සිංහල පමණයි පනත

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ජනගහනයෙන් 70% කට අධික ප්‍රමාණයක් සිංහල භාෂාව කථා කරන නිසා ශ්‍රී ලංකාවේ මහජාතිය වු සිංහලයන්ගේ භාෂාව වු සිංහල ශ්‍රී ලංකාවේ එකම රාජ්‍ය භාෂාව ලෙස නීති ගත විය. මෙම නීතියට පක්ෂ වු අයගේ මතය වුයේ මෑතකදී නිදහස ලබාගත් ප්‍රජාවක් ඔවුන්ගේ අධිරාජ්‍ය ස්වාමිවරුන්ගෙන් ඈත් වීමට ගත් උත්සාහයක් ලෙසයි. එහෙත් එම මතයට විරුද්ධ අය කියා සිටියේ මෙය මහජාතික භාෂා ආධිපත්‍යයක් සුළු ජාතිය වෙත අයුතු ලෙස බලය පෙන්වීමට ගත් උත්සාහයක් ලෙසිනි.


බ්‍රිතාන්‍ය පාලනය [සංස්කරණය]

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයන් යටතේ ශ්‍රී ලංකාවද(සිලෝන්) යටත් විජිතයක් වශයෙන් පාලනය කටයුතු කෙරුණි. ඉංග්‍රීසි භාෂාවෙන් 1944 දී නිදහස් අධ්‍යාපනය පනත ස්ථීර වන තෙක් ඉංග්‍රීසි භාෂාවෙන් ලද අධ්‍යාපන ඉහළ පෙළ පැලැන්තියට පමණක් අයිති එකක් විය. සාමාන්‍ය ජනතාවට ඒ පිළිබදව තිබුණේ ස්වල්ප දැනුමකි. ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය විශේෂ සුදුසුකමක් ලෙස සැලකු සිවිල් සේවයේ රැකියාවලින් වැඩි ප්‍රතිශතය දෙමළ ජනතාවට හිමිවිණි. මෙම තත්ත්වය ඔවුන්ගේ ජනගහනයේ ප්‍රතිශතයට වඩා වැඩි තත්ත්වයකි.

ලංකා සම සමාජ පක්ෂයේ සාමාජිකයෙකු වු එන්.එම්. පෙරේරා සහ පිලිප් ගුණවර්ධන 1936 රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වීමෙන් පසු ඉංග්‍රීසි වෙනුවට රාජ්‍ය භාෂා ලෙස සිංහල සහ දෙමළ යොදා ගන්නා ලෙස ඉල්ලා සිටියහ. 1936 නොවැම්බරයේදී දිවයින පුරා නාගරික හා පොලිස් උසාවි වල නඩු කටයුතු ස්වභාෂාවෙන්ම කළ යුතු යැයි ද පොලිස් ස්ථානවල සටහන් ලිවිය යුත්තේ විස්තර කරන්නාගේ භාෂාවෙන් යැයිද කරන ලද ඉල්ලීමක් රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී සම්මත විය. පසුව එය නීති ලේකම් වෙත යොමු කරන ලද නමුත් එම කරුණ සම්බන්ධයෙන් කිසිවක් නොකෙරුණු අතර 1956 දක්වා ‘ඉංග්‍රීසිය’ රාජ්‍ය පාලන භාෂාව විය.

නිදහසෙන් පසු ශ්‍රී ලංකාව [සංස්කරණය]

1948 දී ශ්‍රී ලංකාව ඩොමිනියම් තත්ත්වය ලබා ගත්තේ සාමකාමී අරගලයකිනි. බ්‍රිතාන්‍යයන්ගෙන් ශ්‍රී ලංකාවේ රදළ පැලැන්තිය බලය තහවුරු වීම දක්වා ආ මාවත සාමකාමී විය. නිදහස ලැබුණු පළමු වසර කිහිපයේ ප්‍රධාන ජන වර්ග දෙක වු සිංහල හා දෙමළ ප්‍රභූ පන්තියේ උවමනා එපාකම් තුළනය කරගැනීමට උත්සාහයක් තිබුණි. සිංහලයින් බොහෝ දෙනෙක් බ්‍රිතාන්‍ය පාලනය යටතේ දෙමළ ජනයා භුක්ති විදි වරප්‍රසාද පිළිබඳ නොමනාප වුහ. මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වුයේ “බෙදා පාලනය කිරීමේ” ප්‍රතිපත්තියයි.

1951 දී ප්‍රගතිශීලි සොලමන් ඩයස් බණ්ඩාරනායක ඔහුගේ පක්ෂය වු ප්‍රතිගාමි එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වී අලුත් පක්ෂයක් පිහිටුවා ගත්තේය. එය මැද පිළිවෙතක් අනුගමනය කරන පක්ෂයකි. එහි නම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන්නයි. මෙම පක්ෂය විසින් සිංහල රාජ්‍ය භාෂා පනත සම්මත කර ගන්නා ලදී

සටහන් [සංස්කරණය]

Sinhala_Only_Act
"http://si.wikipedia.org/w/index.php?title=සිංහල_පමණයි_පනත&oldid=249746" වෙතින් නැවත ලබාගන්නා ලදි