ජන්ග්කුක්

විකිපීඩියා වෙතින්
ජන්ග්කුක්
2022 මැයි මාසයේදී ජන්ග්කුක්
උපත
ජොන් ජොං-ගුක්

සැප්තැම්බර් 1, 1997 (1997-09-01) (වයස 26)
බූසාන්, දකුණු කොරියාව
අධ්‍යාපනයසෝල් ප්‍රසංග කලා පාසල
ගෝලීය සයිබර් විශ්ව විද්‍යාලය
රැකියාවගායකයෙක්
සම්මානහ්වාග්වාන් සංස්කෘතික කුසලතා (2018)
සංගීත වෘත්තිය
ප්‍රභේද
  • කේ-පොප්
  • ඊඩීඑම්[1]
වාද්‍ය භාණ්ඩ‍ගායන
සක්‍රීය වර්ෂ2013–වර්තමානය
ලේබලබිග්හිට්
කොරියානු නම
හංගුල්
හන්ජා
ප්‍රතිශෝධිත රෝමානුකරණයJeon Jeong-guk
මැකූන්–‍රයිෂවර්Chŏn Jŏngguk
අත්සන

ජොන් ජොං-ගුක් (හංගුල්전정국; උපත සැප්තැම්බර් 1, 1997), ජන්ග්කුක් ලෙසින් හඳුන්වනු ලබන ('ජන්ග් කුක්' ලෙස ශෛලීගත කර ඇති), ඔහු දකුණු කොරියානු ගායකයෙකි. ඔහු දකුණු කොරියානු පිරිමි සංගීත කණ්ඩායමක් වන BTS හි ලාබාලතම සාමාජිකයා වේ.

ඔහු BTS හි ගීත නාමාවලියේ කොටසක් ලෙස— 2016 දී "Begin", 2018 දී "Euphoria", සහ 2020 දී "My Time" යන ඒකල ගීත තුන ඉදිරිපත් කර ඇත —මේ සියල්ල දකුණු කොරියාවේ Gaon Digital Chart ගීත දර්ශකයට එක් විය. ඔහු BTS පාදක කරගත් වෙබ්ටූනක් වන 7Fates: Chakho සඳහා "Stay Alive" තේමා ගීතයද පටිගත කළේය. 2022 දී, ජන්ග්කුක් ඇමරිකානු ගායක Charlie Puthගේ "Left and Right" ගීතයට ගායනයෙන්ත එක් වූ අතර, එය එක්සත් ජනපද Billboard Hot 100 ගීත දර්ශකයේ 22 වන ස්ථානයට පත්විය. එම වසරේ අගභාගයේදී, ඔහු FIFA World Cup හි තේමා ගීතයක් වූ "Dreamers" ගායනා කරමින් සහ 2022 FIFA World Cup ලෝක කුසලානයේ සමාරම්භක උත්සවයේදී එය සජීවීව ඉදිරිපත් කරමින්, ලෝක කුසලානයක් සඳහා නිල ගීතයක් නිකුත් කළ පළමු දකුණු කොරියානු කලාකරුවා බවට පත්විය.

2023 දී, ජන්ග්කුක්, ස්වාධීන ගායකයෙක් ලෙස ඔහුගේ පළමු ඒකල ගීතය "Seven" නිකුත් කරන ලද අතර, එය බොහෝ ගීත දර්ශක වලට ඇතුලත් වූ අතර සහ ප්‍රවාහ වාර්තා බිඳ දැමීය. එය Billboard Hot 100, Global 200, සහ Global Excl. U.S. ගීත දර්ශක වල අංක එකේ ස්ථානයට පත් වූයේ එසේ කළ පළමු කොරියානු ඒකල කලාකරුවා බවට පත් වෙමිනි. එමෙන්ම Spotify හි ප්‍රවාහ බිලියන 1ක් ඉක්මවා ගිය ඉතිහාසයේ වේගවත්ම ගීතය බවට ද ඔහුගේ ගීතය පත්විය. ඔහුගේ ඊලඟ ගීතය "3D", Hot 100 සහ UK Singles Chart යන ගීත දර්ශක දෙකෙහිම 5 වන ස්ථානයට පත් වූ අතර, පිට පිටම ඉහළම ප්‍රවේශයන් දෙකක් ලබා ගත් පළමු දකුණු කොරියානු ඒකල කලාකරුවා බවට ජන්ග්කුක් පත් විය.

මුල් ජීවිතය සහ අධ්‍යාපනය[සංස්කරණය]

ජොන් ජොං-ගුක් 1997 සැප්තැම්බර් 1 වන දින, දකුණු කොරියාවේ බුසාන් හි උපත ලැබීය.[2][3][4] ඔහුගේ පවුල ඔහුගේ දෙමාපියන් සහ වැඩිමහල් සහෝදරයෙකුගෙන් සමන්විත වේ.[5][4] ඔහු බුසාන් හි බෙක්යාං ප්‍රාථමික හා මධ්‍ය විද්‍යාලයේ සහ, පසුව Seoul හි සිංගු මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන ලදී.[6]

2011 දී, ජන්ග්කුක් දකුණු කොරියානු ගායන තරඟ වැඩසටහනක් වූ Superstar K විසින් Daegu නගරයේ සංවිධානය කළ තරඟකරුවන් තෝරා ගැනීමේ පරීක්ෂණයට ඉදිරිපත් විය.[7] එහිදී ඔහුව තෝරා නොගත්තද ඒ වැඩසටහනේදී ඔහුගේ හැකියාව දුටු කුසලතා කළමනාකරණ ආයතන 7 ක්ම ඔහුට තම තමන්ගේ ආයතන වලට එක්වීමට ආරාධනා කරන ලදී. දැන් ඔහුගේ සෙසු සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු සහ BTS හි නායකයා වන RM ගේ දක්ෂතා ගැන පැහැදී සිටි ඔහු අවසානයේ RM සම්බන්ධ වී සිටින ආයතනය වන Big Hit Entertainment යටතේ පුහුණුව ආරම්භ කිරීමට තෝරා ගත්තේය.[7] ඔහුගේ මංගල දර්ශනය සඳහා සූදානම් වීම සඳහා ඔහුගේ නර්තන කුසලතා දියුණු කර ගැනීම සඳහා, ඔහු 2012 ගිම්හානයේදී ලොස් ඇන්ජලීස් වෙත ගොස් Movement Lifestyle වෙතින් නර්තන පුහුණුවක් ලබා ගත්තේය.[8] 2012 ජූනි මාසයේදී, ඔහු ජෝ ක්වොන් ගේ "I'm Da One" සංගීත වීඩියෝවේ  පෙනී සිටි අතර[9] ඔහුගේ මංගල දර්ශනයට පෙර Glam හි පසුබිම් නර්තන ශිල්පියෙකු විය.[10]

2017 දී, ඔහු උසස් කලා පාසලක් වන සෝල් ප්‍රසංග කලා පාසලෙන් සමත් විය.[11][12] 2022 මාර්තු මාසයේදී ඔහු කොරියාවේ ග්ලෝබල් සයිබර් විශ්ව විද්‍යාලයෙන් විකාශන හා විනෝදාස්වාද උපාධියක් ලබා ගත් අතර, විශ්ව විද්‍යාලයේ ඉහළම ගෞරවය වන ජනාධිපති සම්මානයෙන් ද පිදුම් ලැබීය.[13] [14]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Herman, Tamar (August 24, 2018). "BTS Reflect on Life & Love on Uplifting'Love Yourself: Answer'". Billboard. June 14, 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය September 8, 2018.
  2. Russell, Mark (April 29, 2014). K-Pop Now!: The Korean Music Revolution. Tuttle Publishing. p. 67. ISBN 978-1-4629-1411-1. May 27, 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය January 22, 2019.
  3. 정국::네이버 인물검색 [Jungkook Naver Profile] (කොරියානු බසින්). Naver Profiles. March 5, 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය July 17, 2020.
  4. 4.0 4.1 Kim, Mi-sook (January 24, 2019). [아이돌정보] 방탄소년단 정국, 말 한마디로 '섬유유연제 품절남' 등극. The Korea Reputation Newspaper (කොරියානු බසින්). January 24, 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය July 17, 2020.
  5. Jang, Eun-kyung (April 30, 2015). [더스타프로필] 방탄소년단 정국 "빅뱅 GD 선배님 본 이후로 가수를 꿈꿨어요". The Star (කොරියානු බසින්). October 18, 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය July 17, 2020.
  6. Jang, Eun Kyung (April 30, 2015). [더스타프로필] 방탄소년단 정국 "빅뱅 GD 선배님 본 이후로 가수를 꿈꿨어요" :: THE STAR. The Star (කොරියානු බසින්). May 3, 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය July 17, 2020.
  7. 7.0 7.1 Yoo, Ji-hye (February 23, 2017). '신양남자쇼' 정국 "7개 소속사 러브콜..랩몬 멋있어 왔다". Osen (කොරියානු බසින්). February 19, 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය July 17, 2020 – via Naver.
  8. Hwang, Hyo-jin (July 18, 2013). [spotlight] 방탄소년단│④ 지민, 정국's story. Ize Magazine (කොරියානු බසින්). October 8, 2013 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය July 17, 2020.
  9. Retno, Pravitri (June 15, 2018). "Selain Kerja Keras Menjadi Trainee, Berikut Hal-hal yang Dilakukan Member BTS Sebelum Terkenal". TRIBUNnews (ඉන්දුනීසියානු බසින්). October 11, 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය July 18, 2020.
  10. Bảy, Thứ (May 26, 2018). "Đây là cách các thành viên BTS được phát hiện và ký hợp đồng với Big Hit". The Thao Van Hoa (වියට්නාම් බසින්). October 12, 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය July 18, 2020.
  11. Jang, Eun Kyung (April 30, 2015). [더스타프로필] 방탄소년단 정국 "빅뱅 GD 선배님 본 이후로 가수를 꿈꿨어요" :: THE STAR. The Star (කොරියානු බසින්). May 3, 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය July 17, 2020.
  12. Choi, Moon-young (February 7, 2017). [포토] 방탄소년단 정국 '드디어 졸업합니다'. Sports Chosun (කොරියානු බසින්). September 9, 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය July 18, 2020.
  13. Han, Grace; Han, Su-won (February 5, 2018). "Global Cyber University". VoomVoom (කොරියානු බසින්). February 28, 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය July 18, 2020 – via JoongAng Ilbo.
  14. "BTS's Jungkook graduates from university with the highest honor". GMA News Online (ඉංග්‍රීසි බසින්). March 3, 2022. March 3, 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2022-03-03.
"https://si.wikipedia.org/w/index.php?title=ජන්ග්කුක්&oldid=673390" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි