Jump to content

ෂර්ලොක් හෝම්ස් පටලැවිල්ලක

විකිපීඩියා වෙතින්
ෂර්ලොක් හෝම්ස් පටලැවිල්ලක
A frame of the black-and-white film. Sherlock Holmes enters his parlour and taps the shoulder of a burglar who is collecting Holmes' tablewares into a sack. Holmes is wearing a dressing gown and smoking a cigar, the thief is dressed in black.
හෝම්ස් පලමුවරට බලෙන් අතුලුවෙන්නා මුණගැසීම.
අධ්‍යක්ෂණයආතර් මර්වින්
සිනමාකරණයආතර් මර්වින්
බෙදාහැරීමඇමරිකානු මුටෝස්කෝප් සහ බයෝග්‍රාෆ් සමාගම
නිකුත් කල දිනය
1900–1903
ධාවන කාලය
30 තත්පර
රටඑක්සත් ජනපදය
භාෂාවනිහඬ චිත්‍රපටි


ෂර්ලොක් හෝම්ස් පටලැවිල්ලක යනු 1900 දී ආතර් මර්වින් නම් සිනමාවේදියා විසින් නිපද වූ ඉතා කෙටි ඇමෙරිකානු නිහඬ චිත්‍රපටියකි. ‘ෂර්ලොක් හෝම්ස් පටලැවිල්ලක’, ආතර් කොනන් ඩොයිල් ගේ රහස් පරීක්ෂක චරිතය වන ෂර්ලොක් හෝම්ස් තිරයට හඳුන්වා දෙන ප්‍රථම චිත්‍රපටියයි.[1]චරිතයේ අන්තර්ගතය, එය ප්‍රථම පටිගත කල රහස් පරීක්ෂක චිත්‍රපටිය බවට පත් කරන ලදී. [1][2]චිත්‍රපටියෙහි, සිතැගි පරිදි පෙනී සිටීමට හා නොපෙනී යාමට හැකි සොරෙක් ෂර්ලොක් හෝම්ස්ගේ භාණ්ඩ පැසක් සොරකම් කරයි. සෑම විටම බලෙන් ඇතුල්වෙන්නා වැළකීමට හෝම්ස් කල උත්සාහයන් අවසානයේදී ව්‍යර්ථ වේ.[3]

පටන්ගැනීමේදී මෙය පෙන්වන ලද්දේ ආකේඩ් මුටෝස්කෝප් යන්ත්‍ර වලය. ෂර්ලොක් හෝම්ස් පටලැවිල්ලක හි ධාවන කාලය තත්පර 30 කි. 1900 දී නිෂ්පාදනය වු නමුත් එය ලියාපදිංචි වුනේ 1903 දී ය. ඒබව දැක්වෙන හිමිකාරිත්ව සටහන ඇතැම් පිටපත් වල දක්නට ලැබිණ.[3] පළමු දර්ශන වල හෝම්ස් සහ ප්‍රතිතිවාදියාගේ අනන්‍යතාවයන් පටිගත නොවින. වර්ෂ ගණනක් සොයාගැනීමට නොහැකිව තිබූ චිත්‍රපටිය 1968 දී පත්‍ර මුද්‍රණයක් ලෙස කොන්ග්‍රස් පුස්තකාලයේදී නැවත සොයාගත හැකි විය.[4]

ක්‍රියාව

[සංස්කරණය]

තමන්ගේ චිත්‍ර කාමරයට ඇතුල් වෙන ෂර්ලොක් හෝම්ස් එය මංකොල්ලකෑමට ලක්වූ බව දැන ගන්නා නමුත් සොරා (දුෂ්ටයා) දුටු සැනින් අතුරුදන් වීම නිසා ඔහු පුදුමයට පත්වෙයි. දුම්වැටියක් දැල්වීම මගින් සිද්ධිය නොසලකා හැරීමට හෝම්ස් මුලින් උත්සාහ කල නමුත් සොරා නැවත මතුවීමත් සමග හෝම්ස් තම සොරකම් කරන ලද භාණ්ඩ පැස බේරාගැනීමට උත්සාහ දරයි. තමන් ඇඟලූ ගවුමේ සාක්කුවෙන් පිස්තෝලය ගෙන අනවසරයෙන් ඇතුල් වූ සොරාට වෙඩි තැබූ නමුත් ඔහු අතුරුදන් වෙයි. හෝම්ස් තමන්ගේ භාණ්ඩ පැස ආපසු ලබා ගැනීමෙන් පසුව, ඔහුගේ අතේ තිබූ පැස අතුරුදන් වේ. එය ජනේලයෙන් අතුරුදන් වු සොරාගේ අතෙහි දක්නට ලැබේ. මේ මොහොතේදී චිත්‍රපටිය හිටිහැටියේම අවසන් වේ. අවසන් රූපරාමුව, හෝම්ස් “පටලැවිල්ලකට” ලක්වූ ලෙස බලා සිටින රූපරාමුවකි.[1][3]

නිෂ්පාදනය

[සංස්කරණය]
An 1899 advertisement for the mutoscope reading "The Mutoscope and how it makes money" in large stylised letters with "for pennies, a moving picture machine, popular in all public places" in smaller lettering around a central picture. In the image, a lady wearing a long early 20th century dress and hat peers down the mutoscope viewfinder.
මුටෝස්කෝප් යන්ත්‍ර සඳහා 1899 දී පළවූ වෙළඳ දැන්වීමක්

චිත්‍රපටිය නිර්මාණය කරන ලද්දේ ඇමරිකානු මුටෝස්කෝප් සහ බයෝග්‍රාෆ් සමාගම විසිනි. 1894 දී හර්මන් කැස්ලර් විසින් පේටන්ට් බලපත්‍රය හිමි කර ගත් මූලික චලන රූප යන්ත්‍රයක් වන මුටෝස්කෝපය මගින් එය තිරගත කිරීමට ඔවුන් අදහස් කරන ලදී. [5] තෝමස් එඩිසන් ගේ කයිනිටෝස්කෝපය මෙන් මුටෝස්කෝපය තිරයක් මතට ප්‍රක්ෂේපනය නොකෙරිණ. එමෙන්ම එක වෙලාවකට නැරඹිය හැකි වූයේ එක් පුද්ගලයෙකුට පමණකි. ඇමෙරිකානු මුටෝස්කෝප ආයතනය විසින් නිපදවන ලද පද්ධතිය, කයිනිටෝස්කෝපයට වඩා ලාභදායි හා සරල වු නිසාම වෙළෙඳපොළේ කාසියේ වාසිය හිමි කර ගැනීමට ඔවුන්ගේ “පීප් ෂෝ” ව්‍යාපාරයට හැකි විය.[6]

මුටෝස්කෝපය ක්‍රියාත්මක වන්නේ රූප රාමු අන්තර්ගත පොතක් පෙරලන විට චලන රූ මැවෙන ආකාරයට සමාන සිද්ධාන්තයකටය. තනි රූප රාමු පිටපත් කල සුනම්‍ය කාඩ්පත්, වෘත්තාකාර මධ්‍යයට සම්බන්ධ කර ඇති අතර පුද්ගල ක්‍රියාකාරී අත් අඬුවකින් එය කරකවනු ලැබේ.[7] බයෝග්‍රාෆ් ආයතනයේ ප්‍රාරම්භක සාමාජිකයෙක් මෙන්ම ආතර් මර්වින් ගේ සහෝදරයා වන හෙන්රි විසින් එම මැෂිම තුල විදුලි බල්බ වලින් දල්වන ලද කාඩ්පත් පද්ධතිය යෙදුවේ ය.මෙම යන්ත්‍රවල ක්‍රියාකාරිත්වය, ආරම්භයේදී පරාවර්තිත ස්වභාවික ආලෝකය මත පැවතුනි.[8]

එඩිසන්ගේ පේටන්ට් බලපත්‍රය උල්ලංඝණය කිරීම වැළැක්වීමට, 1895 සිට 1902 අතර කාලයේ බයෝග්‍රාෆ් කැමරා සඳහා භාවිතා කලේ අඟල් 2-23/32 (මිලිමීටර් 68) පළල සහ රූප වපසරිය අඟල් 2 × 2½ වූ විශාල සේයා තිර පටලයන්ය. මෙය එඩිසන්ගේ මිලිමීටර් 35 ආකෘතිය මෙන් 4 ගුණයක් විය.[9]බයෝග්‍රාෆ් තිර පටල, සිදුරු කල ඒවා නොවේ; තිර පටය තත්පරයකට රාමු 30 කට නිරාවරණය වන විට, කැමරාව විසින් එහි දෙපස තීරය දැති රෝදයක ඇති සිදුරු මගින් සිදුරු කරනු ලැබේ.[10][11]“ෂර්ලොක් හෝම්ස් පටලැවිල්ලක” මීටර් 86.56 ක දිගක් සහිතව, තත්පර 30 ක ධාවන කාලයක් පුරාවට තිරගත වෙයි. (මුටෝස්කෝපයක කරකවන අත් අඬු ගියරය නිසා ගතවන කාලය වෙනස් විය හැකියි.).[12]

“ෂර්ලොක් හෝම්ස් පටලැවිල්ලක” හි අධ්‍යක්ෂක හා සිනමා යාන්ත්‍රිකයා වූ ආතර් මර්වින් (1859 මැයි - 1911 ජනවාරි 18) බයෝග්‍රාෆ් හි කාර්යමණ්ඩල කැමරා ශිල්පියෙකුද වෙයි.[13]1897 සහ 1911 අතර කාල වලදී කෙටි චිත්‍රපටි 418 කට වඩා ප්‍රමාණයක්, එවකට විවිධ ප්‍රසංග රූගත කරන්නෙකු ලෙස නම් දරා සිටි මර්වින් විසින් නිම වන ලදී. අනතුරුව ඔහු, ඩි. ඩබ්. ග්‍රිෆිත්ගේ මුල්ම නිහඬ චිත්‍රපටි වල කැමරා ශිල්පියෙකු ලෙස ප්‍රසිද්ධියට පත්වෙයි.[13]පළමු දර්ශන වල හෝම්ස් සහ ප්‍රතිවාදියාගේ අනන්‍යතාවයන් පටිගත නොවින.[14]

1903 ට පෙර බයෝග්‍රාෆ් චිත්‍රපටි වලට බොහෝදුරට සත්‍ය සිදුවීම් (සැබෑ පුද්ගලයින්, ප්‍රදේශ හා සිද්ධි පිලිබඳ වාර්තා වැඩසටහන්) පදනම් විය. පළමු යුගයේ බයෝග්‍රාෆ් ප්‍රහසන වෘතාන්ත චිත්‍රපටියකට, නිව්යෝර්ක් නගරයේ පුළුල් මාවතකඋඩුමහල් ස්ටුඩියෝවක රූප ගත කෙරුනු “ෂර්ලොක් හෝම්ස් පටලැවිල්ලක” උදාහරණයක් වෙයි.[3]ක්‍රිස්ටෝපර් රෙඩ්මොන්ඩ්ගේ “ෂර්ලොක් හෝම්ස් අත්පොත”ට අනුව චිත්‍රපටිය රූගත කෙරුනේ 1900 අප්‍රේල් 26 වන දිය.[15]ජුලී මැක්කුරස් කියා සිටින්නේ චිත්‍රපටිය ප්‍රදර්ශණය කිරීම ඇරඹියේ එම වර්ෂයේ මැයි මස බවයි.[3]ප්‍රචාරණ කටයුතු තිබියදීත්, “ෂර්ලොක් හෝම්ස් පටලැවිල්ලක” ලියාපදිංචි වුනේ 1903 පෙබරවාරි 24 දිනයේ දී වන අතර එම දිනය චිත්‍රපටියේ ප්‍රකාශන හිමිකම් කාඩ්පතේ ද දක්නට ලැබේ.[16] මෙහි ලියාපදිංචි දිනය ලෙස 1905 දිනයක් යෝජිතව තිබුනේ විටාග්‍රාෆ් චිත්‍රපටියක් වන “ෂර්ලොක් හෝම්ස්ගේ වීර වික්‍රම; කප්පම් ගැනීමට රැඳවීම” චිත්‍රපටියද, 1905 දී තිරගත වීමෙන් ඇතිවූ ව්‍යාකුලතාවය නිසාය.[17]

නැවත සොයාගැනීම

[සංස්කරණය]

අවුරුදු කීපයක් පුරාවටම චිත්‍රපටිය නැතිවී ඇතැයි සැලකුනි. 1968 දී කොන්ග්‍රස් පුස්තකාලයේ පත්‍ර මුද්‍රණ ලේඛනාගාරයේ තිබියදී සොයා ගත් මෙම පත්‍ර පිටපතෙහි හිමිකාරිත්වය මයිකල් පොයින්ටර් නම් ෂර්ලොක් හෝම්ස් චිත්‍රපටි සම්බන්ධ ඉතිහාසඥයෙක් සතුය.[4] 1912 තෙක් හිමිකම් නීති මගින් චලන රූප පද්ධති ආවරණය නොවූ නිසා, ඔවුන්ගේ වැඩ ලියාපදිංචි කිරීමට චිත්‍රාගාරය විසින් පත්‍ර මුද්‍රණ ඉදිරිපත් කරන ලදී. මෙම පත්‍ර මුද්‍රණ, චිත්‍රපටියේ හා සමාන දිග හා පළල ඇති ආලෝක සංවේදී පත්‍ර මගින් සාදා තිබුණු අතර, නිශ්චල චායාරූප ලෙස මුද්‍රණය කර තිබුණි. එඩිසන් සමාගම සහ බයෝග්‍රාෆ් සමාගම සියලු චලන රූප, පත්‍ර මුද්‍රණ ලෙස ඉදිරිපත් කල නිසාම ඒවා දිගු කලක් සුරැකිව පැවතුනි.[18] චිත්‍රපටිය පසුව කොන්ග්‍රස් පුස්තකාලයේ මිලිමීටර් 16 චිත්‍රපටි එකතුවට මාරු කරනු ලැබීය.[19]

විශ්ලේෂණය

[සංස්කරණය]
“ෂර්ලොක් හෝම්ස් පටලැවිල්ලක” සම්පුර්ණ තත්පර 30 ක මුටෝස්කෝප් චිත්‍රපටිය

“ෂර්ලොක් හෝම්ස් පටලැවිල්ලක”හි කතා වස්තුව, සර් ආතර් කොනන් ඩොයිල්ගේ ශාස්ත්‍රීය ෂර්ලොක් හෝම්ස් කතන්දර වල ආකෘතියට නොගැලපේ. “ෂර්ලොක් හෝම්ස්” චරිත නාමය මහජනයා අතර ප්‍රසිද්ධ වීමට යොදාගත් උපක්‍රමයක් පමණක් ලෙස මෙය හැඳින්විය හැක.[20]“ෂර්ලොක් හෝම්ස් පටලැවිල්ලක” වේදිකාවේ එක් දිශාවකින් පමණක් රූගත කර ඇත. එහි මූලික අරමුණ, රඟ දැක්වීමේදී මූලික චිත්‍රපටි ප්‍රයෝග සහ චිත්‍රපටි සංස්කරණ උපක්‍රම යෙදීමයි. විශේෂයෙන්ම ඊට අවුරුදු 4 කට පෙර, එනම් 1896 දී, ප්‍රංශ අධ්‍යක්ෂකයෙකු වූ ජෝර්ජ් මිලී විසින් මුලින්ම සොයාගත් නතරකිරීමේ ප්‍රයෝගය (stop trick) ප්‍රථම වරට යොදාගත්තේ මෙම චිත්‍රපටියේයි.[21]

“ෂර්ලොක් හෝම්ස් පටලැවිල්ලක”, විනෝදකාමී චරිත සඳහා ඇති ජනතා නැඹුරුව නිරීක්ෂණය කිරීම සඳහා ප්‍රාථමික චිත්‍රපටි නිපදවන්නන් විසින් යොදාගත් අතර, එහිදී අති රහස් පරීක්ෂක ශුරතාවයක් ඇති හෝම්ස් සැහැල්ලු ඇඳුමකින් අපිළිවෙළට සැරසීම මෙන්ම ගෙවල් බිඳින්නෙක් නිසා ‘’අන්දමන්ද’’ වුනු අන්දම ඔහුගේ ශාස්ත්‍රීය රහස් පරීක්ෂක නාමයට පටහැනි වේ.[3]විලියම් කේ. එවර්සන් තම “චිත්‍රපට රහස් පරීක්ෂකයා” නම් පොතෙහි සඳහන් කර ඇත්තේ “ෂර්ලොක් හෝම්ස් පටලැවිල්ලක” අනෙක් නිහඬ රහස් පරීක්ෂක චිත්‍රපටිය සමග පොදු බවයි. “දීර්ඝ ප්‍රශ්න කිරීම් හෝ වාචික බාධා කිරීම් රහිත බැවින් මවාපෑම් හා භෞතික ක්‍රියාකාරකම් සඳහා වැඩි අවදානයක් යෙදී ඇත”.[22]කොනන් ඩොයිල්ගේ චරිතය දැඩි ලෙස ආදේශ කරගැනීමට 1916 දී විලියම් ගිලට්ගේ “ෂර්ලොක් හෝම්ස්” උත්සාහ දරා ඇත.[23]මයිකල් පොයින්ටර් යෝජනා කලේ “ෂර්ලොක් හෝම්ස් පටලැවිල්ලක”හි නිර්නාමික රංගන ශිල්පියාගේ හැඩරුව සහ ඇඳුම්, ගිලට්ගේ වේදිකා නිරූපිත හෝම්ස් අනුකරණය කිරීමක් බවයි.[24]1899 නොවැම්බර් 6 දින ගිලට්ගේ “ෂර්ලොක් හෝම්ස්” නාට්‍ය ගැරික් රඟ ශාලාවේ දී තම ප්‍රථම දර්ශනය රඟ දක්වන ලදී.[25]

1968 දී මයිකල් පොයින්ටර්ගේ වාර්තා වල සඳහන් වන්නේ, එය මුටෝස්කෝපයක හෝ පිප් ෂෝ යන්ත්‍රයක පෙන්විය හැකි සේ තැනූ පැහැදිලි ප්‍රාථමික ප්‍රයෝග චිත්‍රපටියක් බවයි. ඉතා සුළු කොටසක් වුවද, එය චලන රූප සඳහා ප්‍රථම වරට ෂර්ලොක් හෝම්ස් යොදා ගැනීම හේතුවෙන් ඉතිහාස ගතවේ.[4][26]ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ පළමු කතාව ලෙස මෙන්ම චරිත අන්තර්ගතය නිසා රහස් පරීක්ෂක චිත්‍රපටි සඳහා වූ පළමු ප්‍රකට නිදසුන බවටද මෙය පත්වේ.[1][2] ෂර්ලොක් හෝම්ස්, සිනමා ඉතිහාසයේ අති සාර්ථක රංග චරිතයක් ලෙස ප්‍රකාශයට පත් වී ඇත.[15]

මුලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ a b c d Tuska, Jon (1978). The Detective in Hollywood. New York: Doubleday. p. 1. ISBN 978-0-385-12093-7.
  2. ^ a b Harmon, Jim (2003). Radio Mystery and Adventure and Its Appearances in Film, Television and Other Media. Jefferson, North Carolina: McFarland & Company. p. 176. ISBN 978-0-7864-1810-7.
  3. ^ a b c d e f McKuras, Julie (December 2000). "100 Years Ago: Sherlock Holmes Baffled" (PDF). Friends of the Sherlock Holmes Collections Newsletter. 4 (4). Minneapolis: Friends of the Sherlock Holmes Collections, University of Minnesota Libraries: 2. සම්ප්‍රවේශය 7 August 2010.
  4. ^ a b c Pointer, Michael (Summer 1968). "Earliest Holmes film". Sherlock Holmes Journal. 8 (4). The Sherlock Holmes Society of London: 138–140.
  5. ^ Spehr, Paul C. (2000). "Unaltered to Date: Developing 35mm Film". In Fullerton, John and Widding, Astrid Söderbergh (ed.). Moving Images: From Edison to the Webcam. Sydney: John Libbey & Co. p. 17. ISBN 978-1-86462-054-2.{{cite book}}: CS1 maint: multiple names: editors list (link)
  6. ^ Slide, Anthony (1998). The New Historical Dictionary of the American Film Industry. Lanham, Maryland: Scarecrow Press. p. 22. ISBN 978-0-8108-3426-2.
  7. ^ Musser, Charles (1994). The Emergence of Cinema: The American Screen to 1907. Berkeley: University of California Press. p. 176. ISBN 978-0-520-08533-6.
  8. ^ Hendricks, Gordon (1964). Beginnings of the biograph: the story of the invention of the mutoscope and the biograph and their supplying camera. Berkeley: Beginnings of the American Film, University of California Press. p. 60.
  9. ^ Bordwell, David; Staiger, Janet; Thompson, Kristin (1988). The Classical Hollywood cinema: Film Style & Mode of Production to 1960. London: Routledge. p. 265. ISBN 978-0-415-00383-4.
  10. ^ Bitzer, Billy (Spring 1995). "The Biograph Camera". The Operating Cameraman. Toluca Lake, California: Society of Camera Operators. 25 June 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 November 2004.
  11. ^ Musser, Charles (1994). The Emergence of Cinema: The American Screen to 1907. Berkeley: University of California Press. pp. 303–313. ISBN 978-0-520-08533-6.
  12. ^ Doyle, Steven; Crowder, David A. (2010). Sherlock Holmes for Dummies (PDF). Hoboken, New Jersey: John Wiley & Sons. p. 26. ISBN 978-0-470-48444-9.
  13. ^ a b Henderson, Robert M. (1972). D. W. Griffith: His Life and Work. Oxford: Oxford University Press. p. 36. ISBN 978-0-8240-5763-3.
  14. ^ Hardy, Phil (1997). The BFI Companion to Crime. Berkeley: University of California Press. p. 168. ISBN 978-0-304-33215-1.
  15. ^ a b Redmond, Christopher (1993). A Sherlock Holmes Handbook. Toronto: Dundern Press. p. 164. ISBN 978-1-55488-446-9.
  16. ^ Nollen, Scott Allen (1996). Sir Arthur Conan Doyle at the Cinema. Jefferson, North Carolina: McFarland & Co. p. 249. ISBN 978-0-7864-0269-4.
  17. ^ "The Adventures of Sherlock Holmes; or, Held for Ransom". British Film Institute Film & TV Database. සම්ප්‍රවේශය 7 August 2010.
  18. ^ "The Paper Print Film Collection at the Library of Congress". Library of Congress. Washington, D.C. සම්ප්‍රවේශය 30 January 2010.
  19. ^ "Mary Pickford Theater screening archive: Sherlock Holmes: Silent to Sound". Library of Congress. Washington, D.C. January 18, 2000. සම්ප්‍රවේශය 9 August 2010.
  20. ^ Leitch, Thomas M. (2007). Film Adaptation and its Discontents. Baltimore: JHU Press. p. 260. ISBN 978-0-8018-8565-5.
  21. ^ Ezra, Elizabeth (2000). Georges Méliès: the birth of the auteur. Manchester: Manchester University Press. p. 15. ISBN 978-0-7190-5396-2.
  22. ^ Everson, William K. (1972). The Detective in Film. Secaucus, New Jersey: Citadel Press. p. 4. ISBN 978-0-8065-0448-3.
  23. ^ Moody, Nickianne (2003). "Crime in Film and on TV". In Priestman, Martin (ed.). The Cambridge Companion to Crime Fiction. Cambridge, England: Cambridge University Press. p. 228. ISBN 978-0-521-00871-6.
  24. ^ Pointer, Michael (1975). The Public Life of Sherlock Holmes. London and Vancouver: Drake Publishers. p. 31. ISBN 978-0-87749-725-7.
  25. ^ Banham, Martin (1983). British and American playwrights Volume 5 (1750-1920): Plays by William Gillette, Rosemary Cullen, Don B. Wilmeth. Cambridge, England: Cambridge University Press. p. 30. ISBN 978-0-521-28431-8.
  26. ^ Klinger, Leslie S. "The Search for Sherlock Holmes on the Screen". Baker Street Journal. Zionsville, Indiana: Steven Doyle. 10 June 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 January 2010.

බාහිර යොමු

[සංස්කරණය]

සැකිල්ල:HolmesFilms