සෙරමික් ලලිත කලාව - ඈත අතීතය

විකිපීඩියා වෙතින්

පූර්වාදීත යුගයේදී චීනය, ග‍්‍රීසිය, රෝමය, පර්සියාව, මායා ආදී වූ සංස්කෘතීන්හි විශාල සංඛ්‍යාවක සෙරමික් කලාව විශාල වශයෙන් පැතිර තිබුණි

යුරෝපීය[සංස්කරණය]

මධ්‍යදරණී[සංස්කරණය]

ගී‍්‍රක දූපතක් වන සැන්ටෝරිනි වෙතින් සොයාගනු ලැබු සෙරමික් නිර්මාණයන් කි‍්‍ර. පූ. 3 වන සහශ‍්‍රකය තරම් පැරණිය. කැණිම් කරනු ලැබූ සමහර නිවාසයන්ගෙන් අතිවිශාල සෙරමික් ජෝගු හමුවී ඇත. පුරාතන යුරේසියානු සහ ග‍්‍රීක සෙරමික් නිර්මාණ අලංකාර සිතුවම් වලින් සරසා තිබිණ.

කුඩා වීනස් ප‍්‍රතිමා[සංස්කරණය]

Dolní Věstonice හි වීනස් ප්‍රතිමාව.


චෙක් ජනරජයෙන් හමුවී ඇති සෙරමික් ප‍්‍රතිමාවන් දැනට සොයාගෙන ඇති මිනිස් රූපාකාරයෙන් නිමවූ ප‍්‍රථම කලාකෘති වෙයි. එවැනි එක් ප‍්‍රතිමාවකි Dolní Věstonice හි වීනස් පිලිමය. එය නිර්මාණයකොට ඇත්තේ මීට වසර 27,000 කටත් 31,000 කටත් අතර කාළයකය. මෙහි ‘වීනස්’ යන්න පිළිමයේ නිරුවත් කාන්තා රූපය හේතුවෙන් එසේ හැඳින්වීම හැරෙන්නට එය සාම්ප‍්‍රදායික ආදරයේ දෙවඟන ලෙස සැලකෙන වීනස් දෙව්දුව සමඟ සම්බන්ධයක් නොමැත. මෙය නිර්මාණයකොට ඇත්තේ මැටි සහ කුඩු කරන ලද ඇටකටු මිශ‍්‍රණයකින් අඹා පසුව පිලිස්සීමෙනි. දැනට සොයාගෙන ඇති මානව ආකෘතිය සහිතව නිර්මාණය කරනු ලැබ ඇති පැරණිම නිර්මාණය මෙයයි. එය නිර්මාණයකොට ඇත්තේ ලලිත කලා කෘතියක් ලෙසද, ආගමික සංකේතයක් ලෙසද, වෙනත් අරමුණකින්ද යන්න පිලිබඳ ශාස්ත‍්‍රඥයෝ අදහසක් ප‍්‍රකාශ කිරීමට අසමත් වෙති. එනම් එය අදාල සංස්කෘතියට කුමණ අර්ථයක් ගෙන දුන්නේද යන්න නොදන්නා කරුණකි. යුරේසියාව පුරා සොයාගෙන ඇති මීට සමාන ප‍්‍රතිමාවන් සියල්ලම වීනස් ප‍්‍රතිමා ලෙස හඳනුවනු ලබන අතර ස්තී‍්‍ර රූපාකාරය සෞන්දර්යාත්මක කුසලතාවයකින් යුතුව නිර්මාණය කොට ඇති ආකාරය මේවායින් විද්‍යාමාන වෙයි. ඒ පිලිබඳ ලියවී ඇති අදහස් කිහිපයක් පහතින් දැක්වේ.

  • කුඩා වීනස් ප‍්‍රතිමාවන් වූ කලි වසර 30,000 ත් 15,000 ත් අතර කාලයක, එනම් ඉහල පැලියෝලිතික යුගයේදී මුල්වරට නිර්මාණය වූ විශ්වීය කලාත්මක ආදර්ශයන්ට ලබාදී ඇති නමය.
  • යුරෝපයේ ඉහල පැලියෝලිතික යුගයේදී පුරාවිද්‍යා විෂය පථය තුල මානව රූපය මතුවූ පසු ලෝකයේ පැරණීතම කලාත්මක නිර්මාණයන් වන්නේ මේවාය.
චීන සෙරමික් බඳුන්, සොංග් රාජවංශය. මෙම චීන මැටි බඳුන් ආසියාවේ සහ යුරෝපයේ විවිධ වරායන් වෙත අපනයනය කරනු ලැබිණ. මේවායේ වෙනස් නොවන සුන්දරත්වය මෙන්ම මේවායේ අඩංගු කරන ආහාර පානයන්ට විෂ එක්කළහොත් මෙම බඳුන්වල වර්ණ වෙන්ව යන් බවට වූ විශ්වාසය හේතුවෙන්ද මෙම සෙරමික් භාණ්ඩ ඔටෝමන් සුල්තාන්වරුන් වැනි විවිධ රජවරුන් හා රාජවංශයන්ගේ පි‍්‍රයතම භාන්ඩ විය. .

ආසියානු[සංස්කරණය]

ලෝකයේ සොයාගෙන ඇති පැරණිතම සෙරමික් නිර්මාණ චෙක් ජනරජයෙන් සොයාගනු ලැබූ වීනස් පිළිම වන අතර ඒවා මීට වසර 29,000 - 25,000 අතර කාළයකට පෙර යුගයට අයත් ලෙස සලකනු ලැබේ. ආසියාවේ පැරණිතම සෙරමික් භාණ්ඩ ජපාන්‍ය ආශි‍්‍රතව ජීවත්වූ ජනයා විසින් මීට ක‍්‍රි. පූ. 10500 දී පමණ නිර්මාණය කල මැටි බඳුන් බව සැලකේ. චීන පෝසිලේන් නිර්මාණය වන්නේ ආසියාවේ හන් යුගය (කි‍්‍ර. ව. 100 -200) රාජධානි ති‍්‍රත්වයේ යුගය (කි‍්‍ර. ව. 220-280) රාජවංශ හයේ යුගය (කි‍්‍ර. ව. 220-589) සහ ටැංග් රාජවංශික යුගය (කි‍්‍ර. ව. 618-906) යන කාළයන් තුලය.

ඇමරිකානු[සංස්කරණය]

මායාවරු සෙරමික් කලාවට පසුකාලීනව ප‍්‍රවේශවූ පිරිසක් වූ නමුත් සම්භාව්‍ය මායා ශිෂ්ඨාචාර යුගයේදී එනම් කි‍්‍ර. ව. 2 වන සහ 10 වන සියවස් අතර කාළයේදී එය ඉතාම උසස් තලකට පත්ව පැවතින. බ‍්‍රසීලයේ දකුණුදිග ප‍්‍රදේශයේ පිහිටා ඇති එක් කැනීම් බිමකින් මහා පරිමාණයෙන් නිපදවනු ලැබූ මැටි බඳුන් හමුවී ඇත . හොන්ඩූරාස් සහ ග්වාතමාලා යන රටවල ඇති මායා ශිෂ්ඨාචාර කැනීම් බිමි වලින්ද මෙවැනිම නිර්මාණයන් හමුවී ඇත . වර්තමානයේ මායාවරුන්ගෙන් පැවත එන්නෝ මෙම නිර්මාණයන්ගේ පිටපත් නිපදවීම සිදු කරති.

උතුරු ඇමරිකාවේ නිව් මෙක්සිකෝ ප‍්‍රදේශයේ කැනීම් වලින් සොයාගනු ලැබූ මැටි බඳුනක් .


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Ceramics_%28art%29#Ancient_history