සංස්කරණය]

අන්තර්ජාතික පරිසර නීතීයේදි වැදගත් වන මුලාශ්‍රයන්

  • අන්තර්ජාතික සම්මුති
  • සිරිත් විරිත්
  • සාමාන්‍ය මූලධර්ම
  • අධිකරණ තීරණ
  • ගත්කතුවරුන්ගේ ග්‍රන්ථ හා මත

මෙම මුලාශ්‍රයන් මගින් වර්ධනය වෙමින් බිහිවු අන්තර්ජාතික පරිසර නීතී මූලධර්ම ලෙස වැදගත් මූලධර්මයන් කිහිපයක් හඳුනාගත හැක.


අන්තර්ජාතික පරිසර නීතී මූලධර්ම[සංස්කරණය]

  • ලෝක පරිසරය සම්බන්ධයෙන් සියලු දෙනාම ඇපකැප විය යුතු බව
  • පරිසරය ආරක්‍ෂා කිරිම සංවර්ධනයෙන් වෙන්කළ නොහැකි කොටසක් බව
  • තිරසාර සංවර්ධනය
  • පරිසරයට හානි නොකිරීමේ යුතුකම
  • දූෂිතයා විසින් වන්දි ගෙවිමේ මූලධර්මය
  • නිවාරණ මූලධර්මය
  • පොදු වූත් වෙනස් වූත් වගකීම
  • පරම්පරා අතර හා ඒ පරම්පරා තුළම සාධාරණත්‍වය
  • සංවර්ධනය වීමට ඇති අයිතිය
  • පරිසර අයිතිවාසිකම් හා මානව අයිතිවාසිකම් එකිනෙකට සමාන බව
  • මහජන සහභාගිත්‍වය හා ඒ හා බැඳුණු අයීතීන්
  • පොදු භාර සිද්ධාන්තය


අන්තර්ජාතික පරිසර නීතීයේ වර්ධනීය අවස්ථා[සංස්කරණය]

  • 1972 ස්ටෝක්හෝම් ප්‍රකාශනය
  • 1982 පරිසරය පිළිබඳ ලෝක න්‍යාය පත්‍රය
  • 1987 අපේ පොදු අනාගතය ලෙස බෘන්ට්ලන්ඩ් වාර්තාව එළිදැක්වීම
  • 1992 රියෝ ප්‍රකාශනය
  • 2002 ජොහැන්නස්බර්ග් ප්‍රකාශනය


ස්ටෝක්හෝම් ප්‍රකාශනය

මෙය මනුෂ්‍ය පරිසරය පිළිබඳව එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනය නම් වේ.පරිසරය රැකීම හා දියුණු කිරිමට ජාත්‍යන්තර නීතීයේ පැවති උත්සහයන් ඒකරාශි කිරීමකි.මෙමගිත් මූලික වශයෙන් අවධානය යොමු කළේ දේශසීමා අතර සිදුවන දුෂණය,සාගර දුෂණය,ජල දුෂණය,වඳවී යාමේ තර්ජනයට ලක්වූ සත්‍ව කොට්ඨාශ රැක ගැනීමේ අවශ්‍යතාවය,පරිසර කළමනාකරණය සඳහා වූ අවශ්‍යතාවය ආදී කරුණු පිළිබඳවය.තිරසාර සංවර්ධනයේ වැදගත් අවස්ථාවක් ලෙස ස්ටෝක්හෝම් ප්‍රකාශනය හැඳින්විය හැකිය.මූලධර්ම 26 ප්‍රකාශනයේ අන්තර්ගතව ඇත.

1.මූලධර්මය

මිනිසාට තම නිදහසට හා සමානාත්මතාවයට ගැලපෙන පරිදි යහපත් හා ගෞරවාන්විත පරිසරයක ජීවත් වීමට අයිතිය ඇත.එසේම වර්තමාන හා අනාගත පරම්පරාවන් වෙත පරිසරය රැකීමේ හා වර්ධනය කිරීමේ බැරෑරුම් සහගත වගකීම මානවයාට ඇත.


2.මූලධර්මය

ශාක හා ජීවීන් උභය පරම්පරාවන්ගේම යහපත තකා මිහිමඩලේ වාතය ජලය පොළව සුරැකිය යුතුය.


5.මූලධර්මය

නැවත ඇතිනොවන ස්වාභාවික සම්පත් පරිහරණයේදි අතිශයින් ප්‍රවේසම් විය යුතුය.


21.මූලධර්මය

රාජ්‍යයන් තමන්ගේ බල ප්‍රදේශ තුළ කෙරෙන ක්‍රියාකාරකම් වලින් වෙනත් රාජ්‍යයන්ගේ දේපලවලට හානියක් නොවන බවට වගබලා ගතයුතුය.


22.මූලධර්මය

රාජ්‍යයන් තමන්ගේ බල ප්‍රදේශ තුළ කෙරෙන ක්‍රියාකාරකම් වලින් බලසීමාවට පිටත ප්‍රදේශවලට ඇතිවන බලපෑම් සඳහා එනම් පරිසර දුෂණයට හා පරිසර හානිවලට පාත්‍ර වූවන්ට වගකීම් හා වන්දි ලබාදීම පිළිබඳව ජාත්‍යන්තර නීතීය වර්ධනය කළයුතුය.


1992 රියෝ ප්‍රකාශනය

එක්සත් ජාතීන්ගේ පරිසරය හා සංවර්ධනය පිළිබඳ වැඩසටහන නම් වේ.බෘන්ට්ලන්ඩ් කොමිසම මගින් එළිදැක්වු අපේ පොදු අනාගතය යන වාර්තාව මීට ප්‍රබල ලෙස දායක විය.පරිසරය විනාශ නොකරමින් අත් කර ගන්නා සැබෑ සංවර්ධනය පිළිබඳ සංකල්පය හා තිරසාර සංවර්ධනය පිළිබඳ සංකල්පය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය යුතු ආකාරය කෙරෙහි අවධානය යොමු කරන ලදි.21වන සියවසේ පරිසර ආරක්‍ෂාව සංවර්ධනය සඳහා යෝජනාවන් ඉදිරිපත් කර ඇත.මේ යෝජනා අතර සමාජ ආර්ථික කරුණු,සංවර්ධනය සඳහා සම්පත් සංරක්‍ෂණය හා කළමනාකරණය,ප්‍රධාන කණ්ඩායම් ශක්තිමත් කිරීම හා ක්‍රියාවේ යෙදවීමේ උපාය මාර්ග යනාදිය වේ.මූලධර්ම 27 ප්‍රකාශනයේ අන්තර්ගතව ඇත.

1.මූලධර්මය

මානවයා ස්වාභාව ධර්මයා සමග සහජීවනයෙන් යුත් නීරෝගි හා ඵලදායි ජීවිතයකට හිමිකම් දරයි.


2.මූලධර්මය

රාජ්‍යයන්ට ස්වාභාවික සම්පත් භාවිත කීරීමේ පරමාධිපත්‍යය බලය ඇති බව පිළිගන්නා අතර එකි බලතල භාවිතයේදි දේශයෙන් පිටත පරිසරයට හානි සිදු නොවීමට වගබලා ගතයුතුය.


3.මූලධර්මය

සංවර්ධනයට ඇති අයිතිය ක්‍රියාත්මක විය යුත්තේ පරම්පරා අතර සමානාත්මතාවය පිළිබඳව මූලධර්මය සුරැකෙන ලෙසයි.


4.මූලධර්මය

පරිසරය හා සංවර්ධනය එකිනෙකින් වෙන්කළ නොහැක.


5.මූලධර්මය

දරිද්‍රතාව තුරන් කිරීම තිරසාර සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය කරුණකි.


8.මූලධර්මය

රාජ්‍යයන් තමන්ගේ දැරිය නොහැකි අනවශ්‍ය නිෂ්පාදන හා පාරිභෝජන රටා පිටුදැකිය යුතුය.


9.මූලධර්මය

පරිසරයට හිතදායි වූ නවීන විද්‍යාත්මක හා තාක්‍ෂණික දැනුම එකිනෙකා සමග නිර්ලෝභීව හුවමාරු කර ගැනීමට රජයන් කටයුතු කළයුතුය.


10.මූලධර්මය

ජාතික මට්ටමෙන් පරිසර නීති හඳුන්වා දීම ,පරිපාලන හා අධිකරණ ක්ෂේත්‍ර දියුණු කිරීමට කටයුතු කළයුතුය.


18.මූලධර්මය

දේශසීමාවෙන් ඔබ්බට විහිද යන ස්වාභාවික හෝ වෙනත් පරිසර ව්‍යසනයකදි අසල්වැසි රටවල් දැනුවත් කිරීම.


20,21.මූලධර්මය

තිරසාර සංවර්ධනය උදෙසා කාන්තාවන් හා තරුණ පරපුර සහභාගි කරගත යුතුය.


22.මූලධර්මය

ආදිවාසික ස්වදේශික ජනතාවද ඔවුන්ගේ පාරම්පරික දැනුම හා වැදගත් සම්ප්‍රදායන්ද තිරසාර සංවර්ධනය ඇතිකිරීමට ඉවහල් වේ.


2002 ජොහැන්නස්බර්ග් ප්‍රකාශනය

පරිසරය හා සමාජීය අවශ්‍යතා පිළිබඳව අවධානය යොමු කරන ඇත.ඒ අනුව ප්‍රධාන අංග 5 වැදගත් ලෙස සළකා ඇත.එනම් ජලය හා සනීපාරක්‍ෂාව,ශක්ති පරිභෝජනය හා නිෂ්පාදනය,කෘෂිකාර්මික ඵලදායිතාව,ජෛව විවිධත්‍වය හා පරිසර ප්‍රඥප්ති හා කළමනාකරණය යන කරුණුය.


වැදගත් පරිසර ප්‍රඥප්තින් කිහිපයක්[සංස්කරණය]

ජෛව විවිධත්‍ව ප්‍රඥප්තිය

ජෛව විවිධත්‍වයත් ජානමය සම්පත් විශේෂයන් හා ජීවින්ගේ අවට පරිසරය අධ්‍යයනය කිරීමත් ඒවා සංරක්‍ෂණය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීමත් මෙහි අරමුණ වේ.මෙමගින් රටවල් විසින් තම අනාගත සංවර්ධනයට යොදාගන්නා ක්‍රියාකාරකම් මගින් ජෛව විවිධත්‍ව සංරක්‍ෂණයට දායකත්‍වයක් ලබාගැනීම තහවුරු කිරීමට අවශ්‍ය පියවරයන් හඳුනාගැනීමට අපේක්‍ෂිතය. ප්‍රඥප්තිය යටතේ ඉටුකළ යුතු අනෙකුත් කාර්යයන් අතර සංරක්‍ෂණය කළයුතු හා තිරසාර ලෙස භාවිත කළයුතු ජෛව විවිධත්‍වයේ වැදගත් කොටස් හඳුනාගැනීම හා අධීක්‍ෂණය,ජෛව විවිධත්‍වයෙන් පොහොසත් ප්‍රදේශ ආරක්‍ෂිත ප්‍රදේශ වශයෙන් සංරක්‍ෂණය කිරීම,තර්ජනයට ලක්වූ ජීවීන් ආරක්‍ෂා කිරිම,ජෛව විවිධත්‍වය තිරසාර ලෙස භාවිත කිරීමට අතීතයේ සිටම ඉවහල් වුනු පාරම්පරික දැනුමට ගරු කිරීම,එම දැනුම ආරක්‍ෂා කිරිම හා පවත්වා ගැනීම,සංරක්‍ෂණ කටයුතු සඳහා ජනතා සහයෝගය ලබා ගැනීම,ජෛව විවිධත්‍වය හා එය රැකගැනීමේ වැදගත්කම පිළිබඳ ජනතාවට අවබෝධය ලබාදීම යන කාර්යයන් ප්‍රමුඛතාවයෙහි ලා සැලකේ.


දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය

හරිතාගර වායු සාන්ද්‍රණය අධික වීම හේතුකොටගෙන ගෝලීය උණුසුම වැඩිවීම හා මුහුදු මට්ටම ඉහළ යාම පිළිබඳව හා එමගින් වන බලපෑම අවම කිරිමට කටයුතු කිරිම මේ සම්මුතියේ අරමුණ වේ.1991 දී බ්‍රසීලයේ රියෝ සමුළුවේදි රටවල් 150 වැඩි ගණනක් මෙම ප්‍රඥප්තියට අත්සන් කරනලදි.


තර්ජනයට ලක්වූ සත්‍ව හා ශාක විශේෂවල අන්තර්ජාතික වෙළදාම පිළිබඳ ප්‍රඥප්තිය

මෙහි ප්‍රඥප්තිය ක්‍රියාත්මක වන්නේ තෝරාගත් සත්‍ව හා ශාක විශේෂවල වෙළදාම පාලනයට යටත් කිරීම මගිනි.මෙවැනි විශේෂයන් ආනයනය,අපනයනය, ප්‍රතිඅපනයනය,පාලනය කිරීම යන සියළු කටයුතු ප්‍රඥප්තියට අනුකූලව බලපත්‍ර ලබාදීමේ ක්‍රමයකට භාජනය කිරීම මගිනි.ප්‍රඥප්තියෙන් ආවරණය වන ජීවීන්ට සැලසිය යුතු ආරක්‍ෂාවේ ප්‍රමාණය අනුව ඔවුන් උප ලේඛන තුනකින් එකකට ඇතුලත් කෙරේ.පළමු උප ලේඛනයට ඇතුලත් වන්නේ වඳවීමේ තර්ජනයට ලක්වි සිටින ජීවීන්ය.මොවුන්ගේ වෙළදාමට අවසර ලැබෙන්නේ ඉතා සුළු වශයෙනි.දෙවැනි උප ලේඛනයට ඇතුලත් වන්නේ වඳවීමේ තර්ජනයට මුහුණ දී නැතිමුත් ඔවුන්ට වෙළදාම නිසා විය හැකි තර්ජනයන් වැලැක්වීම සඳහා වෙළදාම යම් සීමාවන්ට යටත් කළ යුතු ජීවින්ය.තුන්වැනි උප ලේඛනයට ඇතුලත් වන්නේ ප්‍රඥප්තියේ එක් සාමාජීක රටක ආරක්‍ෂිත ජීවියෙකුගේ වෙළදාම පාලනය කිරීමට අනෙකුත් රටවල සහය අවශ්‍ය බවට එම රටින් කරන ඉල්ලීමක් මත ආරක්‍ෂා කරනු ලැබු ජීවියෙකි.


තෙත් බිම් රැක ගැනීමේ සම්මුතිය

මේ සම්මුතියේ ප්‍රධාන පරමාර්ථය වන්නේ තෙත් බිම්වල ඇති මූලික ආර්ථිකමය සංස්කෘතිමය ,විද්‍යාත්මක,හා විනෝදාත්මක අගයන් හඳුනාගැනීමත් ඒවා සංරක්‍ෂණයට කටයුතු කිරීමත් තෙත් බිම් විනාශ වීමෙන් සදහටම තුරන් වීම වැළැක්වීමත්ය.


ලෝක ස්වාභාවික හා සංස්කෘතික උරුමයන් ආරක්‍ෂා කිරිමේ සම්මුතිය

තම දේශසීමාවේ වු ජාතික වශයෙන් වැදගත් වන්නාවු ස්වාභාවික හා සංස්කෘතික උරුමයන් නිරතුරුව ආරක්‍ෂා කිරිමට මෙමගින් සෑම රටක්ම බැඳි සිටියි.