අත්බෝම්බ විදිනය

විකිපීඩියා වෙතින්
tiny globe
අත් බෝම්බ විදිනයක්

අත් බෝම්බ විදිනයක් යනු අත් බෝම්බයක් සෙබලෙකු අතින් විසිකරනවාට වඩා නිවැරදිව වැඩි දුරින් හා වැඩි ‍වේගයකින් විසි කිරීම සඳහා භාවිතා කරන අවියකි. මිනිසුන් විසින් ගෙන යා හැකි අත්බෝම්බ විදිනය තනි අවියක් ලෙස රයිෆලයක බැරලයට භාවිතා කරනු ලැබේ. මීට අමතරව රයිෆල බොහොමයක් නිපදවා ඇත්තේ ඒවායේ තුවක්කු කටෙන් අත්බෝම්බ් ‍වෙඩි තැබීමට හැකි ලෙසිනි.

විස්තරය[සංස්කරණය]

tiny globe
අත්බෝම්බ විදිනයක් භාවිතා කිරීම

අත්බෝම්බ විදිනයන්ගෙන් බොහොමයක් මිනිසුන් විසින් ගෙන යා හැකි හා කර පිට තබා වෙඩි තබන ඒවාවෙයි. ඒවා බොහෝ විට AH 47 - හෝ M16 වැනි රයිෆල මත තබා වෙඩි තබනු ලබයි. එසේ වුවත් මීට වෙනස් M 79 සහ AG 36 වැනි ආයුධ කිහිපයක්ද ඇත. මේවායෙන් ‍බොහෝමයක් අතින් රිලෝඩ් කරන අවිවෙයි. අද භාවිතා වන සම්මත අත්බෝම්බය වන්නේ 40mm අත් බෝම්බයයි. මෙය මිනිසුන් විසින් ගෙන යා හැකිය. එමෙන්ම රථ වාහන අවි පද්ධති බොහෝමයක භාවිතා වේ. මෙම සම්මතකරණයෙන් පසුව නොයෙකුත් විශේෂ ආකාරයේ අත්බෝම්බ නිෂ්පාදනය විය.උදාහරණයක් වශයෙන් ස්වංයක්‍රීය අත්බෝම්බ විදිනයක් වන ඇමරිකානු Mkia අත්බෝම්බ විදිනය දැක්විය හැක. එය සැහැල්ලු වාහන හා ගොඩනැගිලි වලට ප්‍රහාරය එල්ල කිරීම සඳහා භාවිතා කරනු ලැබේ.මෙය ආරක්ෂාව සඳහා භාවිතා කරයි.

"https://si.wikipedia.org/w/index.php?title=අත්බෝම්බ_විදිනය&oldid=382324" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි