එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙහි සාමාජිකයන්ගේ ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

එක්සත් ජාතීන් ආරක්ෂක මණ්ඩලයෙහි සාමාජිකත්වය සමන්විත වන්නේ ස්ථීර සාමාජිකයන් පස් දෙනෙකු සහ තෝරා පත් කරගනු ලබන ස්ථීර-නොවන සාමාජිකයන් දස දෙනෙකු වෙතිනි. 1966 වසරට පෙර, තෝරා පත් කර ගනු ලබන සාමාජිකයන් හය දෙනෙකු සිටි අතර, 1945 වසරෙහිදී එක්සත් ජාතීන් පිහිටුවීමෙන් පසුව, චීනය නියෝජනය කිරීම හැරුනු විට, ස්ථීර සාමාජිකයන් පිළිබඳව කිසිදු වෙනසක් සිදුවී නොමැත. තෝරා පත් කර ගනු ලබන සාමාජිකයන් විසින් වසර-දෙකක කාල සීමාවක් තුල මණ්ඩලයෙහි තනතුරු හොබවන අතර, මෙම තනතුරු අතරින් අඩක් සඳහා සැම වසරකදීම තරග පැවැත්වෙයි. භූගෝලීය සන්තතිය පවත්වා ගෙන යනු වස්, එක් එක් එජා ප්‍රාදේශීය කාණ්ඩ පහ සඳහා කිසියම් සාමාජිකයන් ගණනක් වෙන් කර ඇත.

ස්ථීර සාමාජිකයෝ (නිෂේධ බලය සහිත)[සංස්කරණය]

රට ප්‍රාදේශීය කාණ්ඩය කවදා සිට සාමාජිකයෙක්ද
 චීනය ආසියා-ශාන්තිකර කාණ්ඩය 1971, චීන සමූහාණ්ඩුව වෙනුවට පත් විය
 ප්‍රංශය බටහිර යුරෝපියානු සහ අනෙකුත් කාණ්ඩය 1945
 රුසියාව නැගෙනහිර යුරෝපියානු කාණ්ඩය 1991, එක්සත් සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු වෙනුවට පත් විය
 එක්සත් රාජධානිය බටහිර යුරෝපියානු සහ අනෙකුත් කාණ්ඩය 1945
 එක්සත් ජනපදය බටහිර යුරෝපියානු සහ අනෙකුත් කාණ්ඩය 1945

ස්ථීර-නොවන (නිෂේධ බලය රහිත) සාමාජිකයෝ[සංස්කරණය]

වසරින් වසර වෙනස් වේ

ප්‍රාදේශීය කාණ්ඩ[සංස්කරණය]

  අප්‍රිකානු කාණ්ඩය
  ආසියා-ශාන්තිකර කාණ්ඩය
  නැගෙනහිර යුරෝපියානු කාණ්ඩය
  ලතින් ඇමරිකානු සහ කැරිබියානු කාණ්ඩය (GRULAC)
  බටහිර යුරෝපියානු සහ අනෙකුත් කාණ්ඩය
  ඡන්දය ප්‍රකාශ කරන කිසිදු කාණ්ඩයකට අයත් නොවන එජා සාමාජිකයෝ
  එජා-සාමාජික නොවන රාජ්‍ය හෝ බල ප්‍රදේශ

මෙයට අමතරව, මණ්ලයෙහි එක් ස්ථීර-නොවන සාමාජිකයයෙක් අරාබි රටක් වන අතර, මාරුවෙන් මාරුවට අප්‍රිකානු හෝ ආසියා-ශාන්තිකර කාණ්ඩ අතරින් වෙයි. ක්‍රියා පිළිවෙල වෙත මෙම නීතිය 1967 වසරෙහි එක් කරන ලදුව, 1968 වසරෙහි මුල සිට ක්‍රියාත්මක වීමට නියම කෙරිණි.

එක් එක් වසරෙහිදී එජා ආරක්ෂක මණ්ඩලය විසින් වසර-දෙකක කාල සීමාවක් සඳහා නව සාමාජිකයන් පස් දෙනෙකු තෝරා පත් කර ගැනෙයි; සැම විටම වසරෙහි ඔක්තොම්බර් මාසයෙහි ආරම්භ වන මෙම මැතිවරණය, එක් එක් ප්‍රදේශයෙහි රටවල් අතරින් තුනෙන්-දෙකක බහුතරය ලැබෙන තුරු පැවැත්වෙයි. යළි-පත්වීම සඳහා අවසර ලැබෙන මුත්, තනතුරු කාලය පිට පිට නොපැමිණිය යුතුයි.

මැතිවරණ කාල සටහන
ධූර කාල සීමාව ආරම්භ කරන වසර: ඔත්තේ ඉරට්ටේ
අප්‍රිකානු කාණ්ඩය එක් සාමාජිකයෙක් සාමාජිකයන් දෙදෙනෙක් *
ආසියා-ශාන්තිකර කාණ්ඩය එක් සාමාජිකයෙක් එක් සාමාජිකයෙක් *
නැගෙනහිර යුරෝපියානු කාණ්ඩය නොමැත එක් සාමාජිකයෙක්
ලතින් ඇමරිකානු සහ කැරිබියානු කාණ්ඩය (GRULAC) එක් සාමාජිකයෙක් එක් සාමාජිකයෙක්
බටහිර යුරෝපියානු සහ අනෙකුත් කාණ්ඩය සාමාජිකයන් දෙදෙනෙක් නොමැත

* අරාබි ජාතීන් සඳහා නියෝජිතයා මෙම තෝරාගැනීම් අවකාශ දෙක අතර මාරුවෙන් මාරුවට තෝරා ගැනෙයි.

පෙර සහ ඉදිරි ආරක්ෂක මණ්ඩල සංයුතිය[සංස්කරණය]

1946 සිට 1965 දක්වා, ආරක්ෂක මණ්ඩලයෙහි ස්ථීර-නොවන සාමාජිකයෝ සය දෙනෙක් වූහ. එකල ප්‍රාදේශීය කාණ්ඩකරනය වූයේ මෙලෙසය:

මෙම කාණ්ඩකරනයට සමහරක් ව්‍යතිරේකයන් විය: 1961 දී ලයිබීරියාව විසින් බටහිර යුරෝපියානු රටකට හිමි අවස්ථාව ලබා ගති; 1964-1965 අතරතුර අයිවරි කෝස්ට් විසින් පොදු රාජ්‍ය මණ්ඩල සාමාජිකයෙකුගේ තැන ගති; 1956 සිට නැගෙනහිර යුරෝපය කාණ්ඩය තුල ආසියානු රටවල් අඩංගු විය.

ආරක්ෂක මණ්ඩලයෙහි යෝජිත විස්තාරණයෙහි කොටසක් වශයෙන්, සාමුහිකව 4 කාණ්ඩය හෝ ජී4 ජාතීන් ලෙසින් හැඳින්වෙන බ්‍රසීලය, ජර්මනිය, ඉන්දියාව සහ ජපානය විසින්, මණ්ඩලය තුල ස්ථීර නියෝජනයක් ඉල්ලා සිටිති. ඉතාලිය විසින් සම්මුතිය සඳහා ඒකීකරණය කාණ්ඩය පිහිටුවමින්, ආරක්ෂක මණ්ඩලයෙහි මෙම විස්තාරණය වෙත විරුද්ධත්වය දක්වයි .

වසර අනුව සාමාජිකත්වය[සංස්කරණය]

සථීර[සංස්කරණය]

වසර චීන ආසනය ප්‍රංශ ආසනය සෝවියට්/රුසියානු ආසනය බ්‍රිතාන්‍ය ආසනය ඇමරිකානු ආසනය
1945 චීන සමූහාණ්ඩුව(1912–1949) චීන සමූහාණ්ඩුව ප්‍රංශය ප්‍රංශ ජනරජයෙහි යාවකාලීන රජය  සෝවියට් සංගමය  එක්සත් රාජධානිය  එක්සත් ජනපදය
1946 ප්‍රංශය ප්‍රංශ ජනරජය (4වන)
1949 චීන සමූහාණ්ඩුව චීන සමූහාණ්ඩුව
1958 ප්‍රංශය ප්‍රංශ ජනරජය (5වන)
1971  චීන මහජන සමූහාණ්ඩුව
1992–වර්තමානය රුසියාව රුසියානු ෆෙඩරේෂණය


සටහන්[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. එක්සත් ජාතීන්ගේ ආරත්ෂක මණ්ඩලය, ද ග්‍රීන් පේපර්ස් වර්ල්ඩ් වයිඩ්