මවුපුවරුව
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
පුද්ගල පරිඝනකයක මවුපුවරුව යනු එහි මධ්‍යයේ පිහිටි මුද්‍රිත පරිපථ පුවරුවයි. බොහෝ වත්මන් පරිඝනක වල මවුපුවරුව පර්යන්තයේ පද්ධතියට අත්‍යාවශ්‍ය උපාංග වලට සම්බන්ධක සපයමින් ඒවා දරා සිටියි.මවුපුවරුව ඇතැම් විට ප්‍රධාන පුවරුව ලෙසත් පද්ධති පුවරුව ලෙසත් ඇපල් වර්ගයේ පරිඝනක වලදී තාර්කික පුවරුව ලෙසත් හඳුන්වයි.
මේසය මත තබන ක්ෂුද්‍ර පරිඝනක මවුපුවරුවක්, මවුපුවරුවක දර්ශීය සංරචක හා අතුරුමුහුනත් දැක්වේ. මෙම මාදිලිය 2008 දී නිමැවුනු අතර මේසය මත තබන ක්ෂුද්‍ර පරිඝනක භාවිතාකරන ATX වින්‍යාසය ("ආකෘති සාධකය"ලෙස හඳුන්වයි) අනුගමනය කරයි. AMD සමාගමේ Athlon 64 සැකසුම් ඒකකයසමග වැඩ කිරීම සඳහා නිපැයිනි.
ඉතිහාසය [සංස්කරණය]
ක්ෂුද්‍ර සකසනය සොයාගැනීමට පෙර බොහෝ විට පරිඝනකය මහා පරිඝනක වූ අතර විවිධ සංරචක සම්බන්ධ වීමට එකිනෙකට කම්බි මගින් සම්බන්ධ විවරයන් සහිත පසුතලයක් ඇතිව පත්‍රක කූඩුවක් විය. ඉතා පැරණි සලසුම්වල පත්‍රක සම්බන්ධක කූරු අතර ව්‍යක්ත සම්බන්ධක ලෙස කම්බි භාවිතා වුවද මුද්‍රිත පරිපථ පුවරු ඉක්මනින්ම සම්මතය බවට පත්විය.මධ්‍යම සැකසුම් ඒකකය, මතකය හා පර්යන්ත උපාංග පසුතලයට සම්බන්ධ වූ තනි තනි මුද්‍රිත පරිපථ පුවරු ලෙස නිමැවිණි.