අධිස්පන්දනය කිරීම (Overclocking)

විකිපීඩියා වෙතින්

ABIT NF7-S හි AMD ඇතුළත් XP (Athlon XP) අධිස්පන්දනය කිරීමේ BIOS සෙට්අප් (Setup) ඉදිරිපස නියමග සංඛ්‍යාතය (බාහිර ස්පන්දකය) 133MHz සිට 148MHz දක්වා වැඩි කළ අතර ස්පන්දක ගුණන සාධකය 13.5 සිට 16.5 දක්වා වෙනස් වී ඇත.

අධි ස්පන්දනය කිරීම යනු නිෂ්පාදකයන් විසින් සැලසුම් කර ඇති ප්‍රමාණයට වඩා වැඩි ස්පන්ද සීඝ්‍රතාවයකින් ධාවනය වන ලෙස පරිගණක උපාංග සැකසීමේ ක්‍රියාවලියයි. මෙය සාමාන්‍යයෙන් පුද්ගලික පරිගණක පරිශීලකයන් විසින් ඔවු‍න්ගේ පරිගණකවල ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීමට සඳහා සිදු කරනු ලබයි. ඔවුන්ගෙන් ඇතැමෙකු පහළ මට්ටමේ පරිගණක උපාංග මිල දී ගෙන ඒවා වැඩි වේගවලට අධි ස්පන්දනය කරනු ලබයි. නැතිනම් ඉහළ මට්ටමේ පරිගණක උපාංග ගෙන ඒවා කම්හල් පෙරතිබි තත්ව ලටත් වඩා වැඩි මට්ටම් කරා ළඟා කරවයි. තවත් සමහරුන් පරිගණක කර්මාන්ත බලාපොරොත්තු වන ලෙස නව දෘඩාංග නොගෙන ඔවු‍න්ගේ යල්පිනූ පැරණි දෘඩාංග නව පද්ධති අවශ්‍යතාවලට ගැළපෙන ලෙස අධිස්පන්දනය කරනු ලැබේ.

ඔවු‍න්ගේ උපාංග අධිස්පන්දනය කරන පරිශීලකයන් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ ප්‍රොසෙසර, වීඩියෝ කාඩ්, මවු පුවරු චිප් සෙට් හා සසම්භාවී මතකය (RAM) යන ඒවාටය. එය සිදුකරන්නේ CPU ගුණනය හා මවු පුවරුවේ ඉදිරිපස නියමග (FSB) වේගය උපරිම ස්ථායී අගයක් ලැබෙන තෙක් වැඩිකිරීමෙනි. අදහස සරල වුවත් පරිගණක පද්ධතිවල විද්‍යුත් හා භෞතික ගති ලක්ෂණ වෙනස්වීම ක්‍රියාවලිය සංකීර්ණ කරයි. CPU ගුණනය, නියමං භාජකය , වෝල්ටීයතා, තාප ධාරිතා, සිසිලන තාක්ෂණික ක්‍රම හා වෙනත් සාධක එයට බලපෑම් එල්ල කළ හැක.

අධිස්පන්දනයේ වාසි[සංස්කරණය]

  • පරිශිලනයෙකු හට මන්දගාමී මිලෙන් අඩු උපාංග මිලදී ගෙන වඩා මිල උපාංගවල වේගයට අධි ස්පන්ධනය කළ හැක.
  • අමතර වියදමකින් තොරව ක්‍රීඩා, කේතනය, වීඩියෝ සංස්කරණය හා පද්ධති කාර්යයන් වේගවත්ව සිදු කර ගත හැකි මුත් විද්‍යුත් ශක්ති උත්ශ්‍රේණි පරිභෝජනය වැඩි වෙයි. නිරන්තරයෙන් තමන්ගේ දෘඩාංග කරන පරිශීලනයන්ට අධි සංන්දනය කිරීමෙන් උත්ශ්‍රේණි කිරීම් දෙකක් අතර කාලය අඩුකර ගත හැක.


  • සමහර පද්ධතිවල අවහිරතා පවතී. එවිට එක් උපාංගයක කුඩා ස්පන්ධනය වීමක් වෙනත් උපාංගයක විභවය සම්පුර්ණ ලෙසම පාහේ ලගා කරගත හැක. මෙමගින් සීමාකාරී දෘඩාංග අධිස්පන්දනය කිරීමට වඩා හොඳ ප්‍රතිඵල ලබාගත හැක. උදාහරණ ලෙස AMD ඇත්ලන් (Athlon) 64 සකසු RAM කොටස් හතරෙහි 333MHz ට සීමා කරයි. කෙසේ නමුත් මතක වේගය ගණනය කරනු ලබන්නේ සකසු වේගය අචල පුර්ණාංකයකින් බෙදීමෙනි. එලෙස සාමාන්‍ය වේගවලදී RAM එක 333MHz ආසන්න ස්පන්ද සීඝ්‍රතාවකින් ක්‍රියාකරයි. සකසු වේග තීරණ කර ඇති චූල සැකසීමෙන් (සාමාන්‍යයෙන් ගුණාකාරකය අඩු කිරීමෙන්) කෙනෙකුට සැකසුම කුඩා ප්‍රමාණයකින්, 100 – 200 MHz අවට අධිස්පන්දනය කළ හැකි (10% කට වඩා අඩුවෙන්) අතර එමගින් RAM එකේ මුලු විභවයම ලගා කර ගෙන 400 MHz පමණ RAM ස්පන්ද සීඝ්‍රතාවක් ලගාකර ගත හැක.
  • අධි ස්පන්දනය කිරීම බොහොමයක් සබැදි සමාජ (online communities) වලට‍ ආධාර දේ. (pc Mark) වෙබ් අඩවිය එවැනි වෙබ් අඩවියන් වන අතර එය ක්‍රමලේඛ යොදා ගෙන බලවත් පරිගණකවල ක්‍රියාකාරිත්වය අගයන යොමු හුවමාරුවක් පවත්වා ගනී.
  • නියමාකාර පර්යේෂණ හා පෙර පරිස්සම්වලින් යුත් හෝ සුදුසු මග පෙන්වීමක් සහිත අධි ස්පන්දනයෙකුට එම පද්ධති හා pc පද්ධති පිළිබද වැදගත් දැනුමක් හා අත්දැකීම් ලබා ගත හැක.

අධිස්පන්දනයේ අවාසි[සංස්කරණය]

දක්ෂ අධි ස්පන්ධන කරුවන් මගින් අඩුකර ගත හැක. කෙසේ නමුත් ආධුනික අධි ස්පන්ද කරුවන් අධි ස්පන්දනය කිරීමේදී, අධි ස්පන්ධිත උපකරණ වලට මෙන්ම ඒවා බලපාන අනෙක් උපකරණ වලටද හානි සිදුකළ හැකි වැළැක්විය හැකි දුබලතා ඇති කරවන අඩුපාඩු සිදුවිය හැක.

මෙම අවාසි ආධුනික හා විශේෂඥ යන දෙපිරිසටම වැළැක්විය නොහැක[සංස්කරණය]

  • ප්‍රොසෙසරයක ජීවත කාලය අධික ක්‍රියාකාරී සංඛ්‍යාත, වෝල්ටීයතා හා තාපය මඟින් අඩු විය හැකි. දීර්ඝ කාලීන ස්ථාවර තත්වයේ මයික්‍රොප්‍රොසෙසර් නිසා ප්‍රොසෙසර්වල සීඝ්‍ර නැති වී යාමත් සමඟම අධි ස්පන්දකරුවන් තර්ක කරන්නේ අධිස්පන්ධිත උපාංග බිඳ වැටීමට පෙර ඒවා ප්‍රතිස්ථාපනය වීමට ඉඩ කඩ ඇති බවයි. බොහෝමයක් අධි ස්පන්දකරුවන් , උනන්දු වන්නන් නිසා ඔවුන් සාමාන්‍ය ජනයාට වඩා නිරන්තරයෙන් උපාංග යාවත් කාලීන කරයි. මෙය මෙම අවාසිය තව දුරටත් ලිහිල් කරයි.
  • වැඩි වූ ස්පන්ද වේග හා වෝල්ටීයතා අධික ජව භාවිතයකට හේතු වේ.
  • අධි ස්පන්දිත පද්ධතියක් භාවිතයට පෙර ස්ථායීතාව සඳහා පරීක්ෂාවට බඳුන් කරන මුත්. කාලයක් භාවිතා කිරීමත් සමඟ නව වැඩ භාර හෝ ප්‍රොසෙසර් හරයේ පරීක්ෂා නොකළ කොටස් නිසා ස්ථායීතා ගැටලු මතු විය හැක. පෙර සඳහන් කරන ලද කල් ඉකුත් වීමේ ගැටලුව දිගු කාලයකට පසු ස්ථායීතාව පිළිබඳ ගැටලු මතු කළ හැක.
  • අතිරේක සිසිලනය සඳහා යොදා ගන්නා අධි ක්‍රියාකාරී පංකා අධික ශබ්ද ප්‍රමාණයක් නිපදවයි. අධිස්පන්දකරුවන් භාවිතා කළ පැරණි ජනප්‍රිය පංකා වර්ගවලට ඩෙසිබල් 50 හෝ ඊට වඩා වැඩි ශබ්ද ප්‍රමාණ නිපදවිය හැකිය. කෙසේ නමුත් වර්තමානයේ දී නිෂ්පාදකයන් සුමට වායු ගැලීමක් හා අඩු ශබ්දයක් (ඩෙසිබල් 20 පමණ) සඳහා වායු ගති විද්‍යානුකූලව ඉහලම ඵල ලබා ගැනීම සඳහා වූ හීට් සින්ක් සමඟ පංකා නිර්මාණයෙන් බොහෝ දුරට මෙම ගැටලුව මඟ හරවාගෙන ඇත. සමහරුන් මෙම අතිරේක ශබ්දය සැලකිල්ලට ගන්නේ නැත. ඒ නැතත් සාමාන්‍යයෙන් අධි ස්පන්දකරුවන්ගේ පරිගණක සාමාන්‍ය ඒවාට වඩා ශබ්දයෙන් වැඩිය. අධික ශබ්දය, අඩු ශබ්දයක් හා වැඩි කාර්යයක් ලබා දෙන විශාල පංකා ක්‍රමානුකූලව ස්ථානගත කිරීමේන්, අතිරේක සිසිලන ක්‍රම (ද්‍රව හා කලාප හුවමාරු සිසිලන ක්‍රම වැනි) භාවිතයෙන් චැසියකට ෆෝම් පරිවරණයක් භාවිතයෙන් හේ පංකා වේග පාලනයට (හා ඒ නිසා ශබ්දය) පංකා පාලන බසයක් ස්ථාපනයෙන් වැනි ක්‍රම මඟින අදාල අවස්ථාවට උචිත පරිදි පාලනය කර ගත හැක. වර්තමානයේ අධි ස්පන්දනය කිරීම බොහෝ පිරිසක් අතර ජනප්‍රිය වී ඇති නිසා නිෂ්පාදකයන් විසින් පැරණි ඒවාට වඩා අඩු ශබ්දයෙන් යුත් අධි ක්‍රියාකාරී පංකා නිපදවීමත් සමඟම මෙම ගැටලුව අඩු සැලකිල්ට බඳුන්වන දෙයක් වී ඇත. සමානවම වර්තමානයේ මධ්‍යම හා උසස් ගණයේ පරිගණක ආවරණ විශාල පංකා (අඩු ශබ්දයත් සමඟ වඩා හොඳ වායු ගැලීමත් සඳහා) වලින් සමන්විත වනවා මෙන්ම සිසිලනය හා වායු චලනයේ මනාසේ තබා ගෙන සැලසුම් කර ඇත.
  • ඇති තරම් CPU සිසිලන සලසා තිබුණ ද, අධි ස්පන්දිත සැකසුම් ඒකක මඟින් උත්පාදනය කරන අමතර තාපය පද්ධති ආවරණයේ උෂ්ණත්වය ඉහල නංවයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස අනෙක් උපාංගවලට බැලපෑම් එල්ල විය හැක. තවද PC එක ඇති කාමරයේ උෂ්ණත්ය ඉහල නංවමින් PC හි වා කවුලුවලින් වැඩි තාපයක් පිට විය හැක. සසමහර විට මෙම උෂ්ණත්වය අසීරුතාවට ලක්වන මට්ටම් කරා ද ඉහල නැඟිය හැකිය.
  • අධි ස්පන්දනය කිරීම අවශ්‍ය ලෙස මුදල් ඉතිරි නොකරයි. වැඩි වේග වැඩි වීම් වල සාමාන්‍යයෙන් , අධික උෂ්ණත්ව වළක්වා ගැනීමට මිළ අධික සිසිලන උපකරණ හා වැඩි මිලෙන් යුත් අධි ස්පන්දනයට යොදා ගත හැකි මව් පුවරු යොදා ගත යුතු වේ. තව ද එය මිල අධික විනෝද ක්‍රීඩාවක් බවට ද පත්විය හැක. තමන් අධි ස්පන්දකරුවන් යයි සිතන බොහෝ පුද්ගලයන් , සාමාන්‍ය පුද්ගලයන්ට වඩා වැඩි කාලයක් පරිගණක උපකරණ මත ගත කරති. කෙසේ නමුත් CPU නිෂ්පාදනයේ නව නිපැයුම් හෙලිදරව් කරන්නේ සමහරක් ප්‍රොසෙසර් වලින් සැලකිය යුතු ලාභයක් ලබා ගත හැකි බවයි. මෙය ඉන්ටෙල් කෝර් 2 (Core 2) කාණ්ඩයේ පැහැදිලිව දක්නට ලැබේ. පහත් ගණයේ E6300 මාදිලිය ඇතුලුව E6x00 පවුලේ ඕනෑම චිපයක් X6800 හෝ වැඩි වේග සඳහා අධි ස්පන්දනය කළ හැක. නමුත් මේ සඳහා කිසි අයුරකින් වග කියනු නොලැබේ.
  • අධි ස්පන්දනය කිරීමේ දී උපකරණය විනාශ වීමේ අන්තරාදයක හැකියාවක් ඇත. බොහොමයක් වගකීම් සහතික අධි ස්පන්දිත ක්‍රියා නිසා හානි වූ උපකරණ ආවරණය නොකරයි. සමහරක් අධි ස්පන්දනයට අදාල මව් පුවරු ඒවා වලක්වා ගැනීමට ආරක්ෂිත උපක්‍රම සපයයි. (උදා - FSB වැඩිවීම සීමා කිරීම) එමනිසා හානිය සිදුවිය හැක්කේ වෝලටීයතා පාලනය වෙනස එම තුළින් පමණි.කෙසේ නමුත් , අස්ථායී බවේ සංඥා නිසා කලින් විද්‍යාමාන වන නිසා වෝල්ටීයතා වෙනස් වීම් මඟින් උපාංගවලට හානියක් කිරීමට පවතින්නේ වඩා අඩු ඉඩ කඩක් බවට තර්ක කළ හැකිය.
  • තාක්ෂණිකව, PC උපාංගයක් අධි ස්පන්දනය කිරීම, එහි වගකීම සහතිකය අවලංගු කරවයි. (උපාංගය විකිණූ තත්වයන් මත පදනම්ව)
  • උපාංග නිසි පරිදි සිසිලනය නොකලේ නම් ගිනි අනතුරු ද සිදු විය හැක.

අධි ස්පන්දනය සීමා කිරීම්[සංස්කරණය]

අධි ස්පන්දනය කිරීමේ පහසුකම හේතු සාධක කිහිපයක් නිසා සීමා කර ඇත.

පුද්ගලික පරිගණක බොහෝ විට භාවිතා වන්නේ, පරිගණකමය වශයෙන් වැදගත් නොවන හෝ යන්ත්‍රයට පිටතින් ඇති අවහිරතා මගින් කාර්ය ඵලය සීමාකර ඇති ක්‍රියා ඉටු කිරීමටය. උදාහරණ ලෙස වෙබ් නිරීක්ෂණය සඳහා අධික වේගයෙන් යුත් පරිගණකයක් අවශ්‍ය නොවේ. සීමාකාරී සාධකය වන්නේ පරිශීලකයාගේ හෝ සොවාදායකයාගේ අන්තර්ජාල සම්බන්ධතාවේ වේගයයි. ප්‍රොසෙසරයක් අධිස්පන්ධනය කිරීමද යෙදුම් ක්‍රියාත්මක වන වාර වේගවත් කරන්නේ ඉතා සුළු වශයෙනි. මන්දයත් එය රඳා පවතින්නේ දෘඩ තැටියෙන් දත්ත කියවීම මතයි. වදන් සැකසුම් හා විද්‍යුත් තැපැල් යැවීම් වැනි කාර්යාල කටයුතු දෘඩාංග වලට වඩා පරිශිලකයාගේ වේගය මත රදා පවතී. මෙවැනි අවස්ථා වලදී අධිස්පන්ධනය හරහා වු ඕනෑම වේග වැඩිවීමක් අවධානයට ලක්නොවේ.

සාමාන්‍යයෙන් පිලිගෙන ඇත්තේ පරිගණකමය වශයෙන් බරපතල කාර්යය සඳහා ද 10% කට වඩා අඩු වේග වැඩි විම් පැහැදිලිව දැකීම අපහසුවේ. උදාහරණයක් ලෙස, විඩියෝ ක්‍රිඩා සෙල්ලම් කි‍‍රීමේදී තිරයේ වු රාමු ගණකයට උදව්වෙන් තොරව තත්පරයට රාමු ගණක (FPS) 60 සිට 66 දක්වා වැඩිවු බව පැහැදිලිව දැක ගැනීම අපහසු වේ. එවැනි අවස්ථා වලදී කෙසේ වුවත් එය උසස් රූපතත්වයට (ඇසට රසඳුනක් යැයි කියන)සිටුවම් භාවිතයට ඉඩ සලස්වයි. අවස්ථා මත පදනම්ව වෙනස්කම ක්‍රිඩා කළ හැකි බව හා පිළිගත නොහැකි බව අතරද තිබිය හැක.

සැලකිලිමත් වියයුතු කරුණු[සංස්කරණය]

ප්‍රොසෙසරයක ක්‍රියා කරන සීඝ්‍රතාව ඉහල නැංවීමේ දී ,සැලකිය යුතු කරුණු කීපයකි. පළමුව නව සීඝ්‍රතාවයෙන් ක්‍රියා කිරීම සඳහා ප්‍රමාණවත් ජවයක් ලැබෙන බව සහතික කරගත යුතුය. කෙසේ නමුත් නුසුදුසු සැකසුම් යටතේ ජවය සැපයීම හෝ අධික වෝල්ටීයතාවක් යෙදීම මඟින් උපාංගයක් ස්ථිර ලෙස විනාශ විය හැක. ප්‍රොසෙසරයක ක්‍රියාකාරීත්වය අධිසීඝ්‍රකරණය සඳහා අවශ්‍ය සැකසුම් අන්තර්ගත වන්නේ පරිගණක පිළිබඳ දැඩි උනන්දුවක් දක්වන්නන් භාවිතා කරන ආකාරය මිළ අධික මවු පුවරුවල පමණක් වන අතර එහි දී මවුපුවරුවලට අධික දැරීමේ හැකියාවක් තිබිය යුතු වේ. මුල් උපකරණ නිෂ්පාදකයා (OEM) විසින් එකලස් කරන පරිගණක තුළ අඩංගු වන ආකාරයේ මවු පුවරුවල ප්‍රොසෙසර් අධිසීඝ්‍රකරණය සඳහා අවශ්‍ය සැකසුම් ඇතුළත් නොවේ. එසේ කර ඇත්තේ නොගැලපුම් සහගත සැකසුම් ඇති කිරීම වැලැක්වීම සේවා සැපයුම් වියදම් අවම කර ගැනීම සහ වගකීම් කාලය තුළ උපකරණවලට හානි සිදු වූ විට නැවත සැපයීමට කළ යුතු වියදම් අවම කරගැනීම ආදී අවශ්‍යතා හේතුවෙනි.

වැරදි ලෙස සිදු කරන අධි ස්පන්ධන[සංස්කරණය]

උපාංගයක වැඩි වන ක්‍රියාත්මක සංඛ්‍යාතය රේඛීයව එහි තාප ඵලය වැඩි කරන අතරම වෝල්ටීයතාවයේ වැඩිවීම වර්ගජ වැඩිවීමකට මඟ පාදයි. අධික ලෙස වැඩි වෝල්ටීයතා හෝ නොගැලපෙන සිසිල් කිරිම් චිපයේ අධික ලෙස ඉහළ නැගි ක්ෂණික බිදවැටීම් හෝ සැලකිය යුතු ලෙස එහි ජීවක කාලය අඩුවීම් සිදුවන නොවැලැක්විය හැකි හානි චිපයට සිදුවිය හැක.

දෘඩාංග බිඳවැටීම් වලට වඩා බහුල වන්නේ ක්‍රියාකාරී බවේ දෝෂයි. දෘඩාංග සමුපුර්ණයෙන් හානි වී නොමැති වුවත් කරදරකාරී අතර අස්ථායි බවට හා දත්ත නැතිවීම් වලට හේතු විය හැක. ඉතා දුලබව විශේෂිතව අවස්ථා වලදී සියලු දත්ත නැතිවී මුලු ගොනු පද්ධති බිඳ වැටීම් සිදුවිය හැක.

දුර්වල ලෙස ශාකා ස්ථානගත කිරීම් පරිගණක කවරය තුල කැලඹීම් හා සුළි ඇති කළ හැක. එමගින් සිසිලන කාර්යක්ෂමතාව අඩු වී ශබ්දය වැඩි වේ. එයට අතිරේකව කම්පන හා වෙව්ලීම් ඇතිවිය හැක.

ද්‍රව හෝ කලාප හුවමාරු සිසිලන වැනි සාමාන්‍ය සිසිලය විසදුම් නුසුදුසු ලෙස ස්ථාපනය කිරීම සිසිලන පද්ධතියේ බිඳ වැටීමට හේතු විය හැකි අතර එමගින් ජල හානිය හෝ එක්වර සිසිලනය නැතිවීමෙන් ප්‍රොසෙසරයට හානි හෝ සිදු විය හැකිය.

සමහරක් විට යම් නිෂ්පාදන විශේෂයෙන් අධි ස්පන්ධනය සඳහාම නිර්මාණය කලැයි කියන නමුත් සමහරක් විට එසේ නොවීමට ඉඩ ඇත. එම නිසා ආධුනික ගැනුම්කරුවන් සමහරක් නිෂ්පාදන වටා ඇති වෙළඳ රැවටිලි හදුනාගත යුතුය. ඒවායින් වාසි ලබාගත හැකි තරම් තාපයක් උපදවන්නේ නැති චිප සදහා සැලසුම් කර ඇති තාප ව්‍යාප්තික හා හීට් සින්ක්, උදාහරණ වලට ඇතුළත් වේ. (උදාහරණ ලෙස මතක චිප)

අධි ස්පන්ධනයේ බලපෑම මැනිම[සංස්කරණය]

කාර්යය ඵලය ගණනය කිරීම සඳහා බෙන්ච්මාර්ක් (benchmark) යොදා ගැනේ. බෙන්ච්මාර්ක් පරීශීලකයන් විසින් වඩා වැඩි අගයක් සඳහා තරග වදින එක්තරා ක්‍රීඩාවක් බවටද පත්විය හැක. ඉහත සාකච්ජාකර ඇති පරිදි අධිස්පන්ධනය කිරීමේදී ස්ථායීතාවය හා ක්‍රියාකාරී බවේ නිරවද්‍යතාව සුරැකිය යුතු වේ. තවද තේරුමක් ඇති බෙන්ච්මාර්ක් ප්‍රතිඵල රඳා පවතිනුයේ බෙන්ච්මාර්ක් හි නිවැරදි ක්‍රියාත්මක වීම මතයි. මේ නිසා සමහරක් විට බෙන්ච්මාර්ක් ලකුණු ස්ථායීතාවය හා නිවැරදි කිරීමේ සටහන් මගින් තේරීමට ලක්විය හැක.

(උදා - අධිස්පන්ධනය සිදු කරන්නේ ලකුණේ බෙන්ච්මාර්ක් ක්‍රියාත්මක වූයේ අවස්ථා 5 කට වරක් පමණක් බව දක්වමින් සටහක් කළ හැක. නැතහොත් බෙන්ච්මාර්ක් ධාවනයේදී සංදර්ශක දෝෂ වැනි වැරදි ක්‍රියාත්මක වීම් සටහන් කළ හැක.)

අධිස්පන්ධනය කිරීම පරිගණකයට සිදු කරන සම්පූර්ණ බලය තීරණය කිරීමට බෙන්ච්මාර්ක් ලකුණ ප්‍රමාණවත් නොවේ. උදාහරණයක් ලෙස සමහරක් බෙන්ච්මාර්ක් පරීක්ෂා කරන්නේ මතක කලාප පළල වැනි පද්ධතියේ එක් අංගයකි. එහිදී එම අංගයේ වඩා වැඩි වේග ක්‍රියාකාරිත්වය පද්ධති කාර්යය ඵලය වර්ධනය කරන්නේ කෙසේද යන්න සැලකිල්ලට නොගැනේ. වීඩියෝ කේතනය අධි තත්ත්ව දත්ත සමුදායක් හා විද්‍යාත්මක පරිගණකය වැනි යෙදුම් තත්ව ගත කිරීම හැරුණු කොට මතක කලාප පළල යනු අවහිරයක් නොවේ. එමනිසා මතක කලාප පළල වැඩි විට සමහරක් පරිශීලකයන්ට නොදැනී යා හැක. 3D මාර්ක් වැනි වෙනත් බෙන්ච්මාර්ක් ක්‍රීඩා තත්ත්ව නැවත පරීක්ෂා කිරීමට යත්න දරයි. නමුත් සමහරක් පර්යේෂකවල රුග්ඩොල් චලිතය වැනි අයනික භෞතික විද්‍යාව ඇතුළත් වන නිසා දර්ශනය ඒ ඒ වේලාවේදී ස්වල්ප ලෙස වෙනස්වන අතර පර්යේෂක ලකුණුවල කුඩා වෙනස්වීම් නොයිස් ෆ්ලෝ (noise floor) මගින් යටපත් වේ.


විචල්‍යතාව[සංස්කරණය]

යමිකිසි කොටස් අධිස්පන්දනය වීමේ සීමාව අතිශයින් විචල්‍ය වේ. විවිධ විකුණුම් කරුවන්ගේ, නිෂ්පාදන අංශවල, හා ස්වාධීන ඒකක වලින් ලැබෙන සකසූ සියල්ල විවිධ ප්‍රමාණවලින් අධිස්පන්ධනය වීමට භාජනය වේ.

ස්ථායීතාව හා ක්‍රියාත්මක වීමේ නිරවද්‍යතාව[සංස්කරණය]

Interior of a ජල-සිසිලන පරිගණක, showing CPU water block, tubing, and pump.

අධි ස්පන්දනය කරන ලද උපාංගයක් නිෂ්පාදකයාගේ නිර්දේශිත ක්‍රියා කිරීම් තත්ව වලින් ක්‍රියා කරන නිසා එය දෝශ සහගතව ක්‍රියා කළ හැකි අතර එමඟින් පද්ධති අස්ථායීතා ඇති විය හැක. අස්ථායී අධි ස්පන්දිත පද්ධතියක් වේගයෙන් ක්‍රියා කරන නමුත් භාවිතා කිරීමට කරදරකාරී වේ. තවත් අනතුරක් වන්නේ සාමාන්‍යයෙන් අනාවරණය කළ නොහැකි නිහඬ දත්ත විනාශ වීම (silent data corruption) සිදු වීමයි. සාමාන්‍යයෙන් අධි ස්පන්දකරුවන් පවසන්නේ අධි ස්පන්දිත පද්ධතියක ස්ථායීතාව හා නිවැරදි ක්‍රියාකාරීත්වය පර්යේෂණ මඟින් තහවුරු කළ හැකි බවයි. දෘඩාංග ස්ථායීතාව පරීක්ෂා කිරීමට මෘදුකාංග තිබුණත් සාමාන්‍යයෙන් ප්‍රොසෙසරයේ ක්‍රියාකාරීත්වය තදින් පරීක්ෂා කිරීමට කිසිවෙකුටත් (ප්‍රොසෙසර් නිෂ්පාදකයාටවත්) නොහැකිය. විශේෂ “ස්ට්‍රෙස් පරීක්ෂණයක දී” සිදු කළ හැක්කේ දත්ත සමඟ සම්බන්ධිතව යෙදෙන විශේෂිත උපදෙස් අනුක්‍රම පරීක්ෂා කර බැලීම පමණක් අතර එමඟින් අදාල ක්‍රියාවලිවල දෝශ අනාවරණය නොවේ. උදාහරණයක් ලෙස ගණිතමය ක්‍රියාවලියත් නිවැරදි ප්‍රතිඵල ඇති කරන මුත් වැරදි සලකුණු (flags) ඇති කළ හැක. සලකුණු පරීක්ෂා කළේ නැත්නම් දෝශය අනාවරණය නොවී පවතී. හොඳ දෝශ ආවරණයක් ඇති කිරීමට මහත් වූ ඉංජිනේරුමය පරිශ්‍රමයක් අවශ්‍ය වේ. නිෂ්පාදකයන් විසින් වලංගු කිරීම් සඳහා දී ඇති සියලු ප්‍රභව තිබියදීත් අතපසු වීම් සිදු විය හැක. වඩාත් සංකීර්ණ කරුණු වෙත පිය නැඟීමේ දී සිලිකන් වන් ඉන්සියුලේටර් වැනි සැකසුම් තාක්ෂණික ක්‍රමවල දී, උපාංග හිස්ටර්සිස් (hysteresis) තත්වයක් (පරිපථයක ක්‍රියාවලිය අතීත සිදු වීම් නිසා බලපෑමට ලක්වීම) පෙන්නුම් කරයි. එම නිසා වෝල්ටීයතාව හා උෂ්ණත්වය එකම වුව ද, පරෙස්සමෙන් ඉලක්කගත පර්යේෂණවලින් තොරවම විශේෂිත තත්ව අනුක්‍රමයකට එක් අවස්ථාවක දී අධිස්පන්දිත තත්වයේ වැඩ කරන ලෙසත් අනෙක් අවස්ථාවේ එසේ නොවන ලෙසත් වෙනස් විය හැක. බහුලව, ස්ට්‍රෙස් පර්යේෂකයන් සමත් වන අධි ස්පන්දිත පද්ධතියක් අනෙක් ක්‍රමලේඛවලදී ස්ථායී බවත් ප්‍රදර්ශනය කරයි.

අධි ස්පන්දනය කිරීමේ චක්‍රවල දී “ස්ට්‍රෙස් පර්යේෂණ” හෝ “ටෝචර් පර්යේෂණ” භාවිතා වන්නේ උපාංගයක නිවැරදි ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීමටය. මෙම වැඩ භාර තෝරාගනු ලබන්නේ ඒවා අදාල උපංගය මත අධික භාරයක් පටවන නිසාය. ප්‍රසිද්ධ ස්ට්‍රෙස් පර්යේෂණ අතරට ප්‍රයිට් 95 , සුපර් PI , සිසොෆ්ට් වෙයාර් සැන්ඩ්‍රා , BOINC , ඉන්ටෙල් තාප විශ්ලේෂණ මෙවලම් හා මෙම්ටෙස්ට් 86 ආදිය අයත් වේ. මෙහි දී බලාපොරොත්තු වන්නේ , අධි ස්පන්දිත උපාංගයේ වූ යම් කිසි නිවැරදි ක්‍රියාකාරීත්වය පිළිබඳ ඕනෑම ගැටළුවක් මෙම පර්යේෂණ තුළින් පෙන්නුම් කරන බවයි. පර්යේෂණය අතරතුර දෝශ අනාවරණය නොවුනි නම් උපාංගය ස්ථායී සලකනු ලැබේ. ස්ථායීතා පර්යේෂණවල දී දෝශ ආවරණය වැදගත් නිසා මෙම පර්යේෂණ අධි කාලාන්තරයක් පුරාවට ධාවනය වේ. සමහරක් විට පැය ගණනක් හෝ නැති නම් දින ගණනක් දක්වා එම කාලාන්තරය දික් විය හැක.

අති ස්පන්දකරණයට බලපාන සාධක[සංස්කරණය]

අති ස්පන්දකරණ හැකියාවට යම් දුරටකට බලපාන්නේ මධ්‍යම සැකසුම් ඒකක(CPU) නිෂ්පාදන ක්‍රියාවලියේ ඇති ආර්ථික කරුණුය. බොහෝ වේලාවන්හිදී විවිධ ස්පන්ද වේග සීඝ්‍රතා සඳහා ප්‍රමිත මධ්‍යම සැකසුම් ඒකක(CPU) නිපදවන්නේ එකම ක්‍රියාවලියක් මඟිනි. මධ්‍යම සැකසුම් ඒකකයෙහි(CPU) ප්‍රමිත කර ඇති ලෙස ස්පන්ද වේගය මධ්‍යම සැකසුම් ඒකක(CPU) නිෂ්පාදකයාගේ අයහපත් තත්ව යටතේ කරන (උදාහරණ ලෙස උපරිම උෂ්ණත්ව හා අවම සැපයුම් වෝල්ටීයතාව) ක්‍රියාකාරිත්ව පරික්ෂාව සමත් වු වේගයට සමාන හෝ අඩු වේ. නිෂ්පාදකයන් විසින් පහත සඳහන් කර ඇති කරුණු සඳහා ද අතිරේක ඉඩක් තැබිය යුතුය. සමහර අවස්ථාවලදි නිෂ්පාදකයන්ට සමාන උසස් කාර්යය සාධනයක් ඇති කොටස් අතිරික්තයක් ඇති වී ඒවායේ මිලට විකිණිය නොහැකි වු විට මධ්‍ය වේගයක් ඇති ලෙස සලකුණු කර, වඩා අඩු මිලකට විකුණනු ලැබේ. සාමාන්‍යයෙන් එක් මධ්‍යම සැකසුම් ඒකකයක(CPU) අනුවාද අංකයක මධ්‍යම සැකසුම් ඒකක(CPU) වල කාර්ය සාධනය වෙළඳපොලේ ඇති ස්පන්ද මට්ටම් තරම් පුළුල්ව වෙනස් නොවේ.

නිෂ්පාදකයෙක් එක් වේගයකට ප්‍රමිතකරණය කරනවිට එය මඟින් එම චිපය එම වේගයේදී ඇති සියළු මෙහෙයුම් තත්ව වලදී ක්‍රියාකාරි වන බව සහතික කල යුතුය. පද්ධතියක් අතිස්පන්දනය කරන විට මෙහෙයුම් තත්ව දැඩිව පාලනය කරන අතර එවිට නිෂ්පාදකයාගේ ඉඩ සීමාව අතිරේකව ඉතිරිවේ. අනික් පද්ධති කොටස් ද සාමාන්‍යයෙන් සමාන හේතු නිසා ඉඩ සීමා ඇතිව සැලසුම් කරන අතර, අතිස්පන්ද පද්ධති මෙම සැලසුම් කල අතිරේක ඉඩ අන්තර් ග්‍රහණය කර අඩු සහන යටතේ ක්‍රියා කරයි. පෙන්ටියම් නිර්මාණ ශිල්පීයා වන බොබ් කොල්වෙල් අතිස්පන්දකරණය ගැන කියන්නේ, “එය ඉතා අයහපත් නොවුනත් යහපත් ද නොවන තත්වයෙන් පද්ධති මෙහෙයුමකදී කරන පාලනය නොකල පරීක්ෂණයක්” ලෙසයි.

මෙම අතිරේක සීමාවන් ලෙස පෙනෙන ඉඩ සැකසුම් ජීවිත කාලය පුරාවට ක්‍රියා කිරීමට අවශ්‍ය වේ. අර්ධ සන්නායක උපාංග පරණ වන විට උණුසුම් වාහක නික්ෂේපණය(hot carrier injection), ඍනාත්මක පක්ෂපාති තාප අස්ථායිතාව (negative bias thermal instability) සහ ඉලෙක්ට්‍රො සංචරණය (electro migration) වැනි කරුණු නිසා පරිපථ කාර්ය සාධනය අඩු කරයි. අළුත් චිපයක් අතිස්පන්දනය කරන විට මෙම අතිරේක සීමාවෙන් ප්‍රයෝජනය ගත හැකිය. නමුත් චිපය පරණ වන විට වසර ගණනක් අතිස්පන්දනය කල වේගයෙන් ක්‍රියා කල පසුව හදිසියේම එම වේගවල ක්‍රියා නොකරන තත්ව ඇති වේ. අතිස්පන්දකයා විසින් පද්ධතිය සක්‍රීයව, පද්ධති ස්ථායිතාව සඳහා පරීක්ෂා නොකරන්නේ නම් මෙම බලපෑම සැලකිය යුතු මට්ටමකට වැඩි වු විට ඇති වන දෝෂවලට වරද පැටවෙන්නේ අතිස්පන්දකරණයට නොව වෙනත් මූල වලටමය.

නිෂ්පාදන හා විකුණුම්කරුවන් විසින් සිදුකරන අධිස්පන්දනය[සංස්කරණය]

වාණිජ පද්ධති තනන්නන් හෝ උපාංග නැවත විකුණන්නන් ඇතැම් විට වැඩි ලාභ ලබා ගැනීම සදහා උපාංග අධිස්පන්දනය කිරීම සිදු කරයි. කුඩා විකුණුම් කරුවන් අඩු වටිනාකම් උපකරණ මිලට ගෙන ඒවා අධිස්පන්දනය කර නව වේගයේ අධිස්පන්දනය නොකරන ලද උපාංගවල මිළටම විකුණා විශාල මුදලක් උපයා ගනියි. සමහර අවස්ථාවල ක්‍රියාකාරිත්වයෙන් අධිස්පන්ධිත උපාංග නව වේගයේ අධිස්පන්දනය නොකරන ලද උපාංගවලට සමාන වේ. කෙසේ නමුත් අධිස්පන්දනය කරන ලද පද්ධතියක් එසේ නොකරන ලද පද්ධතියක් ලෙස විකිණීම සඳහා තබා තිබේ නම් (සාමාන්‍යයෙන් පද්ධතියක් අධිස්පන්දනය කර ඇතැයි විශේෂයෙන් සදහන් කර නොමැතිනම් එය අධිස්පන්දනය නොකරන ලද පද්ධතියක් ලෙස සැලකේ.) එය වංචනික ක්‍රියාවක් ලෙස සැලකේ.

අධිස්පන්දනය කිරීම සමහර විටෙක පාරිභෝගිකයන්ට නීතිමය ලෙස වලංගු සේවාවක් ලෙස ලබා දේ. එහිදී නිෂ්පාදකයන් හෝ විකුණුම්කරුවන් සැකසූ මතක වීඩියෝපත් හා අනෙකුත් දෘඩාංග නිෂ්පාදනවල අධිස්පන්දනය කිරීමේ හැකියාව පරීක්ෂා කර බලයි. වීඩියෝපත් නිෂ්පාදකයන් සමහරෙක් ඔවුන්ගේ චිත්‍රක ත්වරක , (graphic accelarators) කර්මාන්ත ශාලාවේදීම අධිස්පන්දනය කර වගකීම් සහතිකයක් යටතේ සපයනු ලැබේ. මෙය සාමාන්‍යය වගකීම් ආරක්ෂණ අවලංගු නොකර ගනිමින් වැඩිදියුණූ ප්‍රතිඵලයක් බලාපොරොත්තුවන අයට කදිම විසඳුමකි.

සාමාන්‍යයෙන් නිෂ්පාදකයන් වඩාත් ප්‍රියකරන්නේ උද්යෝගීවන්තයන් වැඩිලාභයක් සහිත උසස් තත්වයේ නිෂ්පාදනවලට වැඩි මිළක් ගෙවීමය. ඊට අමතරව විශ්වාසය තැබිය නොහැකි උපාංග හා වෙළද නාමයට හානි කරන අඩු ජීවන කාලයද සැලකිල්ලට ගැනේ.මෙවැනි දේ CPU අගුලු CPU locking වැනි අධි ස්පන්දනය වැළැක්වීමේ යාන්ත්‍රික ක්‍රියාත්මක කිරීමට නිෂ්පාදකයන් පොළඹවා ඇත. මෙම පියවර සමහර විටෙක පාරිභෝජන ආරක්ෂාව ලෙස හඳුන්වන අතර මෙය අධිස්පන්දන උද්යෝගිවන්තයන්ගේ විවේචනයට භාජනය වේ.

චිත්‍රක පුවරු (Graphics cards)[සංස්කරණය]

tiny globe

BFG GeForce 6800GSOC සම්මත 6800GS ට වඩා වැඩි මතකයෙන් හා ස්පන්ද වේගයකින් යුක්ත වේ. චිත්‍රක පුවරු ද, NVIDIA ගේ කූල් බිට්ස්, රිවා ටියුනර් හෝ ASUS මවු පුවරුවල PEG සැබැඳි ආකාරය වැනි මෙවලම් මඟින් අධි ස්පන්දනය කළ හැක. චිත්‍රක පුවරු අධි ස්පන්දනය කිරීමෙන්,අණු සකසු (micro processor) හෝ මතකය අධි ස්පන්දනය කළාට වඩා වැඩි ප්‍රතිඵලයක් පරිගණක ක්‍රිඩා ක්‍රියාත්මක කිරීමේ දී දැක ගත හැක. ප්‍රොසෙසර් අධි ස්පන්දනය කිරීමේ දී මෙන්ම ප්‍රමාණවත් තරම් සිසිලනය මෙහි දී ද අත්‍යවශ්‍ය වේ. බොහෝමයක් චිත්‍රක පුවරු අවශ්‍ය ප්‍රමාණයට වඩා අධි ස්පන්දනය කළ විට අධික ලෙස රත්වී දැවී යයි. සමහරක් විට, ආර්ටිෆැක්ට්ස් ලෙස හඳුන්වන තිරය මත වූ විකෘතිතා නිරීක්ෂණයෙන්, භෞතික හානියක් සිදුවීමට පෙර චිත්රක පුවරුව සීමාවෙන් එපිටට තල්ලු වී ඇති බව දැකගත හැකිය. එවැනි අනතුරු ඇඟවීම් සංඥා දෙකක් පුළුල්ව හඳුනාගෙන ඇත. ෆ්ලෑෂ් මත කොළ පැහැති අහඹු ත්‍රිකෝණ තිරය මත ඇති වීමෙන් පැවසෙන්නේ GPU හි (චිත්රක සකසු ඒකකය) අධි තාපනය වීමේ ප්‍රශ්නයක් ඇති බවයි. අහඹු ලෙස (බොහෝ විට කණ්ඩායම් ලෙස) සුදු ෆ්ලෑෂ් මත තිත් ඇති විම මඟින් අදහස් කෙරෙන්නේ පුවරුවේ RAM (මතකය) අධි තාපනය ලක්ව ඇති බවයි. මෙම සංඥා දෙකම එකවර දිස්වේ නම් එයින් පැවසෙන්නේ පුවරුව එහි තාප,වෝල්ටීයතා සීමා වලින් අධික ලෙස ඉදිරියට තල්ලු වී ඇති බවයි. සාමාන්‍ය වේග , වෝල්ටීයතා හා උෂ්ණත්ව තත්ව යටතේ දී ද මේවා දර්ශනය වේ නම් පුවරුවෙහිම වූ දෝශ ඉන් දැක්වේ. සමහරක් අධි ස්පන්ද කරුවන් දෘඩාංග වෝල්ටීයතා නවීකරණ සොයා ගනී. එහි දී වෝල්ටීයතාව වෙනස් කිරීම අතින් සිදු කළ හැකි පරිදි චිත්රක පුවරුවට විභවමානයක් සම්බන්ධ කිරීම සිදු කරයි. චිත්රක පුවරු සඳහා ඇති බොහොමයක් අධි ස්පන්දක මෘදුකාංග නිදහස්ව වෝල්ටීයතා වෙනස් කිරීමට ඉඩ නොදෙන බැවින් මෙය අධික නම්යශීලී බවක් ලබා දේ. වෝල්ටීයතා නවීකරණය කිරීම ඉතා අනතුරුදායක වේ. විශේෂයෙන් නවීකරණය අත්දැකීම් සහිත පුද්ගලයෙකු විසින් සිදු කළහොත් ක්රියා විරහිත චිත්රක පුවරුවක් අයත් කරගත හැක. වීඩියෝ පතට භෞතික අවයව එකතු කිරීම වහාව එහි වගකීම් සහතිකය අවලංගු කරන බවද පැවසීම වැදගත් වේ. (උපාංගය අධි ස්පන්දනය කිරීම සඳහා නිෂ්පාදනය වී තිබුණත් හා එහි වගකීමේ අදාල කොටසක් ඇතුළත් වුවත්)