මල් කැකුළු (චිත්‍රපටය)
Appearance
මෙම ලිපියේ මුඛ්‍ය ඡේදය, ලිපිය තුළ ඇති ප්‍රධාන කරුණු සාරාංශගත කිරීම සඳහා ප්‍රමාණවත් නොවේ. |
මල් කැකුළු | |
---|---|
අධ්‍යක්ෂණය | සේන සමරසිංහ |
රචනය | එච්. එම්. පී. ප්‍රනාන්දු |
තිර රචනය | එච්. එම්. පී. ප්‍රනාන්දු |
කතාවස්තුව | එච්. එම්. පී. ප්‍රනාන්දු |
නිශ්පාදනය | සමරසිංහ චිත්‍රපට(සේන සමරසිංහ , පියසේන ද සිල්වා) |
රංගන ශිල්පීන් |
|
සිනෙමාරූපණය | ඩැනී ඩබ්ලිව්. පතිරණ |
සංස්කරණය | ලාල් දිසානායක |
සංගීතය | සරත් දසනායක |
නිෂ්පාදන company | රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය |
'මල් කැකුළුයනු සේන සමරසිංහ විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ 1980දී තිරගතවූ චිත්‍රපටයකි.
රංගනය
[සංස්කරණය]- ගාමිණී ෆොන්සේකා (මංජුල)
- ෆරිනා ලායි (කුමාරි)
- රෙක්ස් කොඩිප්පිලි (මහින්ද)
- ශ්‍රියානි අමරසේන (පාලිකා)
- සේනක පෙරේරා (නිව්ටන්)
- විමල් කුමාර් ද කොස්තා
- බන්දු සමරසිංහ
- රිචාඩ් වීරක්කොඩි
- ටියුඩර් කරුණාතිලක
- වයලට් අළුත්වත්ත
- ශ්‍රිනි වනසිංහ
- මොනිකා අපොන්සු
- එච්. ඩී. ඉන්ද්‍රාණි
- එච්. ඩී. රූපා
- හේමා ලේකම්ගේ
- කමලා වැලිදෙනිය
- මිල්ටන් මල්ලවආරච්චි
- ශ්‍යාමි ෆොන්සේකා
- එඩී අමරසිංහ
- සිසිර කුමාරතුංග
නිෂ්පාදනය
[සංස්කරණය]- කැමරා සහාය – ජී. නන්දසේන, එස්. එම්. අමීන්
- සහාය අධ්‍යක්ෂණය – කුමාරදාස වාගිස්ට, එච්. එම්. පී. ප්‍රනාන්දු
- සංස්කරණ සහාය - ස්ටැන්ලි ද අල්විස්
- කලා අධ්‍යක්ෂණය – ගාමිණී සමරවීර, ලයනල් සිල්වා
- වේශ නිරූපණය – ඩබ්ලිව්. සෙල්වරාජා
- ගීත පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග, ඩොනල් අයිවන්, ප්‍රින්ස් ඇට්කන්
- ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
- රසායනාගාර පාලක - ජෙරල්ඩ් බී. ජයවර්ධන
- නැටුම් නිර්මාණය සහ නිෂ්පාදන කළමනාකරණය - සිරිල් අමරසිංහ
- කොණ්ඩා මෝස්තර - ශාන්ති සිරිබද්දන, නන්දනී කොස්තා
- ඇඳුම් නිර්මාණය - ලීලා සමරසිංහ, හේමමාලි සමරසිංහ
- නිෂ්පාදන විධායක සහ නිශ්චල ඡායාරූප - සරත් එම්. රණවක
ගීතයන්
[සංස්කරණය]සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක ගීත සංඛ්‍යාව - 07 ගීත පොත් - ශාන්ති පොත්හල, මරදාන ගීත කැසට් පට – පී. බී. රෙකෝඩින්ග්
- මල් මල් වාරම් – මිල්ටන් මල්ලවආරච්චි, ඇන්ජලින් ගුණතිලක ඇතුළු පිරිස - පද රචනය – කරුණාරත්න අබේසේකර
- සාගර ඉවුරේ – මිල්ටන් මල්ලවආරච්චි, ඇන්ජලින් ගුණතිලක ඇතුළු පිරිස - පද රචනය – බණ්ඩාර කේ. විජේතුංග
- ලා හිරුගේ සේයාවේ - ශ්‍යාමි ෆොන්සේකා, ග්‍රේෂන් ආනන්ද, ප්‍රියා සූරියසේන, බන්දු සමරසිංහ – පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
- ලස්සන දෑසක් ඉස්සර - ශ්‍යාමි ෆොන්සේකා - පද - කේ. ඩී. කේ. ධර්මවර්ධන
- හසරැල් කුසුමන් දසතින් – මිල්ටන් මල්ලවආරච්චි, ප්‍රියා සූරියසේන, ග්‍රේෂන් ආනන්ද, බන්දු මුණසිංහ – පද රචනය - සෝමපාල ලීලානන්ද
- බිදු බිඳු කඳුළු ගලා - ශ්‍යාමි ෆොන්සේකා, ප්‍රියා සූරියසේන, ග්‍රේෂන් ආනන්ද, බන්දු සමරසිංහ – පද රචනය – සෝමපාල ලීලානන්ද
ප්‍රදර්ශනය
[සංස්කරණය]- ලිඩෝ, සෙයින්ස්තාන්, විජිත – රත්මලාන, කුවින්ලන් – නුගේගොඩ ඇතුළු 4 වන මණ්ඩයේ සිනමා ශාලා 14 කදී ආරම්භ විය.
- ප්‍රදර්ශන කාලය - සිනමා ශාලා 7 කදී දින 50 සම්පූර්ණ වූ අතර ලිඩෝ, සෙයින්ස්තාන් සහ කුවින්ලන්හි දින 61 ක්.
විශේෂතා
[සංස්කරණය]ග්‍රේෂන් ආනන්ද සහ ශ්‍යාමි ෆොන්සේකාගේ ප්‍රථම චිත්‍රපට පසුබිම් ගායනයන්.