මහා බෝසත් භූමි
Appearance
1 මහත් ප්‍රමෝදය – සම්බෝධිත්වය වෙත පැමිණෙන මාර්ගයේ සියළුම සචේතන ජීවීන් එයින් ශුභසිද්ධිය ලබන බව වටහා ගැනීමේන් මහත් ප්‍රිතියක් ලබන බව සඳහන් වේ. මෙම භූමියේදි බෝධිසත්වයන් වහන්සේ සිය පාරමිතා ධර්මයන් පුරන සේක. විශේෂයෙන්ම දාන පාරමිතාව මුල් කොට ගන්නේය. |
2 අමල – මෙම භූමියේදී බෝධිසත්වයන් වහන්සේ සිය_ දුශ්වරිතයන්ගෙන් මිදී මනා සීලවන්ත භාවයකට පැමින ඇත්තේය . මෙයින් අවධාරණය කරන්නේ සුචරිත බවේ වැදගත් කමය. |
3 ආලෝකවත් බව – බෝධිසත්වයන් ධර්මයේ ආලෝකය විහිදුවාලන බව සඳහන් වේ. මෙම සංකල්පයෙන් අවධාරණය කෙරෙන්නේ ඉවසීමේ ගුණයයි. |
4 දීප්තිමත් බව – බෝධි සත්වයන් බුද්ධත්වයට පැමිණෙන්න ආසන්නයේදී එය වළැක්වීමට බොහෝ දෑ වලට මූණ පාන්නට සිදුවේ. එනමුත් වීර්‍යය නැමති සංකල්පය මත කෙසේ හෝ බුද්ධත්වය ලබන්නේය. |
5 පුහුණු කිරීමේ දුෂ්කරතාවය – මෙම අවස්ථාවේදී බෝසතාණන් වහන්සේ සියළු ජීවීන් හට ඔවුන්ගේ අභිවුර්ඪිය සඳහා ජීවිතය පිළිබඳව පුහුණු කිරීම්වලට ලක් කරන සේක. එනමුත් එම ව්‍යායාමය ඉතා දුෂ්කර වන්නේය. මෙහිදී ධ්‍යාන නැමැති සංකල්පය පිළිබිඹු වේ. |
6 ප්‍රත්‍යක්ෂ ශ්‍රේෂ්ඨත්වය – මෙම අදියරේදී ප්‍රඥා ගුනය පුහුණු කරන සේක. |
7 එපිට ලෝකයා වෙත පිවිසීම – මෙම අදියරේදී කෙනෙකුට උදව් උපකාර කිරීම සඳහා දක්ෂ උපක්‍රම ගැන විශේෂ අවධාරණය යොමු වන්නේය. මෙහිදී උපාය කෞෂල්‍ය ප්‍රගුන කෙරේ. |
8 නිශ්චල භූමිය – මෙහිදී අවධාරණය කෙරෙන්නේ අපේක්ෂා ගුණාංගයයි. මෙම අවදියේදී තමන්ගේ ඉදිරි උත්පත්තිය විය යුත්තේ කොතැනද යන්න තීරණය කර ගත හැකි වේ. |
9 යහපත්, තේරුම් ගත හැකි ප්‍රඥාව – මෙම අදියරේදී අවධාරණය කෙරෙන්නේ පාලන ගුණාංගයයි. |
10 ධර්මය නැමැති මේඝය – මෙහිදී අවධාරණය කෙරෙන්නේ ප්‍රථමාරම්භ ප්‍රඥාවයි. |
මහායාන ධර්මයට අනූව ඉහත සඳහන් භූමි සම්බෝධයට පැමිණෙන මාර්ගය පැහැදිලි කෙරේ. යම් මහායාන චාරිත්‍රයනට අනුකූලව ඉහත සඳහන් භූමිවලට අමතරව තව බොහෝ අදියරයන් හඳුන්වාදී ඇත. බෞද්ධ සම්ප්‍රදායන්ට අනුකූලව බෝධි සත්වයන් වෙන් වෙන්ව හඳුනා ගෙන ඇත. මෙම වෙන් කිරීම බොහෝ දුරට සිදු ව ඇත්තේ භාෂාවන්හි ඇති සීමා හේතු කොට ගෙනය. මෑත යුගයේ නොයෙක් දෙනා පිළිගත් බෝධිසත්වයන් වහන්සේ දෙනම වන්නේ 14 වන දලයි ලාමා සහ කර්මාපා භික්ෂූ දෙනමය. බෞද්ධ චිත්‍ර කර්මයන්හි බෝධිසත්වයන් ගේ පිලිරූ බොහෝ ප්‍රචලිතය. බෝධිසත්වයන්ගේ සම්බුද්ධත්වය සඳහා උපයෝගි වෙන ස්ථානය හඳුන්වන්නේ බෝධි මණ්ඩ යනුවෙනි.