ශ්‍රී ලංකාවට පමණක් ආවේණික සමනල්ලු

විකිපීඩියා වෙතින්

ආවේනික විශේෂයක් යනු, "ලෝකයේ කිසියම් රටක හෝ ප‍්‍රදේශයකට සීමාවූ එම ප‍්‍රදේශය හැර ලෝකයේ වෙනත් රටක හෝ ප‍්‍රදේශයක ස්වාභාවික පරිසරයේ ජීවත් නොවන ජීවි විශේෂයක් වේ".

ආවේනික ජීවි විශේෂයක වැදගත්කම නම්, එම අදාල ප‍්‍රදේශයෙන් එම ආවේනික ජීවියා වද වුවහොත් හෝ තුරන් උවහොත් මුළු ලෝකයටම එම ජීවියා අහිමිව යාමයි.

අප රටේ ආවේනික සමනල් විශේෂ ගණන 23 කි. එනම් ලංකාවේ මුළු සමනල විශේෂ ප්‍රමානය වන 245 න් 9% ක් පමණ ප‍්‍රතිශතයක් වේ. ඉන් වැඩිම ආවේණික සමනල විශේෂ ප‍්‍රමාණයක් අඩංගු වන්නේ ලයිසැනිඬේ කුලයේය.


ශ්‍රී ලංකාවේ ආවේණික සමනල නාමාවලිය-[සංස්කරණය]

පැපිලියොනිඩේ කුලය -[සංස්කරණය]

Screenshot20220206-101551.jpg

  1. Common Birdwing - "Troides darsius" - සියොත්පියා
  2. Ceylon Rose - "Pachliopta jophon" - හෙළ සෙවිවන්දියා

නිම්ෆාලිඩේ කුලය -[සංස්කරණය]

  1. Ceylon Tree Nymph - "Idea iasonia" - රජතපති
  2. Ceylon Tiger - "Parantica taprobana" - හෙළ ගෝමරා
  3. Blue Oak Leaf - "Kallima philarchus" - පිටනිල් කොළයා
  4. Ceylon Treebrown - "Lethe daretis" - හෙළ රුක් ගුරුවා
  5. Ceylon Forester - "Lethe dynsate" - හෙළ වනසරා
  6. Cingalese Bushbrown - "Mycalesis rama" - හෙළ පඳුරු ගුරුවා
  7. Jewel Four-ring - "Ypthima singala" - නෙත්මිණි සිව්වා
  8. Ceylon Palmfly - "Elymnias singhala" - හෙළ රඹතාලියා

ලයිසැනිඩේ කුලය -[සංස්කරණය]

  1. Ormiston's Oakblue - "Arhopala ormistoni" - සිදුරු නිලයා
  2. Green's Silverline - "Spindasis greeni" - ග්‍රීනිගේ රජතාලියා
  3. Clouded Silverline - "Spindasis nubilus" - වළා රජතාලියා
  4. Ceylon Indigo Royal - "Tajuria arida" - හෙළ නීලපරමයා
  5. Woodhouse's Four Lineblue - "Nacaduba ollyetti" - වනාසිනීලයා
  6. Pale Ceylon Six Lineblue - "Nacaduba sinhala" - ගෙලඉරි නීලයා
  7. Ceylon Cerulean - "Jamides coruscans" - හෙළ සෙරුලියා
  8. Milky Cerulean - "Jamides lacteata" - එළ සෙරුලියා
  9. Ceylon Hedge Blue - "Udara lanka" - ලක් ගොමුනීලයා

පියරිඩේ කුලය -[සංස්කරණය]

  1. Lesser Albatross - "Appias galene" - කුදු දිගුපත් සමනලයා
  2. One-Spot Grass Yellow - "Eurema ormistoni" - තනිපුල්ලි තෘණපීතයා

හෙස්පරයිඩේ කුලය -[සංස්කරණය]

  1. Black Flat - "Celaenorrhinus spilothyrus" - කාලකුන්චිකා
  2. Decorated Ace - "Thoressa decorata" - සිතිරාසියා