අව්වයි වැස්සයි
අව්වයි වැස්සයි යනු හිරු බැබළෙමින් පවතින විට වැස්ස පතිතවීමේ කාලගුණ විද්‍යාත්මක සංසිද්ධියකි.[1] හිරු ප්‍රමාණවත් තරම් අඩු කෝණයකින් පැවතුනොත්, මෙම තත්ත්වයන් යටතේ බොහෝවිට දේදුන්නක් දෘශ්‍යමාන වෙයි. [1] එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, අයර්ලන්තය සහ බ්‍රිතාන්‍යය යන රටවල භාවිතා වුවද , "අව්වයි වැස්සයි" යන්නට ඉංග්‍රීසි පදය "Sunshower" යන්න ශබ්දකෝෂයන්හී හමුවන්නේ ඉතා කළාතුරකිනි.[2] අමතර වශයෙන්, මෙම සිද්ධිය සඳහා ලොව පුරා සංස්කෘතින් විසින් භාවිත කෙරෙන ජනශ්‍රැතිමය යෙදුම් ඉතා පුළුල් පරාසයක පවතින නමුත් අපූර්ව ලෙසින් ඒකාකාර බවක් දක්වයි.[3] පොදු තේමාවක් වන්නේ කපටි සතුන්, යක්ෂයා, විවාහ වීම යන දේ වුවද, මෙම තේමා කොටස් වල විවිධ ප්‍රභේදන දක්නට ඇත.[2][3]
ජනශ්‍රැතිමය නම්[සංස්කරණය]
සතුන්[සංස්කරණය]
- හින්දි භාෂාවෙන් එය හැඳින්වෙන්නේ, "නරියාගේ මගුල " ලෙසිනි.[2]
- කොන්කනි භාෂාවෙන් එය හැඳින්වෙන්නේ "වඳුරෙකුගේ මගුලක්" යනුවෙනි.
- සිංහලයෙන් එය හැඳින්වෙන්නේ, "නරියාගේ විවාහ උත්සවය" ලෙසිනි (අව්වයි වැස්සයි, නරියගෙ මගුලයි.).
- බෙංගාලියෙන් එය හැඳින්වෙන්නේ, "නරියාගේ විවාහ උත්සවය" ලෙසිනි .
- බ්‍රසීලයේ ජනතාව පවසන්නේ, "වැස්ස සහ අව්ව (ෂූවා එ සොල්), ගොළුබෙල්ලාගේ (කැරකොල්) මගුල ", "අව්ව සහ වැස්ස (සොල් එ ෂූවා), වැන්දඹුවගේ (ව්යුවා) මගුල", හෝ "කසමෙන්ටෝ ද රපෝසා" (නරියාගේ මගුල) ලෙසිනි.
- කොරියාවේ, පිරිමි කොටියෙක් නරියෙකු හා විවාහ වෙයි.
- ජපානයේ එය හැඳින්වෙන්නේ, "කිට්සුනේ නො යොමේරි", හෝ " කිට්සුනේගේ මගුල" ලෙසින් වන අතර, එයින් අදහස් වන්නේ නරියාගේ මගුල පැවතෙන බවයි.
- පිලිපීනයෙහි සාම්ප්‍රදායික විශ්වාසය වන්නේ, ටික්බාලං නම් සතෙකුගේ විවාහය සිදු වන බවයි.
- හවායිහී එය හැඳින්වෙන්නේ, "හොල්මන් වැස්ස" ලෙසිනි.
- එල් සැල්වදෝරයෙහි සාම්ප්‍රදායික විශ්වාසය වන්නේ, වලහා පැටවුන් වදන බවයි.
- බංග්ලාදේශයෙහි, නරියා විවා පත් වෙයි
- ප්‍රංශයෙහි එය හැඳින්වෙන්නේ, "ල මරියාෂ් ඩ ලූ" හෝ "වෘකයාගේ විවාහය" ලෙසිනි
යක්ෂයන්[සංස්කරණය]
වෙනත් ප්රභේදයන්[සංස්කරණය]
ලිතුවේනියානු සහ එස්ටෝනියානු (vaeslapse pisarad ) භාෂාවලින්, මෙම සිද්ධිය විස්තර කෙරෙන්නේ "අනාථයන්ගේ කඳුලු" ලෙසින් වන අතර, මෙම කඳුලු පිස දමන ආච්චි වන්නේ හිරුය.
ආශ්රිත[සංස්කරණය]
- ↑ 1.0 1.1 සිමන්ඩ්ස්, ස්ටීව්, වෙදර් ටර්ම්ස්- වයිල්ඩ් වෙදර්, 2004, ABC North Coast, සම්ප්‍රවේශය නොවැම්බර් 2006.
- ↑ 2.0 2.1 2.2 ක්විනියන්, මයිකල්, මන්කීස් වෙඩිං, 2001, වර්ල්ඩ් වයිඩ් වර්ඩ්ස්, සම්ප්‍රවේශය නොවැම්බර් 2006
- ↑ 3.0 3.1 වොක්ස්, බර්ට්, සන්ෂවර් සමරි, 1998,linguistlist.org, සම්ප්‍රවේශය නොවැම්බර් 2006