පොදු අන්තර්ජාතික නීතිය

විකිපීඩියා වෙතින්

පොදු අන්තර්ජාතිය නීතිය

පොදු අන්තර්ජාතිය නීතියේ ඉතිහාසය[සංස්කරණය]

වත්මන් අන්තර්ජාතික නීතියෙහි වැඩි බලතල හිමිව ඇත්තේ එක්සත් ජාතින්ගේ සංගමයටයි

ජාත්‍යන්තර නීතියේ මුල්ම ග්‍රන්ථය වන්නේ 8 වන සියවස අවසානයේ දී ඉස්ලාමීය නීතිය සහ නීති විද්‍යාවේ ප්‍රමුඛතම නීතිවේදියෙක් වන මොහොමද් බින් හසන් අල් ශ්‍යබානි විසින් රචිත ඊනටරඔඩඋචටඉඔන ටඔ ටහඑ ළඅත ඔෆ ණඅටඉඔනස නමැති ග්‍රන්ථයයි. ඒ අතර ම තවත් ඉස්ලාමීය නීතිවේදීන් පිරිසක් ජාත්‍යන්තර නීතිය සම්බනධයෙන් ග්‍රන්ථ ගණනාවක් ම රචනා කර ඇත. මෙම මුල්ම ඉස්ලාමීය ග්‍රන්ථ වල ඉස්ලාමීය සාරධර්ම, ඉස්ලාමීය ආර්ථික නීති විද්‍යාව සහ ඉස්ලාමීය යුධ නීතිය ජාත්‍යන්තර නීතියට අදාළ කර ගැනීම වැනි කරුණු ද ගිවිසුම් නීතිය, රාජ්‍යතාන්ත්‍රික සංග්‍රහය, ප්‍රාණ ඇපකරුවන්, අනාථවූවන් සහ යුධ සිරකරුවන්ට සැලකීම, රැකවරණ ලාභීන්ගේ අයිතිවාසිකම්, යුධ පිටියේ දී හැසිරීම, කාන්තාවන්, ළමයින් සහ සිවිල් වැසියන් ආරක්ෂා කිරීම, යුධ ගිවිසුම්, විෂ සහිත ආයුධ භාවිතය, සතූරන්ගේ ප්‍රදේශ විනාශ කිරීම වැනි කරුණු සාකච්ඡාකර ඇත. ජාත්‍යන්තර නීතිය පිළිබඳ පළමු යුරෝපීය ග්‍රන්ථය 17 වන සියවස ආරම්භයේ දී "nation-state" රචනා කරන ලදී. මුල් ඉස්ලාමීය ජාත්‍යන්තර නීතිය ඔහු සහ අනෙකුත් යුරෝපීය විශාරදයන් කෙරෙහි බලපා ඇති බව පෙනේ. 1684 දී "Peace of Westphalia" ආරම්භයත් සමඟම 17, 18 සහ 19 සියවස්වල රාජ්‍යය ස්වෛරීත්වය සංකල්පයේ (රාජ්‍යයක් මධ්‍යගත ආණ්ඩු ක්‍රමයකින් සමන්විත පාලනයක්) වර්ධනයක් දක්නට ලැබිණි. තමන් කිසියම් රටක පුරවැසියන් බවත් කැපී පෙනෙන ජාතික අනන්‍යතාවක් තමන්ට හිමි බව පෙනෙන්නට තිබුණු නිසාත් ජාතිකවාදී සංකල්පය වඩාත් වැදගත්කමක් ඉසිලීය. 19 වන සියවසේ මැද භාගය වනතූරු රාජ්‍යයන් අතර අන්‍යෝන්‍ය සබඳතාවන් සඳහා බොහෝවිට උපයෝගී කොට ගත්තේ බලහත්කාරයෙන් පමණක් බලාත්මකකල හැකි වූත් ගරුත්වය හා විශ්වාසනීයත්වය මත පමණක් බැඳී සිටිනු ලබන ගිවිසුම් සහ එකඟතාවන් ය. එහෙත් ගිවිසුම්වල පමණක් වැදගත්කම එන්න එන්නම අඩු වී යාමත් සමඟම යුද්ධවල බිහිසුණුකාරී බව සිවිල් ජනතාවට වඩාත් හොඳින් දැනුණි. ඔවුන් එම භයංකරත්වය හෙළා දුටු නිසා විශේෂයෙන්ම යුධ කාලවලදී රාජ්‍යයන්ගේ ක්‍රියා කලාපයන් පාලනය සම්බන්ධයෙන් අවශ්‍යතාවක් මතූවිය. සමහරවිට වර්තමාන පොදු අනතර් ජාතික නීතියේ ආරම්භක ලිඛිත නීතිය ලෙස හඳුන්වනු ලබන්නේ ඇමරිකා එක්සත් ජනපද කොංග්‍රසය විසින් 1863 දී සම්මත කරන ලද Lieber Code නමැති නීති සංග්‍රහයයි. එය එක්සත් ජනපද සිවිල් යුධ සමයේ ඇමරිකානු හමුදාමය ක්‍රියාකාරකම් පාලනය සඳහා යොදා ගත් අතර සියලූම ශිෂ්ට සම්පන්න ජාතීන් විසින් පිළිපැදිය යුතූ යුධ නීතිය හා සම්බන්ධ වගන්ති අන්තර්ගත ප්‍රථම ලිඛිත ප්‍රකාශනය ලෙස සලකනු ලබයි. ඉන් කොටසක් මෙසේ දැක්විය හැකිය. "නූතන ශිෂ්ට සම්පන්න ජාතීන් විසින් තේරුම්ගත් පරිද්දෙන් යුද්ධයේ අරමුණු ආරක්ෂා කරගැනීම පිණිස පවතින ක්‍රියාදාමයන් අවශ්‍යය පරිදි යොදා ගැනීම සඳහා නූතන යුධ නීතියට සහ යුධ සම්මුතීන්ට අනුකුලවන පරිදි හමුදාමය ක්‍රියාදාමයන් හි නිරත විය හැක. මෙම කලින් සංග්‍රහගත නොකල යුධ නීති පිළිබඳ පළමු ප්‍රකාශය යුධ අපරාධ සම්බන්ධයෙන් ප්‍රථම වරට චෝදනා ඉදිරිපත් කිරීමට මඟ පෑදිණ. ජෝර්ජියාවේ Andersonville ප්‍රදේශයේදී එක්සත් ජනපද යුධ සිරකරුවන් ඉතාම නින්දිත හා අමානුෂික ආකාරයට රඳවා තබා ගන්නා ලද අතර කඳවුරේ ඒකාබද්ධ හමුදාවේ ආඥාපතිවරයා ට විරුද්ධවන අය නඩු අසා එල්ලා මරන ලදී. ඔහු සිවිල් යුද්ධයට සම්බන්ධව සිට දඩුවම් ලබා මියගිය එකම ඒකාබද්ධ හමුදා සොල්දාදුවා විය. ඊට පසු වර්ෂයේ දී අනෙකුත් ජනපද එම චර්යාවන් සීමා කිරීමට සම්මාදම් වීම සහ රාජ්‍යයක් තවත් රාජ්‍යයක් සමඟ කටයුතු කිරීමේ දී පාලනය සඳහා ගිවිසුම් සහ ආයතන ගණනාවක් පිහිටුවා ගන්නා ලදී. මෙම ගිවිසුම්වලට අනුව 1899 දී ස්ථීර බේරුම්කාර අධිකරණයක් පිහිටුවා ගන්නා ලදී.Hague සහ Geneva සම්මුතීන් පළමු වරට 1907 දී සම්මත කරන ලද අතර ජාත්‍යන්තර යුධ අධිකරණය 1921 දී ද 1990 ගණන් වල අගදී ද ජනසංහාර සම්මුතිය ද ජාත්‍යන්තර අපරාධ අධිකරණයද පහිටුවන ලදී.

අන්තර් ජාතික පොදු නීතියේ විෂය පථය[සංස්කරණය]

ශිෂ්‍යත්වලාභීන් හා නීතිඥයින් විසින් සිවිල් වරද පිළිබඳ නීතිපති මත ඝට්ටන යන් හඳුනාගෙන ඇත. මෙය අධිකරණ මඟින් දෙනු ලබන ලද විවිධ අලාභහානි පරාවර්තනය කිරීමට හඳුනාගෙන ඇත. හානිපූර්ණය, උග්‍ර සහ දණ්ඩලය alavilka wikkams විසින් රචිත සිවිල් වරද නීතිමය ඉලක්කයන් ග්‍රන්ථය තුළින් විශ්‍රාම ලත් සිවිල් වරදවල් හතරක් දිස්වී ඇත. සංසිඳවීම, යුක්තිය, නිවර්තනය සහ වන්දිය.

1950 අවසාන භාගයේ දී නීතිමය ලෙස දිනාගත වූ ආර්ථිකවේදීන් සමූහයකුත් ආර්ථිකමය ලෙස දිශාගත වූ නීතිඥයින් පිරිසකුන් පෙළඹීම හා නිර්මාණය පිළිබඳ අවධාරණය කල අතර සිවිල් වරදක් අරමුණු අවදානමේ කාර්යක්ෂම ව්‍යාප්තියක් ලෙස හදුන්වන ලදී. ඔවුන් විස්තර කරන අන්දමට සිවිල් අරමුණු ගණුදෙනු වියදම් අඩු වගකීමක් ලෙස පරාවර්තනය විය යුතුය බවයි.

ප්‍රතිසංස්ථාව සඳහා ඉඩහැරුනු බොහෝ අවස්ථා නීතියෙහි වර්තමානයත් පරාවර්තනය කරන විවිධ ස්ථාවරයන්ගෙන් පැවත ‍එයි. සමහරක් නැගීසිටීම් ශක්තිමත් විභවයක් නිසා ඇති වූ අපහසුතා මත පීඩනයක් ඇති කරන්නට විය. මේසා අනතුරුවලට බොහෝ පුද්ගලයන් මුහුණ පාන මුත් එයින් සමහරකට අධිකරණය තුළදී ආලෝකය නැවත ලබා ගැනීමට හැකි විත්තිකරුවන් ලැබෙන නිසාය. නවසීලන්තයේ 1960 සමයේ රජය මඟින් No Fault නම් වූ ක්‍රමයක් රට තුළ සිදුවන අනතුරු සඳහා ක්‍රියාත්මක කලේය. මේ හා සමාන ලෙස මහා බ්‍රිතාන්‍ය තුළ පැවති ශාස්ත්‍රිය විවාදයන් හා ආඥා පත්‍ර දැකිය හැකිය. කෙසේ වෙතත් ඇමෙරිකාවේ සිවිල් ප්‍රතිසංස්කරණ මත උග්‍ර සම්බාදකයන් ඇති කිරීමේ ප්‍රවනතාව තවමත් දක්වයි. මෙය ආර්ථික විශ්ලේෂකයන්ගේ ක්‍රියාවන් හකුලා දමන්නකි. එමෙන්ම විශ්වාස බංග අලාභහානි විශේෂ සමික්ෂණයක් යටතේ පැමිණ ඇත. එසේම බොහෝ පුද්ගලයන් විශ්වාස කල ලෙසට දණ්ඩනීති අලාභ හානි ඇති‍වීමේ හැකියාව නීති පද්ධතියේ වගකීමකි. පොදු සමාගම්වල ශුද්ධ ආර්ථික අලාභය සඳහා වගකීම නිර්මාණය කිරීමට තාර්කික හා ප්‍රතිපත්තිමය සැලකිල්ල ප්‍රමුඛ කොට යොදා ඇත.

| Public international law - Conflicts between public international |}