භූගත මාධ්‍ය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

භූගත මාධ්‍ය නැතහොත් භූගත පුවත් පත යන යෙදුම බොහෝවිට භාවිත වන්නේ විකල්ප මුද්‍රිත මාධ්‍ය සඳහා ය. විශේෂයෙන් 1960 සහ 1970 ප්‍රතිසංස්කෘතික ව්‍යාපාරයන්ට සම්බන්ධව ස්වාධීනව ප්‍රකාශනය කොට බෙදා හැරුණු පුවත්පත් සඳහා මෙම යෙදුම භාවිත විය.පීඩාකාරී රජයන් යටතේ සිදුවන නීති විරෝධී ප්‍රකාශන සඳහා ද මෙය යෙදේ.


[සංස්කරණය] ආරම්භය

Oz සඟරාව, නොවැම්බර් 33

1940 දශකයේ නාසි අවධියේ දී පැවති “ භූගත මුද්‍රනාල ” යන යෙදුම හරහා “ භූගත මාධ්‍ය ” යන යෙදුම බිහි විය. යුධ සිරකරුවන් ද POWWOW නමින් භූගත පුවත්පතක් පළ කළහ. නැගෙනහිර යුරෝපයේ භූගත ප්‍රකාශන හැදින්වූයේ “ සෑම්ස්දාත් ” යන නමින් ය. එය සැබවින් ම “ භූගත ” වූයේ නීති විරෝධී බව නිසාය. රහසේ මුද්‍රණය කර රහස් බෙදාහැරිය බැවිණි. ප්‍රතිසංස්කෘතික භූගත පුවත්පත් නිරන්තරයෙන් ම රාජ්‍ය අධිකාරීන් සමග ගැටුම් ඇති කර ගත්හ. ඒවා ප්‍රසිද්ධියේ බෙදා හැරුණු නිසා විශාල ප්‍රේක්ෂක පිරිසක් සිටියහ.


1960 සහ 1970 දශකයේ විශාල දළ ජාතික ආදායමක් සහ මාධ්‍ය නිදහසක් පැවති රටවල “භූගත මාධ්‍ය” පැවතිණි.සමාජවාදී රටවල සංස්දාත් ව්‍යාපාරය නිසා සමහර සංවර්ධනය වෙමින් පවතින රටවල ද මේවා දක්නට ලැබිණි. උ.දා. - චෙකොස්ලෝවැකියාවේ සතිපතා, මාස්පතා හෝ දිනපතා ප්‍රකාශනය කෙරුණු අතර සාමාන්‍යයෙන් වාමාංශික පක්ෂවලට සම්බන්ධ මෙම ප්‍රකාශන පරිණාමය වී වර්තමාන විකල්ප සතිපතා පුවත්පත් බිහි වී ඇත.

"http://si.wikipedia.org/w/index.php?title=භූගත_මාධ්‍ය&oldid=198666" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්