බෝම්බ හෙලන ගුවන් යානාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
බෝම්බ හෙලන ජෙට් යානය මෙහි යළි යොමුවේ. 25 දෙසැම්බර් 2009 දිනදී අහස් යානයක් පුපුරවාහැරීමට තැත් කල පුද්ගලයා පිළිබඳව උමාර් ෆාරුක් අබ්දුල්මුටාලබ් බලන්න.
B-17 පියාසැරි බලකොටුව යනු දෙවන මහා ලෝක යුද්ධය සමයෙහි බෝම්බ හෙලන ගුවන් යානාවකි.

බෝම්බ හෙලන ගුවන් යානාවක් යනු භූමියෙහි සහ සාගරයෙහි ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා නිමැවුනු, ප්‍රාථමික වශයෙන් ඒවා මත බෝම්බ හෙලීම සිදු කරන හමුදාමය ගුවන් යානයකි.

බෝම්බ හෙලන ගුවන් යානා වර්ගීකරණය[සංස්කරණය]

උපක්‍රමශීලී අයුරින් බෝම්බ හෙලන ගුවන් යානා මූලිකව සැලසුම් කෙරෙන්නේ උපක්‍රමශීලී ඉලක්ක වෙත එනම් සැපයුම් මූලස්ථාන, බලගන, කර්මාන්තශාලා, නාවුක යාත්‍රාංගන, නගර වැනි ඉලක්ක වෙත දිගු දුර ප්‍රහාරක මෙහෙයුම්වල දී භාවිතයටයි. ඒ සතුරාගේ යුධ ප්‍රයත්නයන් විනාශ කිරීමටයි. උදාහරණ - B-17 Flying Fortress, B-24 Liberator, B-52 Stratofortress, General Dynamics F-111 'Aardvark' , Tupolev Tu-16 'Badger', Tupolev Tu-160 'Blackjack', Tupolev Tu-95 'Bear', Gotha G.

උපායික බෝම්බ හෙලන ගුවන් යානා යනු කෙටි පරාසයක ක්‍රියා කරන වඩාත් කුඩා ගුවන් යානා වේ. ඒවා භූමියේ සිටින භට කණ්ඩායම් සමඟ සාමාන්‍යයෙන් එක්ව ක්‍රියා කරයි. මෙම ක්‍රියාව සැලසුම් බොහෝමයක් මඟින් තෘප්ත කෙරෙන අතර ඒ අතරට පහත ලැයිස්තුගත කර ඇති ඒවා ද අයත් වේ. නූතන පාරිභාෂිතයට අනුව උපායශීලී ගුවන් යානා යටතට උපක්‍රමශීලී අරමුණක් නොමැතිව සැලසුම් කළ ඕනෑම ගුවන් යානාවක් අයත් වේ. භූමි ප්‍රහාරක ගුවන් යානා හෝ සමීප ගුවන් සහයෝගීතා ගුවන් යානා ‍යුධ පිටියට ඉහලින් සැරිසරමින් යුද්ධ ටැංකි, භට කණ්ඩායම් සාන්ද්‍රණයන් වැනි උපායශීලී ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළේය. උදාහරණ -Junkers Ju 87 Stuka, Ilyushin Il-2 Shturmovik, A-10 Thunderbolt II, Sukhoi Su-25 'Frogfoot'

ගැටුම් බෝම්බ හෙලන ගුවන් යානා (උපායශීලී ප්‍රහාරකයන්, ප්‍රහාරක සටන්කරුවන්, ඝට්ටන සටන්කරුවන් ලෙස ද හැඳින්වේ.) යනු බහු චරිතමය ප්‍රහාරක ගුවන් යානා වන අතර ගුවනේ සිට ගුවනට හෝ ගුවනේ සිට භූමියට (අවම වශයෙන් න්‍යායිකව හෝ) ප්‍රහාර සඳහා යොදා ගත හැක. භූමියේ ඉලක්කවලට පහර දීමෙන් වහාම ඇති වන ගුවන් සටන්වලට යෙදවීම සඳහා සැලසුම් කොට ඇත. නූතන බහු චරිතමය ප්‍රහාරක ගුවන් යානා ප්‍රතිරෝධයන් අභිබැවීමට අදාල විවිධාකාර කර්තව්‍යයන් ඉටු කිරී‍මට යොදා ගැනෙන්නේ ඒවායේ නිපුණතාවය නිසාය. උදාහරණ- Chengdu J-10, F-16 Fighting Falcon, F/A-18 Hornet, Sukhoi Su-32 'Fullback', Dassault-Breguet Mirage 2000 and the Panavia Tornado.

ඉතිහාසය[සංස්කරණය]

Handley Page Type O two-engined bomber in flight over oil tanks. The outbreak of World War I led to this design of the first two-engined bomber.

ගුවනේ දි තෙල් ටැංකි මතට බෝම්බ හෙලීමට යොදාගත් එන්ජින් දෙකකින් යුත් ගුවන් යානාවක් ,1 ‍වන ලෝක සංග්‍රාමයේ පැතිරිම මෙවැනි එන්ජිම දෙකකින් යුතු ගුවන් යානා නිර්මාණය කිරිමට හේතු‍වුණි.

පළවන ලෝක යුද්ධයේ ආරම්භක වකවානුවේ ප්‍රහාරක ගුවන්යානාවන්ගේ දියුණුවක් සමගම බෝම්බ හෙලන ගුවන්යානාවන්ගේ පරිණාමයද සිදුවුණි. එහෙත් ගුවනේ සිට බෝම්බ හෙලීමක් සිදුවු පළමු අවස්ථාව ලෙස ඉතාලියානුවන් විසින් 1911 දී ලිබියාවට එරෙහි යුද්ධය හැදින්විය හැක. 1912 දී ‍බල්ගේරියානු ගුවන් හමුදාවේ ගුවන් නියමු Christo Toprakchiev තුර්කියට බෝම්බ (එවකට කුඩා බෝම්බ ලෙස බල්ගේරියානු හමුදාවන් හැදින්වු) හෙලිමට ගුවන් යානා උපයෝගි කර ගැනීම සම්බන්ධයෙන් යෝජනාවක් කලේය. එම අදහස අනුව යමින් කපිතාන් විවිධ කුඩා බෝම්බ අනුහුරු කරමින් සහ ඒවායේ ධාරිතාව වැඩි කරමින් මුලාකෘති කිහියක් නිර්මාණය කළේය. 1912 ඔක්තෝම්බර් 16 වැනිදා Tarakachiev, විසින් ගුවන් නියමු Rodul Milkov පැදවු Albatros F II වර්ගයේ ගුවන් යානයකසිට එවැනි බෝම්බ 2 ක් තුරිකියේ (වැටලු Edirne අසල) දුම්රිය ස්ථානයකට හෙලන ලදි.

අත්හදා බැලිම් කිහිපයකින් අනතුරව වායුගති විද්‍යානුකුලව වැඩි දියුණු කළ X හැඩැති පසුපස හැඩයකින් සහ ගැටුම් ප්‍රස්පෝඨක යොදා අවසන් සැලසුම ඉදිරිපත් කලේය. මෙවැනි ගුවන් යානා Edrine වැටලීමේදී බල්ගේරියානු හමුදාවන් වැඩි වශයෙන් යොදා ගනු ලැබිය. මෙම ගුවන් යානයේ අනුපිටපතක් ජර්මනියට අලෙවි කිරිමත් සමගම Chathaldza යන සංකේත නාමයෙන් හැදින්වු මෙම බෝම්බ ‍පළමු ලෝක සංග්‍රාමය අවසන් වන තුරැම මහා පරිමාණයෙන් නිෂ්පාදනය විය.

ක්‍රි.ගෑ. 6 ක බරකින් යුතු මෙම බෝම්බ පොළොවේ ගැටීමෙන් මිටර් 4-5 ක් පමණ දිගින් හා මිටරයක් පමණ ගැඹුරින් යුතු ආවාටයක් වැනි කරයි. ජර්මානුවන් Zepplines නමින් හැදින්වු ගුවන් යානා, ඒවා සතු පරාසය සහ ජර්මනියේ සිට එංගලන්තයට බෝම්බ රැසක් ප්‍රවාහනය කිරිමේ හැකියාව නිසා බෝම්බ හෙලන ගුවන් යානා ලෙස යොදා ගන්නා ලදි. ගුවන්යානා තාක්ෂණයේ හා උපකරණයන්ගේ දියුණුවත් සමගම, විශාල එන්ජිම කිහිපයකින් සහ දෙපස ප්‍රදාන තටු යුගලකින් සමන්විත ගුවන් යානා ද වඩා පැතිරුණු පරාසයන්හි බෝම්බ හෙලිමට යොදා ගැණිනි. විශේෂයෙන් උපක්‍රමශිලිව රාත්‍රියේ බෝම්බ ප්‍රහාර සදහා මේවා භාවිතා වුනි. අදටත් බහුතරයක් ගුවනේ සිට බෝම්බ හෙලිමට යොදා ගැනේ. විශේෂයෙන් උපක්‍රමශිලිව ‍රාත්‍රියේ බෝම්බ ප්‍රහාර සදහා මේවා භාවිතා වුණි. අදටත් බහුතරයක් ගුවනේ සිට බෝම්බ හෙලිමට යොදා ගැනෙනුයේ එක් එන්ජිමකින් සහ ප්‍රධාන තටු යුගයලයකින් යුත් ගුවන් යානා වන අතර නාවිකයන් එක් අයෙකුගේ හෝ දෙ‍නෙකු ගමන් ගනි. අසල පිහිටි සතුරැ ආරක්ෂක පවුරැ වලට ප්‍රහාර එල්ල කොට සැණෙකින් නැවත පැමිණිම සදහා මේවා යොදා ගනු ලබයි. ලොව එන්ජින් 4 කින් යුතු පළමු බෝම්බ හෙලන ගුවන් යානය රැසියාවේ 1914 දී නිපද වු Ii'ya Muromets වන අතර එය පළමු ලෝක සංග්‍රාමයේදි සාර්ථකව යොදා ගැණුනි. පළමු ලෝක සංග්‍රාමයේ අග භාගයේදී එක්සත් රාජධානිය ජර්මන් කාර්මික හදවත වෙත ප්‍රහාර එල්ල කිරිමේ එකම අභිප්‍රායෙන් අධිබලැති බෝම්බ හෙලියහැකි ගුවන් යානා සමුහයකින් සන්නද්ධ වී සිටිය ද ඒවා භාවිතායට ගැනීමට ප්‍රථම යුද්ධය නිමා විය.


දෙවන ලෝක මහා යුද්ධය[සංස්කරණය]

අතීතයේ දී බෝම්බ දමන ගුවන් යානා අනෙකුත් ගුවන් යානා වර්ගවලින් බෙහෙවින් වෙනස් වූ අතර ඒවා වෙනමම ගුවන් යානා වර්ගයක් වේ. මෙයට ප්‍රධානතම හේතුව වූයේ ගුවන් යානා එන්ජින්වල වූ ජවය මදිකමයි. එමනිසා සැලකිය යුතු තරම් බරක් රැගෙන යාම සඳහා ගුවන් යානයට එන්ජින් කිහිපයක් තිබිය යුතු විය. එහි ප්‍රතිඵලය වූයේ කාර්යය සඳහා සුදුසු බරක් රැගෙන යා හැකි ප්‍රමාණයේ වඩා විශාල ගුවන් යානාවකි.

එන්ජින් බලය කාර්යක්ෂමතාවය හා අනෙකුත් ක්‍රියාකාරී අංශ සමඟ බැඳී ඇති ප්‍රධාන සීමා කිරීමක් වූ නිසා බෝම්බ දමන ගුවන් යානා සැලසුම් එක් විශේෂිත කර්තව්‍යයක් සඳහා සැලසුම් කිරීමට ආරම්භ විය. දෙවන ලෝක යුද්ධය ආරම්භ වන විට මෙයට පහත ඒවා ඇතුළත් විය.

  • කිමිදුම් බෝම්බකරුවන්
  • සැහැල්ලු බෝම්බකරුවන්, මධ්‍යම බෝම්බකරුවන් හා විශාල බෝම්බකරුවන්
  • ටර්පිඩෝ බෝම්බකරුවන්
  • විශේෂිත භූමි ප්‍රහාර බෝම්බකරුවන්

බෝම්බකරුවන් විසින් සතුරු ගුවන් යානාවලින් ආරක්ෂා වීමට පමණක් අවශ්‍ය උපාංග රැගෙන යයි. ඒවා අනෙකුත් ගුවන් යානා සමඟ වන ගැටුමක දී ක්‍රියාකාරීව සහභාගී වීමට සැලසුම් කර නොතිබිණි. මින් විශාල ප්‍රමාණයක් ප්‍රමාණයෙන් ඉතා විශාල වූ අතර හැසිරවීමට අපහසු විය. කෙසේ නමුත් සමහරක් කුඩා සැලසුම් නයිට් ‍ෆයිටර් වැනි සුවිශේෂී ප්‍රහාරක ගුවන් යානාවල පදනම ලෙස යොදා ගෙන ඇත. ප්‍රහාරක ගුවන් යානා වඩා කුඩා වේගවත් හා හැසිරවීමට පහසු වේ. නමුත් භූමි ප්‍රහාරක මෙහෙයුමක් සඳහා යෙදවූ විට ප්‍රහාරක ගුවන් යානයකට වඩා ප්‍රබලතාවයෙන් අඩු වේ. ප්‍රහාරක ගුවන් යානා රැගෙන යන්නේ ගුවනේ සිට ගුවනට වන ආයුධ නමුත් සාමාන්‍යයෙන් රැගෙන යන්නේ IR මඟින් මඟ පෙන්වන ආයුධ පමණි. (ස්වයං ආරක්ෂාව සඳහා වූ AIM – 9 වැනි)

සීතල යුද්ධය[සංස්කරණය]

US Navy F-14 Tomcat escorts Tu-95 Bear D during 1985 NATO exercise Ocean Safari
The Avro Vulcan was part of the RAF V-Bomber force

1985 නේටෝ සංවිධානයේ ඕෂන් සෆාරි පුහුනු වීම් වලදී, TU-95 බෙයාර් යානය, එක්සත් ජනපද නාවික හමුදාවේ F-14 ටොම්කැට් යානයේ ආරක්ෂාව සහිතව ගමන් කරයි

සීතල යුද්ධය ආරම්භයේදී, සතුරන් වෙත න්‍යෂ්ඨික අවි ප්‍රහාර දියත් කිරීමට බෝම්බර් යානා සමත් විය. නමුත් මාර්ගගත මිසයිල හඳුන්වා දීමෙන් පසු බොම්බර් යානා වලට සතුරු උවදුරු වලින් බේරීමට වැඩි ප්‍රයත්නයක් යෙදීමට සිදු විය. මෙවැනි උවදුරු වලින් බේරීමට ඔවුන් අධි වේග සහ අධි උන්නතාංශ භාවිත කලහ. English Electric කැනබරා යානයට, සමකාලින අනෙකුත් යානා වලට වඩා වේගයෙන් පියාසර කිරීමට හැකිය. ඉතා ඉහල අහසේ පියාසර කරන ගුවන් යානා වලට වාත පෘෂ්ඨ මිසයිල තර්ජනාත්මක වූ නිසා, බෝම්බර් යානා පහල මට්ටම් වලින්, නමුත් අධික වේගයෙන් පියාසර කිරීමට පෙලඹුනහ.

නවීන බොම්බර් යානා මාරගගත මිසයිල වලින් සමන්විත වේ. එම නිස මේවාට සතුරන් වෙත ප්‍රහාර එල්ල කිරීමට ඉලක්කයට ඉහලින් නැගී සිටීම අවශ්‍යම නොවේ. එනම් නියමිත ඉලක්කයට මිසයිල එල්ල කිරීමෙන් අනතුරුව පිපිරුමෙන් බේරී පලා යාමට හැකිය. න්‍යෂ්ඨික ප්‍රහාර දියත් කිරීමට යොදා ගන්නා ගුවන් යානා පිපිරුමෙන් ඇති වන අවශේෂ බලපෑම අවම කිරීමට, තනි යකඩයෙන් හෝ නොදිලිසෙන සුදු ආලේපනය කිරීමෙන් නිපදවා ඇත.

එමෙන්ම, වියට්නාම් යුද්ධයේදී සහ මලයන් අවදානමේදී, න්‍යෂ්ඨික බලය රහිත සාම්ප්‍රදායක බෝම්බ හෙලීමේ අවශ්‍යතාව පිලිබඳ ගැටුමක් පැවතිනි.

අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිල නිපදවීම සහ අතිවිශාල ප්‍රාග්ධනයක් යෙදීමට සිදු වීම යන කරුණු හේතුවෙන් සීතල යුද්ධය අගභාගයේදී බොම්බර් යානා වල නිෂ්පාදනය සහ යොදාගැනීමෙහි අඩුවක් දක්නට ලැබිනි. මේ හේතු නිසා වර්ෂ 1960 ආරම්භයේදී එක්සත් ජනපද ගුවන් හමුදාවේ XB-70 Valkyrie වැඩ සටහන ඇනහිටියේය. දේශපාලන සහ සංවර්ධන ගැටලු හේතුවෙන් B-1B ලාන්සර් සහ B-2 ස්පිරිට් යානා සේවයට එක්වීමට බොහෝ කල් ගතවිය. අධික වියදම නිසා මේවා සුලුවෙන් නිෂ්පාදනය කල අතර B-52 යානය 21 වන ශතවර්ෂයේදී ද භාවිතයට ගනු ලබයි. ඒ ආකාරයටම සෝවියට් රාජ්යය මගින් වර්ෂ 1970 දී, මධ්‍යම පරාසයේ TU-22M බ්ලැක් ෆයර් යානා භාවිතයට ගත් අතර ඔවුන්ගේ මාක්-3 යානය නිපදවීම අතරමග නතර විය. මාක්-2 TU-160 බ්ලැක් ජැක් යානය ඉතා කුඩා ප්‍රමාණයෙන් නිෂ්පාදනය කෙරිනි. එමෙන්ම, 1950 දී යොදා ගත් පැරණි, TU-16 ටුපලොව් සහ TU-95 බෙයාර් යනා, යානා 21 වන ශතවර්ෂයේදී ද භාවිතයට යොදා ගනී. මේ අතර බ්‍රිතාන්‍ය බෝම්බ බලකාය, ඔවුන්ගේ V-බෝම්බර් යානා වල කල් ඉකුත් වීමත් ( අවසාන යානය 1983 දී සේවයට ගැනින ) සමගම, අවසානය කරා ලඟා විය. බෝම්බර් භාවිත කරන අනෙකුත් එකම රජ්‍ය වන මහජන චීන සමූහාන්ඩුව පමනක්, ඔවුන් විසින් නිශ්පාදිත TU-16 බැජර්ස් යානය තවමත් භාවිතා කරයි.

නවීන යුගය[සංස්කරණය]

Crew members transfer a 2,000 pound GBU-31 Joint Direct Attack Munition (JDAM) to a lift truck for loading onto a B-1B Lancer super sonic strategic bomber March 29, 2007, in Southwest Asia in support of combat operations.

නූතන ගුවන් හමුදාවල බෝම්බ දමන ගුවන් යානා, ප්‍රහාරක - බෝම්බ දමන ගුවන් යානා හා ප්‍රහාරක ගුවන් යානා අතර වෙනස බොඳ වී ඇත. බොහොමයක් ප්‍රහාරක ගුවන් යානා බෝම්බ දැමීම සඳහා සැලසුම් කර ඇත්තේ ගුවනේ වන මෙහෙයුම්වල නිරත වීම සඳහා වූ ඉතා කුඩා හැකියාවක් සමඟය. ප්‍රතිවිරුද්ධ ලෙස F-16 වැනි ප්‍රහාරක ගුවන් යානා ගුවන් මෙහෙයුම්වලට සැලසුම් කර ඇති නමුත් බහුලව බෝම්බ දමන ගුවන් යානා ලෙස භාවිතා වේ. සමහරක් විට මේවා අතර ඇති ‍තේරුම් සහිත වෙනසක් වන්නේ පරාසය පිළිබඳ ගැටළුවයි. සාමාන්‍යයෙන් බෝම්බ දමන ගුවන් යානාවක් සතුරු භූමියේ ඈතින් පිහිටි ඉලක්ක වෙත පහර දීමේ දිගු දුර ගුවන් යානා හැකියාවලින් යුක්ත වන අතර ප්‍රහාරක - බෝම්බ දමන ගුවන් යානා ප්‍රහාරක ගුවන් යානා සටන් බිම අසල වූ ප්‍රදේශයන්හි මෙහෙයුම්වලට පමණක් සීමා වී ඇත. නමුත් මෙම වෙනස ගුවනේ දී නැවත ඉන්ධන පිරවීමට ඇති හැකියාව මඟින් නැති වන අතර එමඟින් මෙහෙයුම්වල විභව පරාසය ද අධික ලෙස වැඩි වේ.

ඇමරිකාව හා රුසියාවේ වර්තමාන බෝම්බ දැමීමේ සේනාවන් සඳහා වූ නවීකරණයන් සඳහා වූ සැලසුම් ව්‍යාපෘති කඩදාසිවලට පමණක් සීමා වී තිබේ. දේශපාලනමය හා මුදල් ලබා දීමේ පීඩන යෝජනා කර සිටින්නේ ඒවා අනාගතයේ දී ක්‍රියාත්මක වීමට ඉඩ ඇති බවයි. ඇමරිකාවේ වර්තමාන සැලසුම් කියා සි‍ටින්නේ දැනට පවතින USAF බෝම්බ දැමීමේ සේනාවන් 2020 වන තෙක් සේවයේ යෙදෙනු ඇති බවයි. ප්‍රථම විය හැකි වෙනස්කම 2018 දී ක්‍රියාත්මක විය හැකි බවත්ය.


මෙවාද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=බෝම්බ_හෙලන_ගුවන්_යානාව&oldid=250431" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි