පේපෑල්

විකිපීඩියා වෙතින්
(පේපැල් වෙතින් යළි-යොමු කරන ලදි)
PayPal Inc.
TypeeBay Inc. හි උප සමාගමක්
FoundedPalo Alto, California, USA (1998)
FounderKen Howery
Max Levchin
Elon Musk
Luke Nosek
Peter Thiel
HeadquartersSan Jose, California, USA
Area servedWorldwide
Key peoplePatrick Dupuis, CFO
David Marcus, President
RevenueUS$4.4 billion (2011)
OwnereBay Inc.
Websitehttps://www.paypal.com
Alexa ranknegative increase 38 (August 2012)
AdvertisingYes
RegistrationOptional
Available inMultilingual
Current statusActive
Screenshot
eBay's North First Street satellite office campus (home to PayPal's corporate headquarters)

පේපෑල් (ඉංග්‍රීසි:  PayPal) යනු අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන මුදල් හුවමාරු සේවාවන්ගෙන් ජනප්‍රියතම මෙන්ම වැඩිම භාවිතා කරුවන් පිරිසක් ඇති සේවාවයි. එය පෞද්ගලික ආයතනයකින් සපයන සේවාවක් වුවද අන්තර්ජාලය තුළ මුදල් හුවමාරු කිරීමේ අප්‍රකාශිත සම්මතය ලෙස හැඳින්විය හැකිය.

අන්තර්ජාලය තුළින් ලබාගන්නා භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් කිරීමේදීත්, තමන් සපයන භාණ්ඩ හෝ සේවා සඳහා පාරිභෝගිකයන්ගෙන් ගෙවීම් ලබාගැනීමේදීත් PayPal අන්තර්ජාල පරිශීලකයන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.

ගෙවීම් ලබාගැනීම සඳහා PayPal සේවාවේ ගිණුමක් තිබීම අත්‍යවශ්‍ය වුවද ගෙවීම් කිරීම සඳහා එවැනි ගිණුමක් අත්‍යවශ්‍ය නොවන නිසා විද්‍යුත් ණය හෝ හර පතක් (Credit or Debit Card) ඇති ඕනෑම කෙනෙකුට PayPal ගිණුමක් වෙත මුදල් යොමු කිරීමට හැකි වීම එය ප්‍රමුඛතම මුදල් හුවමාරු සේවාව බවට පත් කරයි.

"https://si.wikipedia.org/w/index.php?title=පේපෑල්&oldid=494929" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි