සිරස පාද කවි

විකිපීඩියා වෙතින්

මෙම ලිපියේ අඩංගු මූලාශ්‍ර සිංහල විකිපීඩියාවට වඩා සිංහල එහි සොයුරු ව්‍යාපෘතියක් වන විකිමූලාශ්‍ර වෙත එක්කිරීම යෝග්‍යවේ. .

විකිපීඩියා මුලාශ්‍ර සංචිතයක් නොවන අතර විකිමූලාශ්‍ර යනු මූලාශ්‍ර සංචිතයකි. While this article does not itself contain source data that should be moved to Wikisource, documents that could be used as sources for or relating to this article could be on Wikisource but currently are not. Please be sure the work and any English translation conforms to Wikisource's copyright and inclusion policies.

සිරස පාද කවි[සංස්කරණය]

   හිස මුව තුල බෙල්ල දෙවුර දෑතේ දසැගිලි අගිනේ
   ලැමැද උදර නාභි කටිය දෙවුකුල දෙකවල දෙදනේ .... ආ .....
   කෙන්ඬ බොලඩ දෙබඩි පතුල දසැගිලි දස නිය අගිනේ
   සූවිසි මුනිදු අනුහසයෙන් ඔබ පිරිපත දුර හරිනේ ..... ආ .....
   සිරස සවන් යුග මුඛ තුල බෙල්ලේ
   දෙවුර දෙවැලමිට දස අතැගිල්ලේ
   දන උකුලද බඩ කෙන්ඩ වලල්ලේ 
   දොසැ හැර පලයන් පතුල සියල්ලේ 
   සිරස නලලත දෙනෙත දෙසවන් මුඛය ගෙල දොස හැර සියල් 
   දෙවුර අත් දසැඟිලිද වැලමිට දෝස දුරුවිය එ බඩවැල්
   කටිය තුනටිය දෙදන කෙන්ඩේ දෝස දුරු වි ජය මගුල් 
   සියක් අවුරුදු ඔබට වේවා වේවා ජය සිරි මංගලම් 
   දකුණු හිස ඇස දකුණු කම්බුල දකුණු උරහිස දකුණතේ
   දකුණු ඉලපළු උකුල කලවා වටොර සහ එම දනහිසේ 
   දකුණු කෙන්ඩය බොලට විළුඹය පතුල පසැගිලි නිය අගේ 
   දකුණු සැරියුත් තෙරිදු බලයෙන් දකුණු ඇලයේ දොස බසේ 
   වමත හිස ඇස වමත කම්බුල වමත උරහිස වම් අතේ
   වමත ඉලපළු උකුල කලවා වටොර සහ එම දනහිසේ
   වමත කෙන්ඩය බොලට විළුඹය පතුල පසැගිලි නිය අගේ 
   වමත මුගලන් තෙරිදු බලයෙන් වමත ඇලයේ දොස බසේ
"https://si.wikipedia.org/w/index.php?title=සිරස_පාද_කවි&oldid=536056" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි