අතිඋද්ධමනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Sweeping up the banknotes from the street after the Hungarian pengő was replaced in 1946

ආර්ථික විද්‍යාවේදී, අතිඋද්ධමනය යනු මුදල් වල වටිනාකම අඩු වනවිට මිල ශීඝ්‍රයෙන් ඉහළ යන "පාලනය කළ නොහැකි" තත්ත්වයකි. සමුච්චිත උද්ධමන අනුපාතිකය වර්ෂ තුනක කාලයකදී 100% දක්වා ළගාවීමේ සිට "උද්ධමනය මසකට 50% ඉක්මවීම" දක්වා වන පරාසය තුළ විවිධ අයුරින් මෙය නිර්වචනය කරනු ලබයි. අවිධිමත් භාවිතයේදී, මෙම පදය නිරතුරුව ඉතා ඉහළ අනුපාතිකවලට යොදාගනී. සාමාන්‍ය රීතියක් ලෙස උද්ධමනය වර්ෂයකට වරක් වාර්තා කරනු ලබන නමුත් අතිඋද්ධමනය ඉතා කෙටි කාල ප්‍රාන්තර සඳහා, බොහෝවිට මසකට වරක්, වාර්තා කරනු ලබයි.

බොහෝ ආර්ථික විද්‍යාඥයින් මෙයට භාවිතා කරන නිර්වචනය නම්, "සමතුලිතය දෙසට ගමන් කිරීමේ ප්‍රවණතාවයක් නැති උද්ධමන චක්‍රයක්" යන්නයි. චක්‍රයේ සෑම පුනරාවර්තයකම තව තව උද්ධමනය නිර්මාණය වීම තුළ මෙවැනි උද්ධමන ඇති වේ. අතිඋද්ධමනය තත්ත්වයක් ඇතිවීම කෙරෙහි බලපාන හේතු පිළිබඳව පුළුල් කතිකාවතක් පැවතියද මුදල් සැපයුමේ අපරීක්ෂාකාරී ඉහළ යාමක් ඇතිවිට හෝ අතිවිශාල ලෙස කාසි හා නෝට්ටු නිකුත් කරන විට හෝ බොහෝ විට යුද්ධ (හෝ පසුවිපාක), ආර්ථික පරිහානි හෝ දේශපාලන හෝ සමාජ කැළඹීම් සමඟ එය නිතරම දැකිය හැකිය.


1923 - 24 උද්ධමනය : ජර්මානු කාන්තාවක් මුදල්වලට දර මිලදී ගෙන දැවිය හැකි කාලයට වඩා වැඩි කාලයක් දැවිය හැකිවන මුදල් නෝට්ටු පෝරණුවක් තුළට දමද්දී.

1965 දී පිලිප්ස් කැගැන් ලියන ලද "අතිඋද්ධමනය මූල්‍ය ගතිකත්වය", අතිඋද්ධමනයේ පිළිබඳව හා එහි බලපෑම පිළිබඳව කරන ලද ප්‍රථම ගැඹුරු අධ්‍යයනය ලෙස පොදුවේ සලකනු ලබයි. එහිදී ඔහු මාසික උද්ධමන අනුපාතිකය අවම වශයෙන් 50% ක් වත් අතිඋද්ධමනය ලෙස නිර්වචනය කරන ලදී.

අතිඋද්ධමනයක් පවතින ආර්ථිකයක දක්නට ලැබෙන ලක්ෂණ 04 ක් අන්තර්ජාතික ගිණුම් ප්‍රමිති 29 මඟින් විස්තර කරයි.


  1. පොදු ජනතාව තම ධනය මූල්‍ය නොවන වත්කම් ලෙසින් හෝ සාපේක්ෂව ස්ථාවර විදේශ විනිමය ලෙසින් තබා ගැනීමට කැමතිය. පවත්නා දේශිය මුදල් ඉක්මනින්ම කාර්ය ශක්තිය පවත්වා ගැනීම සඳහා යොදාගනී.
  2. පොදු ජනතාව මූල්‍ය වටිනාකම් සලකනුයේ දේශීය විනිමයෙන් නොව සාපේක්ෂව ස්ථාවර විදේශ විනිමයෙනි. මිල ගණන් එම විදේශ මුදල් මඟින් ගෙනහැර දැක්විය හැකිය.
  3. කාලය ඉතා කෙටි වුවද ණය දීම හා ගැනීම ණය කාල සීමාව තුලදී වන අපේක්ෂිත ක්‍රියාශක්තියේ අලාභය හානිපූරණය කළ හැකි මිල යටතේ සිදුවේ.
  4. පොලී අනුපාතික, වැටුප් හා මිල ගණන්, මිල දර්ශකයට සම්බන්ධ වන අතර වර්ෂ තුනක් තුළ සමුච්චිත උද්ධමන අනුපාතිකය 100% කට ළඟාවීම හෝ එය ඉක්මවීම ශීවේ.

මසක උද්ධමන අනුපාතිකය සිය ගණනක ප්‍රතිශතයකින් නිතර දැකිය හැකි එවැනි උදාහරණ කිහිපයක් පහත දැක්වේ:

  1. 1923 ජර්මනියේ උද්ධමන අනුපාතිකය මසකට 3.25 X 106 ප්‍රතිශතයක් විය (සෑම දින 2 කට වරක් මිල දෙගුණ වෙයි)
  2. 1941 - 1944 කාලයේ ජර්මනියේ නාසි හමුදාව ග්‍රීසිය ආක්‍රමණය කළ දින සිට උද්ධමන අනුපාතිකය මසකට 8.55 X 109 ප්‍රතිශතය විය. (සෑම පැය 28 කටම වරක් මිල දෙගුණ වේ.)
  3. 1993 ඔක්තෝම්බර් 1 සිට 1994 ජනවාරි 24 දක්වා යුගොස්ලෝවියාවේ උද්ධමන අනුපාතිකය 5 X 1015 ප්‍රතිශතයක් විය. (සෑම පැය 16 කටම වරක් මිල දෙගුණ වේ.) # ඉතාම දරුණු උද්ධමනය දෙවන ලෝක යුද්ධයෙන් පසු හංගේරියාවේ ඇතිවිය. එය මසකට 419 X 1016 ප්‍රතිශතයක් දක්වා ඉහළ යන ලදී. (සෑම පැය 15 කට වරක්ම මිල දෙගුණ වේ)

වෙනත් සැලකිය යුතු මට්ටමේ උදාහරණ නම්,

  • බෙලරුසීයාව හා යුක්රේන් වැනි නැගෙනහිර යුරෝපා රටවල 1990 දශකයේ මුල භාගයේ ආර්ථික සංක්‍රාන්ති සමයේදී.
  • 1972 සිට 1974 දක්වා චිලී.
  • 1982 සිට 1988 දක්වා මෙක්සිකෝ
  • 1985 දී බොලීවියා
  • 1989 ආජන්ටිනා හා වෙනිසියුලා
  • 1988 සිට 1990 දක්වා පීරූ
  • 1980 දශකයේ සිට 1990 දශකයේ ආරම්භය දක්වා බ්‍රසීලය
  • 2006 සිට සිම්බාබ්වේ

අති උද්ධමනය වටා ඇති ආකෘති[සංස්කරණය]

tiny globe
යුක්රේන කාබොවනෙට්ස් ලක්ෂයක් (1992 හා 1996 අතර භාවිතා වූ)

වර්ෂ 1996 දී එය සංසරණයෙන් ඉවත්කර, ඒ වෙනුවට කාබොවනෙට්ස් 100,000 = 1 හයිරිවන්‍යා (එකල ආසන්න වශයෙන් එක්සත් ජනපද ඩොලර් 0.5 ක්, 2007දී එක්සත් ජනපද ඩොලර් 0.20 පමණ) වන විනිමය අනුපාතයට හයිරිවන්‍යා ආදේශ කරන ලදී. මෙමගින්, 1992 හා 1996 අතර කාලයේදී මාසික සාමාන්‍ය උද්ධමන අනුපාතය, ආසන්න වශයෙන් 1400% දක්වා වෙනස් කරන ලදී.

අතිඋද්ධමනය මූල්‍ය ප්‍රතිවිපාකයක් ලෙස දිස්වන බැවින්, අතිඋද්ධමන ආකෘතීන් මුදල් ඉල්ලුම වටා කේන්ද්‍රගත වු ඒවා වේ. මුදල් සැපයුමේ ශීඝ්‍ර ඉහළයාමක් හා මුදල් සංසරණ ප්‍රවේගයේ ඉහළ යාමක්, උද්ධමනය හා අති උද්ධමනය වර්ධනය කරන සාධක ලෙස ආර්ථික විද්‍යාඥයෝ දකිති. අතිඋද්ධමනයට හේතුවක් ලෙස, මුදල් සංසරණ ප්‍රවේගයේ ශීඝ්‍ර ඉහළයාම කේන්ද්‍රකොටගෙන අති උද්ධමනය ඇතිවන ආකාරය පිළිබඳ “විශ්වාසයේ අර්බුදය” ආකෘතිය ගොඩනගා ඇත. මෙහි මුල් න්‍යායට විකුණුම්කරුවන්ගේ නාමික අගයට සාපේක්ෂව ව්‍යවහාර මුදල් නෝට්ටු සඳහා වන ඉල්ලුමේ අවධානම් වාරිකය ශීඝ්‍රයෙන් වර්ධනයවේ. දෙවන න්‍යායට අනුව සංසරණ මාධ්‍යයේ ප්‍රමාණයේ ශීඝ්‍ර වර්ධනයක් ඇතැයි දක්වන, අතිඋද්ධමනයේ “මූල්‍ය ආකෘතිය” ලෙස හැඳින්විය හැකිය. මේ ඕනෑම ආකෘතියක, දෙවැනි ප්‍රතිවිපාකය ඉන්පසු පළමුවැන්න මඟින් අනුගමනය කරයි. ඒවානම් මුදල් සැපයුම ඉහළ නැන්වීමට බලකරන ඌන විශ්වාසය, නැතිනම් විශ්වාසය විනාශ කරනු ලබන ඉතා ඉහළ මුදල් ප්‍රමාණයයි.


විශ්වාසය පිළිබඳ ආකෘතිය තුළ යුද්ධයේදී පරාද වීම වැනි ඇතැම් සිද්ධි හෝ සිද්ධි මාලාවන් මගින්, මුදල් නිකුත් කරන පාලනාධිකාරය (බැංකුවක් වුවද රජය වුවද) බලරහිතව සිටීය, යන විශ්වාසය නැති කරයි. මන්ද යත්, පුද්ගලයන්, නොවටිනා බවට පත්වන මුදල් නෝට්ටු තබා ගැනීමට වඩා ඒවා වැයකිරීමට කැමැත්තක් දක්වන හෙයිනි. මුදල් සඳහා ඉහළ අවධානමක් ඇතිය යන්න තේරුම් ගනිමින්, විකුණුම්කරුවන් මූලික වටිනාකම මත වඩා ඉහළ වාරිකයක් ඉල්ලුම් කරයි. මේ ආකෘතිය යටතේ, අතිඋද්ධමනය අවසන් කිරීමේ ක්‍රමය බොහෝවිට සර්ව සම්පූර්ණයෙන්ම නව මුදල් ඒකකයක් නිකුත් කිරීම මගින්, මුදලේ පිටුබලදීම වෙනස් කිරීමයි. යුද්ධය, විශ්වාසයේ අර්බුදයෙහි, පොදුවේ සඳහන් වන එක හේතුවකි. විශේෂයෙන්ම වියානාහි නැපොලියන්ගේ කාලය තුළ සිදුවූවා මෙන් යුද්ධයෙන් පරාද වනවිටද, ප්‍රාග්ධනයේ ඉහළයාමකදී ද, සමහර විට වසංගත නිසාද,මෙය සිදුවේ. මේ අදහස අනුව, විශ්වාසය නැතිවීමේ මූල සාධක නොසලකා රජය විසින් කාලය වැයකිරීමේ ප්‍රථිඵලයක් ලෙස සංසරණ මාධ්‍යයේ ඉහළයාම සිදුවේ.


මූල්‍ය ආකෘතිය තුළ, අතිඋද්ධමනය ශීඝ්‍ර මූල්‍ය ප්‍රසාරණයේ ධන ප්‍රතිපෝෂණ චක්‍රයකි. එයට අනෙකුත් උද්ධමනයන්ට හේතුවන සාධකවලට සමාන සාධක බලපායි. මුදල් නිකුත් කරන ආයතන මධ්‍යගතද නැතිද, ආවර්ථී පිරිවැය ගෙවීමට මුදල් නිකුත් කිරීම, නිරතුරුව ලිහිල් ෆිස්කල් ප්‍රතිපත්ති මගින් හෝ සුභසාධනයේ ඉහළ නගින පිරිවැය මගින් මුදල් නිකුත් කරන්නා ශීඝ්‍ර ලෙස මුදල් ප්‍රසාරණයකට කැපවීයයි ව්‍යාපාරිකයන් ප්‍රත්‍යක්ෂ කර දකිනවිට ඔවුන් මුදලේ වටිනාකම තුළ අපේක්ෂිත ක්ෂයවීම ආවරණය වන ලෙස මිල සළකුණු කරනු ලබයි. එවිට මුදල් නිකුත්කරන්නා මෙම මිල ගණන් ආවරණය කිරීමට එහි ප්‍රසාරණය වේගවත් කරණු ලබයි. එමගින්, පෙර පැවතියාටත් වඩා මුදලේ වටිනාකම පහළයාමට හේතුවේ. මේ ආකෘතිය අනුව නිකුත් කරන්නාට ජයග්‍රහනය කළ නොහැකි අතර එකම විසඳුම මුදල් ප්‍රසාරණය එකවරම නැවැත්වීමයි. අවාසනාවට ප්‍රසාරණය නැවැත්වීම මගින් මුදල්, අපේක්ෂාවන් ලෙස භාවිතා කරන්නන්ට බරපතල මූල්‍ය කම්පන ඇතිකරනු ලබයි.මෙම ප්‍රතිපත්තිය, විශ්‍රාම වැටුප්, වැටුප් හා රාජ්‍ය වියදම් කපාහැරීම සමග සම්බන්ධ වී, 1990 දශකයේදී වොෂින්ටන් සම්මුතිය ඇති කරන ලදී.


හේතුව කුමක් වූවත්, අතිඋද්ධමනය මුදල් සැපයුම හා සංසරණ ප්‍රවේගය සමග සම්බන්ධවේ. කුමක් පළමුව සිදුවේද යන්න විවාදාත්මක වන අතර සියලු සිද්ධීන්ට යොදාගතහැකි පොදු දෙයක් නොමැත. නමුත් වරක් අතිඋද්ධමනය ඇතිවීමත් සමග කුමන නියෝජිතයකු විසින් සිදුකිරිමට ඉඩහැරියත් මුදල් තොගයේ ඉහළයාමේ රටාව එක සමානවේ. මෙම භාවිතය මගින් ඉල්ලුමේ ඉහළ යාමකින් තොරව මුදල් සැපයුම ඉහළ නංවන හෙයින්, මුදලේ මිල, එනම් විනිමය අනුපාතය, ස්වාභාවිකවම වෙනත් මුදල් වලට සාපේක්ෂව පහළ වැටේ. මුදල් සැපයුමේ ඉහළයාම මගින් මිල බලයේ විශේෂ අංශ වියදම්වල පොදු වාරගණන බවට ඉක්මනින් හරවන විට උද්ධමනය අතිඋද්ධමනය බවට පත්වේ. මුදලේ ක්‍රය ශක්තිය ශීඝ්‍රයෙන් පහළ වැටෙන අතර මුදල් එක් දිනක්වත් ලඟ තබාගැනීම මගින් ක්‍රය ශක්තියේ අනපේක්ෂිත ලෙස පහළ යාමක් සිදුවේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස, මුදලේ සංසරණය ඉහළ නංවන, අර්බුදය ඉතා නරක අතට පත් කරණු ලබන, මුදල් කිසිවකුත් ළඟතබා නොගනී.

ශීඝ්‍රයෙන් ඉහළ යන මිල මගින් වටිනාකමේ සන්නිධියක් ලෙස මුදලේ කාර්යභාරය අවතක්සේරු කරනු ලබන අතර මිනිසුන් හැකි ඉක්මනින් මූර්ථ භාණ්ඩ හෝ සේවා මිලදීගැනීමට මුදල් වියදම් කරනු ලබයි. මේනිසා මුදල් සැපයුම අධික ලෙස ඉහළ යාම මගින් මුදල් සංසරණ ප්‍රවේගය අන්තර්ජන්‍ය ලෙස ඉහළ යන බව මූල්‍ය ආකෘතිය මගින් පුරෝකථනය කරයි. සාමාන්‍ය ප්‍රතිපත්ති උපකරණ අර්ථයෙන් ගත්කල සාමාන්‍ය මිලදී ගැනීම්, උද්ධමන පීඩනයෙන් බලපෑමට ලක්වනවිට අතිඋද්ධමනය පාලනය කළනොහැකි තත්ත්වයට පත්වේ. සංචිත අවශ්‍යතා ඉහළ නැංවීම, පොළී අනුපාතය ඉහළ නැංවීම හෝ රාජ්‍ය වියදම් කපා හැරීම වැනි සාමාන්‍ය ප්‍රතිපත්ති යාන්ත්‍රණයන් සියල්ල ශීඝ්‍රයෙන් වටිනාකම අඩුවන මුදල් භාවිතයෙන් ඉවත්වීම හා වෙනත් හුවමාරු ක්‍රමයකට විතැන්වීම මගින් ප්‍රතිචාර දක්වා ඇත.

අතිඋද්ධමන කාලයකදී, බැංකු මගින් පැය 24 කාල සීමාවට ණය ලබාදීම, විකල්ප මුදල්වලට මාරුවීම, රන් හා රිදී භාවිතයට හෝ භාණ්ඩ හුවමාරුවට ආපසු පැමිණීම, සාමාන්‍ය දේවල් බවට පත්වේ. වර්තමානයේ රත්තරන් රැස්කර තබාගන්නා පුද්ගලයෝ බොහෝදෙනෙක් අති උද්ධමනයක් අපේක්ෂා කරති. ඉදිරියේදී ඊට මුහුණදීම සඳහා රන්කාසි ළඟ තබාගනී. එසේම, ප්‍රාග්ධනයේ ශීඝ්‍ර ඉහළයාමක් හෝ එක්සත් ජනපද ඩොලරය වැනි දැඩි මුදල් ඒකක ඉහළයාමක්ද පවතී. මේවා ඇතැම්විට ප්‍රාග්ධන පාලනයන් සමගද එක්වේ. අසාමාන්‍ය ලෙස ක්‍රියාත්මකවන හා සැබෑ නිෂ්පාදනය පහළ වැටීමක් සිදුවන තත්ත්වයක් මෙමගින් ඇතිවේ. මෙයද අතිඋද්ධමනය පිළිබඳ දෘශ්‍ය චක්‍රයෙහි කොටසකි.


අතිඋද්ධමනයේ දෘශ්‍ය චක්‍රය වරක් ඇතිවූ විට, සරලව පොළී අනුපාතය ඉහළ දැමීම පමණක් ප්‍රමාණවත් නොවන අතර, සෑමවිටම පාහේ, ප්‍රතිපත්ති උපක්‍රම යෝදාගැනීම අවශවේ. උදාහරණයක් ලෙස; බොලිවියාව 1985 වර්ෂයේදී අතිඋද්ධමනයකින් පීඩාවිඳි රටකි. එහි, වර්ෂයකට අඩු කාලයක් තුළ 12000% කින් මිල වැඩිවිය. රජය විසින් ඒ වනවිට දැඩි පාඩු ලබමින් තිබූ ගැසොලින් මිල ඉහළ නංවන ලද අතර විදේශ රටවලට තෙල් විකිණීමෙන් විදේශ විනිමය ඉපයීම නිසා අතිඋද්ධමනය ඉතා ඉක්මනින්ම ඉහළයාම නැවතුණි. මෙමගින් විශ්වාසයේ අර්බුදය අවසන්වී මහජනයා නැවත බැංකු තැන්පතු ඇරඹීමට පටන්ගති. 1920 දශකයේ ජර්මනියේ පැවති අති උද්ධමනය, Rentenmark ලෙස හැඳින්වූ බැංකු මගින් ණය ලබාගත් වත්කම් මත ව්‍යවහාර මුදල් නිකුත් කිරීමෙන් අවසන්විය. අතිඋද්ධමනය බොහෝ විට අවසන් වන්නේ මහජන ගැටුමෙන් එක් පාර්ශවයක් ජයග්‍රහණය කිරීමෙනි. උද්ධමනය පාලනය කිරීම සඳහා වැටුප් හා මිල පාලන සමහර අවස්ථාවල භාවිතාකළද මෙම මිල පාලන මගින්ම පමණක් අතිඋද්ධමනය නැවැත්වූ අවස්ථා දැකිය නොහැකිය. අතිඋද්ධමනය නැවැත්වීමට ඇතැම් අවස්ථාවල මෙම ප්‍රතිපත්තිවල මිශ්‍රණයක් යොදාගනී.

"http://si.wikipedia.org/w/index.php?title=අතිඋද්ධමනය&oldid=250220" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි