භූචලන

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(භූමිකම්පාව වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න

පෘථිවි කබොල සෙලවීම භූචලන නම්වේ. ප්‍රභල භූචලනයන් භූමිකම්පා නමින් හැඳින්වේ.

භූමිකම්පාවක ස්වභාවය.

භූ කම්පනයක් හේතුවෙන් ඇති වු භූ විභේදනයක්.

භෞතික පරිසරයේ වෙනස්කම් නැතහොත් පෘථිවි අභ්‍යන්තරයේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් භූමිපාවක් ඇතිවෙයි. භූමිකම්පාවක් යනු පෘථීවිය මතුපිට ඇති චලනයක් නැතහොත්පෘථිවි පෘෂ්ඨයේ පාෂාණ ස්තරවල සෙලවීමක් මගින් භූමිකම්පාවක් ඇති වෙයි.

පාථිවිඅභ්‍යන්තරය සකස්වී ඇත්තේ ස්තර කීපයකිනි.පෘථිවිය මතුපිට කලාපය පාථිවි කබොල හෙවත් ශිලා ගෝලය ලෙස හඳුන්වයි.මෙම කලාපය එකිනෙක යා කළ හැකි පාෂාණ තැටි හෙවත් භූ තැටි වලින් නිර්මාණය වී ඇත.මෙම කලාපයට යටින් පිහිටා ඇත්තේ ප්‍රාවරණය නැමති කලාපයයි.මෙම ප්‍රාවරණ කලාපය මතුපිට අති විශාල ලවණ සාගරයක් නිර්මාණය වී ඇත.‍මෙම කලාපය මත ඊට ඉහලින් ඇති පෘථිවි කබොලේ පාෂාණ තැටි පාවෙමින් පවති.සාමාන්‍යයෙන් වර්ෂයකට සෙන්ටිමීටර් කීපයක් මෙම පාෂාණ තැටි විවිධාකාර දිශාවල‍ට පාවෙමින් පවති.මෙලෙස පාවෙමින් පවතින පාෂාණ තැටි දෙකක් එකිනෙක ගැටීමේදී ඇතිවන ශක්තිය භූමිකම්පාවක් ලෙස හඳුන්වයි.සාමාන්‍යයෙන් පාෂාණ තැටි මායිම්වලදී නිතර ගැටීම් ඇතිවන හෙයින් තැටි මායිම් ආශ්‍රිතව ප්‍රබල භූමිකම්පා සිදුවෙයි.

භූමිකම්පාවකදි තැටි ගැටීම සිදුවන්නේ මතුපිට සිට කිලෝමීටර් 15-20 පමණ අභ්‍යන්තරයකදීය.නමුත් සමහර ප්‍රදේශවල කිලෝමිටර් 100-200 පමණ අභ්‍යන්තරයේදී ද තැටි ගැටීම සිදුවෙයි. මෙම තැටි ගැටිම සිදුවන ස්ථානය නාභිය හෙවත් කේන්ද්‍රය(Focus)ලෙස හඳුන්වයි.කේන්ද්‍රයට ඉහලින් සිරස්ව භූ තලය මත ඇති ස්ථානය අපි කේන්ද්‍රය හෙවත් අපි නාභිය (Epicenter) ලෙස හඳුන්වයි. භූමිකම්පාවකදී P,S,හා Lවශයෙන් තරංග වර්ග තුනක් නිර්මාණය වෙයි.මුලින්ම තැටි ගැටීමත් සමග කේන්ද්‍ර‍යේ සිට P ෙහවත් ප්‍රාථමික තරංග ආරම්භ වෙයි.මෙය වේගවත්ම භූමිකම්පා තරංගය වෙයි.මෙහි වේගය තත්පරයට කිලෝමීටර් 8-9ක් පමණ වෙයි.මෙම තරංග ඕනෑම ඝන,ද්‍රවහෝ වායු ස්තරයක් ඔස්සේ ඉහළට ගමන් කරයි.


P තරංගය


P තරංගය ආරම්භ වී ස්වල්ප වේලාවකින් කේන්ද්‍රයේ සිට S හෙවත් ද්විතියික තරංගය ආරම්භ වෙයි.මෙම තරංග ප්‍රාථමික තරංගවලට වඩා වේගයෙන් අඩුවෙයි.එනම් තත්පරයකට කිලෝමීටර් 4-5ක් පමණ වේගයෙන් ගමන් කරයි.නමුත් මේවා ගමන් කළ හැක්කේ ඝන ස්තර ඔස්සේ පමණි.යම් හෙයකින් ද්‍රව හෝ වායු ස්තර ඔස්සේ ගමක් කළහොත් S තරංගයන් පරාවර්තනය වෙයි.මෙම ද්විතියික තරංග තදින් අදින ලද කඹයක් දෙපසට සොලවන ආකාරයකටපාෂාණ ස්තර අතරින් ගමන් කරයි.

S තරංගය


මෙලෙස නිර්මාණය වූ P හා S යන තරංග දෙකම පෘථිවි අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වෙයි.මෙම භූ කම්පන තරංග අපි නාබිය හා අවට ස්ථානවලින් භූ තලය මතට ලඟාවෙයි.පසුව එම තරංග අපි නාභිය වටා වෘත්තාකාරව කිලෝමීටර් ගණනාවක් දුරට ගමන් කරයි.කිසියම් නිෂ්චල ජලාශයකට ගලක් දැමූවිට එහි වෘත්තාකාර තරංග නිර්මාණය වන ආකාරයට දිගු තරංගයන් අපි නාභියේ සිට අවට ප්‍රදේශවලට ගමන් කරයි.මේ ආකාරයට භූ තලය මතට ළඟා වූ තරංග L හෙවත් දිගු තරංග ලෙස හඳුන්වයි.මේවා සාගර රළ ගමන් කරන ආකාරයට භූ තලය මත ගමන් කරයි.එවිට පෘථිවි භූ තලය මත ඇති සියලු ගොඩනැඟිලි හා ව්‍යුහයන් දෙපසට සෙලවී විනාශ වී යයි.මෙහිදි විශේෂයෙන්ම දිගු තරංගවල බලපෑම අපි කේන්ද්‍රය ආශ්‍රිත කළාපයේ බහුලව සිදුවෙයි. එබැවින් එම කළාපයේ සිදුවන බලපෑම අතිමහත්ය.

L තරංගය












ස්වාභාවිකව ඇතිවන භූ කම්පන[සංස්කරණය]

tiny globe
භූ කම්පන වර්ග

බොහෝ ස්වාභාවිකව ඇති වන භූ කම්පන පෘථිවියේ භෞමික ස්වභාවය හා සම්බන්ධය ඒවා භෞමික භූ කම්පන ලෙස හැඳින්වේ. පෘථිවි ශිලා තැනී ඇත්තේ ගෝලීය භූ තැටි කිහිපයකිනි. පෘථිවි ප්‍රාවරණයේ හා හරයේ අඛණ්ඩ තාප විමෝචනයට ඉඩ සැලසීමට සෙමෙන් එහෙත් අඛණ්ඩව එම තැටිවල චලනයන් සිදුවේ. භූගෝලීය කාල පරිමාණයන්වලදී පෘථිවියේ ගිනිකඳු පිපිරවීමට තාපය හේතු වේ. එබැවින් තැටි සෙමින් එහෙත් ස්ථිරව චලනය වේ. තැටි එකිනෙක පසු කරමින් චලනය වන විට තැටි මායිම් අගුල් වැටේ. එහිදී ඝර්ෂණ ආතතිය ඇති වේ. ප්‍රාදේශීය ශක්තිය නම් වූ තීරණාත්මක අගය ඉක්මවා ඝර්ෂණ ආතතිය ඇති විට ක්ෂණික කඩාවැටීම් සිදු වේ. ඇණහිටීම් සහිත භූ තැටි මායිම් ව්‍යාජ තැනිතලාව නම් වේ. ප්‍රත්‍යස්ථ ඇදීම්, සෙස්මික් තරංග විකිරණ හා ව්‍යාජ මතුපිට ඝර්ෂණ තාපය මෙන්ම කඳු පිපිරවීම්වල බලපෑමෙන්,ව්‍යාජ තැටි ඇණහිටීම්වලදීත් පෘථිවි කබොල්ලේ භයංකර විධාරණය සමග ශක්තිය නිදහස් වේ. බොහෝ භූ කම්පනවලින් නිකුත්වෙන ශක්තිය භූකම්පන භග්නය පණ ගැන්වීමට හෝ ඝර්ෂණ තාපය ලෙසට යොදා ගැනේ. එබැවින් භූ කම්පන පෘථිවිය සතු ප්‍රත්‍යජස්ථ විභව ශක්තිය අඩු කරමින් එහි උෂ්ණත්වය වැඩි කරයි. පෘථිවි ගැඹුරු අභ්‍යන්තරයේ සන්නයන හා සන්වාහී තාප ගලායෑම් සමග සැසඳීමේදී මෙවා නොගිණිය හැකිය. ඉහත ක්‍රියාදාමය ඇදීම හා ආතතිය ක්‍රමයෙන් වැඩි කරන අතර ප්‍රත්‍යස්ථ පොළව පැලීම් වාදයට අනුව හදිසි භූ කම්පන ඇණහිටීම් ඇති වේ. ගණන් බලා ඇති අන්දමට භූ කම්පනයේ මුළු ශක්තියෙන් 10% ක් සෙස්මික් ශක්තිය ලෙස විකිරණය වේ.

භෞමික භූ කම්පනවලින් බහුතරය 10 km නොඉක්මවන ගැඹුරකින් ඇති වේ. පැරණි හා ශීත සමුද්‍ර කබොල්ල වෙනත් භූ තැටියක් තුළට ගිලා බසින මැඩ පැවැත්වීම් කලාප තුළදී ගැඹුරු නාභි ගත භූ කම්පන 700km දක්වා වැඩි ගැඹුරකට ඇතිවිය හැකිය. මෙම සෙස්මිකව සක්‍රීය මැඩ පැවැත්වීම් කලාප Wadati-Benioff කලාප ලෙස හැඳින්වේ. මැඩ පැවැත්වීම් ශිලා ගෝලය බංගුර නොවන ඉහළ උෂ්ණත්ව හා පීඩන සහිත ගැඹුරකදී මෙවැනි භූ කම්පන ඇති වේ. ඛණ්ඨක ව්‍යුහයක් වෙත කලා ආන්තරණය සිදුවන olivine ඛනිජ මගින් ඇතිවන කඩතොලු ගැඹුරේ සිදුවන භූ කම්පන සඳහා ගැලපෙන යාන්ත්‍රණයකි.

ගිනිකඳු කලාපවලදී බොහෝ විට භූ කම්පන ඇති වන අතර ඒවා භෞමික කඩතොලුවලින් හා ගිනිකඳුවල මැග්මා චලන වලින් ඇති වේ. එවැනි භූ කම්පන ගිනිකඳු විධාරණයේ පූර්ව අනතුරු ඇඟවීම් ලෙස සැලකිය හැකිය.

භූ කම්පන කුණාටුවකදී භූමි කම්පා ශ්‍රේණියක් ඇතැම් විට ඇති වේ. එහිදී කඩතොලු සමූහයක් ඇති වේ. සෑම එකක්ම ආරම්භ වන්නේ සෙලවීම් හෝ පෙර වූ කම්පනවල ආතති යලි පැතිර වීම මගිනි. පසු කම්පනවලට සමාන වුවද කඩතොලු බද්ධ කාණ්ඩවලින් සිදුවේ. මෙවැනි කුණාටු වසර ගණනකට වරක් ඇති වන අතර පෙර ඒවා මෙන්ම පසුව ඇතිවන කම්පන ද හානිකර වේ. 20 වැනි ශත වර්ෂයේදී තුර්කියේදී උතුරු ඇනටෝලියානු පැලිමේදී භූ කම්පන දුසිමක් පමණ මේ ආකාරයට දැක ගත හැකිවේ. 1811 – 1812 අතර දී නව මැග්ඩ්රි ට් හිදී විශාල භූ කම්පන දුසිම් භාගයක් පමණ ඇති විය. මැද පෙර දිග හා මොජාවූ කාන්තාරයේ පැරණි විෂම භූ කම්පන පොකුරු ලෙස ඒවා ඇතිවේ.


භූමිකම්පාවක ප්‍රබලතාවය මැනීම[සංස්කරණය]

භුමිකම්පා මානය

මේ සඳහා යොදා ගන්නා උපකරණය වන්නේ භුමිකම්පා මානයයි.(Sesimograph).භූමිකම්පාවක ආරම්භයේ සිට අවසානය දක්වා නිර්මාණයවන කම්පන තරංග මෙහි වාර්තා වේ. මෙය රූපසටහනින් දැක්වෙන ආකාරයට භ්‍රමණයවන බෙරයකින් හා නොසෙල්වෙන ආලෝක ධාරාවකින් සකස් වී ඇත. භූමිකම්පාවක් ඇතිවෙන විට මෙහි බෙරය භ්‍රමණය වන අතර එවිට ආධාරකයක් ආශ්‍රයෙන් පවතින නොසෙල්වන ආලෝක ප්‍රභවයේ ධාරාව භ්‍රමණයවන බෙරයේ ඇති ප්‍රස්තාර කඩදාසිය මත පතිත වෙයි.ප්‍රස්තාර කඩදාසිය ආශ්‍රයෙන් භූමිකම්පාවේ ප්‍රබලතාවය සොයා ගතහැක.ප්‍රබලත්වය රිච්ටර් පරිමාණය හෝ මර්සෙල්ලි පරිමාණය ආශ්‍රයෙන් දැක්විය හැකිය.මෙම පරිමාණ දෙවර්ගය කැලිෆෝනියාවේ භූ කම්පන විද්‍යාඟයෙකු වු චාල්ස් රිච්ටර් විසින් සොයා ගන්නා ලදි.වර්තමානයේ බහුලව යොදා ගනු ලබන්නේ රිච්ටර් පරිමාණය වන අතර ප්‍රබල භූමිකම්පාවල ප්‍රබලතාවය ඒකක 7-8 පමණ වේ.

භූමිකම්පාවක ප්‍රතිඵල[සංස්කරණය]

පෘථිවියේ පාෂාණ තැටි මායිම් ආශ්‍රිතව ප්‍රබල භුමිකම්පා නිර්මාණය වෙයි.මෙහිදී ප්‍රධාන වශයෙන්ම‍ ෙමක්සිකෝව,පීරූ,චිලී,ජපානය,ඉරානය,චීනය,ඇ‍ෆ්ගනිස්ථානය අශ්‍රිතව ප්‍රබල භූමිකම්පා ඇතිවෙයි.මෙවැනි භූමිකම්පා හේතුවෙන් විවිධ ප්‍රතිඵල ඇතිවේ.

භූ චලන හා ඉරිතැලිම්[සංස්කරණය]

භූමියේ ඇති වන චලනයන් හා ඉරිතැලීම්, භූමිකම්පාවක ප්‍රධාන ලක්ෂණ වේ. එයින් විය හැකි බලපෑම භූමිකම්පාවේ ප්‍රබලතාව, භූ සංඥාව ආරම්භ වු ස්ථානය සිට ඇති දුර, පසේ ස්වභාවය යන කරුණු මත පදනම් වේ. පොළවේ ඇති වන චලනයන් මැනීමට උපකරණ භාවිතා කරයි. එය ඇතිවන වේගය අනුව තීරණය වේ. භූ චලනයක ඇති වේගය අඩු වුවත් ඉන් සිදුවන ව්‍යවසන තත්ත්වය මත භූ කම්පනයේ ප්‍රබලත්ව තීරණය කෙරේ. තවද පොළොව ගර්භය තුළ සිට එන කම්පන රැලි , තද පසේ සිට බුරුල් පස දක්වා ගමන් කිරීමද සිදුවේ.

පොළොවේ ඉරි තැලීම් සිදු වන්නේ භූ චලනය සිදු වු ස්ථානයේ සිට කුඩා දුර ප්‍රමාණයකය. මෙය ඉංජිනේරු කර්මාන්තවලට බලපෑම් ඇති කරයි. වේලි(Dams), පාලම් හා න්‍යෂ්ටික බලාගාර තැනීමේදි, භූ චලන කලාප වලින් තොර ප්‍රදේශ තෝරා ගැනීම වැදගත් වේ.

මිනිස් ජීවිත විනාශ වීම[සංස්කරණය]

භූ කම්පනයකින් විනාශයට පත්ව ඇති දෙමහල් ගොඩනැගිල්ලක්.
නාය යෑමකට ලක්ව ඇති උස් බිමක්.
භූ කම්පනයකින් විනාශයට පත්ව ඇති ප්‍රදේශයක්.

භූමිකම්පාවක ප්‍රධානම ප්‍රතිඵලය වන්නේ විවිධ අනතුරු හේතුවෙන් විශාල පිරිසක් මිය යාමයි.භූමිය චලනය වීම හේතුවෙන් ගොඩනැඟිලි හා ව්‍යුහයන් විනාශ වී වාසය කළ පුද්ගලයන් සුන්බුන්වලට යටවී මිය යාම කැපී පෙනෙන ලක්ෂණයකි. විශේෂයෙන් ලෝකයේ ප්‍රධාන නගරවන ටෝකියෝ,නගෝයා,මෙක්සිකෝසිටි,ලෝස් ඇන්ජලිස් හි භූමිකම්පා හේතු‍වෙන් විහාල පිරිසක් මිය යාම උදාහරණ වේ.භූමිකම්පාවලින් අනතුරු අවම කිරීමට මෙවැනි නගරවල හාඩ්බෝඩ්,කළුවීදුරු යොදා ගොඩනැඟිලි ඉතා ශක්තිමත්ව තනනු ලැබේ.

ගිනි ගැනීම් ඇතිවිම[සංස්කරණය]

‍බොහෝ ප්‍රබල භූමිකම්පාවලදි විශාල වශයෙන් ගිනි ගැනීම් ඇතිවෙයි.විදුලිය කාන්ඳුවීම,ගෑස් නළ හා තෙල් නළ පිපිරීයාම ඊට හේතුවයි.

යටිතල පහසුකම් විනාශ වීම[සංස්කරණය]

විශේෂයෙන් දුරකතන මාර්ග,විදුලි මාර්ග,දුම්රිය හා මහාමාර්ග විනාශ වෙයි.භූමිකම්පාවලදී ‍බොහෝ මාර්ග පැලීයාම සිදුවෙයි.එක්සත්ජනපදය හා ජපානය වැනි රටවල අහස් පාරවල් (පියාසර මාර්ග)විනාශ වීම ද සිදුවිය.ජපානයේ කොබේ භූමිකම්පාව ඊට උදාහරණ සපයයි.දුම්රිය මාර්ග වක්‍රවීම,කැඩීයාම,පාලම් කැඩීයාමෙන් අනතුරු සිදුවේ.


භූමිය විභේද වීම[සංස්කරණය]

ප්‍රබල භූමිකම්පාවලදී භූමිය විභේද වීම සිදුවේ.කිලෝමීටර් සිය ගණනක් දිග වි‍භේදයන් නිර්මානය වන අතර භූමිය උක්ෂිප්තවීම හා ගිලා බැසීම සිදුවෙයි.මෑතකාලයේ ප්‍රබල භූමිකම්පා ඇති වූ ඉරානය,මෙක්සිකෝව,තුර්කිය ආදි රටවල විශාල ප්‍රදේශ ගිලා බැසීම් හා උක්ෂිප්ත නිර්මාණය වී ගොඩනැඟිලි,නිවාස,මාර්ග ගිලා බැසීමට ලක් වී ඇත.

නාය යෑම් ඇතිවීම[සංස්කරණය]

කඳුකර ප්‍රදේශවල ඇතිවන භූමිකම්පාවලදී ඉහළ පාෂාණ ස්තර පහලට කඩා වැටීමෙන් නාය යෑම් බහුලව සිදුවේ.එවැනි අවස්ථාවල විශාල ගල් පර්වත හා පාෂාණ ස්තරවලට යටවීමෙන් මිනිසුන් ජීවිත‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ක‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍්‍ෂයට පත්වෙති.සමහර අවස්ථාවලදී කඳු මුදුන් අශ්‍රිතව ඇතිවන වි‍‍භේද හේතුවෙන් ද නාය යෑම් ඇතිවෙයි.


බිහිසුණු සාගර රළ නිර්මාණය වීම[සංස්කරණය]

වෙරළාසන්න කළාපවල හා සාගරික කළාප ආශ්‍රිතව භූමිකම්පා ඇතිවන විට ඉතා ප්‍රචණඩ වු සාගර රළ නිර්මාණය වෙයි.ඉතා වේගයෙන් ගමන් කරන හා උසට නිර්මාණයවන මෙවැනි තරංග සුනාමි(Tsunami) තරංග ලෙස හඳුන්වයි.මේවා පැයට කිලෝමීටර් 400ක පමණ වේගයෙන් ගමන් කරන අතර මීටර් 20-30ක් පමණ උසට විහිදෙයි.මෙවැනි ප්‍රචණ්ඩ රළ ජපානය,හවායි,පිලිපීනය,චිලී ආදී ප්‍රදේශවල නිතර ඇතිවේ.2004 දෙසැම්බර් 26 වන දින ඇති වූ සුනාමි තත්ත්වය මිට කදිම නිදසුනකි.මෙම ප්‍රචණ්ඩ රළ හේතුවෙන් වෙරළබඩ ප්‍රදේශ යටවීම,ඛාදනය ප්‍රබලවීම,ධීවර නාවික කටයුතු,වරාය හා ජැටි,ප්‍රදිපාගාර ගොඩනැඟිලි,මිනිස් ජීවිත ‍විනාශවීම ආදි ආපදා සිදු වෙයි.


ශ්‍රී ලංකාව හා භූමිකම්පා[සංස්කරණය]

භූවිද්‍යාඥයින් පවසන පරිදි ආසියානු කලාපයෙන් භූ චලන පිළිබඳව අඩුවෙන්ම අසන්නට ලැබුණේ ශ්‍රී ලංකාවෙනි.නමුත් එම කතාව කණපිට පෙරළමින් ලංකාව තුළ සහ ඒ අවට සිදුවන භූ චලන ප්‍රමාණය මෑතක සිට වැඩි වී ඇත.එමෙන්ම ලංකා‍වේ බටහිර සිට නැගෙනහිර දක්වා විහිදෙන භූමිකම්පා කලාපය ආශ්‍රිතව ඉදිරියේදී මහා පරිමාණ භූමිකම්පාවක් වුවද සිදු වීමේ අවදානම් තත්ත්වය වැඩි වී ඇති බව භූ විද්‍යාඥයෝ අනතුරු හඟවති.මහාචාර්ය විල්බට් කෙහෙල් පන්නල මහතා පවසන පරිදි ඉන්දියානු සාගරයේ සිදු වී ඇති විශේෂිත භූ කාරක ක්‍රියා නිසා ලංකාව තුළත් ලංකාව අවට මුහුදු පතුලේත් විශාල පැලුම් ඇතිවී ඇත. ඉන්දියානු භූතලයේ උතුරු-දකුණු කොටස් අතර සම්පීඩනය හේතු කොටගෙන ලංකාව තුළ සහ එයට පිටින් පිහිටි විභේද දිගේ චලනය වීමට උත්සාහ දරයි.මෙහි ප්‍රථිඵලයක් ලෙස ලංකාව තුළත් ඉන් පිටතත් භූමි චලන ඇති වේ. ශ්‍රී ලංකාවේ භූ කම්පන කලාපයක් ඇති වීමට හේතුව එය වේ.

ආශ්‍රිත ඡායාරූප[සංස්කරණය]

මේ අඩවියත් බලන්න[සංස්කරණය]

නායයෑම්

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

භූ විද්‍යා හා පතල් කාර්යාංශය

"http://si.wikipedia.org/w/index.php?title=භූචලන&oldid=308371" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි