ශ්‍රී ලංකාවේ අසම්භාව්‍ය ජනාධිපතිවරණ ක්‍රමය

විකිපීඩියා වෙතින්

අසම්භාව්‍ය මැතිවරණ ක්‍රමය යනු ඡන්ද දායකයන් අපේක්ෂකයන් සිය කැමැත්තේ අනුපිළිවලට ලකුණු කල පසු ඉන් එක් ජයග්‍රහකයෙකු තෝරාගන්නා මැතිවරණ ක්‍රමයකි. ප්‍රථම මනාප ගණනයෙන් පසුව එක් අපේක්ෂකයෙකුටවත් බහුතර මනාප ලබාගත නොහැක ( 50% ) වී නම් ඉහළ මනාප ලබාගත් දෙදෙනා හැර ඉතිරි අපේක්ෂයන් තරගයෙන් ඉවත් කරනු ලැබේ. පසුව එසේ ඉවත් කෙරුනු අපේක්ෂකයන්ට ලැබී තිබුණු ඡන්දවල දෙවන මනාප ගණන්කර තරගයේ රැදී සිටින අපේක්ෂකයන් දෙදෙනා අතර බෙදා හැරේ. මෙමගින් අවසානයේ එක් අපේක්ෂකයෙකු බහුතරයක් ඡන්ද ලබා ජයග්‍රහනය කරයි.මෙය විකල්ප මැතිවරණ ක්‍රමයකට සමාන නමුත් එක් වෙනසක් ඇත. එනම් විකල්ප මැතිවරණ ක්‍රමයකදී ඡන්ද ගණන්කිරීම වට කිහපයකදී සිදුවිය හැකි නමුත් මෙහි දී පැවතිය හැක්කේ වට දෙකක් පමණි. එක්සත් ජනපදයේ මෙම මැතිවරණ ක්‍රම දෙකම instant run off sysstem ප්‍රභේදන ලෙස සලකනු ලැබේ. අසම්භාව්‍ය මැතිවරණ ක්‍රමය Two Round system හි සංයුත්ත අවස්ථාවක් ලෙසද සැලකිය හැකිය. ඡන්දදායකයින් දෙවරක් ඡන්ද පොළ වෙත යෑමකින් තොරව ඡන්දවට දෙකම සිදුවේ.


අසම්භාව්‍ය මැතිවරණ ක්‍රමයේ විශේෂ ප්‍රභේදනයක් ශ්‍රී ලංකා ජනාධිපතිවරණයේ දී යොදාගැනේ. තවත් ප්‍රභේදනයක් වන Supemetary vote එන්ගලන්තයේ නගරාධිපතිවරුන් පත් කිරීම සදහා යොදාගැනේ. අතීතයේදී එනම් 1892 - 1942 දක්වා ක්වීන්ස්ලන්ඩ් ව්‍යවස්ථාදායක සභාව පත් කර ගැනීම සඳහාද මෙම ක්‍රමය යොදා ගැනුණි. අද දක්වා අඛණ්ඩව දීර්ඝතම කාලයක් ලොව භාවිතා කෙරුණු මැතිවරණ ක්‍රමය මෙය වේ. ඇමරිකා එක්සත් ජනපදයේ ඇලබාමා ප්‍රාන්තයේද 1920 දශකයේදී මෙම ක්‍රමය භාවිතාවිය.

සටහන්[සංස්කරණය]

Sri Lankan contingent vote