විසිතුන්වන ජුවාම් පාප් වහන්සේ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ශුද්ධවර පාප්වහන්සේ
විසිතුන්වන ජුවාම් පාප් වහන්සේ
පාප්ධූරය ඇරඹීම 28 ඔක්තොම්බර් 1958
පාප්ධූරය අවසන් වීම 3 ජූනි 1963 (වර්ෂ &0000000000000004.0000004, දින &0000000000000218.000000218)
පූර්වප්‍රාප්තිකයා දොළොස්වන පියුස්
අනුප්‍රාප්තිකයා හයවන පාවුළු
පෞද්ගලික තොරතුරු
උපතේදී නම ඇන්ජලෝ ගියුසෙප්පේ රොන්කාලි
උපත 25 නොවැම්බර් 1881(1881-11-25)
මරණය 3 ජුනි 1963(1963-06-03) (වයස 81)
ශුද්ධවරය
භාග්‍යවන්තභාවයට එසවීම 3 සැප්තැම්බර් 2000
by දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ
ජුවාම් ලෙසින් නම් කෙරුණු අනෙකුත් පාප් වහන්සේලා


ශුද්ධවූ විසිතුන්වන ජුවාම් පාප් වහන්සේ (ලතින්: Ioannes PP. XXIII; ඉතාලි: Giovanni XXIII), උපතේදී නම ඇන්ජලෝ ගියුසෙප්පේ රොන්කාලි (25 නොවැම්බර් 1881 – 3 ජූනි 1963), එතුමා භාග්‍යවන්ත භාවයට එසවීමෙන් අනතුරුව භාග්‍යවන්ත විසිතුන්වන ජුවාම් ලෙසින් හැඳින්වුනු, කතෝලික සභාවෙහි 261වන පාප් වහන්සේ ලෙසින් සහ වතිකානු පුරයෙහි බලධාරියා ලෙසින්1958 ඔක්තොම්බර් 28 දිනදී තෝරා පත් කර ගන්නා ලදි.

එතුමා විසින් දෙවන වතිකානු මන්ත්‍රණ සභාව (1962–1965) කැඳවනු ලැබුවද, එතුමාගේ අවසාන විශ්ව-ලේඛනය වූ Pacem in Terris නිකුත් කොට දෙමසකට අනතුරුව, 1963 ජුනි 3 වන දිනදී මිය යාම නිසාවෙන්, එහි නිමාව දැකීමට නොහැකි විය. 2000 සැප්තැම්බර් 3 වන දිනදී, නවවන පියුස් පාප් වහන්සේ හා සමගින් එතුමා භාග්‍යවන්ත භාවයට ඔසවන ලදි.