මානව දේහ චිත්‍ර

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මාධ්‍යය[සංස්කරණය]

Sitting woman, 117 වැනි සියවසේ අඳින ලද නඟන රූපයක්, School of Rembrandt

19 වන සියවසේදී ප‍්‍රංශ සැලෝනය ඉටි තෙල් හා සායම් වලින් තනනු ලැබු ක‍්‍රයෝන් වර්ගයක් සහ විශේෂිතව තැනනු නිෂ්පාදනය කළ කඩදාසි වර්ගයක් යොදාගත යුතු බවට නිර්දේශ කරන ලදී. මකනයක් යොදගැනීමට අවසර නොදුන් අතර ඒ වෙනුවට මෙහිදී සිතුවමට නඟන රූපය තද පැහැයෙන් ඇඳීමට පෙර ලා පැහැයෙන් සිතුවමට නැඟීම කරනු ඇති බව අපේක්‍ෂා කරන ලදී.

රළු මතුපිටක් සහිත කඩදාසිවල ඇඳීම සඳහා නූතනයේ වඩා ජනපි‍්‍රය තාක්‍ෂණයක් වන ගල් අඟුරු කූරු භාවිතා කෙරින. ගල්අඟුරු කුඩු කඩදාසියට තදින් නොබැඳෙන බැවින් ඒවා මකා ඉවත්කිරීම ඉතා පහසුවිය. අවසානාත්මක කරන ලද ඇඳීම මැකීම වැලැක්විම සඳහා ස්ථාවරකරන ඉසිනයක් යොදා ගැනින. වඩා තදින් පීඩනයට ලක්කොට නිර්මාණය කළ ඟල්අඟුරු කූරු මඟින් වඩාත් තද පෙනුමක් ලබාදෙනු ලැබූ අතර අනුක‍්‍රමණයෙන් ළා වර්ණයන් නිපදවීම සඳහා ඇඟිල්ලෙන් ඇදීම හෝ ඒ සඳහාම නිර්මාණය කරනු ලැබූ සිලින්ඩරාකාර උපකරණයක් යොදාගැනීම කරන ලදී. රූප ඇඳීම සඳහා මිනිරන් පැන්සලද බෙහෙවින් භාවිතා වේ. මේ සඳහා 9B (ඉතා මෘදු) සිට 1B (මධ්‍යස්ථ මෘදු) දක්වාද, 1H (මධ්‍යස්ථ දෘඩ) සිට 9H (ඉතා ද්‍රෘඩ) දක්වාද වන පරාසයක පැන්සල් නිෂ්පාදනය කෙරෙයි. ගල්අඟරු මෙන්ම එයද මැකීම සිදුකළ හැකි අතර ස්ථාවර කිරීමද කළහැක.

තවත් ජනපි‍්‍රය මාධ්‍යයකි තීන්ත. බොහෝවිට සිත්තරා සිතුවමේ බාහිර රේඛාවන් මිනිරන් පැන්සලෙන් ඇඳ අවසානාත්මක රේඛාවන් පෑනක් හෝ පින්සලක් යොදාගෙන තීන්තෙන් අඳිනු ලබයි. විවිධ අනුක‍්‍රමික තීව‍්‍රතාවයන් ලබාගැනීම සඳහා තීන්ත ජලයේ දිය කරනු ලැබේ. තීන්ත ආලේප කිරීමෙන් පසු පැන්සල් ඉරි මකා දැමිය හැක.

සමහර චිත‍්‍ර ශිල්පීහු පැන්සල් කටු සටහනක් යොදා නොගෙන කෙලින්ම තීන්ත යොදාගෙන අඳිති. ඔවුහු ඊට පි‍්‍රයතාවයක් දක්වන්නේ තීන්ත මැකීම කළනොහැකි බැවින් එමඟන් ඔහුගේ ප‍්‍රවේශයේ ස්වංසිද්ධතාවය ආරක්‍ෂා කරගැනීමට හැකිවීම නිසාවෙනි.

17 සහ 18 වන සියවස්වල බැරක සහ රොකෝ යුගයන්හි වඩාත් ප‍්‍රකට වූ ක‍්‍රමවේදයක් වූයේ කලූ සහ සුදු අතර වූ වර්ණයක පසුබිමක් මත කලූවෙන් ඇඳීම සිදුකොට අඳුරු කළයුතු ස්ථාන තීන්ත හෝ ක්‍රෙයෝන් මගින් සුදු වර්ණයෙන් යෙදීමයි.

"http://si.wikipedia.org/w/index.php?title=මානව_දේහ_චිත්‍ර&oldid=251155" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි